iranama
ඔබට ගැලපෙන ලිංගික සහකරුවා ඔබටම බලාගන්න පුළුවන්
ලිංගික සතුටට මුල් තැනදී වීවාහ වීමට නම්
ලිංගික තෘප්තිය විවාහ ජිවිතයේ මුලිකම අංගයක් බව කිවයුතු නොවේ. විවාහයේ පැවැත්ම සදහා එය ඉතා වැදගත් සාධකයක් වී ඇත. බොහෝ විවාහ කැඩියාමට ලිංගික තෘප්තිය හොදින් ලබාගැනිමට නොහැකි විම බලපා ඇත. සහකරුවෙකු හෝ සහකාරියක විවාහය සදහා සොයා ගැනිමේදි භෞතික සාධක වලට එනම් රැකියාව, ධනය, බලය හා කුලය වැනි දෑ කෙරෙහි මුල් තැන දී කටයුතු කිරිම වර්තමාන සමාජය තුල බොහෝ විට දක්නට ලැඛෙන පොදු කරුණක් වී ඇත. මෙම ඉහත භෞතික සාධක වලට මුල්තැන දී විවාහ වීම නිසා ඉතා ඉහල ලිංගික තෘප්තියක් විවාහ ජිවිතයේදි ලබාගැනිමට තිබු අවස්ථාව බොහෝ විට මගහැරි යයි.
ඉහල ලිංගික තෘප්තියක් ලබාගැනිම සදහා සහකරුවෙකු හෝ සහකාරියක විවාහය සදහා සොයා ගැනිමට භාවිතා කලහැකි ඉතා නිවැරදි සත්‍ය ක්‍රමයක් පිලිබදව ජොතිෂ්‍ය විද්‍යාත්මකව කරුණූ මා මෙම ලිපිය මගින් ඉදිරිපත් කරමි.
යම් කෙනෙකුගේ ලිංගික හැකියාව සහ ශක්තිය පිළිබදව ඔහුගේ උපන් වෙලාවට අනුව සකස් කරන කෙන්ද්‍රය පරික්ෂාවෙන් මනාව කරුණු විග්රහ කලහැකිය. ලිංගික අවයව වල ස්වභාවය, ලිංගිකව හැසිරෙන ආකාරය, තෘප්තිමත් වීමට ගතවන කාලය ආදි සියලූ කරුණු පිළිබදව මනාව කෙනෙකුගේ කෙන්ද්‍රය පරික්ෂාවෙන් තොරතුරු ලබාගත හැකිය. තවද කෙනෙකුට ජිවිත කාලය තුලම ලිංගික සම්බන්ධයක් පැවැත්විමට අවස්ථාව නොලැඛෙන බවද ඔහුගේ කෙන්ද්‍රයේ ග්‍රහ පිහිටිම් අනුව පැවසිය හැකිය.
විවාහ පොරොන්දම් පරික්ෂාවේදී යෝනි පොරොන්දම් ගැලපිම පිලිබද තත්වය අනුව කෙනෙකුගේ ලිංගික තෘප්තිය ලැබිම පිලිබද කරුණු මනාව විග්රහ කලහැක. තමාගේ උපන් නැකත අනුව යෝනි පොරොන්දම් සදහා යොදා ගන්නා සංකේත සත්ව නාම පහත සදහන් කර ඇත.
(පිරිමි අයෙකු හෝ ගැහැණු අයෙකු ඔනැම ස්ත්‍රි හෝ පුරුෂ නැකතකින් ඉපදි සිටිය හැකි සේම ස්ත්‍රි හෝ පුරුෂ යෝනි නාමයන්ද තිබිය හැකිය)
ඉහත වගුවට අනුව තමාගේ නැකතට හිමි යෝනි නාමයට අදාළ සත්වයාගේ විරුද්ධ පර්ශවයේ පුරුෂ හෝ ස්ත්‍රි නාමයක් හිමි නැකතකින් ඔබගේ සහකරු හෝ සහකාරිය ලෙස අයෙක් ඔබට ලැබි ඇත්නම් ඔබ ඉහල ලිංගික තෘප්තියක් ලබාගැනිම සදහා වාසනාවන්ත වු අයෙකි.
උදාහරණ ලෙස ථ-
ඔබ අස්විද නැකතින් උපන් අයෙක් නම් ඔබගේ යෝනි නාමය වනුයේ අස්ව යෝනි වේ. එය පුරුෂ යෝනි නාමයක් වේ. ඔබගේ සහකරු හෝ සහකාරිය ලෙස සියාවස නැකතින් උපන් අයෙක් ඔබට ලැබි ඇත්නම් ඔහු හෝ ඇයගේ යෝනි නාමය වනුයේ වෙළඹ යෝනි වේ එය ස්ත්‍රි යෝනි නාමයක් වේ.
එනම් එකම සත්වයාගේ ස්ත්‍රි හා පුරුෂ යෝනි නාම සහිත නැකැත් වලින් උපන් අය ඔබගේ සහකරු හෝ සහකාරිය ලෙස එකට එක්විම ඔබට ඉහල ලිංගික තෘප්තියක් ලබාගැනිම සදහා වු වාසනාවන්ත තෝරා ගැනිමක් සහිත වු අයෙක් බවට නිරායාසයෙන් පත්වේ. එය විවාහ පොරොන්දම් පරික්ෂාවේදී අත්‍රි මිත්‍ර යෝනි සම්බන්ධයක් ලෙස හැදින්වේ.
ඔබ ඉහල ලිංගික තෘප්තියක් විවාහ ජිවිතයේ හෝ ඔබගේ සහකරු හෝ සහකාරියගෙන් ලබන්නේ නම් ඉහත සදහන් ලෙස බොහෝදුරට යෝනි නාම සම්බන්ධතා අනුව ඔවුන්ගේ උපන් නැකැත් සමග ස්වාභාවිකවම ගැලපි තිබිය හැකිය.
තවද දෙදෙනෙකුගේ ලිංගික තෘප්තිය පිලිබදව කරුණු ඔවුන්ගේ කේන්ද්‍රයේ හත්වැන්න හා හත්වැන්න අධිපතිගේ තත්වයන් පරික්ෂාවෙන් මනාව කරුණු විග්රහ කලහැකිය.
කේන්ද්‍ර පරික්ෂාව ගැඹුරු ජොතිෂ්‍ය සිද්ධාන්ත කරුණු මත සිදුකරන කාර්යයක් බැවින් මෙවැනි කුඩා ලිපියකින් ලිංගික තෘප්තිය පිලිබදව සියලූ කරුණු ඉදිරිපත් කල නොහැකි නමුත් ජිවිතයට ඉතා වැදගත් කරුණක් පිලිබදව ඉතා සරළව ඔබට කරුණු ඉදිරිපත් කලෙමි.
curtesy :
thinetha.com