iranama
උපතින් ලැබූ වාසනාව මතුකර ගන්නේ මෙහෙමයි
දවසින් දවස මනුෂ්‍යයා උත්සාහ කරන්නේ, තමන් වෙත වාසනාව උදාකර ගන්නයි. ඉපදුණු සෑම මනුෂ්‍යයෙක් ම වාසනාවන්තයි. කැස්බෑවා වියසිදුරෙන් අහස දකිනවාටත් වඩා දුර්ලභයි මනුෂ්‍යත්වය ලැබීම කියන එක දන්නවානේ. ඔබට ඒක වැටහුණාට ඔබේ ජීවිතයේ වටිනාකමට කිසිම තක්සේරුවක් දෙන්නේ නැහැ. ඔබ ජීවය ලැබුවේ මේ භවයේදී ගොඩක් යුතුකම් ඉටු කරන්නයි. ඔබට ජීවය දෙන්න අනුන්ට බැල මෙහෙවරකම් කළ අපේ මවුපියන් කොච්චර දුක් වින්දද? අපි කොහොමද ඒකට කළගුණ සැලකුවේ. මවුපියන්ට වධ දීලා කුරිරුකම් කරලා අවසානයේ දඟගෙයි හූල්ලන හෝ මරණයට දින ලැබෙනකං බලා ඉන්න අය කොච්චර ඉන්නවද? දඬුවම් දුන්නට පස්සේ වැටහෙනවා. ඇයි කලින් වැටහුණේ නැත්තේ. කළ වරද නැවත නැවතත් කරන අයත් අපි අතරේ නැතුව නොවේ. ඒ අයට නම් ලැබූ වාසනාව මතුකර ගන්න බැහැ. කැලේ ලස්සන මල් පිපිලා කැලේම පරවෙලා යනවා. ඒ පිං මදි නිසා. පවු කළොත් ඒ ප්‍රතිඵලය ලැබෙනවාමයි... තාවකාලික වුණත්
Wmqgd .ekSu