iranama
සෙනසුරු මාරුව අලුත් විදිහකට කියවමු
බොහෝ දෙනා බොහෝ සෙයින් කතාබහ කළ සෙනසුරු මාරුව ලබන 26 දා රාත්‍රී 07.31 ට සිදුවෙයි. එහෙත් මෙහි සුබ අසුබ බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ලෙස දැනෙනු ඇත. එකම දිනයේ එකම ලග්නයෙන් උපන් දෙදෙනකුට පවා එහි ප්‍රතිඵල අත්වන්නේ දෙයාකාරයකට ය. සාම්ප්‍රදායික ජ්‍යොතිෂයේ එන පලාඵල කථනයන් වටහාගත යුතු වන්නේ ඒ සීමාවට යටත්වය. අප මෙහිදී සෙනසුරු මාරුව පිළිබඳ ටොලමියානු ක්‍රමවේදය අනුව ඉදිරිපත් කරන පලාඵල කථනය සඳහා තෝරා ගෙන තිබෙන්නේ ද පොදු රාමුවක් බව සැලකිය යුතුය.
සෙනසුරු මාරුව සහ මේෂ ලග්නය
ඔබ අයත් වන්නේ විශ්වයේ අග්නි ත්‍රිත්වයට යි. සෙනසුරු වායු බලැති ග්‍රහයෙකි. අග්නිය සහ වායුව යනු මිතුරු ප්‍රතිපෝෂක සංයෝගයකි. පසුගිය කාලයේ සෙනසුරු ගමන් කෙළේ ඔබට සතුරු බලැති ජල රාශියක් වූ වෘශ්චිකයේ ය. ලබන 26 දා සෙනසුරු පැමිණෙන්නේ ඔබට ඉතා මිතුරු ගිනි රාශියක් වූ ධනුවට ය. ඔහු එහි සිට ඔබේ කේන්දරයේ ඉතාම බලවත් 01-05-09 අග්නි ත්‍රිකෝණය අංශක 120 සුබ දෘෂ්ටියෙන් උත්තේජනය කිරීම දශකයකට වරක් පමණක් උදාවන වාසනාවන්ත අවස්ථාවකි. එය ඉදිරි වසර දෙක හමාරක කාලය තුළ ඔබට ඉතා යහපත් ජීවන තත්ත්වයක් උදාකර දෙයි. ආත්ම ශක්තිය /පෞරුෂය /දරා ගැනීමේ හැකියාව / රැකියාව සහ ආදායම් මාර්ග / මානසික තෘප්තිය සහ ප්‍රඥාව / ආගමික සහ ආධ්‍යාත්මික දියුණුව / යන සියලු අංශයන් වෙතින් ඔබ මේ කාලයේදී කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනු ඇත.
සෙනසුරු මාරුව සහ වෘෂභ ලග්නය
ඔබ අයත් වන්නේ විශ්වයේ පඨවි බල ත්‍රිත්වයට යි. සාම්ප්‍රදායික ජ්‍යොතිෂය අනුව සෙනසුරු ඔබේ යෝග කාරක සුබ ග්‍රහයා වන නමුත් මෙහිදී ඒ තත්ත්වය අහෝසි වෙයි. ඒ වෙනුවට සෙනසුරු තම භූමිකාව නිවේදනය කරන්නේ ඔබට පසමිතුරු ලීලාවකිනි. ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ ධනුව ද ඔබට මිතුරු නොවන ගිනි රාශියකි. එහි තැන්පත්වන සෙනසුරු ඔබේ කේන්දරයේ ඔබට සතුරු 04- 08- 12 යන මර්මස්ථාන උත්තේජනය කරනු ලැබේ. මෙය ඔබේ ලෞකික ජීවිතයේ සුව පහසු කාමභෝගී ජීවන රටාවට විශාල තර්ජනයකි. ඔබේ සිතිවිලි / මනස / නිවාස ඉඩ කඩම් සහ යාන වාහන / කලත්‍රයා සහ ඔහු හෝ ඇය සතු වත්කම් / යනාදිය පීඩාවට පත්වෙයි. රෝග සහ නීතිමය ගැටලු සඳහා අනවශ්‍ය ලෙස ධනය වැය වෙයි. එහෙත් මේ කිසිවකින් ඔබ දොම්නසට පත්විය යුතු නොවේ. සෙනසුරු මෙහිදී ඔබේ ජීවිතයේ සැබෑ තතු වටහා දෙන අතර ඔබ තුළ මෙතෙක් නො තිබුණු උපේක්ෂාව අලෝභය සහ පරිත්‍යාගය පිළිබඳව සාරගර්භ දෘෂ්ටියක් නිර්මාණය කරයි. මේ වසර දෙක හමාරක කාලයේදී ඔබ තුළ හට ගන්නා ආධ්‍යාත්මික වර්ධනය අසමසම වෙයි. එය ඔබගේ මෙලොව පරලොව දෙකටම ප්‍රතිඵලදායක වෙයි.
සෙනසුරු මාරුව සහ මිථුන ලග්නය
ඔබ අයත් වන්නේ විශ්වයේ වායු බල ත්‍රිත්වයට යි. සාම්ප්‍රදායික ජ්‍යොතිෂය අනුව සෙනසුරු ඔබට අති මිතුරු ග්‍රහයකු නොවන මුත් මෙහිදී ඔහු ඔබට ඉටු දෙවියකු ලෙස රැකවරණය සලසයි. ලබන 26 දා ඔබේ ලග්නයෙන් 07 වැන්නට පැමිණෙන සෙනසුරු එහි සිට ඔබගේ කේන්දරයේ 03-07-11 යන අති මිතුරු ප්‍රතිපෝෂක අග්නි ත්‍රිකෝණය උත්තේජනය කරයි. එයින් ඔබ මෙතෙක් නොවුවිරූ බලවත් තත්ත්වයකට පත් කරනු ලැබේ. ඉතා සියුම් ඥානය සහ සහජ කුසලතාවන් / ආත්ම ප්රකාශනය / මෙතෙක් ඔබ තුළින් මතු නොවු අන්තර් ඥානය / සමාජයේ ප්‍රසාදය සහ බලවතුන්ගේ ඇසුර / විවාහ ජීවිතයේ කැපී පෙනෙන වෙනස්කම් / අයමාර්ග වර්ධනය / රැකියාවේ හෝ ව්‍යාපාරයේ වේගවත් ප්‍රගතිය / කායික සහ මානසික ප්රබෝධය / ආදී සුබඵල රැසක් සෙනසුරු විසින් ඔබට ප්රදානය කරනු ලැබේ. මේ වසර තිහකට පසුව නැවත ක්‍රියාත්මකවන චක්රයකි. ඒ අනුව මීට වසර තිහකට පෙර ඔබ මුහුණ දුන් අත්දැකීම් ප්‍රතිනිර්මාණය වන බවත් ඔබට ප්රත්යක්ෂ වේ.
සෙනසුරු මාරුව සහ කටක ලග්නය
ඔබ ඉපදී තිබෙන්නේ විශ්වයේ ජල බල ත්‍රිත්වයට නෑකම් කියමිනි. සාම්ප්‍රදායික ජ්‍යොතිෂය අනුව සෙනසුරු ඔබට මිතුරු ග්‍රහයකු නොවන්නේ ඔහු ඔබේ කේන්දරයේ 07 සහ 08 අධිපතියා වන හෙයිනි. එමෙන් ම සෙනසුරු වායුබල ග්‍රහයකු වන හෙයින් ඔබේ ජන්ම බලය සමඟ ද පෑහීමක් නැත. තවදුරටත් ඔබට සතුරු අග්නි ත්‍රිකෝණය සෙනසුරු විසින් උත්තේජනය කරනු ලබන හෙයින් එයින් ද හටගන්නේ අවාසියකි. එහෙත් අනෙක් ජල බලැති රාශි දෙකට වඩා කටක ලග්නය මෙහිදී වාසනාවන්තය. ඉහත කී සියලු අවාසි අහෝසි කරමින් සෙනසුරු ඔබට මෙවර ජීවිතයේ ලැබිය හැකි උසස්ම ප්රතිලාභ ගෙන දෙයි. ඔබේ කේන්දරයේ 06-10-02 යන ස්ථාන උත්තේජනය වෙයි. රැකියාවේ වේගවත් ප්‍රගතිය / ක්‍රියා කෞෂල්‍ය වර්ධනය / උසස්ම නිලතල ලැබීම / තැන්පත් ධනය ඉහළ යෑම සහ පවුල් ජීවිතය තෘප්තිමත්වීම / සතුරු සහ රෝග පීඩා දුරුවීම / විදේශ ගමන් සහ ශිෂ්‍යත්ව හිමිවීම / ආදී සුබඵල රැසක් ඔබට නුදුරු අනාගතයේ භුක්ති විඳිය හැකිය.
සෙනසුරු මාරුව සහ සිංහ ලග්නය
ඔබ අයත් වන්නේ විශ්වයේ අග්නි ත්‍රිකෝණයට ය. සාම්ප්‍රදායික ජ්‍යොතිෂය අනුව සෙනසුරු ඔබට මිතුරු ග්‍රහයකු නොවන්නේ කේන්දරයේ 06 සහ 07 අධිපතියා වන හෙයිනි.එසේ නමුත් ඔබට පසුතැවීමට කිසිදු හේතුවක් නැත. ඔබේ ලග්නයෙන් 05 වැන්නට එන සෙනසුරු ඉතා බලවත් ය. ඊට හේතු වන්නේ ඔබේ කේන්දරයේ අති මිතුරු අග්නි මූල ත්‍රිකෝණය සැමතින්ම උත්තේජනය වන හෙයිනි. පෞරුෂය සහ ආත්ම ශක්තිය / ප්‍රඥා වර්ධනය / දරා ගැනීමේ හැකියාව සහ උපේක්ෂාව / සහජ නිර්මාණාත්මක හැකියාව / අදෘශ්‍යමාන බලවේගයන්ගේ රැකවරණය / විදේශ ගමන් සහ ශිෂ්‍යත්ව හිමිවීම / රැකියාවේ ගුණාත්මක වෙනස්කම් / උසස් සත්පුරුෂ ඇසුර / ආදී සුබඵල රැසක් ඔබට හිමිවෙයි. එහෙත් සතුරු බලවේග සහ රෝග පීඩා යනාදිය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය. රැකියා ස්ථානයේ ආවේගශීලීවීමද ඔබට අවාසියකි.
සෙනසුරු මාරුව සහ කන්‍යා ලග්නය
ඔබ අයත් වන්නේ විශ්වයේ පඨවි බල ත්‍රිත්වයටයි. වායු බලැති සෙනසුරු ඔබට මිතුරු ග්‍රහයකු නොවන්නා සේම ඔහු ලබන 26 දා සිට ගමන් කරන්නේ ද ඔබට සතුරු බලැති ගිනිකාරක 04 වැන්නේ ය. එහි සිටින සෙනසුරු ඔබේ කේන්දරයේ 04- 08- 12 යන මර්මස්ථාන උත්තේජනය කරයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ඔබේ සිතිවිලි සහ හැඟීම් උද්වේගකරවීම / ආත්ම සංයමය බිඳීයෑම / හදිසි අනතුරු ආදියට ලක්වීමේ ඉඩ ඉහළ යෑම / නීතිමය ගැටලු හිස එසවීම / ධන හානිය / දූ දරුවන් ආශ්රිත පීඩනය තීව්රවීම / සියලු සැලසුම් සහ ක්‍රියාමාර්ග කඩාකප්පල්වීම / යනාදී ඍණාත්මක ප්‍රතිඵල බහුලවීමය. මේ අප්‍රසන්න අත්දැකීම්වල මූලාශ්‍රය වන්නේ ඔබේ කේන්දරයේ 04 වැන්න හෙවත් මනස සහ සිතිවිලිය. එසේ නම් ගැටලුව හට ගන්නේ පිටස්තර හේතු සාධක නිසා නොව ඔබේම අභ්‍යන්තරයෙන් බැව් මනාව තේරුම්ගත යුතුය. එතැන පාලනය කැර ගතහොත් අනෙක් තැන්ද ඉබේටම පාලනය වෙයි. ඒ අනුසාරයෙන් ඔබට එල්ලවිය හැකි බොහෝ පීඩාවන් අවම කැරගත හැකිය.
සෙනසුරු මාරුව සහ තුලා ලග්නය
ඔබ අයත්වන්නේ විශ්වයේ වායුබල ත්‍රිත්වයටයි. වායු බලැති සෙනසුරු ඔබට අති මිතුරු ග්‍රහයෙකි. ලබන 26 දා සිට ඔහු ඔබේ ලග්නයෙන් 03 වැන්න වූ බලවත් ප්‍රතිපෝෂක රාශිය වූ ධනුවේ ගමන් කිරීම ඔබට අතිශය සුබදායක ය. ඔබේ ජීවිතයේ බාහිරින් ලැබෙන සියලු බලපෑම් මෙතැන් සිට ධනාත්මක පැත්තට පරිවර්තනය කෙරෙනුයේ කේන්දරයේ 03-07-11 යන අති මිතුරු ප්‍රතිපෝෂක ත්‍රිකෝණය ඉතා බලවත්ව උත්තේජනය වන හෙයිනි. සහජ හැකියාවන් සහ අන්තර් ඥානය වැඩි දියුණුවීම / විවාහය සහ සමාජ සම්බන්ධතා යහපත්වීම / බලවත් අයගේ සමීප ඇසුර / හවුල් ව්‍යාපාර / අයමාර්ග දියුණුව / ආදී වශයෙන් සෑම සියලු අංශයකින් ම ඉදිරි කාලය ඔබට සුබදායක වෙයි. මේ ඔබේ ජීවිතයේ ස්වර්ණමය කාල පරිච්ඡේදය බව අමතක නොකරන්න.
සෙනසුරු මාරුව සහ වෘශ්චික ලග්නය
ඔබ අයත්වන්නේ විශ්වයේ ජල ත්‍රිත්වයටයි. සෙනසුරු ඔබට මිතුරු ග්‍රහයකු නොවේ. එසේම ඔහු ලබන 26 දා සිට ගමන් කරන්නේ ද ඔබට සතුරු ගිනිකාරක ධනු රාශිය වූ දෙවැන්නේය. එහි තැන්පත් සෙනසුරු ඔබේ කේන්දරයේ 02-06-10 යන මර්මස්ථාන උත්තේජනය කරයි. මෙය ඔබට එතරම් යහපත් තත්ත්වයක් නොවේ. කුටුම්භය සහ තැන්පත් ධනය / රෝග සහ සතුරු පීඩා / රැකියාව සහ අයමාර්ග / යනාදිය සම්බන්ධයෙන් අහිතකර වාතාවරණයක් නිර්මාණය වේ. සාම්ප්‍රදායික ජ්‍යොතිෂය අනුව සෙනසුරු ඔබේ ලග්නයෙන් 03 සහ 04 අධිපතිවන අතර ටොලමියන් විග්‍රහය අනුව ද එකී ස්ථාන දෙක අතරින් 04 වැන්න වඩාත් සතුරුය. ඔබේ මව් පාර්ශ්වය සහ සහෝදර පාර්ශ්වය ආශ්රිත පීඩාවක් නීවේදනය කරයි. කෙසේ නමුත් මේ ඍණාත්මක බලපෑම්වල මූලාශ්‍රය වන්නේ 02 වැන්න හෙවත් ඔබේ කට සහ කතාවය. එය පාලනය කැරගත හැකිනම් අනෙක් තැන්වලින් එන පීඩාවන් ඉබේටම අවම වේ.
සෙනසුරු මාරුව සහ ධනු ලග්නය
ඔබ අයත් වන්නේ විශ්වයේ අග්නි ත්රිකෝණයටයි. සෙනසුරු ඔබට මිතුරු වායුබල ග්‍රහයෙකි. ලබන 26 දා සිට ඔහු ඔබේ ලග්නය මතින් ගමන් කරයි. ඒ සමඟ ම ඔබේ කේන්දරයේ 01-05-09 යන මූල ත්‍රිකෝණය ඉතා ප්රබලව උත්තේජනය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ පෞරුෂය සහ ආත්ම ශක්තිය / දරාගැනීමේ හැකියාව සහ බලවත් උද්යෝගය / සහජ නිර්මාණාත්මක හැකියාව සහ ප්‍රඥා වර්ධනය / ආධ්‍යාත්මික දියුණුව සහ අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් රැකවරණය ලැබීම / උසස් සහ ගුණවතුන්ගේ ඇසුර / විදේශ ගමන් සහ ශිෂ්‍යත්ව ලැබීම / ආදී වශයෙන් සුබඵල රැසකට උරුමකම් කියයි. සාම්ප්‍රදායික ජ්‍යොතිෂය අනුව සෙනසුරු ලග්න ඒරාෂ්ටකය යැයි කියන මුත් මෙහිදී සෙනසුරු ඔබේ ලග්නයට පැමිණීම ඉතා සුබදායකය. එයින් අත්වන එකම පීඩාව නම් වෙහෙස නොබලා කිසියම් අරමුණකට කැපවීමට සිදුවීම නිසා ලෞකික ජීවිතයේ සුඛවිහරණය හීනවීමය. හොදින් හෝ නරකින් තම ක්‍රියාකලාපය පවත්වා ගෙන යන දඩබ්බර ගතිය ඉන් ඇතිවන තවත් අතුරු විපාකයකි. එහෙත් එය දිගුකාලීනව වාසිදායක වෙයි.
සෙනසුරු මාරුව සහ මකර ලග්නය
ඔබ අයත් වන්නේ විශ්වයේ පඨවි ත්‍රිත්වයට ය. අනෙක් පඨවි ලග්නවලට සෙනසුරු සතුරුවන මුත් මෙහිදී එය සම්පූර්ණයෙන් අහෝසි වෙයි. ඒ අනුව සෙනසුරු ඔබට මිතුරු වන්නේ ඔහු ලග්නාධිපතිවීම නිසා පමණක් නොව ඔබේ ලග්නය සතු චර සහ රජස් යන වේගය සහ ගුණය වායුකාරක බලයට මැනවින් ගෝචරවන හෙයිනි. ලබන 26 දා සිට සෙනසුරු ගමන් කරන්නේ ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ සතුරු ගිනිකාරක ධනුවේ ය.එහි තැන්පත් සෙනසුරු ඔබේ කේන්දරයේ 12- 04-08 යන මර්මස්ථාන උත්තේජනය කරයි.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ධන හානි සහ නාස්තිය / නීතීමය ගැටලු මතුවීම සහ පිළිසරණක් නැතිවීම / රැකියාවේ ගැටලු සහ ස්ථාන මාරු / ගෘහ ජීවිතය සහ මනස පීඩාවීම / අනපේක්ෂිත කරදර සහ අනතුරු මතුව ඒම / සියලු සැලසුම් කඩාකප්පල්වීම / ආදී ඍණාත්මක බලපෑම් රැසක් ඔබ වෙත ළඟාවෙයි. මේ සියලු අහිතකර පිඩනවල මූලාශ්‍රය වන්නේ ඔබේ කේන්දරයේ 12 වැන්නය. එතැන පීඩාව දුරු කැරගත හැකිනම් අනෙක් තැන්වලින් එන පීඩාව පාලනය කළ හැකිය. 12 වැන්නේ පීඩනය දුරු කිරීමට නම් ඔබ දේවල් අතහැරීමට සහ උපේක්ෂාවට හුරුවිය යුතුය.
සෙනසුරු මාරුව සහ කුම්භ ලග්නය
ඔබ අයත්වන්නේ විශ්වයේ වායු ත්‍රිත්වයට ය. වායු බලැති සෙනසුරු ඔබට ඉතා සුබදායක වෙයි. සාම්ප්‍රදායික ජ්‍යොතිෂයේදී සෙනසුරු ඔබේ ලග්නාධිපති ලෙස සලකන මුත් මෙහිදී ඔබේ ලග්නාධිපති වන්නේ යුරේනස් ය. කෙසේ නමුත් ලබන 26 දා සිට සෙනසුරු ගමන් කරන්නේ ඔබේ ලග්නයෙන් 11 වැන්න වූ අති මිතුරු ධනු රාශියේ ය. ඒ සමඟ ම ඔබේ කේන්දරයේ සියලු සුබඵල උදා කරන 11-03-07 යන ප්‍රතිපෝෂක අග්නි ත්‍රිකෝණය ඉතා බලවත්ව උත්තේජනය වෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සෑම සියලු අංශයකින්ම පාහේ ඔබ විශිෂ්ටයකු බවට පරිවර්තනය වීමයි. රැකියාව සහ ව්‍යාපාර අංශයේ අයමාර්ග වේගයෙන් වර්ධනය වීම / සහජ කුසලතාවන් සහ අන්තර් ඥානය දියුණුවීම / සමාජ සම්බන්ධතා සහ හවුල් ව්‍යාපාර සාර්ථකත්වය / ආදී වශයෙන් එහි සුබඵල ගෙන දෙයි. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙවැනි ස්වර්ණමය අවස්ථාවක් නැවත උදාවන්නේ තවත් වසර 30 කට පසුව බව අමතක නොකරන්න. ඔබගේ සියලු කටයුතු නිරුත්සාහයෙන් සාර්ථකත්වයට පත්වෙයි.
සෙනසුරු මාරුව සහ මීන ලග්නය
ඔබ අයත්වන්නේ විශ්වයේ ජල ත්‍රිත්වයටයි. ලබන 26 දා සිට සෙනසුරු ඔබේ ලග්නයෙන් 10 වැන්න වූ ඔබට සතුරු ගිනිකාරක ධනු රාශියේ ගමන් ගනී. සාම්ප්‍රදායික ජ්‍යොතිෂයේදී ගුරු ඔබේ ලග්නාධිපති වන මුත් මෙහිදී නෙප්චූන්ට ඔබේ ලග්නාධිපතිකම පැවරේ. කෙසේ නමුත් 10 වැන්නේ සිටින සෙනසුරු අන් අයට මෙන් ඔබට විපතක් කරන්නේ නැත. ඔහු ඔබේ කේන්දරයේ 10-02-06 යන සතුරු මර්මස්ථාන උත්තේජනය කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ ජීවිතයේ දැවැන්ත පරිවර්තනයකට මුල පුරයි. ඒ අතරින් කැපී පෙනෙන්නේ රැකියාව - වෘත්තීය හෝ ව්‍යාපාර කර්මාන්ත යනාදියයි. දැලි පිහියෙන් කිරිකෑමටත් වඩා අති දුෂ්කර අභියෝග රැකියාව ආශ්‍රිතව මතුවෙයි. ඒවා මගහැර යා නොහැකි ය. මේ අවදානම ජයගැනීමට ඔබට හැකියාව තිබේ. එහෙත් ඒ සඳහා 10 වැන්නේ පීඩනය මැනවින් පාලනය කැරගත යුතුය. ඒ සඳහා තිබෙන්නේ එකම ක්‍රමයක් පමණි. එනම් ඔබේ වගකීම සහ කාර්ය භාරය අකුරටම ඉටු කිරීම පමණි.
Wmqgd .ekSu oekqu weiqfrks