iranama
2016 නව වසර ඔබට කොහොමද?
මේෂ ලග්නය
නව වසර ආරම්භය යහපත්ය. බලාපොරොත්තු ඉටුවේ. රැකී රක්ෂා හා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබේ. නව රැකියා හෝ නව තනතුරු හිමිවේ. ධන ලාභවලට හිතකරය. සතුරන් පරාජය වේ. රෝගාබාධවලින් සුවය ලැබේ. දියුණුවට කටයුතු සිද්ධ වේ.
විභාගවලින් හෝ තරගකාරි දේවලින් ජයග්‍රහණ හිමිවේ. විදේශ ගත වීමට අවස්ථාව උදාවේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්කර ගත හැකිය. ඥාති හිත මිත්‍රාදීන්ගෙන් උදවු උපකාර හිමිවේ. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත්වේ. ඥානය වැඩි දියුණුවේ. වතුපිටි හා ගොවිතැන් කටයුතුවලින් ලාභ ලැබේ. කලක පටන් තිබූ කරදරයක් ඉවත් වීමෙන් සිතට මහත් සැනසිලිදායක බවක් ඇතිවේ. විනෝදයට කරන ක්‍රීඩා ආදියෙන් හෝ ලොතරැයිවලින් ජය අත්වේ.
වෘෂභ ලග්නය
නව වසරේ ආරම්භයත් සමඟ කරගෙන ආ වැඩකටයුතුවල ප්‍රගතියක් ඇතිවේ. ආදායම් මාර්ග වැඩි දියුණු කරගැනීමට නව උපාය මාර්ග ගනු ඇත. ඒ සඳහා උගතුන්ගෙන් මෙන්ම වැඩි මහලු අයගෙන්ද උදවු උපකාර හිමිවේ. වරින් වර උදාසීන ගති ඇති වුවද. එය පරදා ක්‍රියාශීලී බවකින් කටයුතු කරනු ඇත. ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇති කරගැනීමට වෙහෙස වීමට සිදුවේ. නව වසරේදී නිවාස සිහිනයක් ඇත්නම් එය සපල කරගත හැකිය. ඒ සඳහා බැංකු ණය මුදලක් ගැනීමට සිදුවේ.
ගෘහ ජීවිතය සාර්ථක වේ. වරින් වර සුළු සුළු නොරිස්සුම් ගති ඇති වුවද ඒවා වැඩිදුර නොයනු ඇත. රැකියාවේ උසස් වීම්වලට බාධා පැමිණීමට ඉඩ ඇත. දුර බැහැර ගමන් බිමන් අඩුවේ. අගෝස්තු මාසයේ සිට සියලු කටයුතු සාර්ථක වේ. රැකී රක්ෂා හා ව්‍යාපාර කටයුතු දියුණුවේ. තත්ත්වයෙන් උසස් වේ. ධන ලාභ හා හදිසි ලොතරැයි ජයග්‍රහණ හිමිවේ. අනාගත දියුණුවට හේතුවන වැඩපිළිවෙළක් දියත් කෙරේ.
මිථුන ලග්නය
ධන ලාභ හිමිවේ. සතුරු කරදර පහව යනු ඇත. නඩු හබවලින් ජය අත්වේ. බලාපොරොත්තු ඉටුවේ. උසස් නිලතල හා තනතුරු හිමිවේ. රැකියාවේ වෙනසක් සුබවාදී අයුරින් සිදුවේ. ගෘහ ජීවිතය සතුටෙන් ගතවේ. දූ දරුවන්ගේ ජයග්‍රහණයක් පිළිබඳව සතුටු විය හැකි වසරකි. කලත්‍රයාගේ මවුපියන්ගෙන් උදවු උපකාර හිමිවේ. නවතා තිබූ නිවාස වැඩකටයුතු නැවත අරඹන්නට අවස්ථාව උදාවේ.
දියුණුවට කටයුතු සිදුවේ. ණය ගනුදෙනුවකින් නිදහස ලැබේ. නැතිනම් ඔබෙන් ණයට ගත් මුදලක් නැවැත ඔබට ලැබෙනු ඇත. සිරුර නිරෝගීමත්් වන අතර සිත කය දෙකටම සැප ලැබෙන කාලයකි. කරන කියන සියලු කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල අත්වේ.
නම ප්‍රසිද්ධියට කාරණා යෙදේ. කීර්තිය පැතිරේ. ගොවිතැන් කටයුතුවලින් සිදු වූ පාඩු පිරිමසා ගැනීමට අවස්ථාව ලැබේ. හිතවතුන් සමඟ නිතර නිතර ගමන් බිමන් යෙදෙනු ඇත.
කටක ලග්නය
වාසනාවන්ත කාලයකි. පෙර පින් මතුවේ. හදිසි ධන ලාභ හිමිවේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවල දියුණුවක් බලාපොරොත්තු විය හැකිය. කීර්තිය පැතිරේ. තනතුරුවල උසස් වීමක් ඇතිවේ. ගරු නම්බුනාම හිමිවේ. ඥානය වැඩිවේ. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් උසස් ප්‍රතිඵල අපේක්ෂා කළ හැකිය.
අලුත් දේ ඉගෙනීමට සුදුසු කාලයකි. විවිධ භාෂා ඉගෙනීමට අවස්ථාව හිමිවේ. උත්සවලට සහභාගි වීමට ආරාධනා ලැබේ. එහිදී අලුත් හිත මිතුරන් හඳුනා ගැනීමට ලැබෙන අතර ඔවුන්ගෙන් තම අනාගත දියුණුවට උදවු උපකාර හිමිවේ.
නිවෙසේ මංගල උත්සව අවස්ථාවකට ඉඩ ඇත. රසවත් ආහාර පාන භුක්ති විඳීමට ලැබෙන සැපවත් ග්‍රහ ගෝචරයකි. වන්දනා ගමන් යෑමට අවස්ථාව උදාවේ. නඩු හබවලින් ජය ලැබේ. බරපතළ රෝගී තත්ත්වයන් සුව අතට හැරේ. කාලත්‍රයාට සැප සම්පත් හා ධන ලාභ හිමිවේ. සුදුසු වයසේ නම් විවාහයක් සිදුවේ.
සිංහ ලග්නය
මෙතෙක් කරගෙන ආ කටයුතුවල පැහැදිලි වෙනසක් ඇතිවේ. රැකී රක්ෂා හා ව්‍යාපාර කටයුතු දියුණුවට පත්වේ. වෙළෙඳ ව්‍යාපාරයේ හෝ තම නම ප්‍රසිද්ධියට කරුණු යෙදේ. අලුත් ඥාති, හිත මිත්‍රයන්ගේ ඇසුර ඇතිවේ. එය තම දියුණුවට රුකුලක් වනු ඇත. නිවෙසේ අලුත්වැඩියා කටයුතු සිදු කෙරේ. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. චංවල ගති පහව ගොස් සවිමත් ගතිගුණ මතුවේ. ස්ථීර වාසය සඳහා වැඩපිළිවෙළක් සකස් කර ගනු ඇත. අවිනිශ්චිත බව කෙමෙන් පහව යන අතර තිර බවක් සිත තුළට මෝදුවේ. සිද්ධස්ථාන සොයා වන්දනාගමන්වල නිරත වේ. සිතට නිසංසල සහනදායී බවක් ඇතිවේ. අතහැර දමා තිබූ සමහර කටයුතු නැවත ආරම්භ කෙරෙන අතර එමඟින් වැඩි ලාභ ඉපැයීමේ අවස්ථාවක් උදාවේ. නැතිව ගිය රැකියාවලට නැවත කැඳවීම් ලැබේ. උරුම හිමිකම් ලැබෙන කාලයකි.
කන්‍යා ලග්නය
යහපත් වසරකි. නැතිව ගිය ගෞරවය හා බලය නැවැත වැඩි වර්ධනය වේ. රැකී රක්ෂා හා ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් අපේක්ෂා කළ හැකිය. කරගෙන ආ කටයුතු මෙන්ම අලුතින් අරඹන කටයුතුවලද දියුණුවක් ඇතිවේ. සතුරන් පරාජය වේ. තම තත්ත්වය උසස් වේ.
ජනප්‍රියත්වය හිමිවන අතර කීර්තියද නැවැත ඇතිවේ. නම ප්‍රසිද්ධියට පත්වේ. බලය උරගා බැලීමට සිත් දෙනු ඇත. වාසනාවන්ත කාලයක උදාවකි. රැකී රක්ෂාවලින් උසස් වීම් හිමිවන අතර නව තනතුරුවලට තෝරා ගැනෙනු ඇත. භූමි ලාභ හා ඛනිජ වස්තු ලැබීමේ භාග්‍ය පවතී.
ආරවුල්ව පැවැති ඉඩකඩම් නිරවුල් වේ. සිතට අසහනයක් ගෙන දුන් සමහර දේ දුරුව ගොස් සහනයක් අත්වනු ඇත. තම උරුමය හිමිවන අතර නඩු හබවලින් ජය අත්වේ. සෑම උත්සාහයකම ප්‍රතිඵල සහිත වේ. කොටස්කාර හා හවුල් ව්‍යාපාරවලින් වැඩි ලාභ හිමිවේ. ධන ලාභ ගෙනෙන වසරකි.
තුලා ලග්නය
වාසනාවන්ත වසරකි. පැවැති තත්ත්වයට වඩා දියුණුවට කටයුතු සිදුවේ. හදිසි ධන ලාභ හා ලොතරැයි ලාභ හිමිවේ. විදේශ ගත වීමට අපේක්ෂා කරන අයගේ ප්‍රාර්ථනා මල් පල ගැන්වේ. විදේශවලින් ආධාර, උපකාර හිමිවේ. ඔබේ බැංකු ගිණුම් තරවන ඉතා සුබ වසරකි. සුදුසු වයසේ නම් විවාහය සිදුවේ. නිවෙසේ සතුට හා පී‍්‍රතිය රජයන අතර විදේශ ගත හෝ දුර බැහැර හිතවතකුගේ පැමිණීමක්ද සිදුවේ. ප්‍රසිද්ධිය හා නොයෙක් ආකාරයේ ලාභ හිමිවේ. විරුද්ධ ලිංගිකයන් සමඟ දැඩි හිතවත්කම් මෙන්ම බැඳීම්ද වැඩිවේ.
ගොවිතැන්වලින් ලාභ අත්කර ගත හැකිය. පොළොව ආශි‍්‍රතව කෙරෙන ව්‍යාපාර හා රැකියා කටයුතුවලින් වැඩි ලාභ ලබාගනු ඇත. විශේෂයෙන් ඉඩම්, ගෙවල් හිමි වන අතර පූරුවේ කළ පින් පල දෙන කාලයකි.
වෘශ්චික ලග්නය
සෑම දෙයකින්ම ලාභ ලැබෙන වාසනාවන්ත වසරක උදාවකි. රැකියාවෙන් උසස් ප්‍රතිඵල හිමිවේ. දුර බැහැර ප්‍රදේශයක රැකියාවේ නිරත වූවා නම් නැවැත තම ගමට පැමිණීමට හැකිවේ. මෙතෙක් පැවැති අසනීප ගති දුරු වී නිරෝගී සුවය අත්විඳීමට අවස්ථාව උදාවේ.
නැතිවූ වස්තුව හා නැතිව ගිය රැකී රක්ෂා තනතුරු නැවැත හිමිවේ. ඉඩකඩම් දේපොළ වස්තුව මෙන්ම හදිසි ධන ලාභද වරින් වර ලැබෙනු ඇත. ඉඩකඩම්, වතුපිටිවල ආදායම ඉහළ යන අතර තම ධන වාසනාව උරගා බැලීමට සුදුසු කාලයකි. නිලතල ලාභ හිමිවන අතර උසස් වීම්වලටද ඉඩ ඇත.
අගෝස්තු මාසයේ සිට වාසනාවන්ත කාලයක් උදාවේ. රැකී රක්ෂා කටයුතුවලින් ලාභ අත් වන අතර අලුත් වැඩවලටද අත ගසනු ඇත. වියදම් පක්ෂය වැඩි වුවද ඊට සාපේක්ෂව ආදායමද ඉහළ අගයකට පත්වේ. ඔබගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන්නන් වැඩිවේ. සතුරු කරදරවලට මුහුණපෑමට සිදුවිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කිරීම අවශ්‍ය වේ.
ධනු ලග්නය
පී‍්‍රතිමත් ගමන් බිමන් යෙදේ. විශේෂයෙන් මෙතෙර මෙන්ම එතෙර වන්දනා චාරිකාවල යෙදීමට අවස්ථාව උදාවේ. ආගමික කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලබාගත හැකි වසරකි. අධ්‍යාපන කටයුතුවල පැහැදිලි දියුණුවක් ඇතිවේ. ඥානය දියුණු වන අතර විභාගවලින් ජයග්‍රහණ අපේක්ෂා කළ හැකිය. විවිධ භාෂාවන් හැදෑරීමට අවස්ථාව උදාවේ. පිටරටවලින් හෝ පිටස්තර අයගෙන් උදවු උපකාර හිමිවේ.
ගිහි පැවිදි උතුමන් සමඟ ඇසුරට වැටේ. ඔවුන්ගෙන් බොහෝ වටිනා දේවල් ඉගෙනීමට අවස්ථාව උදාවේ. ආගමික භක්තිය වැඩිවේ. දේව හා බෝධි වන්දනාව මඟින් ජීවිතයට ආලෝකය ලබාගත හැකි වසරකි. ඒ පිළිබඳව උනන්දුවන්න.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පැමිණේ. රජයේ අවධානයට යොමුවීමෙන් උසස් රැකියා හා තනතුරු ලාභ හිමිවනු ඇත. තම බලය වැඩිවේ. නම ප්‍රසිද්ධ වන අතර කීර්තියද පැතිරේ. ගෞරව සම්මානයට පාත්රවන වසරකි. තම සේවය ඇගැයෙනු ඇත.
මකර ලග්නය
හදිසි ධන ලාභ හිමිවන වසරකි. සුබපල වැඩි වශයෙන් ළඟාකර ගත හැකිය. අසනීප හා ලෙඩ දුක්වලින් සුවය ලැබෙනු ඇත. නිවාසය අලුත්වැඩියා කර ගැනීමට ණය මුදලක් ගැනීමට සිදුවේ. එමෙන්ම නොසිතූ මොහොතක විශාල ධනයක් හිමිවීමට ඉඩ ඇත. එය බොහෝ විට ලොතරැයි වැනි තරගකාරී ක්‍රීඩාවකින් විය හැකි අතර නැතහොත් අනුන්ගෙන් වීමට පුළුවන.
පහත් අයගේ ආශ්‍රය හේතුවෙන් තම නමට කැළැල් ඇතිවිය හැකිය. සොර සතුරු කරදරද ඇතිවේ. රැකියාවේ හෝ රැකියා ස්ථානයේ කරදර මතුවීමට ඉඩ තිබේ. ව්‍යාපාර කටයුතුවලටද බාධා පැමිණේ. නිසි වේලාවට ආහාර නොගැනීමෙන් අම්ල පිත්ත රෝගයෙන් පීඩා ඇතිවේ.
බුද්ධිමත්ව කටයුතු නොකිරීමෙන් නීතිමය ගැටලුවලටද මුහුණපෑමට සිදුවිය හැකිය. එසේ වුවද වසර පුරාම ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා එකොළොස් වැන්න වූ අයස්ථානයේ ගමන් කිරීම යහපත් වේ. ආදායම් මාර්ග වැඩිදියුණු වේ. තම තත්ත්වය උසස් වේ. තනතුරුවලින් ඉහළට ඔසවා තබනු ඇත.
කුම්භ ලග්නය
මෙම වසර සුබ, අසුබ මිශ්‍රව ගත වන්නකි. වසරෙන් අඩක්ම මධ්‍යස්ථව ගත වන බවක් පෙනේ. මෙම වසරේ අගෝස්තු 11 වැනිදායින් පසු ඔබට ඉතාම වාසනාවන්ත කාලයක් උදාවේ. මෙය පෙර පින් මතුකර පෙන්වන්නකි. සිතට මෙන්ම කයටද සැනසීම, සතුට හා පී‍්‍රතිය ළඟාවේ.
රැකී රක්ෂා හා ව්‍යාපාර කටයුතුවලට තිබූ බාධාවන් ඉවත්වේ. නිරායාසයෙන් මිල මුදල් ලාභ හිමිවන්නට පටන් ගනු ඇත. උසස් හා ප්‍රභූ අයගෙන් ඔබේ දියුණුවට උදවු උපකාර හිමිවේ. කීර්ති ප්‍රශංසා ලැබෙන අතර ගෞරවයටද පාත්රවේ. තත්ත්වය උසස් වේ. කාලයක සිට බලාපොරොත්තුව සිටි අදහසක් ඉෂ්ට සිද්ධවේ.
සිතේ සතුටට හේතුවන අන්දමට සියල්ල සිදුවේ. නැතිව ගිය බොහෝ දේවල් නැවැත ලැබෙනු ඇත. දේශපාලන හා සමාජයීය වැඩකටයුතුවලින් දියුණුවක් අපේක්ෂා කළ හැකිය. සිත තුළට මෝදුවන කාමුක සිතිවිලි මැඩ පවත්වා ගැනීමෙන් ගෞරවයට සිදුවිය හැකි හානි වළක්වා ගත හැකිවේ.
මීන ලග්නය
යහපත් වසරකි. සුබ අසුබ මිශ්‍රව හිමිවේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවල දියුණුවක් ඇතිවේ. අධ්‍යාපන හා තරග විභාගවලින් ජයග්‍රහණ හිමිවේ. ණය ගනුදෙනුවලින් වැඩි වාසි අත්වේ. විවිධ ආකාරයෙන් වස්තු ලාභ හිමිවන වසරකි. අත මිට මිල මුදල් රැඳී ඇති බැවින් සිතට හා කයට සැප ලැබ දෙන්නට අත දිග හැර වියදම් කරනු ඇත.
නව රැකියා ලාභ හා තනතුරු හිමිවේ. නිරෝගී වේ. සතුරන් පරාජය වේ. නඩු හබවලින් ජයග්‍රහණ අත්වේ. ආදායම් මාර්ග කිහිපයක් විවර වන අතර තම බැංකු ගිණුම් තරවනු ඇත. නිවෙසට නව පන්නයේ ගෘහ භාණ්ඩ මිලදී ගන්නට අවස්ථාව උදාවේ. තමා බලාපොරොත්තු වන ආකාරයට බොහෝ දේ සිදුවේ. ආගමික හා වන්දනා කටයුතුවලට වැඩි ඇල්මක් දක්වයි.
එමඟින් ඔබේ ජීවිතයට මහත් ආලෝකයක් මෙන්ම ශක්තියද උදා කරගත හැකිය. විශේෂයෙන් බෝධි පූජා පැවැත්වීමෙන් සිතට විශාල සහනයක් දැනෙනු ඇත.
Wmqgd .ekSu u