iranama
ඔබ වැඩිපුරම බිය කුමකටද ? එය ඔබේ කේන්දර සටහනේ ලියවී තිඛෙනවා.
ඔබ මෙලොව වැඩිපුරම බිය කුමකටද ?
එම ප්රශ්නයට පිළිතුරක් ලබා දීමට හදිසි නොවී, බිය යන්නෙන් ඇත්තටම අර්ථවත් වෙන්නේ කුමක්ද කියා අපි පළමුව සොයා බලමු. ඔක්ස්ෆර්ඩ් ඩික්ශනරියේ සඳහන් වෙන පරිදි, බිය යනු යමෙකුගෙන් හෝ යම් දෙයකින් අනතුරක් සිදුවෙතියි යන බිය නිසා සිත තුල ඇතිවෙන අනියත හැගීමකි. නමුත් ඔබට බිය උපදවන දෙයක්, තවත් කෙනෙකුට බිය නොඋපදවන දෙයක් වෙන්නටද පුළුවන්. එහෙයින් බිය යනු තේරුම් ගැනීමට පවා අපහසු ඉතාමත්ම සංකීර්ණ පුද්ගල මනෝභාවයකි.
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිඛෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිඛෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ? ඒ ඒ ලග්නයට ආවේනික වූ චිත්තවේග, ශක්තීන් සා දුර්වලතාවයන්ද පවතිනවා. එම කරුණු කාරනා විශ්ලේෂණය කරමින්, ඔබ වැඩිපුරම බිය කුමකටද යන්න අනාවරණය කරගන්නට හැකියාව තිඛෙනවා. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්න ඒ පිළිබඳවයි.
1. මේෂ
තමන් ආදරය කරන පුද්ගලයින්ගේ අවධානයට සහ ආදරයට ලක්නොවී ජීවත් වීමට සිදුවීම තරම් බියගෙන දෙන දෙයක් මේෂ ලග්න හිමියන්ට තවත් ඇත්තේ නැහැ. තමන්ව කෙමෙන් අමතකව යනවා දැකීමටද ඔවුහු බියවෙති.
2. වෘෂභ
මිල මුදල් නොමැතිව, දුගී දුක්පත්ව විසීමට සිදුවීම
3. මිථුන
ඒකාකාරී නීරස දිවිපෙවතක් ගෙවීමට සිදුවීම
4. කටක
නිවස යැයි පැවසීමට හැකි තැනක් මෙලොව නොමැතිවීම
5. සිංහ
සිංහ ලග්න හිමියන් යනු තරමක් ආඩම්භාරකාර උඩඟු ගති වලින් හෙබි පුද්ගලයෝය. ඔවුහු සැමවිට අපේක්ෂා කරන්නේ කිසිවෙකුට දෙවෙනි නොවී අභිමනාවත්ව ජීවත් වීමටයි. එහෙයින් අන් අයගේ ඇස් ඉදිරියේ කැපී පෙනෙන පුද්ගලයෙක් ලෙස අභිමානවත්ව ජීවත්වීමට නොහැකි වෙනවා දැකීමට ඔවුහු අතිශයින්ම බියවෙති.
6. කන්යා
තම අඩුපාඩුකම් ඉදිරියේ අසරණ වෙන්නට සිදුවීම
7. තුලා
අයුක්තිය සහ අසාධාරණය විඳ දරාගෙන බොහෝ කාලයක් ජීවත් වෙන්නට සිදුවීම.
8. වෘශ්චික
තම ආදර