iranama
2016 නව වසරේ ලග්න පලාපල අපල දුරු වෙන්න පච්ච ගලක් පලඳින්න
වසරක ආරම්භයශ්රී බුද්ධ වර්ෂ 2559 වූද, ශක වර්ෂ 1938 හෙවත් කලියුග වර්ෂ 5117 හෙවත් ව්‍යවහාරික වර්ෂ හෙවත් ක්‍රි.ව. 2016ක් වූ ජනවාරි මස 01 සිකුරාදා දින රාශි වළල්ලේ මූලික වූ නව ග්‍රහ ගෝචරය අනුව ලග්න ෙදාළොසින් දෙවැනි ලග්නය වන වෘෂභ ලග්නයේ ලග්න පලාපල මෙසේ දිගහැරෙන වගයි!නව වසරේ වෘෂභ ලග්නයේග්රහ පිහිටීම2016 වසර ආරම්භ වීමත් සමඟ ඔබගේ වෘෂභ ලග්න ජන්ම පතේ ග්‍රහ පිහිටීම පහත පරිදි වෙයි. ලග්නාධිපති සිකුරු ලග්නයෙන් 07 වැන්නේ හෙවත් විවාහ ස්ථානයේ සෙනසුරු සමඟ යෝග වන අතර බුධ 9 වැන්නේ සඳු හා රාහු යෝගය පූර්ව පුණ්යස්ථානයේත් ගුරු 4 මාතෘ ස්ථානයේත් රවි ලග්නයෙන් 8 වැන්නේත් කේතු 11 වැන්නේත්, කුජ රෝගස්ථානයේත් ගෝචර ගමනක යෙදෙන අවස්ථාවක මෙම නව වසර උදා වනු ඇත
වසරක ආරම්භය
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 වූද, ශක වර්ෂ 1938 හෙවත් කලියුග වර්ෂ 5117 හෙවත් ව්‍යවහාරික වර්ෂ හෙවත් ක්‍රි.ව. 2016ක් වූ ජනවාරි මස 01 සිකුරාදා දින රාශි වළල්ලේ මූලික වූ නව ග්‍රහ ගෝචරය අනුව ලග්න ෙදාළොසින් දෙවැනි ලග්නය වන වෘෂභ ලග්නයේ ලග්න පලාපල මෙසේ දිගහැරෙන වගයි!
නව වසරේ වෘෂභ ලග්නයේ
ග්‍රහ පිහිටීම
2016 වසර ආරම්භ වීමත් සමඟ ඔබගේ වෘෂභ ලග්න ජන්ම පතේ ග්‍රහ පිහිටීම පහත පරිදි වෙයි. ලග්නාධිපති සිකුරු ලග්නයෙන් 07 වැන්නේ හෙවත් විවාහ ස්ථානයේ සෙනසුරු සමඟ යෝග වන අතර බුධ 9 වැන්නේ සඳු හා රාහු යෝගය පූර්ව පුණ්යස්ථානයේත් ගුරු 4 මාතෘ ස්ථානයේත් රවි ලග්නයෙන් 8 වැන්නේත් කේතු 11 වැන්නේත්, කුජ රෝගස්ථානයේත් ගෝචර ගමනක යෙදෙන අවස්ථාවක මෙම නව වසර උදා වනු ඇත. මෙම නව වසර වෘෂභ ලග්න හිමි ඔබට සියලුම අංශයන්ගෙන් සුබ ප්‍රතිඵල උදාකරනු ඇත. අසුබ ප්‍රතිඵල අවම වන්නා වූ වසරකි.
වෘෂභ ලග්නය හිමි අයගේ
සාමාන්‍ය රූප ස්වභාවය
පළල් වූ නළලකින් යුත් මධ්‍යම ප්‍රමාණයට වඩා තරමක් ලොකු බොහෝ විට ඉදිරියට නෙරා ගියා වූ ශරීරයකි. බෙල්ල මහත් වෙයි. රළු හිසකෙස් වෙයි. සෙම් අධික වෙයි.
වෘෂභ ලග්න හිමි අයගේ ගතිගුණ
සිකුරු හිමි වෘෂභයේ උපන් අය කෞතුක දේවලට ආශා කරයි. ලෙහෙසියෙන් ජීවත් වීමට සිතයි. තිර රාශියේ ගතිය ඔප්පු කිරීමට මෙන් නොනැමෙන හිතක් ඇති වෙයි. හිතේ තබාගෙන සිටීමට සමතෙකි. තරහ වීමත් හෙමින්ය. එසේ වුණොත් හොඳ වීමත් හෙමින්ය. අනුන්ට තේරුම් ගත නොහැකි ගුප්ත ගති තිබේ. ඉතා සුළු දේවල් පවා සිතේ තබාගෙන සිට වුවමනා වූ විට ඉදිරිපත් කර කතා කරයි.
ස්ථිර ජය ලැබෙන තුරු සටන් කරගෙන යෑමට සමර්ථයි. මිල මුදල් සම්බන්ධව හා තමාගේ ලෞකික දේවල් සම්බන්ධයෙන් බොහෝ සුපරීක්ෂාකාරී වෙයි. සිකුරා මෙන්ම වෛවාරණ ඇඳුම් පැලඳුම්වලට වියදම් කිරීමට මැළි නොවේ. භූමියට හිත වෙයි. මල් වැවීමට හිත වෙයි. අන්‍යයන් උදෙසා වියදම් කිරීමට ටිකක් මැළි වෙයි. තරමක් ලෝභී වෙයි. මුදල් ගනුදෙනු වලදී පරෙස්සම් වෙයි.
කඩිසර කමක් නැත. එහෙත් නොනවත්වා වැඩෙහි යෙදී කරගෙන යෑමට සමර්ථ වෙයි. විරුද්ධකාරයා ඉදිරියේ දණින් වැටී නැමෙන්නෙක් නොවේ. ස්වභාවික දර්ශනයන්ට ප්‍රිය වෙයි. නගරබද ජීවිතයට වඩා මල් ගොමු පලතුරු ගස් වැල් ආදියෙන් යුත් පිටිසරබද ජීවිතය යහපත් සේ සිතයි. කතාවට බොහොම හොඳයි. කරුණු ඇතිව කතා කරයි. තමාගේ අදහස් තදින් අල්ලාගෙනම සිටියි. අනුන්ගේ දැනමුතුකම් අනුව කටයුතු කිරීමට සතුටු නැත. තමා දන්නා කෙනෙක් සේ සිතයි. සිතිවිලි ලෞකික පැත්තට බර වෙයි.
දුර්වලකම් හැටියට පෙනෙන්නේ තමරක ලෝභ කමත් සැප පහසුවට ඕනෑවට වඩා ආශාවන් ජයගැනීමට තිබෙන ආශාවත්ය. එනිසාම සතුරෝ ඇතිවෙති. නඩු මඟටද බසින්න අන්තිමේ සිදුවෙයි.
වෘෂභ ලග්න හිමි අයගේ රෝග
සියලු සෙම් රෝග පහසුවෙන් සෑදේ. ඔළුවේ බෙල්ලේ හා පපුවේ රෝග, උගුරේ රෝග, පීනස, ඇදුම, සෙම් ගෙඩි ලෙහෙසියෙන් සෑදේ. කල්යෑමේදී මලබද්දය, ලේ වැඩිකම හෝ සෙම් වැඩිකම, දණහිස් වල අමාරු හා අතපය හිරි වැටීම් ඇති විය හැකිය.
2016 වසර වෘෂභ ලග්න ග්‍රහ චාරය
අනුව ඔබට මෙසේ බලපානු ඇත
වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රයේ නව වසර ආරම්භයත් සමඟ පවතින ග්‍රහ චාරයට අනුව ලග්නාධිපති සිකුරු ඔබගේ ලග්නයෙන් 7 වැන්න හෙවත් විවාහ ස්ථානයේ ගමන් කරන අතර ලග්නාධිපති විවාහ ස්ථානයේ ගමන් කිරීම මත ඔබට වසර ආරම්භය විවාහ කටයුතු සම්බන්ධයෙන් සුබදායක වනු ඇත. නමුත් ඔබගේ ලග්නයට බාධක ග්‍රහයා වන සෙනසුරු එළැඹෙන 2017 ජනවාරි දක්වා ලග්නයෙන් 7 වැන්නේ සතුරු රාශිගතව ගමන් කිරීම මත යම් පමණකට විවාහය සඳහා බාධා වසර පුරාවට වරින් වරට මතුවිය හැකිය. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
එළැඹෙන 2016 ජූලි මාසය දක්වා ගුරු හෙවත් බ්‍රහස්පති ඔබගේ ලග්නයෙන් 4 වැන්නේ බලවත්ව ගමන් කිරීම ඔබට මෙම වසර ආරම්භයත් සමඟ කැපී පෙනෙන සුබදායක තත්ත්වයකි. ගේ ෙදාර ඉඩකඩම්, යාන වාහන ලැබීමේ හැකියාව වසරේ මුල් මාස 06 තුළ උදාවනු ඇත. විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත අයටත් දරුපල බලාපොරොත්තු වන අයටත් වසරේ මුල් මාස 7 තුළ එතරම් යහපත් ප්‍රතිඵල උදා නොවනු ඇත.
ඉන්පසු වසරේ ඉතිරි මාස කිහිපය සුබදායක වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ඔබටත් සුබදායක බලාපොරොත්තු තබා ගත හැක්කේ වසරේ මුල් මාස 07න් පසුවයි. නව වසරේ රැකියා බලාපොරොත්තු වන ඔබගේ එම කටයුතු සාර්ථක වන අතර රැකියා ස්ථාන මාරු හා නව රැකියා සඳහාද අවස්ථා උදා වනු ඇත. විශේෂයෙන් ඔබ විදුලියෙන් පරෙස්සම් විය යුතු වසරකි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. උෂ්ණාධික රෝගාබාධ මෙන්ම සෙම් ආශි‍්‍රත රෝග, යටිබඩ ආශි‍්‍රත ආබාධ, තුනටියේ හා අත් පයවල ආබාධ, ස්නායු ආබාධ, තුවාල වැලඳීමේ අවදානමක් වසරේ මුල් මාස 06 තුළ පවතී. ආදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්ථ මට්ටමක පවතී. වැය පක්ෂය ඉහළ යන අවස්ථා උදාවනු ඇත. විශේෂයෙන් වසරේ මුල් මාස 07 තුළ තමාගේ මවට සුබපල උදාකරනු ඇත. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 03 තුළ සුබදායක වනු ඇත. මෙම වසර ඔබගේ නෑදෑ හිතවතුන් ඔබට වඩාත් සමීප වන වසරකි. හිත මිතුරන් ඔබ හා එක්වන වසරකි. වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාරද වසරේ මුල් මාස 06 තුළ හිමිවනු ඇත. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශි‍්‍රතව යම් යම් ගැටලු මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදාවනු ඇත. මුදල් ණයට දීමේදී පරෙස්සම් විය යුතු අතර ඔබ ඉල්ලා ඇති ණය මුදලක් වසර මුලදීම ලැබෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ ඉටුවන වසරකි. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ ෙදාළ ගංගාවලදී සිදුවන අනතුරු හා රථවාහන අනතුරු තත්ත්ව ඇති විය හැකිය.
වසරේ මුල් මාස 03න් පසුව විවාහ කටයුතු සඳහා අවස්ථාවන් එතරම් උදා නොවනු ඇත.
මෙම වසරේ මුල් මාස 06 තුළ වෘෂභ ලග්න හිමි පෙම්වතුන්ට සුබදායක වනු ඇත. මැණික් ව්‍යාපාර හෝ භූමිය ආශි‍්‍රත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප්‍රතිඵල උදාකරනු ඇත. රෙදි කර්මාන්තවල යෙදෙන වෘෂභ ලග්න හිමියන්ට මෙම වසර සුබදායක වනු ඇත. ගොවිතැන් කටයුතු කරන වෘෂභ ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා ඉතාමත් යහපත් වූ වසරකි.]
වසරම සුබදායක වීමටත්
පවතින ග්‍රහ අපල සමනය වීමටත්
පුර පක්ෂයේ සෙනසුරාදා දින 07ක් සවස 8-9 අතර හෝ උදෑසන 6-7 අතර කාල තුළ නිල් කටරොළු මල් හා විවිධ වර්ගයේ මල් සමඟ බෝධි පූජා පවත්වා විෂ්ණු දෙවියන්, පත්තිනි මෑණියන් ප්‍රධාන තම ඉෂ්ට දෙවියන්ට පින් අනුමෝදන් කර පවතින නවග්‍රහ අපල සමනය වේවායි ප්‍රාර්ථනා කරන්න. වෘෂභයෙන් උපන් අයට පච්ච ගල් පැලඳීම යහපති.
2016 වෘෂභයේ අය - 08, වැය - 11
Wmqgd .ekSu u