iranama
ඒරාෂ්ටක අපල මග හරවාගන්නේ මෙහෙමයි
ජ්‍යෙතිෂය පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනාම පාහේ ඒරාෂ්ටක කියූ සැනින් බිය වෙති. ඒරාෂ්ටකය යන්නේ තේරුම නම් 'ඒර්' යනු සංස්කෘතික භාෂාවේ චJද්රයාය. අෂ්ටක යනු 8 ය. එනම් චJද්රයාගෙන් 8 වැන්න යන්නයි.
නමුත් ඒරාෂ්ටකය කුමන අවස්ථාවේ උදා වන්නේ ද? එහි බලපෑම කෙසේද? යන කරුණු ජන්මියාගෙන් ජන්මියාට වෙනස් වේ. ඒරාෂ්ටකය යනු ශනිගේ ගෝචර ගමන පදනම් කරගෙන ඇති වන්නා වූ තත්ත්වයකි. එනම් ශනි, ලග්න භාවයත්, ඉන් දෙවැන්නත්, 12 වැන්නත් යන ස්ථානවල ගෝචර වීමත් (ලග්න ඒරාෂ්ටකය) ලග්නයෙන් 8 වන භාවය ගෝචර වීම (ලග්න අෂ්ටම) උපතේදී සඳු සිටින භාවය ගෝචර වීම (ජන්ම ඒරාෂ්ටකය) හා උපතේදී සඳු සිටි භාවයෙන් 8 වන භාවය ශනි ගෝචර වීම (ජන්ම අෂ්ටම) ඒරාෂ්ටක අපල ලෙස හඳුන්වයි.
මෙහිදී භාවයක අංශක 30 ක් ඇති හෙයින් එක භාවයක ගමන් කිරීම සඳහා ශනිට අවම වශයෙන් වසර 2 1/2 ක කාලයක් ගත වේ. මෙහිදී ඒරාෂ්ටකය තීරණය කිරීම සඳහා ජන්මියාගේ ලග්න ඒරාෂ්aටකය හා චJද්‍ර ස්ඵුටකය දැන ගත යුතු වේ. එයට අනුරූපීව ඒරාෂ්ටකයට අදාළ වන භාවයන් නිර්ණය කළ යුතු අතර, එම නිර්ණය කළ ස්ථානවලින් ශනිගේ ගෝචරය පදනම් කරගෙන ඒරාෂ්ටක අපලය ලබන කාලය නිවැරැදිව තීරණය කළ යුතු වේ. එනම් සෙනසුරු රාශිය මාරු වූ පමණින් ඒරාෂ්ටකය උදාවීම හෝ අපලය අවසාන වීම සිදුÊනොවේ. මෙය භාව සංකල්පය වේ.
මෙම ඒරාෂ්ටක කාලය තුළදී ගෘහ ජීවිතය සම්බන්ධ ගැටලු, හදිසි අනතුරු හා විපත්, නින්දා අපහාස ලැබීම්, ලෙඩ රෝග, චිත්ත පීඩා, ආර්ථික පරිහානිය හා මරණය පවා ඇති විය හැකිය. එසේම ඒරාෂ්ටක කාලය තුළදී ධනය ලැබීම, විභාග වලින් ජයග්‍රහණ ලැබීම, ගේ දොර ඉදිකිරීම්, යාන වාහන මිලදී ගැනීම් ආදී සුබ කටයුතු පවා සිදුවිය හැකිය. මෙයට හේතුව වන්නේ කේන්ද්‍රයේ සෙනසුරුගේ බල දුබලතාවය, චJද්රයාගේ බල දුබලතාවය, ඒරාෂ්ටක කාලය තුළදී ගත කරන මහ දශා, අන්තර් දශාවල බල දුබලතාවය, අනෙකුත් ග්‍රහයන්ගේ ගෝචර ගමන ආදිය පදනම් කරගෙන ඉහත සඳහන් කළ සිදුවීම් සිදුවිය හැක. මෙහිදී ජෝතිර්වේදියා ඉහත සඳහන් කළ සියලුම දැ සම්බන්ධව නිවැරැදි ලෙස ගණනය කිරීම සිදුÊකළ යුතු වේ. උදාහරණයක් ලෙස ජන්ම පත්‍රයක චJද්‍රයා වෘශ්චික රාශියේ, 20 වන අංශකයේ තැන්පත්ව ඇතැයි සිතමු. (චJද්‍ර ස්ඵුටකය, වෘශ්චිකයේ අංශක 20) එවිට ජන්ම ඒරාෂ්ටකය කාලය වනුයේ ශනි වෘශ්චික රාශියේ අංශක 5 සිට ධනු රාශියේ අංශක 5 දක්වා ගමන් කරන කාල පරිච්ඡේදයයි. මෙහිදී ඒරාෂ්ටකයේ බල දුබලතාවය තීරණය කර ගැනීමේදී භාව ඵලයට පදනම්ව, රාශි ඵලය ගලපා ගත යුතු වේ. පිළිවෙළින් ශනි, මේෂ, කටක, වෘශ්චික, සිංහ රාශිවල දුර්වල වේ. ඉහත සඳහන් කළ ස්ථානයත් (ඒරාෂ්ටකයට අදාළ භාවයක්) ඉහත රාශියකට සම්බන්ධ වුවහොත් ඒරාෂ්ටකය බලවත් වේ. එවිට අයහපත් ප්‍රතිඵල ගෙන දේ. එසේම ඉහත සඳහන් කළ රාශියක, චJද්‍රයා පිහිටි විට, ඒරාෂ්ටකය බලවත් වේ. එසේම රාහු සඳු සමඟ යෝගවීම හෝ ලග්නය 12 වැන්න, 8 වැන්න,2 වැන්න (භාවවල) යන ස්ථානවල පිහිටියේ ද ඒරාෂ්ටකයේ බලපෑම අයහපත් වේ.
එසේම අමාවක දිනයක හෝ ආසන්න දිනයක ඉපදීම, එනම් රවි, චJද්‍ර, යෝග වූ අයගේ ජන්ම ඒරාෂ්ටකය හා ජන්ම අෂ්ටම ඒරාෂ්ටකයන් වඩා අයහපත් වේ. මෙහිදී මේෂ හා වෘශ්චික ලග්න හිමියන්ට මෙය ප්‍රබල යෝගයක් වුවත්, (අමාත්‍ය යෝගය හා ධර්මකර්මාධිපති යෝගය) ඒරාෂ්ටක ලැබූ විට ඔවුන්ට කරදර බාධා ඉතා අධිකවේ. මීට අමතරව ජන්මියාගේ ශනි ප්‍රබල නම් (තුලා, මකර, කුම්භ රාශියක ශනි ඇති විට) ඒරාෂ්ටකයේ බලපෑම අවම වේ.
සෑම ජ්‍යෙdaතිෂ න්‍යායකටම අනුව ඒරාෂ්ටකය පිළිබඳව යහපතක් ලියවී නොමැති අතර, (නාඩි, සම්ප්‍රදායික ජ්‍යෙdතිෂ, ක්‍රිෂ්ණමූර්ති, භාව, පේමිණි ආදී) ඒරාෂ්ටකය කාලඡේද කිරීමේදී නිරෝගිකම, සැප සම්පත් ලබාදෙන, යහපත් කටයුතු සිදුවන කාල සීමාවන් ඇත. එකම සම්භාවිතාවට අනුව සෑම පුද්ගලයෙකුගේම ජීවිත කාලයෙන් හරි අඩක් පමණ ඒරාෂ්ටක අපල ඇත. එහිදී තදබල අපල ජීවිත කාලයෙන් අඩකට වඩා පවතීද, මරණය සිදුවන්නේ එක් වරකි. නමුත් ලෙඩ රෝග ඇතිවීම කීප වරක් සිදුවිය හැකිය. ඒවා දීර්ඝ කාලීනව පවතින ඒවා සහ කෙටි කාලීනව පවතින ඒවා වශයෙන් කොටස් කළ හැකිය. එහිදී ඒරාෂ්ටකයෙන්ම මෙවැනි දේ සිදු නොවේ. එහිදී මහ දශාව, අන්තර් දශාව, ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම් සියල්ල පාදක කරගෙන පලාපල කථනය සිදුÊවිය යුතුය. දුර්වල, අයහපත් ග්‍රහයන්ගේ ලග්නයට අහිතකර ග්‍රහයන්ගේ, මහදශා, අන්තර් දශාවල සෙනසුරු ඒරාෂ්ටකයක් උදා වුවහොත්, ගින්දරට දර දැමූ විට ගින්න විශාලවනවා සේ ජන්මියාට අනතුරු කරදරවල බලපෑම ඉතා අධික වී මරණය පවා ගෙන දිය හැක. ඒරාෂ්ටක කාලවලදී ධාර්මිෂ්ඨ වුවහොත්, එහි අයහපත් බලපෑම අවම කර ගත හැකි අතර, වත් පිළිවෙත් කිරීම හා යන්ත්‍ර පැළඳීම මගින් බලපෑම අවම කරගත හැකිය.
කර්මකාරකයා ලෙස හඳුන්වන, දුකට අධිපති ශනි යහපත් වූ ජන්මියාට යහපත් ප්‍රතිඵල ලබා දේ. එනම් ඒරාෂ්ටකය අවස්ථාවක් කර ගනිමින්, අධ්‍යාපනය ලබන්නට, නිවාස ඉදිකරන්නට, විවාහ ජීවිතයට ඇතුළුවන්නට, දරුවන්ගේ කටයුතුවලට කැප වීමට, විශාල ඉඩම් වගා කිරීම වැනි දුක් විඳීමට සිදුවන්නා වූ කටයුතු කිරීම තුළින් ඒරාෂ්ටකය ආයෝජනයක් කර ගැනීමට ධර්මිෂ්ඨ පුද්ගලයන්ට හැක.
ධර්මිෂ්ඨ වීම යනු පන්සිල් සුරැකීම, මානසික ඒකාග්‍රතාවය රඳවා ගැනීම වේ. එනම් ඒරාෂ්ටකය තුළ භාවනා කිරීම ඉතා යහපත් වේ. මීට අමතරව ඒරාෂ්ටක අපල සඳහා කරන විශේෂ පිළිවෙත් මගින් ද ඒරාෂ්ටක අපල මඟහරවා ගත හැකි අතර, ජන්මියාගේ මහ දශා, අන්තර් දශා, පාදක කරගෙන මෙම වත් පිළිවෙත් කළ යුතු අතර, තමා විසින් සිදුÊකරනු ලබන දාන, ධර්ම පිංකම් සිහිකර විෂ්ණු දෙවියන්ට පිං අනුමෝදන් කිරීම තුළිsන් ඒරාෂ්ටක අපල මඟ හරවා ගත හැකිය.
වැඩි විස්තර සදහා විමසන්න -
071 - 8602525- 011- 5248187
විද්‍යාවේදී ජ්‍යෙdතිෂවේදී
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks