iranama
ඉදිරි මාස හය රටට ලෝකයට කොහොමද?
ගොවීන්ට කම්කරුවන්ට මෙන්ම සියලු ශ්‍රමිකයන්ට අපලයි
ඉදිරි මාස හය ඇතුළත තවත් ගුවන් අනතුරක්
ගින්නෙන් හා සුළඟින් බිය ගෙන දේ
ශනි ග්‍රහයා රෝගවලින් පීඩා කරයි
තමන්ට පාලනය කරගත නොහැකි පීඩාවකින් මහජනතාව පෙළෙන බවත් මේ කුමක් නිසාදැයි විමසමින් ඒකට හේතු විසඳුම් හා අර්ථකථනයන් සපයන බවත් මේ දිනවල දැකිය හැකිය. මෙම ලිපිය ලියන මොහොත වන රාත්‍රි 10.00 ටආසන්නව නුවර පාරේ සිට පැමිණි මට අසන්නට ලැබුණේ වාහන හතරක් එකට ඝට්ටනය වූ විස්මිත අනතුරක් ගැන පුවතකි. ඊයේ බොහෝ මාධ්‍යවලින් ප්‍රචාරය වූයේ රුසියාවේ ගුවන් අනතුරකින් හැට දෙදෙනෙකු මියගිය බවය. එකම පවුලේ කිහිප දෙනෙක් නින්දේ සිටියදීම වායුව විෂ වීමෙන් මරණයට පත්වූ පුවතක්ද වාර්තා විය.
ශිෂ්‍ය අරගල ගැනද අසන්නටත් දකින්නටත් ලැබේ. මේ හැර පොහොර පිළිබඳ ප්‍රශ්නයකට ගොවීහු උද්ඝෝෂණය කරති. රබර් හා තේ මිල ගැන එම කර්මාන්තවලින් යෑපෙන්නෝ මැසිවිලි නඟති.
මේ අතර පරිසරයේ උෂ්ණත්වය අංශක දෙකකින් පමණ ඉහළ ගොස් තිබේ. අධික රත්වීමද මනස අවුල් කරයි. මෙවැනි වාතාවරණයක් මැද පසුගිය දිනවල විදුලි බලයද නතර විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජල සැපයුමටද බාධා සිදු විය.
මෙම කරුණු දෙස දේශපාලනමය කෝණයකින් බලන අය රජයට එරෙහිව දෙවියන්ට කන්නලව් කර පොල් ගසන අතර රජය ආරක්ෂා කර ගත යුතු බව විශ්වාස කරන පිරිසද දෙවියන්ට පොල් ගසන ලද මේ දෙපාර්ශ්වයම දේව පූජා තබා එසේ කරන ලද්දේ මුන්නේශ්වරම් දේවාලයෙන් බව රූපවාහිනි නාලිකාවලින් දක්නට ලැබුණි.
අප උත්සාහ කරන්නේ මේ තත්ත්වය ජ්‍යෙdතිෂමය ඇසකින් දැකීමටය. ජ්‍යෙdතිෂය "වේද පුරුෂයාගේ" නේත්‍ර යෑයි කියනු ලැබේ.
වේදය නමින් හැඳින්වෙන විවිධ ශිල්ප ශාස්ත්‍ර සියල්ල කාල පුරුෂයාට උපමා කර මෙම පුරුෂයාගේ නෙත් දෙකට ජ්‍යෙdතිෂය සමාන කර ඇත්තේ යම් සිදුවීමක් වටහා ගැනීමට අවශ්‍ය දැක්ම ජ්‍යෙdතිෂ ශාස්ත්‍රයෙන් ලැබෙන බැවිනි. හෙට සිදුවන දේ දන්නේ මහා බ්රාහ්මයා හැර දෛවඥයා පමණකි යන කියමනද මේ අනුව ලියෑවී තිබේ.
ගතවූ කෙටි කාලය ඇතුළත ගුවන් අනතුරු දෙකක් සිදු විය. අනෙකුත් සිදුවීම් ඉහත කෙටියෙන් සටහන් කරන ලදී. මෙහිදී පසුගිය දින අප විසින් නැකත මගින් එළි දැක්වූ අනාවැකි සිහිපත් කිරීමට කැමැත්තෙමි. සිදුවූ බොහෝ දේ මාස දෙකකට පෙර අප ලියා තිබූ බව මෙහි සටහන් කරන්නේ ආඩම්බරයෙන් නොව ජ්‍යෙdතිෂය පිළිබඳව හා එම ගුරුවරුන් පිළිබඳව ඇති මහත් ගෞරවයෙනි.
අනාගතයේදී ද ගලා යන තාලයට අනුව ග්‍රහ චලනයන් සිදුවන්නේ ඊට නියමිතම රටාවකට අනුවය. වසර සිය ගණනකට පෙරද ඉදිරි අනාගතයේදී රවි, සඳු ආදී ග්‍රහයන් ගමන් කරන රාශි භාව නැකත් ආදිය පිළිබඳව එම ග්‍රහ ගණිතය දන්නා ජ්‍යෙdතීර්වේදීන් සටහන් තබා තිබේ. මෙකල වසර සිය ගණනක් ඉදිරියට ග්‍රහ චලිතය දක්වන පරිගණක මෘදුකාංග තිබේ. එමෙන්ම ඒ ඒ ග්‍රහයින් ඒ ඒ රාශී භාව වල ගමන් කරන තාලයේ සිදුවන්නට නියමිත සිදුවීම්ද සෘෂිවරුන් විසින් පවසා ඇත. අනාවැකි පළ කරන්නේ මේ අනුවය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකා බලන විට අප රට නිදහස් රටක් ලෙස ප්රකාශවූ දා සිට ලංකා කේන්ද්‍රය වශයෙන් සලකන කුම්භ ලග්නය හා එහි ග්‍රහ චාරය සලකා අනාවැකි පළ කළ යුතු අතර ලෝකය පිළිබඳව විශ්ව කේන්ද්‍රයක් එහි භාව හා රාශිවල ගමන් කරන ග්‍රහයිනුත් ගැන විමසා බැලීම අවශ්‍ය වේ. සුබ ග්‍රහයකු වුවද දුර්වලව ගමන් කරන විට අශුභ ඵල දෙන අතර අශුභ ග්‍රහයා වුවද බලවත් නම් සුබ පළ දෙනවා ඇත.
කුම්භ ලග්නය වූ ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු හෙවත් ශනි වේ. ශනි රාශි චක්‍රය වටා යැමට වසර 30 කට ආසන්න කාලයක් ගත කරයි. මේ එනම් එක රාශියක වසර දෙක හමාරක් පමණ වේ. ඒ අනුව සෙනසුරු දෙන පල විපාක වසර දෙකහමාරකට වරක් වෙනස් වනවා ඇත. එසේ වන්නේ තනිවම සිටින විටදීය. මෙසේ වූ සෙනසුරු 2014 නොවැම්බර් 3 වැනිදා වෘශ්චික රාශිය වූ ලංකා කේන්ද්‍රයේ දහවැන්නට පැමිණ එහි ගමන් කරයි. මෙම වෘශ්චික රාශියට සෙනසුරු සුබ රාශියක් නොවේ.
මේ අතර පසුගිය පෙබරවාරි 22 දා සිට ග්‍රහ ලොවේ සෙන්පති වශයෙන් හඳුන්වන අඟහරු හෙවත් කුජ ග්‍රහයාද වෘශ්චික රාශියට පැමිණ ඇත. එය අඟහරුගේම රාශියයි.
අඟහරුට හිමි පාට රතුය. සෙනසුරුට හිමි පාට නිල්ය. රතු හා නිල් කලවම් කළ විට හැදෙන්නේ අඳුරු වර්ණයකි. එමෙන්ම අඟහරු හා සෙනසුරු මත එක්වීම අඳුරු කාලපරිච්ඡේදයක් උදාකරන බව ජ්‍යෙdතිෂයේ සඳහන් වේ. 2016 සැප්තැම්බර් මස 8 දින දක්වා ශනි හා කුජ වෘශ්චික රාශියේ ගමන්කරනවා ඇත. ශනි කුජ සංයෝගය ගැන "දෛවඥ කාම ෙ
Wmqgd .ekSu