iranama
2016 වර්ෂයේ ලග්න ඵලාපල - ලග්න 7ටම මිශ්රපල උදා කරයි
මේෂ ලග්නය
ලබන වසර ඔබට එතරම්ම ශ=භ කාලයක් උදා නොවනු ඇත. ගුරුගේ ගෝචර ගමන පමණක් ප්‍රතිඵල යහපත් වනු ඇත. හදිසි කරදර, විපත්, ධන හානි ඇති කරන මේ වර්ෂය 2017-01-27 වනතුරු අපල ඇති කරයි. ස්ථාන කරදර, අඹු-සැමි ප්‍රශ්න හා ගැටුම්කාරී බව නිසාම පවුල් දිවිය එපා වෙයි. එහෙත් ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. ස්ථාවර තත්ත්වයක් ඇති කර ගැනීමට තව අවු. 01 පමණ කල් ගත වනු ඇත. වර්ෂය මැද භාගය වනවිට තවත් අපල තත්ත්වය වැඩි වෙයි. රැකියා තත්ත්වය තරමක් දුරට ඉහළ අගයක් ගනියි. බලාපොරොත්තු ඉටු කර ගනියි. ව්‍යාපාර කරන හා වෙළඳාම් ආදිය කරන අයට පාඩු සිදු වෙයි. ලබන 2017 පසු තත්ත්වය වඩාත් යහපත් වෙයි. ගුරු මහදශා අන්තර් දශා ගෙවන අයට ශ=භ ඵලත් ශනි මහ දශා අතුරු දශා ගෙවන අයට අශ=භඵලත් ඇති කරයි.
රුධිර පීඩන, බඩේ රෝග, වාත රෝග, සැත්කම්, ඇස් රෝග ආදිය ඇති කරයි. අපලවලට බෝධිය නැහැවීම, බෝධි පූජා තැබීම, සිවුරු පූජා කිරීම ඉතා යහපත් බව පෙනෙයි.
වෘෂභ ලග්නය
වර්ෂය ආරම්භමේදීම කුජ-ශනි දෙදෙනා 7 වැන්නේ සිටීමත් සිකුරු 8 වැන්නේ සිටීමත් විවාහ දිවියට බාධා හා කරදර අවුල් සහගත තත්ත්වයක් තවදුරටත් ඇති කරයි. පුරා අවුරුද්ද පුරාම හොඳක් ලබා ගැනීමට බලවත් උත්සාහයක් ගත යුතුයි. නැත්නම් කලකිරීම් ඇති කරයි. වර්ෂයේ මැද භාගය වනවිට තරමක් ශ=භඵල ඇති කර අතර පවුලේ සාමය සමාදානය ඇති කරයි. අධ්‍යාපන කටයුතු වෙනස් වන නිසාත් බාධා ඇතිවන නිසා එම කටයුතු සැලකිලිමත්ව කටයුතු කරන්න. ශරීර සෞඛ්‍ය නැති වී යයි. හෘද රෝග ඇතිවීමට ඉඩ ඇති කරයි.
අඹු-සැමියන් අතර මතභේද නිසා වෙන්වීමට පවා ඉඩකඩ සාදයි. වර්ෂ අවසානයේ දී යම් සහනයක් ඇති කරයි. අමනුෂ්‍ය දෝෂ හා ගුප්ත දේවල් නිසා වියදම් අධික කරයි. පියාට අගුණ අශ=භ කාලයක් වෙයි. ශනි මහ දශා, අතුරු දශා ගෙවන අයට මිශ්රඵල හා ගුරු මහ දශා ගෙවන අයට ශ=භඵල උදා කරයි. මුත්‍රා දෝෂ, සෙම් රෝග, රුධිර පීඩා, වාත රෝග ඇති කරයි. ආගමික කටයුතු කරන්න.
මිථුන ලග්නය
වර්ෂය ආරම්භය ඔබට මංගල යෝජනා ස්ථීරවීම 2016 වර්ෂය මංගල කටයුතු කඩිනම් වීම් ආදියට හොඳ කාලයක් වෙයි. කලක් පැවති බඩේ රෝගයක් නැවත ඉස්මතු වීම නිසා වර්ෂයේ මැද භාග වනවිට බඩේ සැත්කමක් හෝ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමක් වැනි දෙයක් සිදුවිය හැකියි. ස්ථාන කරදර වගේම ස්ථාන වෙනසක් වැනි දෙයක් බලාපොරොත්තු විය හැකියි. නැත්නම් සමහරවිට ස්ථාන වෙනසක් ද ඇති විය හැකියි. පිටරට යාමට බලාපොරොත්තු වන අයට වර්ෂයේ මැදභාගය වනවිට පිටත් වීමට මාර්ගය පෑදෙනු ඇත. සහෝදර පකෂයේ සහය ලැඛෙනු ඇත. දුර ගමන් හා කෙටි ගමන් නිතර ඇති වෙයි. රැකියාවලින් තාවකාලිකව ඉවත් වීමට මේ වර්ෂය ඉඩ ඇති කරයි. පසුව තවත් රැකියාවක් සඳහා යාමට ඉඩ ඇති වෙයි. කෙසේ වෙතත් උත්සාහය නැතිව නිකම්ම සිටියොත් වැඩ ප්‍රමාදවී කටයුතු අවුල් වී යයි. අර්ශස් රෝග, මුත්‍රා රෝග, ලේ පිටවීම, බඩේ රෝග ඇති කරයි. බෝධි පූජා, දේව පූජා තබන්න.
කටක ලග්නය
2016 වර්ෂය ඔබට මිශ්රඵල උදා කරන කාලයක් නිසා ශ=භ හා අශ=භ දෙකම උදා කරයි. වර්ෂය පටන් ගත්තේ ගුරු ග්‍රහයා 2 වැන්නේ ගෝචර ගමනින් සිටින අවස්ථාවකයි. රාහු හා සඳු 3 වැන්නේ ගමන් කිරීම ද කුජ-ශනි 5 වැන්නේ ගමන් කිරීම ද සැලකිල්ලට ගත යුතු කාලයකි. දරුවකුගේ හදිසි කරදරයක් ගැන අසන්නට ඉඩ ඇති කරයි. හවුල් කටයුතු අවුල් වී යයි. එහෙත් මිල මුදල් ලාභ ඇති කරයි. ආදායම් තත්ත්වය සතුටුදායක වෙයි. පපුවේ සැත්කම් හෝ රෝග පීඩාවක් සඳහා රෝහල් ගතවීමක් වැනි දෙයක් සිදුවිය හැකියි. අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ට මේ වර්ෂය එනම් 2016 වර්ෂය එතරම්ම ශ=භ නැත. අසමත් වීම් අධ්‍යාපනය කඩා වැටීම් ආදිය සිදු වෙයි. එහෙත් වර්ෂයේ මැද භාගය වනවිට තත්ත්වය වෙනස් වී සතුටුදායක වෙයි. ප්‍රතිඵල හොඳවෙයි. නව රැකියා ලාභ හිමි කරයි. දුර ගමන් යොදා ගනියි. වර්ෂයේ මැද භාගයේ දී තත්ත්වයේ උසස්වීමක් ඇති කරයි. බලාපොරොත්තු ඉටු කරයි. ආගමික කටයුතු කර අපල දුරු කර ගන්න.
සිංහ ලග්නය
වර්ෂය ආරම්භයේ දී ශනි-කුජ සමඟ4 වැන්නේ ද ගුරු ලග්නයේ ද ගමන් කරන මේ වර්ෂය මැද භාගයේ දී එනම් අගෝස්තුවලින් පසු ගුරුගේ මාරුවීම හැම අතින්ම යහපත් බව පෙනෙයි. විශේෂයෙන් පැවැති ස්ථාන අඹු-සැමි භේද ඉවත්වී යයි. ඒ වගේම මාර්තු මාසයෙන් පසු අවිවාහක අයට මංගල යෝජනා ස්ථීර වී යහපත් විවාහ දිවියකට යාමට වාසනාව ඇති කරයි. දැනට පවතින ස්ථාන කරදර තාවකාලිකව ඉවත්වී යයි. එහෙත් 2017 ජනවාරි වනතුරු ස්ථාන කරදර දේපල අවුල් සහගත තත්ත්වයන් හා පවුලේ කරදර ඇති කරයි. දරුවකුගේ ඉදිරි අනාගතයක් ශ=භවාදීව දියුණුවක් දැකීමට හැකියාව ලැඛෙයි. මලගිය අයගෙන් හා අමනුෂ්‍යාදී අයගෙන් කරදර, ලෙඩ රෝග ඇති කරයි. ඒවාට ආගමික කටයුතු කර දෝෂ නැති කර ගන්න.
කන්‍යා ලග්නය
මේ වර්ෂය එනම් 2016 ඔබට මිශ්රපල උදා කරනු ඇත. තමන්ගේ ඉලක්කය කරා ගමන් කිරීම දරණ උත්සාහය සාර්ථක කර ගැනීමට හැකියාව ලැඛෙන අතර ඉඩම්, ගෙවල් මිළ දී ගැනීමට දරණ උත්සාහය මල්ඵල ගැන්වීමට හැකි තත්ත්වයක් උදා කරයි. නිවාස හදා ගැනීමට නොහැකිව කාලයක් සිටියේ නම් නිවාස ඉදි කර ගැනීමට ඔබට ශක්තිය බලය ලැබේ. අගෝ්ස්තු මාසයෙන් පසු විදේශගතව සිටින අයට තම මව්භූමියට ඒමට සිදුවෙන අතර එය සංචාරය සඳහා විය හැකියි. කෙසේ වෙතත් නඩුහබ ආදිය පැවැතියේ නම් එම වකවානුවල දී නඩුවලින් නිදහස් වීමට හැකියාව ලැඛෙයි. හිසේ අමාරු, අතපය තුවාලවීම් හෝ දුර ගමන් බිමන්වලදී අනතුරු ආදිය ඇතිවිය හැකි බැවින් පරීකෂාවෙන් ගමන් බිමන් යන්න. ආගමික කටයුතුවල නිරත වන්න.
තුලා ලග්නය
2016 වර්ෂය ඔබට ධනය අතින් අයහපත් තත්ත්වයක් ඇති කරනු ලබයි. ශනි ඒරාශ්ඨකයක අවසාන අවුරුද්ද යන ඔබට ධන හානි හා යුග දිවියි අසාර්ථක එකක් වීමට බොහෝ දුරට කරුණු ඇති වෙයි. එහෙත් ඔබගේ බලවත් උත්සාහය සහ කැපවීම මත සියල්ල සිදබිද දැමීමට හැකියාව ශක්තිය ලැඛෙයි. එහෙත් ධනය නම් ලඟ තබා ගැනීම දුෂ්කර කටයුත්තක් වෙයි. ප්‍රිය සාද මංගල්‍ය උත්සව, සමිතිි සමාගම් ආදියේ විශේෂ ආරාධනා ලැඛෙයි. අගෝස්තුවලින් පසු විදේශ ගමනක් යාමට හැකියාව ලැඛෙයි. නැත්නම් විදේශ සිටින ඔබට මව් රටට ඒමට හැකියාව ලැඛෙයි. අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට විශේෂ වරප්‍රසාද හා ඉගෙනීම් කටයුතුවල උසස් දියුණුවක් ඇති කරනු ලබයි. වර්ෂයේ මුල් භාගය සතුටින් ගත කිරීමට වාසනාව හිමි වන අතර වර්ෂයේ අගභාගය වනවිට හදිසි විපත් කරදර හා අනතුරු ආදියට මුහුණදීමට සිදුවිය හැකියි. අපල සඳහා බෝධි පූජා, දේව පූජා හා ශාන්ති කර්ම කර ගන්න. යහපත උදා කරනු ලබයි.
වෘශ්චික ලග්නය
2016 ඔබට ඉතාමත් ප්රවේශම්කාරී වර්ෂයක් වනු ඇත. මන්ද ශනි ලග්න ගතවී සිටීමත් ඉන්පසු අවුරුද්දක් ගිය කල 2 වැන්න බලා ගමන් කිරීමත් යන කරුණු ජීවිතයේ අළුත් අත්දැකීම් ගණනාවක් ඔබට අත්විඳීමට සිදු වනු ඇත. ඉක්මන් ගති, ඉක්මන් කෝප ගති, මිනිසුන් සමඟ ආරවුල් ඇති කර ගැනීමට ආදිය වර්ෂය පුරා පැවැතිය හැකියි. ඉගෙනීම්වලට ඉතා යහපත් වන අතර එම කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල අත්වීමට මඟ පෑදෙනු ඇත. නව රැකියා ලාභ හෝ නව තනතුරු ලාභ හිමිවීමට අගෝස්තු මාසයෙන් පසු ඉතා යෝග්‍ය වන බව පෙනෙයි. ඒ සඳහා ඉල්ලූම් කර ඇති අයට යහපත් ප්‍රතිඵල උදා වනු ඇත. සහෝදරියකගේ ප්‍රශ්නයක් නිතර නිතර උඩ ඒමත් යට යාමත් නිසා මානසික අවුලක් විය හැකියි. තැන්පත් ධනය වර්ධනය වීමක් ද ඇති කරයි. හවුලේ කරන වැඩ අසාර්ථක වනු ඇත. ඔබට උසස් වීමක් මෙම වර්ෂයේ අගෝස්තුවලින් පසු බලාපොරොත්තුවෙන් සිටින්න. යහපත උදා කරයි. අපල සඳහා බෝධි පූජා, දේව පූජා තබන්න.
ධනු ලග්නය
වර්ෂය පුරා ඔබට දුක සැප, මිශ්රඵල උදාවනු ඇත. විශේෂයෙන් ඔබට යහපත් සහකරුවෙකු හෝ යහපත් සහකාරියෙකු මුණ ගැසී ආවාහ විවාහ කටයුතු කර ගැනීමට මෙම වර්ෂය තුළ හැකි තත්ත්වයක් පෙන්නුම් කරයි. ව්‍යාපාර හෝ වෙළඳාම් ආදිය කරමින් සිටින අයට ප්‍රතිඵල යහපත් වෙන අතර අතමිට සරුවල මෙම වර්ෂය ඔබගේ ඉදිරි දැක්මට මේ වර්ෂය ලොකු පිිටිවහලක් ලැඛෙනු ඇති. ශනි මහදශා අතුරු දශා ගෙවන අයට මේ ප්‍රකාශ කළ ඒවාට විරුද්ධ දේ සිදු වෙයි. කරදර ඇති වෙයි. හදිසි අනතුරු ඇති වී අතපය කැඩී වෙදකම් කිරීමට සිදු වෙයි. ගුරු මහ දශා අතුරු දශා ගෙවන අයට ශ=භඵල උදා කරන අතර සෙසු අයට මිශ්රඵල උදා කරයි. විශේෂයෙන් ආගමික කටයුතු, වන්දනා ගමන්, ශීල ව්‍යාපාර ආදියට ධර්මයට නැඹුරු වී කටයුතු කරයි. කෙසේ වෙතත් මේ වර්ෂයෙන් පසු 2017 වර්ෂ තදබල අපල ඇතිවිය හැකියි. ආගමික කටයුතු, සෙත් ශාන්ති කර ගන්න.
මකර ලග්නය
2016 ඔබට මේ වර්ෂය ශ=භ අශ=භ දෙකම පවතී. අගෝස්තුවලින් පසු තත්ත්වයේ වෙනසක් වගේම බලාපොරොත්තු වූ තම ඉලක්කයකට යාමට හැකියාව ලැඛෙයි. දරුවන් ලැබීමට බලාපොරොත්තු වන අයට කරදරයකින් තොරව දරු ලාභ ඇති කරයි. නඩු හබ ආදිය තිබුණේ නම් ඒවායින් නිදහස් වීමට මඟ පෑදෙයි. අගෝස්තු මාසයේ දී විවාහ වීමට හෝ නව යුග ජීවිතයක එළඹීමට වාසනාව හිමි වනුයේ අවිවාහක සිටින අයටයි. ඉඩම් දේපලවල යම් යම් ආරවුල් කීපයක් වර්ෂයේ මුල් කාලයේ දී මතුවිය හැකියි. පසුව එය සමථයකට පත්විය හැකියි. විදේශ ගමන් යාමට ඔබ බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් ඒ සඳහා අවස්ථාවක් උදා කරනු ඇති වැඩිහිටියෙකු අසනීපයෙන් සිටී නම් ඔහුට හෝ ඇයට අපල ඇති කරයි. අධික රුධිර පීඩන හා ලේවල දෝෂ ඇති කරයි. ඒවා පරීකෂා කර ගැනීම යහපත් වෙයි. ආගමික කටයුතු කර ගන්න.
කුම්භ ලග්නය
2016 ඔබට එතරම්ම ශ=භදායක නොවනු ඇත. මන්දයත් කරන කටයුතුවල දැඩි කඩාවැටීමක් හෝ නොදියුණු තත්ත්වයක් උදාවෙන නිසාවෙනි. ආදායම් මාර්ගවල ශක්තිය අඩු වී යන අතර රැකියාවේ අවිනිශ්චිතභාවය නිසා රැකියා අහිමිවීම්වලට පවා යාමට සිදුවිය හැකියි. එසේ නැත්නම් බරපතල වැඩ කිරීමට සිදුවෙයි. වෙහෙසකාරීව වැඩ කිරීමට සිදුවෙයි. එහෙත් සිකුරුගේ ගමන් තත්ත්වය අනුව ශ=භදායක තත්ත්වයක් වර්ෂයේ මැදභාගය වනවිට උදාවීමට ද භාග්‍ය ඇති කරයි. තමන්ට විරුද්ධව නැගී සිටින අයට එකට එක කිරීමට ගොස් කරදරවලට පැටලීමට ද ඉඩ ඇති කරයි. ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කරන්න. පියාට තරමක් අපල ඇති කරන අතර පියාගේ රෝගී තත්ත්වයක් ඇත්නම් ඒවා උත්සන්න වී රෝහල් ගතවීමට පවා සිදුවිය හැකියි. අඹු-සැමියන් අතර තිඛෙන හොඳ හිත තව දුරටත් තබා ගැනීමට හැකියි. අගෝස්තුවලින් පසු තත්ත්වය එතරම්ම ශ=භ නැත. අපල සඳහා බෝධි පූජා තබන්න.
මීන ලග්නය
2016 වර්ෂය ඔබට මිශ්රඵල උදා කරනු ඇත. කරන කටයුතුවල දියුණුවක් වගේම ආදායම් තත්ත්වය ද සතුටුදායක වෙයි. ඔබ රජයේ සේවයේ යෙදී සිටින්නෙක් නම් ඔබට උසස් තනතුරු ආදිය ලැබීමට වාසනාව හිමි වනු ඇත. ඒ වර්ෂයේ මුල් කාර්තුවේ දී පමණ අගෝස්තු මාසයෙන් පසු තත්ත්වය යහපත් අතට හැරී හවුලේ කටයුතුවල කැපී පෙනෙන දියුණුවක් දැකිය හැකි වෙයි. අවිවාහකව සිටින අයට මංගල දිවියකට යාමට යුගදිවියකට යාමට වාසනාව හිමි වනු ඇති. අධ්‍යාපන ලබන සිසු දරුවන්ට ද මේ වර්ෂය ශ=භඵල සහිත වෙයි. එහෙත් වැඩිහිටියෙකුට 2016 වර්ෂය අගුණයක් හෝ වෙන්වීමක් ඇති කරයි. දැනට පවතින රාහු කේතු ගමන ද එතරම්ම ශ=භඵල ඇති නොකරයි. අගෝස්තුවලින් පසු පවතින ආර්ථීක තත්ත්වය වර්ධනය කර ගැනීමට ඔබට ශක්තිය බලය ලැඛෙනු ඇත. මව්ට ද එතරම්ම ශ=භදායක නොවෙයි. අපල සඳහා ආගමික කටයුතු කර ගන්න. යහපත උදා කරයි