iranama
හදහනෙන් කියෑවෙන දරුවාගේ අධ්‍යාපනය
වර්තමාන සමාජය දෙස බලන විට දූ දරුවන් අධ්‍යාපන අරගලයක යෙදී සිටී. දැනට පවත්නා ඉතා සංකීර්ණ වූ අධ්‍යාපන රටාව තුළ තම දරුවා දොස්තර කෙනකු, ඉංජිනේරුවකු, ගණකාධිකාරිවරයකු ආදී වශයෙන් උසස් තත්ත්වයකට පත්කිරීම සෑම දෙමාපියෙකුගේම සිහිනය වී ඇත.
ඒ වෙනුවෙන් දරුවන් දුක්විඳින ආකාරය අපට පෙනෙන්නට තිබේ. දරුවන්ට අයත් ළමාවිය, අයිතිවාසිකම් සියලු දේ කැපකර ඔවුහු මෙම අධ්‍යාපන සටන් බිමේ තරග වදිති. සති අන්තයේ ප්‍රධාන නගරවල පැවැත්වෙන උපකාරක පන්තිවලට සහභාගි වන සිසු සංඛ්‍යාව දෙස බලන විට අධ්‍යාපනය සඳහා සියලු දෙනා කරන සටන සුළුපටු නොවන බව පෙනේ.
අධ්‍යාපන කාර්යය සාධනයේදී දෙමාපිය අපේක්ෂාවන්, ශිෂ්‍ය හැකියාවන් හා ලැදියාවන්, සමාජයීය අවශ්‍යතා යන අංශ අතර එකිනෙකට ගැළපෙන සම්බන්ධතාවක් තිබිය යුතුය. කෙසේ වෙතත් පවත්නා අධ්‍යාපනික රාමුව තුළ මෙම ළමුන්ගේ කුසලතා, දෙමාපිය අපේක්ෂාවන් සහ රජයේ අධ්‍යාපන වැඩපිළිවෙල අතර අෙන්‍යාන්‍ය වශයෙන් එකිනෙකට ෙdනගැළපෙන අවස්ථාද දක්නට ලැබේ.
අධ්‍යාපනය සඳහා දෙමාපියන් තම දරුවන්ට වැය කරන මුදල් සම්භාරය අපමණය. එමෙන්ම රජයද අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ආදායමෙන් කොටසක් වාර්ෂිකව වෙන් කරයි. පහසුකම් සියල්ලක්ම තිබූ පමණින් දරුවකුට අධ්‍යාපනය සාර්ථක කරගත හැකිද? ඉරහඳ තාරකා අනුව දරුවකුට දෛවයෙන් උරුම වී ඇති ශක්ති ප්‍රමාණය අනුව නම් මෙයට පිළිතුර වන්නේ බැරිය යන්නය.
මේ නිසා තම දරුවා අධ්‍යාපන ක්‍රියාවලියට යොමු කිරීමේදී දරුවාට දෛවයෙන් උරුම වී ඇති ශක්ති ප්‍රමාණයත්, ඔහුගේ අභ්‍යන්තරික ක්‍රියාකාරිත්වය, චිත්තවේගික ස්වභාවය සහ බුද්ධිමය ශක්තීන් යම්තාක් දුරට හෝ හඳුනාගත යුතුය. මෙසේ දරුවා යා යුතු
නිවැරැදි මඟ අප හරි හැටි අවබෝධ කර ගනිමින් දරුවා ඒ ක්ෂේත්රයට නැඹුරු කිරීමට උත්සාහ කළ යුතුයි. දරුවන්ට ඒ සඳහා යා යුතු මඟ පෙන්වා දිය යුතුයි. ඒ සඳහා ජ්‍යෙdතිෂ ශාස්ත්‍රය නම්වු මාහැඟි ශාස්ත්‍රය ඉතා අගනේය.
රාශි 12 තුළ දරුවාගේ ජීවන ගමනේ අනාගතය ඔහුගේ හෝ ඇයගේ උපන් මොහොතේ වූ ග්‍රහයන්ගේ හැසිරීම් රටාවන් දැක්වෙන ජන්ම පත්‍රය මගින් නිවැරැදිව හඳුනාගත හැකිය. යම් ජන්මියකුගේ අධ්‍යාපනය ගැන සලකා බැලෙන්නේ කේන්ද්‍රයේ 3 වැනි, 5 වැනි හා 9 වැනි භාව වලිනි. 3 වැනි භාවයෙන් බාල කාලයේ අධ්‍යාපනයද, 5 වැනි භාවයෙන් ප්‍රමාණාත්මක අධ්‍යාපනයද, 9 වැනි රාශියෙන් උසස් අධ්‍යාපනයද නිවේදනය දරයි.
මේ අනුව අධ්‍යාපනය පිළිබඳ කරුණු දැන ගැනීම සඳහා ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේදී මූලිකවම වැදගත් වන්නේ ජන්මියාට කුමන මට්ටමක අධ්‍යාපනයක් ජන්ම පත්‍රය පෙන්නුම් කරයිද යන්න හඳුනා ගැනීමයි. මෙහීදී ඥන කාරක බුධ ග්‍රහයාගේ පිහිටීම මූලික සාධකයක් වේ. එහෙත් බුධ ග්‍රහයාට පමණක් එය කළ නොහැකිය. තවත් ග්‍රහයන්ද ඊට සම්බන්ධ කරගත යුතුය. එයින් සඳු හා ගුරු මුල් තැනක් ගනී.
4 වැන්න කෙනකුගේ බුද්ධි මට්ටම පෙන්නුම් කරයි. 4 වැනි භාවය එහි අධිපති සහ අධ්‍යාපනයට කාරක වූ ගුරු ග්‍රහයාට අදාළව පවතින සුබ අසුබ තත්ත්වයන් සළකා බැලිය යුතුය. යහපත් අධ්‍යාපනයක් ලැබීම සඳහා 4 අධිපති සහ ගුරු ග්‍රහයා 3, 6, 11 යන ස්ථාන අධිපතීන්ගේ බලපෑම්වලින් මිදුණු තත්ත්වයත් ජන්ම පත්‍රයේ ඇතිවිය යුතුය.
බුධ හා ගුරු සංයෝගය ලග්නය, පහ, නවය යන ස්ථාන තුනෙන් එකක සිටි විට අධික ලෙස පොත්පත් කියෑවීමෙන් ඥනය හා බුද්ධිය දියුණු කරගනී. බුධ ග්‍රහයා කේන්ද්‍රස්ථානවල 1, 4, 7, 10 වැනි ස්ථානවල සහ ත්‍රිකෝණ ස්ථාන වූ 5, 9 පිහිටීම මගින් බලවත් වේ. එමෙන්ම බුධ වර්ගෝත්තම වීම මගින්ද ජන්මියා ඉතා බුද්ධිමත් අයෙකු බවට පත් කරවයි. මෙවැනි පිහිටීම් ඇති දරුවන්ට ඉතා උසස් මතක ශක්තියක්, විෂයන් පිළිබඳ පර්යේෂණාත්මකව අවබෝධ කර ගැනීමේ ශක්තිය පවතී.
බුද්ධි කාරක බුධ, චිත්ත කාරක සඳු සමඟ යහපත්ව කේන්ද්‍රයක යෙදුන විට මොළය සහ සාමාන්‍ය දැනීම යන දෙක අතර කදිම සම්බන්ධතාවක් ඇති වේ. එමෙන්ම විනිවිද දකින නුවණක් ඇති වේ. මනසේ හටගන්නා සිතිවිලි යහපත් ගුණයෙන් යුක්ත වේ. සඳු බලවත්ව දෙක, හතර හෝ එකොළහ යන රාශියක තැන්පත්ව සිටීම නිසා තර්කානුකූලව සිතීමේ ශක්තිය දෙයි. මිථුන රාශියේ සිටින සඳුට, ගුරුගේ දෘෂ්ටිය ලැබීම නිසා දුලබ ගණයේ බුද්ධියක් හා තීක්ෂණ නුවණද දෙයි. පැහැදිලි චින්තන ශක්තිය ඇති වේ. බුධට අමතරව සිකුරු ග්‍රහයා කලා විෂයයන් නිවේදනය කර අතර බුධ සිකුරු සංයෝගය කලා ක්ෂේත්රයේ බුද්ධිමතෙකු කරයි.
නව වැන්නෙන් උසස් අධ්‍යාපනය ගැන කියෑවේ. විශේෂයෙන් උසස් අධ්‍යාපනය ලැබීමට නම් නවවැන්න බලවත් විය යුතුය. උසස් අධ්‍යාපනය පමණක් නොව මුළු අධ්‍යාපනයටම බලපායි. ඕනෑම දෙයක් සාර්ථක කර ගැනීමට වාසනා ගුණයද අවශ්‍ය වේ. නමයෙන් කියෑවෙන්නේ ඒ ගැනය. ඉහතින් කී ඥන යෝග සහ ග්‍රහයන් බලවත් ආකාරයෙන් පිහිටියත් ඉගෙනීම අතරමඟ කඩාකප්පල් වන අවස්ථා ද නැතිවා නොවේ.
එසේ වන්නේ අධ්‍යාපනය ලබන අවධියේ අයහපත් මහ දශාවක් ගෙවීමට සිදුවීමයි. උදාහරණ ලෙස රාහු, ශනි, නීච සිකුරු 22 වැනි දෙර්කාණාධිපතිගේ දශා කාල, මීට අමතරව සෙනසුරුගේ ඒරාෂ්ඨක අපල කාලයක් ලැබීම වැනි මෙවැනි කාල මනාව හඳුනාගෙන එම ග්‍රහ අපලවලට කළ යුතු වත්පිළිවෙත් කරමින් දරුවාව
නිවැරැදි මඟකට යොමු කරමින් අධ්‍යාපනය ලබන කාලය තුළ බාධක කම්කටොලු මැඬගෙන ඉදිරියට යැමට අවශ්‍ය ශක්තිය දිය යුතුය.
කෙසේ වෙතත් තම දරුවා යා යුතු නිවැරැදි මඟ හඳුනාගෙන ඒ සඳහා යොමුකිරීම ඉතා වැදගත් වේ. එසේ නොමැතිව කලාවට දක්ෂ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයකු කිරීමට ගන්නා උත්සාහය නිෂ්ඵලය. දෙමාපියන් දරුවාගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම සතුටට කරුණක් වුවද දරුවාගේ නිවැරැදි දක්ෂතා හඳුනාගෙන එම අදාළ මාවතට යොමු කිරීමට හැකි නම් එය ඉතා අගනේය. මේ සඳහා දරුවාගේ දක්ෂතා මත ඔහු හෝ ඇය කුමන අධ්‍යාපන ක්ෂේත්රයක් වෙත යොමුකළ යුතුද යන්න පිළිබඳ සංකීර්ණ ප්‍රශ්නයක් මතු වේ. මෙවන් අවස්ථාවකදී නිර්මාණශීලී හැකියාව, ගැඹුරු මානසික හා බුද්ධිමය කුසලතාවන් ඉතා සියුම් ලෙස ප්‍රකාශ කරන ජන්ම පත්‍රය, ගැඹුරින් අධ්‍යයනය කිරීම තුළින් එම දරුවාගේ විශේෂ දක්ෂතා හැකියාවන් සහ ලැදියාවන් නිවැරැදිව හඳුනාගත හැකි වන්නේය.
මේ අනුව තරග විභාගයකට දරුවකු සූදානම් කිරීමට පෙර එම දරුවාගේ ජන්ම කේන්ද්‍රයට අනුව ඔහුට හෝ ඇයට උසස් ප්‍රතිඵල ලැබිය හැකිද නොහැකිද, බාධා මතුවේද, යම්කිසි ප්‍රතිකර්මයක් මගින් එම බාධා අපල මඟහරවා ගත හැකිද යන්න කල්තියා දැන ගැනීම තුළින් දරුවාට නිසි අධ්‍යාපන තත්ත්වයක් කරා යොමුකළ හැකි වන්නේය.
වැඩිදුර විස්තර 0771268646 අංකය මගින් නොමිලේ ලබාගත හැක.
ජ්‍යෙතිෂවේදිනී, තුෂාරා වික්‍රමසිංහ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks