iranama
අපල වැඩිවන්නේ මෙහෙමයි
දුරාචාර ගතිවලින් කටයුතු කළ එක්තරා තරුණයෙක් බලවත් ජන්ම ඒරාෂ්ඨක තත්ත්වයක සිටියේය. දෙමාපියන් විසින් ජන්ම පත්‍රය පරීක්ෂා කර මේ බව අනාවරණය කරගෙන ජීවිතාරක්ෂාව පිණිස එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ලවා බලවත් යන්ත්‍රයක් කර පලඳවන ලදී.
මේ තරුණයාට සිටි යහළුවන් පාප මිත්රයෝමය. සතියකට කීප වතාවක් ඔවුන් සමඟ මත්පැන් සාද පැවැත්වීමද සිරිතක් වී තිබිණි. දිනක් එසේ මත්පැන් සාදයට ඇවැසි බීම නගරයෙන් රැගෙන ත්රීවීලරයකින් යහළුවෝ ගමන් ගත් අතර, මෙම තරුණයා ද ටික වේලාවකින් එම ත්‍රීවීලරය කිට්ටුවට ඒම සඳහා යතුරු පැදියෙන් පවනට බඳු වේගයෙන් ගමන් ගත්තේය. නමුත් වැඩිදුරක් යන්නට පෙර එම වේගයෙන්ම පැමිණි බස් රථයකට වංගුව ගැනීමේදී මේ තරුණයා මුහුණට මුහුණ හැපී අති බිහිසුණු මරණයකට මුහුණ දුන්නේය.
මේ කතාව ඔබට කියන්නේ ඉතා වැදගත් කරුණු රැසක් ඔබට අවබෝධ කරවනු පිණිසය. ඒ බිහිසුණු මරණය පමණක් නොව කැමති දේ නොලැබෙන දුක වැඩිවීමට ද හේතු භූත වන කරුණු කාරණාවන් ඔබද අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වන බැවිනි. නපුරු ග්‍රහයන්ගේ දශා කාලවලට වඩා සෙනසුරු ඒරාෂ්ඨක නපුරුය. වැඩි හරියක් බිහිසුනු මාරක ඇතිවීමට බලපාන්නේ සෙනසුරු ඒරාෂ්ඨක කාලයයි.
එසේම නපුරු අනතුරු සිදුවන පිහිටීම් ද කේJද්‍රයේ පිහිටා තිබිය යුතුය. වැඩි වශයෙන් 22 වන දෙර්කාණ ග්‍රහයා - 08 වැන්න අධිපති - ශනි - කුජ - රාහු ආදී ග්‍රහයන්ගේ පිහිටීම් ස්වභාවයත් එයට පාදක වන මහ දශාව සහ අන්තර් දශාවන් පිළිබඳ අවධානය යොමුකළ යුතුය. එසේ නපුරු, අනතුරු නැත්නම් ලෙඩ රෝග - බලවත් ප්‍රශ්න - සිත් තැවුල් හා කැමැති දේ නොලැබෙන දුක ඇති කරයි. අධ්‍යාපනය ලබන අයගේ අවබෝධතා ඥානය දුර්වල කරයි.
ඒරාෂ්ඨක එසේ සැකසෙයි. විශේෂයෙන්ම ජන්ම ඒරාෂ්ඨක ඉතාමත් තදබල අපල ගෙන එයි. බොහෝ මිනිසුන් මේ ඒරාෂ්ඨක කාලවල බෝධි පූජා තබති. සෙත් කවි කියවති. වෙනත් දාන මානද කරති. නමුත් එසේ කළත් කරදර අඩු නොවෙයි. සමහර අයට යම් ශාන්තියක් ඇති වෙයි. මෙසේම අප මුලින් කී තරුණයාට ද කිසිදු සෙතක් මතු වී නැත. මේ සම්බන්ධව කරුණු විමසන විට අපට බුදුÊදහම පරිශීලනය කිරීමට සිදුවේ.
බුදුන්වහන්සේ දශබලධාරීය. එනම් ප්‍රබල සර්වඥාන දහයකින් සමන්විතය. එයින් දෙවැනි ඥානය වූ zකාලත්‍රයවර්ති වූ කර්ම සමාදානයන්ගේ විපාක දන්නා නුවණZ නම් වූ මහා බුදු නුවණින් කර ඇති විස්තරය අප ඉහත දක්වන ලද සිදුවීම්වලින් අවබෝධ කරමු. ඒ බුද්ධ ඥානයෙන් මිනිසාගේ කර්ම සකස් වන ආකාර අටක් හඳුන්වා තිබේ. එනම් ගති සම්පත්තිය හා ගති විපත්ති - උපධි සම්පත්ති හා උපධි විපත්ති කාල සම්පත්ති හා කාල විපත්ති ප්‍රයෝග සම්පත්ති හා ප්‍රයෝග විපත්ති යනුවෙනි.
ගති සම්පත්ති යනු කුසලාකුසල අනුව උපදින අයුරුය. දෙව්ලොව - බඹලොව - මිනිස් ලොව උපදින්නේ පිං මහිමයටය. සතර අපා උත්පත්ති පව් වලටය. දෙව්ලොව බඹ ලොව මිනිස් ලොව උපදින අය අතර දෙව් - බඹ යන අයට පෙර පව් ඵලදීමක් නැත. ඔවුනට ඒරාෂ්ඨක අපල නොමැත. මිනිස් ලොව උපදින අයටත්, එසේ පව් නොමැති බව දැක්වෙයි. නමුත් වර්තමානයේ මිනිසුන්ට පෙර පව් පැමිණෙමින් විපාක දෙන හේතුව දැකීමට ප්‍රයෝග සම්පත්තිය හා ප්‍රයෝග විපත්තිය යන කරුණු දෙක පරීක්ෂා කළ යුතුය.
ප්‍රයෝග සම්පත්තිය යනු ශ්‍රද්ධාව වර්ධනය කිරීම ශීලය මනා සේ රැකීම, දහම අවබෝධ කිරීම, දන්දීම සහ භාවනා කිරීම ආදී ක්‍රියාවන් ය. ඒවා නිතර තම ක්‍රියාවට නැඟීමෙන් තමන්ගේ පෙර පව් පැමිණ මහත් දුක් කරදර ඇති නොවේ. ඒවාට පැමිණීමට හැකියාව නැත. දෙව් ලොව දෙවිවරු මේ කරුණු අකුරටම පිළිපදී. ඒ නිසා අවුරුදු තුන්කෝටි හැටලක්ෂයක් අවම ආයුෂ පවතින දෙවියන්ට පවා කිසි මොහොතක පව් බලයක් සම්බන්ධ නොවේ.
මිනිස් ලොවටත් ඒ තත්ත්වයම තිබුණත් මිනිසා ශීඝ්‍රයෙන් කෙළෙස් වර්ධනය කරති. ඒ නිසා ප්‍රාණඝාත- හොරකම - කපටිකම - වංචාව - දූෂණය - තරහ - වෛරය - ඉරිසියාව - කුහකකම - ලිංගික කාමයට වේගයෙන් ගොදුරුවීම හා පොදුවේ පංච කාමයටම ලක්වීම - මත්පැන්, මත්ද්‍රව්‍ය වලට වේගයෙන් ගොදුරුවීම - බොරුකීම - පරුෂ වචන කීම ආදී දුරාචාරයන්ට මේ වර්තමාන මිනිසා ගොදුරු වෙමින් ප්‍රයෝග විපත්තිය වර්ධනය කරයි. මේ හේතුවෙන් ආයුෂ පිරිහෙන බව මහා සිහනාද සුත්‍රයෙන් දේශනා කර තිබේ.
මේ නිසා මහා පිං බලයක් මුල් කොට ලබාගත් මේ දුර්ලභ මිනිස් භවයට එම පිං බලය මතු නොකොට පව් බල ඉස්මතු වෙයි. ප්‍රයෝග සම්පත්තියක් ඇති කර නොගන්නා මිනිසා මෙසේ ප්‍රයෝග විපත්තිය උදාකර ගනී. අපි ඉහත දැක්වූ තරුණයා ද දුරාචාර ගති සේම බලවත් ලෙස මත්පැන් මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වෙමින් ප්‍රයෝග විපත්තිය ඇති කරගත් නිසා ඔහුගේ පිං බලය දුර්වල කොට පව් බලයම ජය ගෙන තිබේ.
සෑම කෙනෙක්ම මෙය සිතට ගත යුතුය. අපල කාලවලදී එවායින් බේරීමට විවිධ සෙත් ශාන්ති කොපමණ කළත්, තමන් ප්‍රයෝග විපත්ති සම්පාදනය කරන්නේ නම් එම අපල බාධාවකින් තොරව විපාක සලසයි. මිනිසුන් එවැනි තත්ත්වයන්ට පත් වීමට හේතු කාරණා පවතින බව කාල සම්පත්ති හා කාල විපත්ති යන දෙකෙන් සිදුවන බව බුදුන් වහන්සේ දක්වා තිබේ.
කාල සම්පත්තිය යනු හොඳ රජුන් ඇති හොඳ ආණ්ඩු ඇති, හොඳ නිලධාරීන්, හොඳ මිනිසුන් ඇති කාල සම්පත්ති ලෙස නම් කර තිබේ. එවිට කාලයට ප්‍රමාණ වැසි ඇතිවීම, සුදුස්සාට සුදුසු තැන ලැබීම, හැමෝටම ඉතා පහසුවෙන් ජීවත්වීමට හැකිවීම, භවභෝග සම්පත් බහුලවීම, ලෙඩරෝග අවම වීම, ආදී කරුණු මිනිසාට අත්විඳිය හැක.
කාල විපත්ති යුගයේදී නපුරු ආණ්ඩු බිහිවීම, නපුරු රජවරු, නපුරු නිලධාරීන් බිහිවීම, සෞභාග්‍යය ගිලිහී යැම, ආහාර භවභෝග හිඟවීම හා මිල අධික වීම සොබා දහම ප්‍රකම්පනය වී ස්වභාවික විපත් ඇති වී දේපළ මිනිස් ජීවිත විනාශ වී යැම නිසා මනුෂ්‍යයාගේ පිං ඵල නොදී පව් විපාක මතු කොට දුක් කරදර අත්කරන බව සඳහන් වේ.
අධර්මිෂ්ඨ ආණ්ඩු හා රජවරුන් ගැන මෙවැනිම විස්තරයක් කොසොල් මහරජු දුටු සිහින දහසයෙන් ද ප්‍රකාශ වීම වැදගත් වේ. එයින් කියෑවෙන්නේ එම කාලවල මිනිසාට කැමැති දේ නොලැබීමේ දුක වේගයෙන් පැමිණෙන බවකි. රජුනට සාපේක්ෂව හොරුන් මංකොල්ලකරුවන් මිනී මරන්නන් මහා බිහිසුණු ව්‍යසන පවා රටතුළ ඇති වන බවකි.
විශේෂයෙන් ප්‍රයෝග විපත්තිය එනම් දුරාචාරයට යොමුවීම තුළ ඇතිවන විපත්ති තත්ත්වය මරණයත් සමඟම තමන් පසුපසම පැමිණේ. ප්‍රේත තිරිසන් ආදී ලෝක තුළ උපත සලස්සයි. ඒ ලෝක තුළට ඇද වැටුනොත් ගති විපත්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙයි. ඒ ගති විපත්තිය අනුව ඒ ලෝක තුළ පෙර කර ගත් කිසිදු පිනක් මුල් නොවේ. ආත්ම ආත්ම ගණන් ඉහත කී පරිදි උපදවාගත් පාප කර්මයන්ම පැමිණෙමින් දුක් ඇති කරයි. එසේ දුක් විඳීමට සිදුවන කාලය කල්ප ගණනකි.
මේ සා උතුම් මිනිස් භවයක් ලබා ධර්මය තුළින් එහි වටිනාකම අවබෝධ නොකර අනුන්ගේ මාංශයට තන්හාව ඇතිකර අන් ශරීරවලට කාමයෙන් අන්ධව රසමසවුළුවලට ගිජු වෙමින් අනුන්ගේ දුක අමතක කර තම සැපයම පතමින් මිනිසා ආස්වාද ලබමින් මේ ජීවත්වන පුංචි කාලය තුළ වැඩ වරද්දාගෙන ඉහත කී තරුණයා මෙන් මෙලොවත් දුක් විඳ කල්ප ගණන් දිගු ආයුෂ ඇති අගති ලෝකවල උපදිති. වැඩි විස්තර 077 4547797
ජ්‍යෙතිෂවේදී - අගලවත්තේ බී. හේරත්
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks