iranama
අප්‍රේල් 13 වැනිදා තෙක් මීනයේ රැඳී සිටින රවි ඔබේ ලග්නයට දෙන්නේ මොනවාද?
ග්‍රහ ලොව රජු හෙවත් රවි ග්‍රහයා 2016 මාර්තු 14 සඳු දින පෙරවරු 11.17ට ගුරුට අයත් මීන රාශියට ඇතුළු වෙයි. මීනය රවිට මිත්‍ර රාශියකි.
'ආදිත්‍ය' යනුවෙන් හඳුන්වන ලබන රවි ග්‍රහයා 2016 අප්‍රේල් 13 රාත්‍රි 7.48 (19.48) දක්වා පුරා මාසයක් මීනයේ රැඳී සිටී. රවිගේ මෙම ග්‍රහ ගෝචරය ඔබේ ලග්නයට බලපාන්නේ මෙලෙසිනි.
මේෂ ලග්නය
ආදායම වැඩිවේ. වියදමද ඒ හා සමාන වේ. උත්සාහයේ තරමට දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය. නමුත් සමහර බලාපොරොත්තු ඉටුවේ. අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට ලැබේ. හිත මිතුරන් සමඟ දුර බැහැර ගමන් යෙදේ. නම ප්‍රසිද්ධ වේ. ජේයාතිෂය ඇතුළු ගුප්ත විද්‍යා කටයුතුවල යෙදෙන අයට යහපත්ය. රහස් කුමන්ත්‍රණ හා රහස් ලියකියවිලි පිළිබඳ අසන්නට ලැබේ. රජයට සම්බන්ධ කටයුතුවලින් අෑත්ව සිටීම යහපත්ය. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් අවාසිදායක තත්ත්වයන් අවම කරගත හැකිය.
වෘෂභ ලග්නය
සෑම අතින්ම යහපත් මාසයකි. ගෘහ ජීවිතය වාසනාවන්තවේ. නිවෙසේ සතුට හා පී‍්‍රතිය පවතිනු ඇත. දියුණුව සඳහා ගන්නා උත්සාහයන්ගෙන් සාර්ථක ප්‍රතිඵල හිමිවේ. සිතට සැනසුම හා සතුටද ඇතිවේ. තමන්ට වඩා අඩු වයසේ අය හා සබඳතා ඇති විය හැකිය. ප්‍රසිද්ධියට පත්වේ. තනතුරු ලාභ හිමිවේ. රැකී රක්ෂා, වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු සාර්ථක වේ. එකවර විශාල මුදලක් හිමිවීමේ භාග්‍ය පවතී. ලෙඩ දුක් සුවවේ. සිරුර පැහැපත් වන අතර අන්‍යයන්ගේ ආකර්ෂණයට ලක්වන කාලයකි.
මිථුන ලග්නය
ඉතාම වාසනාවන්ත මාසයකි. බලාපොරොත්තු ඉටුවේ. තම තත්ත්වය උසස් වන අතර වචනයේ බලය උරගා බැලීමට අවස්ථාව උදාවේ. සතුරු කරදර පහව යනු ඇත. ගෘහ ජීවිතය සතුටින් ගත කළ හැකි වාතාවරණයක් සැකසේ. නිතර කලත්‍රයාගේ දසුන දැක ගන්නට සිත පෙලඹේ. සිතේ සතුට පවතිනු ඇත. දියුණුවට කටයුතු සිදුවේ. රැකීරක්ෂා, වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. උසස්වීම් හා නව තනතුරු හිමි භාග්‍යවත් කාලයකි. හදිසි ධන ලාභයකට හෝ ලොතරැයි ලාභයකට ඉඩ ඇත.
කටක ලග්නය
වෙහෙස ඇති ගමන් යෑමට සිදුවේ. එයින් නිසි ඵල නොලැබේ. කරගෙන ආ සමහර කටයුතු අතරමඟ නතර කිරීමට සිදුවිය හැකිය. පිනට දහමට සිත බරවේ. හිතවතුන් සහ ඥාතීන් සමඟ අමනාපකම් ඇතිවේ. සිතට දුකක් දැනෙන කාලයකි. ගෞරවයට, තත්ත්වයට හානි පැමිණීමට ඉඩ ඇත. ධන හානි ඇතිවේ. ශරීර සනීපයටද බාධා ගෙනදේ. මළානික, උදාසීන ගති පහළ වේ. ජීවිතය පිළිබඳව කලකිරීමක් ඇතිවේ. හිතවතුන්ගෙන් අෑත්ව හුදකලා වීමට සිත් දේ. දරුවන් වෙනුවෙන් වෙහෙසවීමට සිදුවේ.
සිංහ ලග්නය
බලාපොරොත්තු ඉටුවේ. කාර්ය සාධනය වේ. දියුණුවට කටයුතු සිදුවේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල සතුටුදායක වේ. දරු ශිෂ්‍යාදීන් පිළිබඳව සතුටු විය හැකි අවස්ථා උදාවේ. රැකී රක්ෂා, වෙළහෙළෙ
Wmqgd .ekSu u