iranama
2015 වසරේ අවසන් ග්‍රහ යුද්ධය ලොවපුරා නායයෑම්, භූමිකම්පා, මුහුදු විපත්
ගමන් කරනවිට එම එක් ග්‍රහයකුගේ කිරණ වළල්ලට අනෙක් ග්‍රහයා ආවරණය වීම අප ජ්‍යොතිෂයේදී සරලව ග්‍රහ යුද්ධයක් ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී ජයග්‍රහණය හිමි වන්නේ යුද වදින ග්‍රහයන් දෙදෙනාගෙන් උතුරින් සිටින ග්‍රහයාටය. මෙම සංසිද්ධියෙන් පරාජයට පත්වන ග්‍රහයා අසුබ කිරණ විහිදුවන සුබ බලයෙන් ඉතාමත් අඩු දුර්වල ග්‍රහයකු ලෙස ජ්‍යොතිෂයේදී සලකනු ලබනවා. ඒ අනුව එවන් වූ ග්‍රහ යුද්ධයක් අප සෞරග්‍රහ මණ්ඩලයේ දොළොස් ග්‍රහයන් අතරින් ග්‍රහ ලොව කුඩාම හා විශාලතම ග්‍රහයන් දෙපළ අතර මෙම නොවැම්බරයේ සිදුවීමට නියමිතය.
මෙම 2015 වසරේ සිදුවීමට නියමිත අවසන් ග්‍රහ යුද්ධය වන මෙය 2015 නොවැම්බර් මස 25 වැනි බදාදා දින උදෑසන 10.28ට සිදුවීමට නියමිත අතර මෙහිදී ග්‍රහ ලොව ප්‍රබල ග්‍රහයන් දෙදෙනකු වන සෙනසුරු හෙවත් ශනි හා ග්‍රහලොව කුඩාම ග්‍රහයා වන බුධ අතර මෙම වසරේ අවසන් ග්‍රහ යුද්ධය සිදුවෙයි. මෙම ග්‍රහ යුද්ධයෙන් බුධ පරදා සෙනසුරු ජයගනු ඇත. මෙම ග්‍රහ යුද්ධය සිදුවන විට තත්කාල කේන්දරය තුළ ශනිට අයත් මකර රාශිය උදාව පවතින අතර කුජට අයත් වෘශ්චික රාශියේදී කුජ හා බුධ පරිවර්තන යෝගයක්ද පවතින විට මෙම ග්‍රහ යුද්ධය සිදුවීමට නියමිතය.
ඒ අනුව බුධ පරාජය වීම හේතුවෙන් හා සෙනසුරු ජය ගැනීම හේතුවෙන් සෙනසුරුගේ බලය තවත් ඉස්මතු වීම හරහාත් එසේම බුධගේ පරාජයෙන් බුධගෙන් නියෝජනය වන අංශවලට දැඩි අසුබ බලපෑම් එල්ලවීමේ ප්‍රවණතාවක් දැකගත හැකිය. විශේෂයෙන් මෙම ග්‍රහ යුද්ධයේ බලපෑම හේතු කොටගෙන 2015 නොවැම්බර් මාසයේ අවසානයේ සිට ඉදිරි දෙසැම්බර් මාසය අවසානය දක්වා වූ කාලය තුළ අප රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම යම් පීඩාකාරී හා කරදරකාරී කාලයකට මුහුණදීමට සිදුවනු ඇත. ස්වාභාවික විපත් බහුලවම සිදුවන කාලයකි. ගංවතුර, නායයෑම්, භූමිකම්පා, සුළිසුළං තත්ත්ව, මුහුදු විපත්, හදිසි අනතුරු කැපීපෙනෙන ලෙස වර්ධනය වන කාලයකි.
රහස්‍ය කටයුතු බහුලව සිදුවන කාලයකි. ජනතාවගේ මානසික සෞම්යතාව බිඳ වැටීම හේතුවෙන් ජනතාව අතර නොයෙක් වසංගත රෝග හා නොසන්සුන්තා ඇති වනු ඇත. විශේෂයෙන් පරිපාලන ක්ෂේත්රයේ හා අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු හා ප්‍රශ්න බහුල වන කාලයකි. උසස් ප්රභූන්ට මෙන්ම කුඩා දරුවන්ට අපලදායකය. විශේෂයෙන්ම අප රටේ ගව සම්පතට අපලදායක වනු ඇත. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොයෙක් ගැටලු හා කරදර ඇතිවනු ඇත. දේශපාලන ලෝකය තුළ නොසිතූ නොපැතූ හැලහැප්පීම් ඇතිවෙයි. උද්ඝෝෂණ, උපවාස, වැඩවර්ජන ඇතිවන කාලසීමාවකි. රට තුළ සිදුවන මංකොල්ල හා මිනීමැරුම් හා දුරාචාර ඉහළ යන අතර ඒවාට නීතිය ක්‍රියාත්මක වනු ඇත. රථවාහන අනතුරුවල කැපීපෙනෙන වැඩිවීමක් සිදුවනු ඇත. ආහාරපානවල මිල ඉහළ යනු ඇත.
බුධ, මහ දශා හා අතුරු දශා, විදශා ගත කරන අය පරිස්සම් විය යුතුය. ලග්න වශයෙන් ගත් කල මේෂ, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්නවලට යම් පමණක සුබ ප්‍රතිඵලත්, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර, කුම්භ යන ලග්නවලට අසුබ ඵලත් ඇතිවනු ඇත. මෙම ග්‍රහ අපල සඳහා බදාදා දිනවල බෝධිපූජා පැවැත්වීමත්, විෂ්ණු, කතරගම හා පත්තිනි දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් යහපත් වනු ඇත.