iranama
2016 නව වසරේ ලග්න පලාපල කතරගම දෙවියන්ට සහ සමන් දෙවියන්ට පුද පූජා කරන්න
වසරක ආරම්භය
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 වූද, ශක වර්ෂ 1938 හෙවත් කලියුග වර්ෂ 5117 හෙවත් ව්‍යවහාරික වර්ෂ හෙවත් ක්‍රි.ව. 2016ක් වූ ජනවාරි මස 01 සිකුරාදා දින රාශි වළල්ලේ මූලික වූ නවග්‍රහ ගෝචරය අනුව ලග්න ෙදාළොසින් හයවැනි ලග්නය වන බුධ හිමි කන්‍යා ලග්නයේ ලග්න පලාපල මෙසේ දිගහැරෙන වගයි!
නව වසරේ කන්‍යා ලග්නයේ
ග්‍රහ පිහිටීම
2016 නව වසර ආරම්භයත් සමඟ ඔබගේ කන්‍යා ලග්න ජන්ම පතේ ග්‍රහ පිහිටීම පහත පරිදි වෙයි. ලග්නාධිපති බුධ ලග්නයෙන් 05 වැන්නේ හෙවත් පූර්ව පුණ්යස්ථානයේත් රවි හෙවත් සූර්යයා 4 වැන්න හෙවත් මාතෘ ස්ථානයේත් නැතහොත් ගේෙදාර වතුපිටි පෙන්වන ස්ථානයේත් කේතු 7 වැන්න හෙවත් විවාහ ස්ථානයේත් සිකුරු සෙනසුරු හෙවත් ශනි සමඟ යෝගව ලග්නයෙන් 3 වැන්නේ හෙවත් වික්රමස්ථානයේත් කුජ හෙවත් අඟහරු 2 වැන්නේ හෙවත් ධනස්ථානයේත් සඳු හා රාහු යෝගව ලග්නයේත්, ගුරු 12 වැන්න හෙවත් වැයස්ථානයේත් ගෝචර ගමනක යෙදෙන අවස්ථාවක මෙම නව වසර උදාවනු ඇත. මෙම නව වසර කන්‍යා ලග්නය හිමි ඔබට සියලුම අංශයන්ගෙන් සුබ අසුබ මිශ්‍ර ප්‍රතිඵල උදාකරනු ඇත.
කන්‍යා ලග්නය හිමි අයගේ
සාමාන්‍ය රූප ස්වභාව
සියුමැලි ශරීරයක් වෙයි. මධ්‍යම ප්‍රමාණය වෙයි. සමහර විට මධ්‍යම ප්‍රමාණයටත් වඩා කුඩා වෙයි. ලෙළදෙන කටහඬක් වෙයි. කඩිසර ගමන් වෙයි. වයසට වඩා තරුණ ගතියක් පෙනෙයි.
කන්‍යා ලග්න හිමි අයගේ ගතිගුණ
ඥානයට අධිපති බුධහුගේ උච්ච රාශිය වූ කන්‍යා ලග්නයෙහි උපන් අයට විසඳීමෙහි දක්ෂ ඥානයක් උත්පත්තියෙන් ලැබේ. බොහෝ අනුකම්පා සහගත වෙයි. අනුන්ගේ ෙදාස් දකී. ඉතා පරෙස්සම් සහිත වෙයි. ආත්ම විශ්වාසය අඩු කෙනෙකි. කලබල ගතිය කෙබඳු ද කීවොත් ලියුම් දෙකක් ලියා සියල්ල ඉවර කර නියම ලියුම නියම කවරයේ දැම්මාද කියා නැවත විවෘත කර බලයි. යමක් කීමේදී ඉතා සුළු දේ පවා විස්තර කර කියයි. නැවැත නැවැත කියයි. ගෙදර ෙදාර කටයුතු පවා වැඩිදුර සොයාබලා කිරීම සිරිත වෙයි. ගේ ෙදාර බඩු බාහිරාදිය පවා ක්‍රමානුකූලව තබා ගැනීමට සිතයි. ලියකියවිලි ඉතා පරිස්සම් සහිතව තබාගනී. දුර්වලකම් හැටියට පෙනෙන්නේ ආත්ම විශ්වාසය අඩුකම නිසා අනුන් විශ්වාස නොකිරීමත් ඉතා සුළු දේවල්වලට ඇඟිලි ගැසීමත් අනුන්ගේ ෙදාස් සෙවීමත්ය.
කන්‍යා ලග්නය හිමි අයගේ රෝග
ආමාශයේ රෝගවලටත් සාමාන්‍ය ශරීර ශක්තිය අඩුවීගෙන යන රෝගවලටත් භාජන විය හැකිය. සෙම් රෝග හා උෂ්ණාධික රෝග ඇතිවිය හැකිය.
කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රයේ නව වසර ආරම්භයත් සමඟ පවතින ග්‍රහ චාරයට අනුව ලග්නාධිපති බුධ ඔබගේ ලග්නයෙන් 5 වැන්නේ සිටීම ඔබට මධ්‍යම ප්‍රතිඵලදායක වනු ඇත. ගොවිතැන් කටයුතු කරන කන්‍යා ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා යහපත් වූ වසරකි. තමා විසින් මහන්සියෙන් ගොවිතැන් කළ දෙයින් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකිය. එසේම විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතුවල නිරත අයටත් දරුපල බලාපොරොත්තු වන අයටත් වසරේ මුල් මාස 06 තුළ එතරම් යහපත් ප්‍රතිඵල උදා නොවනු ඇත. ඉන්පසු ගුරු හෙවත් බ්‍රහස්පතිගේ ලග්නගත වීමත් සමඟ වසරේ ඉතිරි මාස කීපය ඔබට සුබදායක වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ඔබටත් සුබදායක බලාපොරොත්තු තබාගත හැක්කේ වසරේ මුල් මාස 6න් පසුවයි. නව වසරේ රැකියා බලාපොරොත්තු වන ඔබගේ එම කටයුතු සාර්ථක වන අතර රැකියා ස්ථාන මාරු හා නව රැකියා සඳහාද අවස්ථා උදාවනු ඇත. විශේෂයෙන් ඔබ විරුද්ධවාදීන්ගෙන් පරෙස්සම් විය යුතු වසරකි. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. උෂ්ණාධික රෝගාබාධ මෙන්ම සෙම් ආශි‍්‍රත රෝග, හෘදය ආශි‍්‍රත ආබාධ, තුනටියේ හා අත්පාවල ආබාධ, ස්නායු ආබාධ, තුවාල වැලඳීමේ අවදානමත් වසරේ මුල් මාස 04 තුළ පවතී. ආදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්ථ මට්ටමක පවතී. වැය පක්ෂය ඉහළ යන අවස්ථා රාශියක්ම උදාවනු ඇත. විශේෂයෙන් වසරේ මුල් මාස 06 තුළ තමාගේ මවට, පියාට වැඩි වශයෙන් සුබපල උදාකරනු ඇත. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 06 තුළ සුබදායක වනු ඇත. මෙම වසර ඔබගේ නෑදෑ හිතවතුන් ඔබට වඩාත් සමීප නොවන වසරකි. හිතමිතුරන් ඔබ හා එක්වන අතර ඒ තුළින් ඔබට පාඩු සිදුවන වසරකි. විශේෂ වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාරද වසරේ මුල් මාස 06 තුළ හිමිවනු ඇත. වසරේ මුල් මාස කිහිපය තුළ පවුල් ජීවිතය ආශි‍්‍රතව යම් යම් ගැටලු මතුවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ඔබට මෙම වසරේ මුල් මාස 06 තුළ නීතිය සම්බන්ධ කටයුත්තකට මුහුණදීමට සිදුවිය හැකිය. ඒ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වනු ඇත.
කේතු ග්‍රහයා ඔබගේ විවාහ ස්ථානයේ ගමන් කරන අතර කේතු විවාහ ස්ථානයේ ගමන් කිරීම මත ඔබට වසර ආරම්භයේදී විවාහ කටයුතු සම්බන්ධයෙන් සුබදායක නොවනු ඇත. ඔබගේ විවාහ කටයුතු යම් ප්‍රමාදයකට ලක්විය හැකිය. එසේම ඔබගේ ලග්නයට බාධක ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා එළඹෙන 2016 ජූලි දක්වා ලග්නයෙන් 12 වැන්නේ වැයස්ථානයේ මිත්‍ර රාශිගතව ගමන් කිරීම මත යම් පමණක විවාහය සඳහා බාධා වසරේ මුල් මාස 06 තුළ වරින් වර මතුවිය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එළැඹෙන 2017 ජනවාරි මාසය දක්වා ශනි හෙවත් සෙනසුරු ඔබගේ ලග්නයෙන් 3 වැන්නේ හෙවත් වික්‍රමස්ථානයේ සතුරු රාශි ගතව ගමන් කිරීම ඔබට මෙම වසර ආරම්භයත් සමඟ කැපී පෙනෙන අසුබදායක තත්ත්වයකි. ගේ ෙදාර ඉඩකඩම් යාන වාහන ලැබීමේ හැකියාව වසරේ මුල් මාස 06 තුළද උදාවනු ඇත. ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදාවනු ඇත. මුදල් ණයට දීමේදී පරෙස්සම් වියයුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක් වසර අගදී ලැබෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ යම් පමණට ඉටු වන වසරකි. සාමාන්‍ය අනතුරු ඇළ, ෙදාළ ගංගාවලදී සිදුවන අනතුරු හා රථවාහන අනතුරු ඇතිවිය හැකිය. වසරේ මුල් මාස හයෙන් පසුව විවාහ කටයුතු සඳහා අවස්ථා යම් පමණකට උදාවනු ඇත. මෙම වසරේ මුල් මාස 03 තුළ කන්‍යා ලග්න හිමි පෙම්වතුන්ට නම් සුබදායක නොවනු ඇත. මැණික් ව්‍යාපාර හෝ භූමිය ආශි‍්‍රත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප්‍රතිඵල උදාකරනු ඇත. ඉදිකිරීම් කර්මාන්තවල යෙදෙන කන්‍යා ලග්න හිමියන්ට මෙම වසර සුබදායක වනු ඇත.
අපල දුරුවීමට
පුර පක්ෂයේ බදාදා දින 09ක් සවස 8 _ 9 අතර හෝ උදෑසන 6-7 අතර කාලය තුළ නිල් මානෙල් මල් හා කටරොළු මල් ඇතුළු විවිධ වර්ගය් මල් සුවඳ දුම් සමඟ බෝධි පූජාවන් පවත්වා කතරගම දෙවියන් සුමන සමන් දෙවියන් ප්‍රධාන තම ඉෂ්ට දෙවියන්ට පින් අනුමෝදන් කර පවතින නවග්‍රහ අපල සමනය වේවායි ප්‍රර්ථනා කරන්න.
2016 කන්‍යා ලග්නයේ අය _ 14 වැය 8, කොළ හා කහ වර්ණ සුබ වෙයි. සුබදිශාව උතුර සුබ අංකය _ 06
බදාදා වාසනාවන්ත දිනයකි. සිකුරාදා ධනය ලැබේ. අඟහරුවාදා / සෙනසුරාදා හා ඉරිදා අසුබ වෙයි. සඳුදා මිතුරන් හමුවීම හා මිතුරන් හා ගනුදෙනුවට සුබවෙයි. එසේම මෝටර් රථ මිලදී ගැනීමට හා ව්‍යාපාරවලට මුදල් යෙදවීමට හා ප්‍රේම සම්බන්ධතාවලට ද ඉතා සුබයි.
Wmqgd .ekSu u