iranama
හදුනාගන්න මේ කාලයේ මංගල නැකත්
විවිධ වූ සංස්කෘතීන්ට අනුව විවිධ වූ විෂමතා දක්නට ලැබුණද, පොදුවේ ගත්කළ විවාහය කායික හා මානසික වශයෙන් කෙනකු ජීවිතයේ ප්‍රථම වරට ලබන සුන්දර මෙන්ම අර්ථාන්විත අත්දැකීමක් වේ. මෙම සුන්දර වූ අත්දැකීම ජීවිත කාලය පුරාවටම ඒ අයුරින්ම පවත්වා ගැනීම විවාහ අපේක්ෂක කොයි කාගේත් අපේක්ෂාව වන්නේය.
මේ අනුව විවාහය සිදු කරනු ලබන අවස්ථාව තම ශක්ති ප්රමාණයන්ට අනුව සහ තම සමාජ මට්ටමට ගැළපෙන ආකාරයෙන් උත්සවාකාරයෙන් පැවැත්වීම පුරාණයේ සිට අද දක්වාම පැවත එන්නකි. ජීවිතයේ වැදගත් අවස්ථාවන්හී ජ්‍යෙdතිෂයට අනුකූලව සුබ නැකැත් යොදාගෙන කටයුතු කිරීමට අනාදිමත් කාලයක සිට අප පුරුදු වී සිටිමු.
නැකැත් පත්‍ර බාරදීම, මංගල බුලත්දීම, තෙල් වළං ළිප තැබීම, මංගල උත්සවයන් සඳහා අවශ්‍ය කරන්නා වූ පළමුවැනි නැකත් කාණ්ඩයයි. ඉන් අනතුරුව මංගල දිනයෙහිදී මනමාල මහතා සහ මනාලිය නිවසින් පිටත්වීම, විවාහය නීතිගත කිරීම, පෝරුවේ චාරිත්‍ර, යුවළ මංගල ගමනට පිටත්වීම සහ නව යුවළ අලුත් යුගදිවිය ඇරැඹීම සඳහා මනාල මහතාගේ නිවසට පිවිසෙන දෙවැනි ගමන යන කටයුතු ශුභ හෝරාවන්ට ගැළපෙන ආකාරයට සකස් කළ යුතුය. එය සංකීර්ණ කටයුත්තකි. වර්තමාන සමාජයේ මෙම කටයුතු අභියෝගාත්මක වී ඇත්තේ සාම්ප්‍රදායික විවාහ සංස්කෘතිය නවීකරණය වී ඇති නිසාය.
අද විවාහ උත්සව නිවෙස්වලින් බැහැරව හෝටල්වලදී පැවැත්වීමට ඇති නැඹුරුතාව වැඩිවී තිබේ. පවත්නා සංස්කෘතිය අභිබවා යමින් විවාහය වාණිජමය රැල්ල සහ ගෝලීයකරණය වූ සංස්කෘතියට ජනතාව හැඩගැසී ඇත. එමනිසා මෙය වෙනස් වෙමින් වාණිජමය රැල්ලට අනුව මංගල නැකැත් සකස් කිරීමට අද ජ්‍යෙdතිෂවේදීන්ට සිදුවී ඇත. මේ අනුව විවාහ අපේක්ෂක යුවළගේ ජන්ම නැකැත්වලට සීහෙන ඉතාම ශුභ දවසක් යෙදෙන දිනයක නොව තමන්ට හෝටලය වෙන් කරවාගත හැකි දිනයට මංගල නැකැත් සාදා දෙන ලෙස ජ්‍යෙdතිෂවේදී මහතාගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව සාම්ප්‍රදායික නැකැත් ශාස්ත්‍රය නිර්මාණශීලීව වර්තමාන ජන සංස්කෘතියට ගැළපෙන ආකාරයට එහි ගුණයද ආරක්ෂා කර ගනිමින් සකස් කර දීමට සිදුවේ.
උත්සවය කොතැනක පැවැත්වුවත් විවාහ මංගල්‍යය සඳහා අවශ්‍ය කටයුතු සියලුම අවස්ථාවන් සඳහා ඊට ගැළපෙන ශුභ මුහුර්ථීන් අනුගමනය කරමින් කටයුතු කිරීම සාර්ථක යුගදිවියක පසුබිම වන්නේය.
ආදරය, විවාහය හා ලිංගිකත්වය යන සංසිද්ධීන් එකිනෙකට බැඳුණු විශ්ව බලවේගයකි. ස්ත්‍රී පුරුෂ දෙදෙනකුගේ ආකර්ෂණය නිසා ගොඩනැඟෙන මෙම බැඳීම හෙවත් ආදරය මූලික වශයෙන් ක්‍රියාත්මක වේ. එහි ශක්තිය ර¹ පවතින්නේ ඔවුනොවුන් අතර පවතින මානසික සමබරතාවය මතය. ඒ අනුව ඔවුනොවුන් හැදුණු පරිසරය, ආකල්ප, සිතුම් පැතුම්, පුරුදු ගති සිරිත් අතර වෙනස්කම් ඇතිවීම ස්වභාවිකය. එහෙත් ඒ දෙදෙනාගේ කායික මානසික ගැළපුම් තත්ත්වයන් ජ්‍යෙdතිෂය තුළින් අධ්‍යයනය කළ හැකිය. මෙම ජ්‍යෙdතිෂමය පසුබිම තුළින් විවාහ අපේක්ෂක ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ කායික මානසික චිත්ත වේගික ශක්තීන් එකිනෙකට ගැළපේදැයි විමසා බැලිය හැකි වන අතර එසේ ඇතිවන බැඳීම තුළින් ගොඩනඟා ගන්නා යුග දිවියට මංගල කටයුතු සඳහා යොදා ගනු ලබන හරවත් ශුභ මුහුර්ථවල ශක්තියද ඉමහත් බලවේගයක් වනු ඇත.
මංගල නැකැත් අතර මනාල මහතා නිවසින් පිටත්වීම සඳහා සකස් කරන ශුභ මුහුර්ථය ඉතා වැදගත් වේ. එසේම මනාලියද හෝටලයට යැම සඳහා පිටත් වන වේලාව ඉතා වැදගත් වේ. නමුත් නූතන සමාජය තුළ පවතින්නා වූ නවීකරණය නිසා මනාලියට අන්දවන තැනට යැමට සිදු වන්නේ මංගල දිනයට එළිවෙන පාන්දරයි. එනම් පූර්ව භාග 3 හෝ 4 යන වේලාවන්හිදීයි. සමහර විටක මෙම කාල හෝරාවන් තුළ කුජගේ හෝරාවන්, රාහු කාලයන් යෙදී තිබෙන්නට හැක. මංගල්‍යය කවර දවසක යෙදුණත්, ඉර උදාවට ප්‍රථම යොදා ගන්නා වේලාවන්වල නක්ෂත්ර බලය අඩුවනු ඇත.
විවාහ මංගල්‍යයක වැදගත්ම නැකතක් වශයෙන් පෝරුව චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමද පෙන්වා දිය හැක. තම දරුවා පෝරුවක් මත නංවා තැලිපිලි පළඳවා ඥති හිත මිත්‍රාදීන් මධ්‍යයේ විවාහ ප්‍රාප්ත කරන්නට කවර දෙමාපියකු වුවත් ඉමහත් ආශාවක් දක්වයි. මනාල මහතා, මවුපියන් ආදීන් පෝරුවට වම් පාර්ශ්වයෙන්ද, මනාල මහත්මිය, මව්පියන් ආදීන් පෝරුවට දකුණු පාර්ශ්වයෙන්ද සිටින අතර පෝරුවේ චාරිත්‍ර පිළිබඳ බොහෝ අත්දැකීම් ඇති ප්‍රවීණ පුද්ගලයෙකු විසින් පන්සිල්හි පිහිටුවමින්, තෙරුවන් ගුණ සිහි කරමින්, සියලු දෙවි දේවතාවුන්ගේ අවසර පතමින් පෝරුව මත, සිද්ධාර්ථ කුමරා හා යශෝධරා කුමරියගේ විවාහ මංගල්‍යය සිදුවූ පුවත් ආදිය ගැබ්වූ සිද්ධීන් සඳහන් කරමින්, එම අනුහසින් පෝරුව මත නංවමින් විවාහය සිදු කිරීමට අවසර පතමින් නැකතට මනාල යුවළ පෝරුවට නංවති.
නමුත් වර්තමානය තුළ මෙවැනි පැරැණි චාරිත්‍ර හා සංකල්පයන්ට මුල්තැන දීම වෙනුවට මුල්තැන ලැබී ඇත්තේ බාහිර අලංකාරයන්ට සහ ආටෝපයන්ටය. සමහර විටෙක ඡායාරූප ශිල්පියාගේ වුවමනාවට අනුව නැකැත් වේලාවන් වෙනස් කර සකස් කිරීමට සිදුව තිබේ. එපමණක් නොව ඡායාරූප ශිල්පියාගේ යෝජනාවලට අනුව නැකැත් වේලාවල් නොසලකා කටයුතු කරන අවස්ථාවන්ද නැතිවා නොවේ. මංගල ගමනට පිටත්ව යන යුවළ පිටත් වන වේලාව ජ්‍යෙdතිෂවේදියා විසින් හදා දෙනු ලබන්නේ දෙදෙනා බාධකයකින් හෝ වාහන ගැටුමකින් තොරව ආරක්ෂිතව මධුසමය ගතකරන ස්ථානයට පැමිණීමටයි.
වර්තමානයේ මංගල නැකැත් සකස් කිරීමේදී නව යුවළ අඹුසැමියන් වශයෙන් ජීවිතය ආරම්භ කිරීම සඳහා යහන්ගත වන පළමු අවස්ථාව අමතක කර ඇති බව පෙනී යයි. ලෞකික ජීවිතයේ අතිශය වැදගත් අවස්ථාවක් වන මෙම සතුට රසාස්වාදය දෙදෙනාටම සාධාරණ සමබර විය යුතුය. විවාහ සතුට, තාවකාලික ආශ්වාදයක් නොව මුළු ජීවිතය පුරාවටම විහිදී යන මානසික සුවයකි. කෙසේ වෙතත් මෙම උසස්ම වින්දනය වූ විවාහ සතුට පළමු රාත්‍රියේදීම නීරස කරගත් අවාසනාවන්ත අඹුසැමියන් ගැනද අසන්නට ලැබේ. මේ නිසා මංගල උත්සවය සඳහා නියම කරගත් දිනයේ රාත්‍රී කාලයද සුබව පැවතීම ඉතාම අවශ්‍ය වේ. වැඩිදුර විස්තර 0771268646 අංකයෙන් නොමිලේ ලබාගත හැක.
ජ්‍යෙතිෂවේදිනී, තුෂාරා වික්‍රමසිංහ
317, දාගොන්න (වැව පාර), මීගමුව
divaina.com