iranama
අභිෂේක පූජාවේ අනුහස් මංගල්ලය
මා අද ඔබට ලබා දෙන්නා වූ නිවැරැදි නානුමුර මූලධර්ම හුදෙක් නානුමුර මංගල්‍යයන්හි යෙදෙන මාගේ ශ්‍රී ලාංකික දේව ගැතිවරුන් හා දේව ගැතිවරයන්ගේ අභිවෘද්ධියද නානුමුර මංගල්‍යයක වටිනාකම නොදත් යම් කෙනකු වේද ඔවුන්ගේ නිවැරැදි නානුමුර අභිෂේක පූජාවක් පැවැත්වීමට රුකුලක් වීමද පිණිසය.
ස්වර්ණ, රජත, ශෛලාදියෙන් කළ ප්‍රතිමා මෙන්ම ලෝහයෙන් කළ දේව ආභරණ අභිෂේක පූජාව පිණිස ඉතා හොඳයි. සායම් ආලේප කර මැටියෙන් තැනූ පිළිම හා අඳින ලද රූප අභිෂේකයට (නැහැවීමට) සුදුසු නොවේ. සක්ගෙඩි හෝ ෂන්මුඛ රුද්රාක්ෂ මෙන්ම බෝධීන් වහන්සේද දේව ප්‍රතිමා වශයෙන් සලකා අභිෂේක කළ හැකිය. විශේෂයෙන් නානුමුර පූජා පවත්වන්නේ ශනි දින උදේ හෝ බුධ දින උදේදී නානුමුර පූජා පැවැත්විය හැකිය. අභිෂේක පූජාවෙන් සියලු අභිමතාර්ථ ඉෂ්ට කර ගත හැකි වනු ඇත. එම අභිෂේක පූජා සඳහා ගන්නා ද්‍රව්‍ය අනෙකුත් සාමාන්‍ය පූජා කර්ම සඳහාද ගන්නා බැවින් නානුමුර පූජාව සඳහා ගන්නා එම ද්‍රව්‍යය නොඉඳුල්ව ලබා ගැනීම මෙහිදී සුවිශේෂී කරුණකි. අභිෂේක නොහොත් නානුමුර යනු දෙවියන් වෙනුවෙන්ම කළ ප්‍රතිමා ආදිය නැහැවීම බව පරම්පරාගත හා දේව ධර්මයම අනුව හැඳින්වෙයි. එහෙත් එය හුදෙක් දෙවියන් සඳහාම නොව දෙවියන්ගේත් දෙවියන් වූ අප තිලෝගුරු බුදුන්ගේ බුද්ධ ප්‍රාප්තියට පිටිවහලක් වූ බෝධීන් වහන්සේ පූජාවද නොයෙකුත් බෞද්ධ දර්ශනයන්ට අනුව නානාප්‍රකාර විදියට අප දෙරණ තුළ සිද්ධ වෙන බව කාහටත් නොරහසකි.
මා ඔබට දැන් පහදා දෙන්නේ නිවැරැදි අභිෂේක පූජා ද්‍රව්‍යය හා එම අභිෂේක පූජාවල බලය කෙසේද කියාය. ඔබත් නිවැරැදිව ඒවා අත්හදා බලන්න.
දේව ධර්මයට අනුව අභිෂේක පූජා සඳහා ස්තෝත්ර හා මන්ත්‍ර තන්ත්ර භාවිත වුවද එම අක්ෂර භාවිතය ඔබට අපහසු වනු ඇත. වැරැදි අක්ෂර උච්චාරණය උඩ ඔබ මෙම ලිපියෙන් ලබා ගන්නා පන්නරයට, මුවහත් භාවයට අප්රාණිකවත්වයක් සිදු විය හැකි යැයි සිතමි. එම නිසා ස්තෝත්ර භාවිතය දේව ධර්මයේ අනිවාර්ය නැත. කැපවීම හා අවංක බව මත මෙම අභිෂේක පූජාවල බලය ර
Wmqgd .ekSu u