iranama
සෙනසුරු හොඳ නම් හොඳම හොඳයි...
ග්‍රහ මණ්ඩලයේ පිහිටි ග්‍රහයින් නෛසර්ගික සුබ හා අසුබ වශයෙන් කොටස් දෙකකි.
ගුරු ශුක්‍ර, පුර සඳු සහ වෙනත් සුබයෙකුගේ දෘෂ්ඨි ලබා සුබයෙකු හා යෝග වී සිටීම සුබදායකය.
බුධයා සුබයෙකි. ශනි, කුජ, රාහු, කේතු අසුබයෝය. පාපියෝය.
රවි පෙරදිග ජ්‍යොතිෂයේ දී නෛසර්ගිකව පාපියෙකු සේ සැලකේ. නමුත් බටහිර රටවල රවි සුබයෙකු සේ පිළිගනී.
මේ කරුණු කෙසේ වුව ද පාපියන් යැයි සැලකෙන ග්‍රහයින් සැමවිටම එසේ ක්‍රියා නොකරයි.
එසේ නම් පාපියෙකු සුබයන් ලෙස ක්‍රියාකරන්නේ කෙසේදැයි විමසමු.
ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය අනුව එය පහසුවෙන් විමසිය හැක. පාපි ග්රහයෙකු යම් කේන්දරයක යහපත් භාවයක නැතිනම් සුබ නැකතක උච්චව සිටීම, සුබ දෘෂ්ඨි ලැබීම, සුබ ග්‍රහයකු සමඟ සංයෝග වීම මෙන්ම යහපත් උපස්ථානයක සිටීම නිසා නෛසර්ගික පාපීන්ගේ ප්‍රතිපල වෙනසකට බඳුන් වේ.
සෑම ග්‍රහයෙකුගේම සාධනීය පැතිකඩක් හා නිශේධනීය පැතිකඩක් ඇති බව විශේෂයෙන් මතක තබා ගත යුතු වැදගත් කරුණකි.
තෙවැන්න, හයවැන්න, දහය හා එකොළහ භාවයන් ශනිට මෙන්ම වෙනත් පාපීන්ට ද සුබදායක ස්ථානයන් ලෙස සැලකේ.
මේ භාවයකට ශනි තැන්පත්ව සිටී නම් ජන්මියාට අභියෝග මැදින් සාර්ථකව ඉදිරියට යාමට රුකුලක් සපයයි.
ඉවසීම, යහපත් ගති, දරා ගැනීමේ ශක්තිය, අවංකබව වගකීම් දැරීමේ හැකියාව, කැපවීම, පරෙස්සම් සහගත බව මෙන්ම අප්‍රතිහත ධෛර්යය ශනිගේ ගති ලක්ෂණ වේ. සැලසුම් සහගතව කටයුතු කිරීම,චිත්ත ඒකාග්‍රතාවය මෙන්ම අධික කාමාශාවද ශනිට අයත් ගති ලක්ෂණ අතර වේ.
මේ අනුව ශනි යහපත් නැකතක හෝ උපස්ථානයක තැන්පත්වීම නැතිනම් දෘෂ්ටි ලැබීම එසේත් නැත්නම් යහපත් භාවයක අධිපතියාවීම ජන්මියාට යහපත ගෙන එයි. මේ අනුව කරදර උපේක්ෂා සහගතව විඳදරා ගනිමින් සත්‍යවාදීව අභියෝග ජය ගන්නා අයකු බිහි කරයි. අලස නැති බව වගකීම් දැරීමේ හැකියාව ආදී ගති සොබා පිහිටිය ද අවවාද නොරුස්නා ගති ඇති වේ.
දෙවැනි භාවයේ සුබයෙකු ලෙස සිටීනම් බාධා හමුවේ වුව ද අධ්‍යාපනය ලබයි. උත්සාහයෙන් ධනය උපයයි. සැකසුරුවම්ගතිය ඇත. කතා බහේදී කට පරෙස්සම් කර ගනී. මුඛ රෝග, ඇස් රෝග ආදියට ඇති ඉඩ අවමය.
තෙවත භාවයේ එසේ පිහිටියේ නම් වගකීමෙන් යුතුව දක්ෂ ලෙස රාජකාරී ඉටුකරයි. සැලසුමකට අනුව ක්රමාණුකූලව ක්‍රියාකරන සහෝදර පාර්ශ්වයට උපකාර කරන පුද්ගලයෙකු බිහි වේ.
ක්‍රීඩා, කලා, කටයුතු ආදියට ප්‍රිය වේ. සුවිශේෂී කර්මාන්තයක් ප්‍රගුණ කරන්නේය.
සිව්වන භාවයේ නම් බාධක මධ්‍යයේ වුව ද පාසල් අධ්‍යාපනයට හපනෙකු වෙයි. මහගෙදර උරුමක්කාරයාය. මවෙග් දේපළ, නිදන් වස්තු හා වෙනත් භූමි ලාභ ආදියට පිනැත්තෙකි. හදවත් රෝග ඇති නොවේ. සැඳෑසමය දැහැමිව ගෙවයි.
පස්වැන්නේ නම් දර්ශනවාදියෙකි. නිර්මාණශීලීය. දරුවන් ලැබීම ප්‍රමාද වුව ද යහපත් දරුඵල ඇත. දරුවෝ අඩමාන ව්‍යාපාරවලින් ලාබ ලබති. තීරණ ගැනීමේ දී ගැඹුරින් සිතන අනවශ්‍ය ප්‍රිය සම්භාෂාණ මඟහරින ගති ඇත. රෝග නිවාරණ ශක්තිය ලබයි.
හයවැනි භාවයේ දී සතුරන් මර්දනය කරයි. ප්‍රතිවාදීන් පරාජය කරයි. රාජකාරියට කැප වේ. ස්වාමි පක්ෂයේ ගෞරවයට පාත්‍ර වේ. නමුත් කම්කරුවන්ට නායකත්වය දෙයි. තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරෙස්සම් වෙයි.
හත්වැනි භාවයේ ශනි දිග්පල වෙයි. ලෙන්ගතුකමින් යුතු, කීකරු ශක්තිමත් සහකරුවෙකු (සහකාරියක) ලැබීමේ වාසනාව ඇත. මියෙන තුරුම අඹුසැමි සහජීවනය පවත්වාගෙන යයි. මහජන සම්බන්ධතා හොඳින් පවත්වා ගනී. ධාර්මික ක්‍රියා හා සුබ සාධන සමිති සමඟ එක්ව කටයුතු කරමින් යහපත් සමාජ සේවාවක යෙදේ. ගැටුම්කාරී හවුල් ව්‍යාපාරවල කිසිඳු අයුරින් නොයෙෙදනු ඇත.
ශනි අටවැනි භාවයේ පිහිටීමෙන් දීර්ඝායුෂ ලබයි. උරුම හිමිකම් හදිසි ධනලාභ හිමිවනු ඇත. මළගිය අයගේ හෝ ධනය හිමිකම් පවතී. අයවිය යුතු අර්ථසාධක, හිඟ මුදල් රක්ෂණ ආවරණ ආදිය ඇත්නම් ඒවා ලබා ගැනීමට හැකි වේ.
නවවැනි භාවයේ නම් දර්ශනවාදියෙකු බිහි වේ. ධාර්මික අංශයෙන් ප්රගුණකර දර්ශනවාදී විභාග සමත් කර ගනී. පූජනීය සිද්ධස්ථාන (පන්සල, පල්ලිය) සමඟ එක් වී කටයුතු කරන වන්දනාමානවලට ලැදි වන්දනා ගමන් නිරත අයකු වෙයි. විදේශීන් සමඟ යහපත් සබඳතා පවත්වනු ඇත. දේශපාලන විද්‍යාව හදාරනු ඇත.
ශනි දහවැනි භාවයේ තැන්පත් වී සිටී නම් උසස් පරිපාලන බලයක් ලබා මහත් කැපවීමෙන් රාජකාරී කටයුතුවල නියැලේ.
සැලසුම් සහගතව කටයුතු කරන ජනප්‍රිය පුද්ගලයෙකු වෙයි. සමාජයේ පිළිගැනීමට ලක් වේ. අභියෝගාත්මක රැකියා භාර ගනී. කීර්තිය වැඩේ. මහත් පිරිස් බලයකින් යුතු ව්‍යාපාර පවත්වාගෙන යයි. පිය උරුමය ඇත. රටක ප්‍රධානියකු වීමේ පිනැති පිහිටීමකි.
ශනි එකොළහේ නම් වැඩිහිටියන්ගෙන් උපකාර ලබයි. වැඩිමහල් සොයුර සොයුරියන්ගෙන් ද උපකාර ලැබේ. තෝරා ගත් භක්තිවන්ත මිතුරන් ඇසුරුකරන්නෙකි. නමුත් වැඩි මිතුරු පිරිසක් නැත. දක්ෂතා මත රැකියා තනතුරු, උසස්වීම් හිමිකර ගන්නා පිහිටීමකි. ඉතා කැපවීමෙන් කටයුතු කර ආදායම් වැඩිකර ගනී. මෙහිදී කිසිම විටෙක වංචා නොකරයි.
ශනි දෙළොස්වැන්නේ පිහිටියේ නම් ධනය නාස්ති නොකරයි. විදෙස් කටයුතු සාර්ථක වෙයි. ගුප්ත විද්‍යාවෙන් සාර්ථක බව ලැබුව ද දැහැමිව ක්‍රියා කරන පිහිටීමකි.
පර්යේෂණ කටයුතු හා ඉතා දුෂ්කර ක්‍රියාවලින් සාර්ථක ප්‍රතිපල ලැබීමට හැක. අධ්යක්ෂ පදවි ලැබේ. සැලසුම් සහගතව ආයෝජනය කරයි. ආරණ්‍ය සේනාසන අසපු ආදී නිහඬ ආගමික සිද්ධස්ථාන වෙත ගොස් භාවනා වඩන පිනැති පිහිටීමකි. රහසේ කරන කටයුතු කුමන්ත්‍රණ, ආදිය නැති වැදගත් අයෙකු බිහි කරයි.
Wmqgd .ekSu is