iranama
ආදරය හොයන වැලැන්ටයින්ටත් කේන්දර ප්‍රශ්න
විවාහය ආදරයේ අග්‍ර ඵලයයි. එහෙත් එය නෙළා ගැනීමට කීයෙන් කීදෙනකුට හැකිවේද? එසේ නොමැතිව අතරමඟ බිඳී යාවිද යන්න ජේයාතිෂය තුළින් හඳුනා ගත හැකිය. ඒ පිළිබඳව කතා කිරීමේදී 5 වැන්න සහ 7 වැන්න ඉතා වැදගත්ය.
යමකුගේ 5 වැන්න සහ 7 වැන්න පාපී පීඩා ආදියෙන් තොර වූ තරමට පිරිසුදු ආදරයක් හා පරම පිවිතුරු විවාහයක්ද සිදු කර ගැනීමට හැකියාව ලැබේ.
තම ජන්ම පත්‍රයේ 5 වැන්නේ සුබ ග්‍රහයකු වීම සහ දෘෂ්ටි ලැබීම අවංකව ආදරයක් හිමි වීමටත්, පුද කිරීමටත් හේතු වෙයි.
පහේ රවි, කුජ, ශනි, රාහු, කේතු වැනි ග්‍රහයන් සිටීම බොහෝ විට අසුබඵල ඇති කරයි. රවි සිටීම නිසා නම් නිතරම පෙම්වතාට හෝ පෙම්වතියට වඩා ඉහළින් යෑම, උද්දච්චකම ආදිය නිසා බිඳී යෑමට හැකියි. කුජ සිටීම නිසා කිසිවිටෙක අවංක ආදරයක් හදවතේ ජනිත නොවේ. හතේ කුජ සිටීම විවාහය බිඳෙන බවට මතයක් මුල් බැස ඇත්තේය. එයට හේතුව කුජ උෂ්ණාධික ග්‍රහයෙකි. ඔහු නිතරම තමන් සිටින තැන විනාශ කිරීමත්, 5 සිටීම ආදරය බිඳී යෑමටත් හේතුවකි.
කුජ හතේ සිටීම හත නියෝජනය කරන ලිංගික ප්‍රදේශයේ උත්තේජනය වැඩි කරයි. මේ නිසා අධික කාමුකත්වයක් හට ගනී. එම නිසා ඔහු හෝ ඇය තම පෙම්වතා හෝ පෙම්වතිය සහකරු / සහකාරියට පමණක් නොව වෙනත් බාහිර අය සමඟද ලිංගික සබඳතා ගොඩනඟා ගනී. එය විවාහය බිඳී යෑමට හේතුවකි.
රාහු 5 සිටින අය කිසිදු වගවිභාගයකින්, වගකීමකින් තොරව ආදරය කිරීමට පෙලඹෙති. එහි ප්‍රතිඵලයද වේදනාවය. ශනි 5 වැන්න තුළ සිටීම නම් කොතෙක් අවංකව ආදරය කළද, තමාට දුක, වේදනාව උරුම කර දීමට සමත්ය. ශනි 5 හෝ 7 වීම ආදරය කිරීමට බිය වීමට කරුණු කාරණා යෙදේ.
නිතරම 5 වැන්න කිසිදු පීඩාවකින් තොරව පවතින තරමට ආදරය, විවාහය දක්වා ගෙන යෑමට හේතු වනු ඇත. සඳු, සිකුරු, ගුරු, බුධ 5 සිටම ස්ථිර උසස් ආදරයකට උරුමකම් කියයි. මෙහිදී 7 වැන්නද කිසිදු පාපී සංයෝග, දෘෂ්ටි ආදියෙන් තොරව පැවැතීම වැදගත්ය.
5 වැන්න තුළ යමකුගේ රවි පිහිටා ඇත්තේද, හෙතෙම කිසි දිනෙක ආදරය නොකරයි. ඔහුගේ පවතින හීනමානය නිසා ඔහු, ඇය නිතරම තම ආදරය පිදීමට තමාට වඩා ප්‍රබලයකු සොයයි. මේ නිසාම ඔහුට කිසි කලෙක ආදරය කිරීමට නොලැබී දුකට පත් වනු ඇත.
5 වැන්නේ සඳු යෙදීම නිසා චංචල සිතක් නිසා ආදරය සෑම විටම උස් පහත් වනු ඇත. තමාට මීට වඩා හොඳ විවාහයක් සිදුවේ යැයි සිතීමට සඳු 5 සිටීම හේතු වෙයි.
කුජ සිටීම ආදරය බිඳෙන බව සඳහන් කළත්, ඔහු දුටු දුටු අයට පෙම් කරන චංචල සිත් ඇත්තෙකි. බුධ සිටීම වෙනත් අයගේ බලපෑම් මත ආදරය කිරීමට පෙලඹෙනු ඇත. ගුරු 5 වැන්න තුළ වීම ස්ථිර ආදරයක්ම වනු ඇත. මෙවැනි අය තමාට කොතරම් අලාභයක් වුවද පොරොන්දු කඩ නොකරයි.
සිකුරු 5හේ වීම වගකීමෙන් තොරව සැහැල්ලුවෙන් ආදරය කරයි. නීති රීති බැඳීම්වල හිර වීමට අසතුටුය. ශනි විරහ වේදනා ගෙන දෙන බව සඳහන් කළත්, ශනි තමාට වඩා වැඩි වයස අය මෙන්ම, කලින් විවාහය බිඳුණු අය, නොගැළපෙන අය සමඟ සබඳතා ඇති කර ගන්නේය.
රාහු එකවර කිහිපදෙනකුට ආදරය කිරීමට පෙලඹේ. ඔහු මනා රූසපුවක් ඇති කාට වුවත් ආදරය කරයි. අවසානයේ තම නමද කැත කරගෙන සුළු කලෙකින් පැත්තකට වනු ඇත. නමුත් කේතු ආදරය කිරීමට බිය වනු ඇත. ඔහුට වෙනත් ප්‍රබල සංයෝගයක් නොමැති නම් ආදරය කිරීමට නොයනු ඇත.
ලග්නාධිපති සහ 5 අධිපති යෝග වීම අනිවාර්යයෙන්ම ප්‍රේම සබඳතාවක් මත විවාහයට යොදවනු ඇත. 5 අධිපති, 7 අධිපති යෝග වීමද ප්‍රේමය මත විවාහ වනු ඇත. නමුත් ඒ සඳහා සුබ ස්ථානයකට යෝග වීම වැදගත්ය.
සඳු, ගුරු යෝග වීම ආදරයක් ඇති වීමට හෝ නැති වීමට තරම් වන අන්තගාමී ආදරයක් වනු ඇත.
කුජ සිකුරු යෝගය දුර නොබලා ආදරය කිරීමට පෙලඹෙති. එපමණක් නොව ලිංගික සබඳතා පැවැත්මට ආදරය කරන කාලය තුළ මැළි නොවනු ඇත. එහෙත් එහි අවසානය කඳුළක් ඉතිරි වීම විය හැකිය.
සඳු සිකුරු හොඳ සංයෝගයකි. ඉතා පිවිතුරු විචිත්‍ර ආදරයක් වනු ඇත. ගුරු, ශනි, කුජ, ශනි දැයි ලෙස පීඩා කිරීමට සමත් වනු ඇති අතර 7 වැන්නාට සම්බන්ධ වීම විවාහය කල්යෑමටද හේතු වනු ඇත.
එසේම පුරුෂයකුගේ, සිකුරු වෙත ශනිගේ දෘෂ්ටිය ලැබීමත්, රාහු, කේතු, මඟින් පීඩා වීමත් පෙම් සබඳතා අතරමඟ බිඳීයෑමට හේතු වෙයි. ස්ත්‍රියකගේ නම් කුජ, ශනි යෝග වීම, කුජට අසුබ පාපී දෘෂ්ටි ලැබීම බොහෝ විට විරහ වේදනා විඳ විය යුතුය. එය කුජ, සිකුරු, 22 දෙර්කාණාධිපති වූ විටද ඉහත උරුමය හේතු වෙයි.
මෙම ජන්ම පත්‍ර හිමියා වෘශ්චික ලග්නය හා සිංහ නවාංශකය හිමියෙකි. මොහු පෙම් සබඳතා කිහිපයක් පවත්වා ඇති අතර ලග්නාධිපති කුජ අය ඇත. එය ලිංගික ජීවිතයට අසුබය. ගුරු 5හේ නිසා කෙතරම් අවංකව ආදරය කළත් හතරාධිපති ශනි පීඩා වීම නිසා මව විරුද්ධ වී ඇත. එසේම 22 දෙර්කාණාධිපති බුධ ලග්නයේ වීමද තවත් හේතුවක් වී ඇත. එම නිසා බුද්ධිමත් අයකු නම් පසුව පසුතැවෙනවාට වඩා හොඳින් සිතා බලා තීරණ ගැනීම නිසා අනාගතයේ ඇති වන ගැටලු මඟහැර ගත හැකියි.
Wmqgd .ekSu u