iranama
අසාමාන්‍ය කුජ වක්‍රය ඔබේ ලග්නයට බලපාන අයුරු
අඟහරු හෙවත් කුජ ග්‍රහයා සාමාන්‍යයෙන් මාස එකහමාරක් වැනි කාලයකදී රාශියකින් ඊළඟ රාශියට මාරු වෙයි. නමුත් මෙවර මාස හතක කාලයක් අසාමාන්‍ය ගමනක කුජ ග්‍රහයා නිරත වීම විශේෂත්වයකි. දින 211ක කාලයක් පුරා වෘශ්චික හා තුලා රාශි දෙක තුළ වක්‍ර හා නිවෘත (ආපසු හා ඉදිරි) ගමනක යෙදෙන කුජ ග්‍රහයා, 2016 සැප්තැම්බර් මස 18 වැනි දින පෙරවරු 07.43ට ගුරුට හිමි පළමු රාශිය වන ධනුවට පිවිසෙයි. කුජ ග්‍රහයාගේ මෙම අසාමාන්‍ය ග්‍රහ චලිතය ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේ දැයි මෙලෙස විමසා බලමු!
මේෂ ලග්නය
කුජ ඔබගේ ලග්නාධිපතියාය. ඔහු ඔබේ කේන්දරයේ අට වැන්නට පිවිසීම යහපත් නැත. සතුරු කරදර පිළිබඳ බියක් සිතට දැනේ. සිත්තැවුල්, පීඩා ගෙනදේ. බලාපොරොත්තු කඩවිය හැකිය. හදිසි අනතුරුවලින් ශරීරයට තුවාල සිදු වීමට ඉඩ තිබේ. කලකෝලාහලවලට සම්බන්ධ වීමෙන් වැළැකිය යුතුය. ආදායමට වඩා වියදම වැඩි වෙයි. කලත්‍රයාට හා දරුවන්ටද දැඩි අපල ගෙන දෙන තරමක අවාසනාවන්ත කාලයකි. එබැවින් බුද්ධිමත්ව කාලය ගෙවිය යුතුය.
වෘෂභ ලග්නය
කුජ ග්‍රහයා ඔබේ කේන්දරයේ සත් වැන්නට පිවිසීමෙන් පංච මහා පුරුෂ යෝගයක් වූ 'රුචක' යෝගය උදා වෙයි. ඒ නිසා ඔබට ඇති විය හැකි දුෂ්කරතාවන් ඉවත්ව යනු ඇත. කෙසේ වෙතත් ඉතා කල්පනාකාරීව ගත කළ යුතු කාලයකි. කලත්‍රයාට හදිසි රෝගාබාධ හෝ අනතුරු ඇති විය හැකිය. ආදායම් තත්ත්වය යහපත් වෙයි. පරස්පර අදහස් ප්‍රකාශ වීම හේතුවෙන් ගෘහ ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. මහලු වියේ පසුවන ළඟම ඥාතියකුට අපල ගෙනෙනු ඇත. රැකියා කටයුතු දියුණු වෙයි.
මිථුන ලග්නය
ඔබේ කේන්දරයේ නව වැන්නට කුජ ග්‍රහයා පිවිසීමෙන් යහපත් කාලයක උදාවක් සනිටුහන් කරවයි. කරන කියන කටයුතු සාර්ථක වෙයි. සිතේ සතුටට සියල්ල සිදුවනු ඇත. පැවැති කරදර, හිරිහැර හා බාධක ඉවත් වන අතර සතුරන් මෙල්ල වේ. නඩුහබවලින් ජයග්‍රහණ අත්වේ.
ධන ලාභ හිමිවේ. ආදායම සරුවෙයි. ජයග්‍රහණ පතා කරන කටයුතුවලින් වාසි සැලැසේ. රැකියා කටයුතු සාර්ථක වෙයි. හොඳ නාමයක් සමඟ කීර්තිය හා ප්‍රසිද්ධිය ඔබ සොයා එනු ඇත.
කටක ලග්නය
කුජ ග්‍රහයා ඔබේ කේන්දරයේ පස් වැන්නට පිවිසීම යහපත් නැත. උදරාබාධ ඇති විය හැකිය. හදිසි අනතුරු සිදුවීමට ඉඩ ඇති බැවින් ගමන් - බිමන්වලදී ප්‍රවේශම් විය යුතුය. දූ දරුවන්ටද ලෙඩ දුක් ඇතිවීමට ඉඩ තිබේ. වියදම් පක්ෂය ඉහළ යන අතර අනවශ්‍ය දේවලට වැඩි වියදමක් දැරීමට සිදුවෙයි. නින්දා, අපහාසවලට භාජන වන අතර සිතට දැඩි පීඩා ගෙන දෙනු ඇත. නොගැළපෙන විවාහයකට හෝ සබඳතාවකට සිත පෙලැඹෙන කාලයක් බැවින් සිතට වහල් නොවී සිටීමට උත්සාහ ගත යුතුය.
සිංහ ලග්නය
ඔබේ කේන්දරයේ සිවුවැන්නට කුජ පිවිසීමෙන් රුචක නමැති පංච මහා පුරුෂ යෝගය නිර්මාණය වෙයි. ඔබගේ පෞරුෂය වැඩි වන අතර ආගිය තැන්වලදී පිළිගැනීමට ලක්වෙයි. සිතට නිර්භීත බවක් දැනෙනු ඇත. ආගමික හා පුණ්‍ය කටයුතු සඳහා වැඩි ඇල්මක් ඇති වෙයි. රජයෙන් තනතුරු හා ගෞරව සම්මාන හිමි වෙයි. කීර්තිය හා ප්‍රසිද්ධිය හිමි වන අතර වාසනාවද ඔබ සොයා එනු ඇත. තම බලය වැඩි වෙයි. ජයග්‍රහණ අත්වෙයි. යාන - වාහන හිමි වීමේ ප්‍රවණතාවක් පවතින බැවින් අලුත් වාහන මිලදී ගැනීමට යහපත්ය. පොළොව ආශ්රිත දේවලින් වාසනාව මතු වෙයි.
කන්‍යා ලග්නය
කුජ ග්‍රහයා ඔබේ කේන්දරයේ තුන් වැන්නට පැමිණීම ඉතා යහපත්ය. ටික කලකට පසු සිතට සතුටක් මෝදුවනු ඇත. නිරෝගී සුවය හිමි වෙයි. සතුරු කරදර පහව යන අතර නඩු හබවලින් ජයග්‍රහණ අත්වෙයි. ලොතරැයි හෝ හදිසි ධන වාසනා ගෙනදෙනු ඇත. ධන ලාභ හිමිවීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව උනන්දු වන්න. රැකී - රක්ෂා කටයුතුවල මෙන්ම වෙළහෙළ
Wmqgd .ekSu u