iranama
හදිසි අනතුරු සහ ග්‍රහ බලය
වර්තමානය වන විට දිනපතා සිදුවන හදිසි අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. හදිසි අනතුරුවලින් සෑහෙන ප්‍රමාණයක් සිදු වන්නේ රථවාහන හා සම්බන්ධවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන මරණ, තුවාලවීම්, ආබාධිත වීමේ සංඛ්‍යාවද සුළුපටු නොවන බව ජනමාධ්‍ය මගින් අසන්නට ලැබෙන පුවත් මගින් සනාථ වෙයි.
හදිසි අනතුරු සඳහා පැහැදිලි හේතුවක් හෝ පූර්ව නිශ්චිත පසුබිමක් නොමැත. එය හුදෙක් අනපේක්ෂිත සිදුවීමකි. ජ්‍යෙdතිෂ විග්රහයන්ට අනුව හදිසි අනතුරු යනු අනපේක්ෂිත ශාරීරික පීඩාවන්ය. මේවා පූර්ව ආත්මගත කුසල අකුසල කර්මයන්ගේ ප්‍රතිවිපාක වශයෙන් අප ඉදිරියේ ක්‍රියාත්මක වේ. මෙමගින් යම් පුද්ගලයකුට තාවකාලික හෝ සදාකාලික වශයෙන් යම් ශාරීරික පීඩාවන් අතිවන අතර ඇතැම් විට මරණය පවා සිදුවිය හැක.
හදිසි අනතුරු සහ ජ්‍යෙdතිෂ ශාස්ත්‍රය අතර යම් සබඳතාවක් තිබේද යන්න විමසා බැලීම සහ ඒ මගින් හදිසි අනතුරුවලින් කොතරම් දුරට වැළකී සිටිය හැකිද යන්න සහ ප්‍රශ්නයට විසඳුම් සෙවීම මෙම ලිපියෙහි පරමාර්ථයයි.
පූර්ව නිශ්චිත ව්යqහයන් තුළ ක්‍රියාත්මක වන හදිසි අනතුරු වළක්වාගත හැක. නිදසුනක් වශයෙන් සියදිවි හානිකර ගැනීම්, තරගවලට මුහුණදීමේදී සිදුවන අනතුරු යන සමහරක් අනතුරු අපට කල්තියා දැන ගැනීම තුළින් වළක්වාගත හැක. එහෙත් ව්යqහාත්මක සැලැස්මක් නොමැති හදිසි අනතුරු වළක්වාගත නොහැක.
කුජ, ශනි, යුරේනස් හදිසි අනතුරු සහ මාරක විපත් හා සම්බන්ධ ග්‍රහයෝ වෙති. ලෙඩ රෝග ගැන කියෑවෙන හයවැන්න, මරණය සංකේතවත් කරන අටවැන්න සහ අනතුරුදායක සිදුවීම්, ලෙඩ රෝග සහ රෝහල්ගත වීම් ආදියට නිවේදනය කරන දොළොස්වැන්න පාපීන්ගෙන් පීඩා වී දුර්වල වීමෙන් ජන්මියාට අනතුරුවලට මුහුණ පාන්නට සිදුවිය හැක. මනුෂ්‍ය ශරීරයට අනතුරක් හෝ පීඩාවක් කිරීමෙහි ලා කුජ විසින් ලබාදෙන අශුභකාරී බලයට අන්‍ය ග්‍රහයන්ගෙන් දෙන පීඩාවට වඩා බලවත්ය. මීට අමතරව බල රහිත 8 වැනි භාවස්ථානාධිපතියාද, 22 වැනි දෙර්කාණාධිපතියාද බලපාන බව ජ්‍යෙdතිෂයේ සඳහන් වේ.
යම් ජන්මියෙකුගේ පෙර ජාතිවලදී හටගත් ෙච්තනාවන් හා ක්‍රියාවන් හේතු කොටගෙන ගොඩනැඟී ඇති ඉරණමට සරිලන විපාක ලැබීම සඳහා උපත සිදුවන අතර එම උපත සිදුවන අවස්ථාවේ රාශි චක්‍රයේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය දැක්වෙන අහස් සිතුවම නොහොත් කේන්ද්‍රය තුළින් එම ඉරණමේ ස්වභාවය හඳුනා ගන්නට පුළුවන. කුජ, ශනි, යුරේනස් වැනි ග්‍රහයන්ගේ අයහපත් පිහිටීම් කරන කොටගෙන ඇතිවන හදිසි අනතුරුවල ස්වභාවය පහත සඳහන් පරිදි විග්රහ කළ හැක.
කුජ - ගින්නෙන් පිළිස්සීම, කඩු පිහියා වැනි ආයුධවලින් පහරවැදීම, සතුන් විසින් සපාකෑම, වෙඩි වැදීම.
ශනි - උපතින් වැටීම, ගෙවල් කඩාවැටීම, තැලී පොඩිවීම, වේගයෙන් යමක් ඝට්ටනය වීම, ශරීරයේ සන්ධි පෙරළීම, උළුක්කුව.
යුරේනස් - යන්ත්‍ර සූත්‍ර සම්බන්ධ අනතුරු, විදුලි සර වැදීම, බෝම්බ පිපිරීම, දුම්රිය මාර්ග, රථවාහන සහ චාරිකා සම්බන්ධ අනතුරු සහ අනපේක්ෂිත අනතුරු.
* හදිසි අනතුරු සම්බන්ධයෙන් අටවැනි භාවයද, ඉන් රෝගාතුරවීම් 6 වැනි භාවයෙන්ද, ආරෝග්‍යශාලා ගතවීම් දොළොස් වැනි භාවයෙන්ද විමසිය යුතු වේ.
* අටවැනි භාවස්ථානය සහ අටවැනි භාවස්ථානාධිපතිවරයා අඟහරුගෙන් හා රාහුගෙන් පීඩා වී සිටියදී රාහුගේ මහ දශාවක්, අඟහරුගේ අන්තර් දශාවක් ලැබුවහොත් කේන්දර හිමියා අනතුරකට භාජනය වීමේ ඉඩකඩ පවතී.
* යම් ජන්මියෙකුගේ කේන්ද්‍රයෙහි යම් භාවස්ථානයක සඳු හා කේතු යෝගව සිටීමෙන්ද යම් අනතුරකට පත්විය හැක.
* මේෂ, වෘශ්චික යන රාශියක චන්ද්‍රයා සිටියදී පාපයන්ට මැදි වීමෙන් හෝ දැකීමෙන් කේන්දර හිමියා යම් අනතුරකට පත්වේ.
* චන්ද්‍රයා දෙවැනි භාවස්ථානයේ හිඳිමින් එම භාවස්ථානය අඟහරු හෝ සෙනසුරු දකී නම් එයද අනතුරු ගෙන දෙන යෝගයකි.
* මේෂ, වෘෂභ රාශි දෙකකින් එකක්, 4 වැනි භාවස්ථානය වී අඟහරු 8 වැනි භාවස්ථානයේ සිටී නම් එයද අනතුරු ගෙන දෙන යෝගයකි.
* සඳු ශනිගේ රාශියක දුර්වල නම් උස් ස්ථානයකින් වැටීමෙන්ද, යුරේනස් විසින් රවිට දක්වන අශුභ බලපෑම් මත විදුලියෙන් හෝ යාන්ත්‍රික උපකරණවලින් අනතුරු ඇතිවීමේ ප්රවණතාද මතු කරයි.
* සියදිවි නසා ගැනීම, දියේ ගිලීම හෝ පිළිස්සී මියයැම, හිංසාවන්ට ගොදුරු වීම වැනි අවාසනාවන්ත තත්ත්වයන්ට පත්වීම අටවැනි භාවය තුළින් නිවේදනය වේ.
* කුජ අටවැන්නේ දුර්වලව අශුභ දෘෂ්ටි ලබයි නම් හදිසියේ දරුණු වේදනා විඳීමකින් හෝ හදිසි ශල්‍යකර්මයකින් මරණයට පත්විය හැක.
* 8 වැන්නේ රවි යුරේනස් සමඟ සංයෝග වීමෙන් විදුලි සරවැදීම, යන්ත්‍ර සූත්‍ර අක්‍රමවත් ලෙස ක්‍රියාත්මක වීම තුළින් හදිසි බිහිසුණු අවස්ථාවලට මුහුණදීමට ඉඩ තිබේ.
* අටවැන්න මෙන්ම දොළොස්වැන්න දුර්වල වීමෙන් පාදයක ආබාධයක් සහිත අංගවිකල වීමේ ආබාධ ඇතිවීමට ඉඩ තිබේ.
මෙලෙස හදිසි අනතුරු තත්ත්වයන් ඇතිවීමට යම් ජන්මියෙකුගේ උත්පත්ති කේන්ද්‍රය තුළ අටවැන්න සහ එම භාවයේ අධිපති සහ අටෙන් අටවැන්න වූ තුන්වැන්න යන සාධක සියල්ල සැලකිල්ලට ගත යුතුය.
එසේම දෙවැන්න සහ හත්වැන්න සහ ඒවායේ අධිපතීන් දුර්වල වී ඉහත කී භාවයන්ට සම්බන්ධ වුවහොත් මාරාන්තික අනතුරු ඇතිකිරීමේ ප්රවනතාවක් ඇති වේ. කුජ, ශනි, රාහු සහ රවි යන පාප ග්‍රහයන් හදිසි අනතුරුවලට වැඩි බලපෑමක් දක්වමින් පූර්ව කර්ම විපාකයන්ගේ නොවැළැක්විය හැකි ඇතිවූ විපාකයන්ය. මෙසේ අප කරා ළඟාවන මෙවැනි අවිනිශ්චිත සිදුවීම් හෙවත් දෛවෝපගත නියාමනයන් ජ්‍යෙdතිෂය තුළින් අපට අනාවරණය කරයි. වැඩිදුර විස්තර 077-1268646 අංකයෙන් නොමිලේ ලබාගත හැක.
ජ්‍යෙdතිෂවේදිනී, තුෂාරා වික්‍රමසිංහ
317, දාගොන්න (වැව පාර), මීගමුව
Wmqgd .ekSu oekqu weiqfrks