iranama
සෙනසුරුට බිය ඇයි?
ජ්‍යෝතිශ් ශාස්ත්රයේදී නෛසර්ගික පාපී ග්‍රහයකු ලෙස හැඳින්වෙන සෙනසුරු ග්‍රහයා ගුරු නොහොත් බ්‍රහස්පති ග්‍රහයාට ටිකක් කුඩාය. රවි ග්‍රහයාට සැතපුම් 886000000 ක් දුරිනි. සියලු අනිෂ්ට විපාක ගෙන දෙන සෙනසුරුට රවි (ඉරු) වටේ යැමට, රාශි චක්‍රයේ රවුමක් යැමට වර්ෂ 29 1/2 ක් 30 ක් පමණ ගතවෙයි. කිළිටි වස්ත්‍රවලින් සැරසුණු, කුහක කුම්මැහි ගතිගුණ වලින් හෙබි සෙනසුරු වයස් ගත නාකි අයකු ලෙස සලකයි. දුගී දුප්පත්කම, දුක්වීඳීම, කම්මැලි ගතිය, වැඩ කටයුතු කලට වේලාවට නොකිරීම, ශරීරය දුර්වල වීම, අත්පා කැඩීම ආදී දේවල් දුබලව අසුබව සිටීමෙන් සිදු වෙයි.
වෘෂභ සහ තුලා ලග්න හිමියන්ට ශනි රාජ යෝග කාරක ග්‍රහයා වන්නේය. මකර, කුම්භ, රාශි දෙකට ස්වක්ෂේත්ර වන අතර තුලාවට උච්චවෙයි. කටක - සිංහ රාශි 02 කටත් වෘශ්චික රාශියටත් සතුරුවෙයි. ශනිට මිත්‍ර රාශි වන්නේ වෘෂභ - මිථුන කන්‍යා යන රාශි 03 යි. මේෂ රාශියට නීච වන අතර ධනු - මීන රාශි දෙකට සමවෙයි.
කේන්ද්‍ර හිමියාගේ ලග්නයට (01) දෙවැන්නට සහ 12 වැන්නට ශනි පැමිණීම ඒරාෂ්ඨකය වන්නේය. මෙය ගෝචර ගමනින් හා උපතින් ඇතිවිය හැකිය. ජන්ම ඒරාෂ්ඨකය ඇතිවන්නේ උපතේදී සඳු සිටින රාශිය හරහා ගෝචරයේදී ශනි ගමන් කරන විටය. මෙම කාලය වර්ෂ 2 1/2 ක් පමණ වෙයි. අෂ්ටම ඒරාෂ්ඨකය යෙදෙන්නේ කේන්ද්‍ර සටහනේ 08 වැන්නේ ශනි ගමන් කරන විටයි අෂ්ටම ඒරාෂ්ඨකය හුඟාක් අපල ගෙන දෙයි. ඒ වනවිට 08 වැන්නේ සඳු සිටී නම් ජන්ම අෂ්ටම ඒරාෂ්ඨකය ඇති වේ. ඒ වන විට ශනි මහ දශාවත් වීම තරමක් බරපතළය. ශනි - චන්ද්‍ර දිවි ග්රහයෝගයද මෙම ද්විග්රහ යෝගද ජන්ම ඒරාෂ්ඨකයයි. මෙම ද්වි ග්‍රහයෝගය යෙදුණු අය ළමා වියේ නොමළහොත් ඉතා වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට හැකිවේ.
සෙනසුරු තුලා රාශි ගතවීමෙන් "සේනක" යෝගය උදාවෙයි. සෙනසුරු තුලාවට උච්ච වෙයි. මේ නිසා පිරිස් බලය ලබයි. ප්‍රධානත්වය හිමි වේ. ආගමික සමාජ සේවා කටයුතුවල යෙදෙයි. දුක සැප දෙකම එක සේ විඳ දරාගනී. බුද්ධිමත්ව ක්‍රියා කරයි. දුර දකින නුවණකින් හෙබියි. ධනය, කිත්, පැසසුම් ලබයි. සෙනසුරු මකර රාශියේ සිටීමෙන් "ශ්‍රී කාන්තා යෝගය" ඇතිවේ. මකර රාශියට ශනි ස්වක්ෂේත්රබලය දෙයි. ගෙදර දොර කටයුතු හොඳින් කර ගනී. අලංකාරයට කැමැතියි. සමාජයේ බොහෝ දෙනා ආශ්‍රය කරයි. ප්‍රධානත්වය ලබයි. සකසුරුවම හොඳින් පවතී. නිකරුණේ වියදම් නොකරයි. උත්සාහ වන්තව කටයුතු දියුණු කර ගනී. විවාහයට කල්ගත විය හැකිය. සෙනසුරු කුම්භ රාශියේ සිටීමෙන් ජය යෝගය නිර්මාණය වෙයි. ධනය, මුදල් ඉතිරිකර ගනී. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත්වෙයි. කලට වේලාවට ශරීරයට ගැලපෙන ආහාර පාන පමණක් ගනී. ප්‍රතිශක්තිකරණය බලවත්ය. ආත්ම ගෞරවය රැකගනී. කාගේත් සිත් දිනාගනී. සෙනසුරු උච්ච හෝ ස්වක්ෂේත්රව 01-04-07-10 යන කේන්ද්‍රස්ථානයක සිටීමෙන් සස යෝගය ඇති වේ. මෙම යෝගයෙන් ආයුෂ බල වැඩි වේ. පිරිස් බලය ලබයි. ආගමික කටයුතුවල යෙදෙයි. මෙම යෝගය මිථුන - කන්‍යා, ධනු, මීන ලග්නවලට බලනොපායි.
සෙනසුරු සමඟ යෙදෙන ද්විග්රහයෝග
රවි ශනි සංයෝගය - ශරීරය වෙහෙස කරවා කරන කටයුතුවලට ඉතා දක්ෂයි. මෙම යෝගය යහපත්ව පිහිටි විට රාජ්‍ය සේවයේ උසස් නිල තල ලබයි. ධනවත් වෙයි. මෙම යෝගය කේන්ද්‍ර සටහනේ 06-08-12 යන ස්ථානයක පිහිටීම ශූභ නැත. මාරක අපල ඇති විය හැකිය.
සඳු - ශනි සංයෝගය - ජන්ම ඒරාෂ්ඨකයයි. කුඩා වියේදී මරණයට පත් වූයේ නැත්නම් ශූර වීර අයකු වන්නේය. ධනවත් වේ. දේපළ ඉඩකඩම් රැස් කරගනී. කීර්තියට හා ප්‍රසිද්ධියට පත්වේ. ජනනායකයකු වන්නේය.
කුජ - ශනි සංයෝගය - අපරාධකරුවකු විය හැකිය. මතට අපරාධවලට සම්බන්ධ වෙයි. මෙම යෝගය දෙවැන්නේ
කුජ 8 වැන්නේ පිහිටියේ නම් මානසික ආබාධ, හෘද රෝග ඇති කරයි. ශුභව පිහිටියේ නම් ඉතා යහපත්ය. පිරිස් බලය ලබයි. ඉගෙනීමට දක්ෂයි.
ගුරු - ශනි සංයෝගය - තරුණ වියේ සිට දියුණුව උදාවේ. ධනය ලබයි. නිවාස ප්‍රශ්න විසඳේ. ව්‍යාපාර කටයුතුවලින් ධනය උපයා ගනී. කොන්ත්‍රාත් වැඩවලට යහපත්ය. රවි - සඳු ග්‍රහයන්aගේ දැක්මට ලක්වී නම් හදිසි ධන ලාභ ලබයි.
සිකුරු - ශනි සංයෝගය - ශරීරය නිරෝගී වේ. ගති ගුණ යහපත්ය. කලබල ගතියෙන් තොරයි. විශ්වාසවන්තයි. වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කරයි. සකසුරුවම පවතී. සිකුරු - ශනි සිටින ස්ථානය අනුව ඇතැම්විට විවාහ නොවීමට ද ඉඩ තිබේ.
බුධ - ශනි සංයෝගය - ගණිත මිනිත කටයුතුවලට දක්ෂයි. (ගණකාධිකරණය) සාහිත්‍ය කලා කටයුතු ප්‍රිය කරයි. කාර්මික අංශයේ (ඉංජිනේරු) කටයුතුවලට දක්ෂයි. මෙම සංයෝගය අයහපත්ව පිහිටියේ නම් රැවටිලි ප්‍රයෝග ක්‍රමවලින් මුදල් උපයයි. නඩුහබවලට පැටලේ. ඔබගේ කේන්ද්‍ර සටහනේ සෙනසුරුගේ පිහිටීම අනුව තොරතුරු.
සෙනසුරු ලග්නයේ නම් ඒරාෂ්ටක කාලයයි. ශරීරය කෙට්ටු කරයි. දත්වල ආබාධ ඇති වේ. මේ තත්ත්වය මකර, කුම්භ, තුලා, ධනු යන රාශිවලට බලනොපායි. ශනි එම රාශි 04 සිටීම යහපත්ය. ජනප්‍රියතාවට පත් වේ.
සෙනසුරු 02 වැන්නේ සිටින විට දුප්පත් වෙයි. පවුල් ජීවිතය අවුල් කරයි. සතුරන් වැඩී එහෙත් කෘෂිකර්ම කටයුතු හා ව්‍යාපාරවලින් ආදායම් ලබයි.
සෙනසුරු 3 වැන්නේ සිටින විට සතුරන් විනාශ කරයි. ඔවුන්ගෙන් කරදර නැත. එහෙත්a සහෝදරාදීන් ඥතීන් සමග විරුද්ධවාදිකම් ඇති වේ. දුර බැහැර පළාත්වල ගමන් බිමන් යෙදෙයි. ඉගෙනීම් කටයුතු=වලට ශුභයි.
සෙනසුරු 04 වැන්දේදී - දුප්පත් වෙයි. ස්ථාන මාරුවීම ඇති වේ. කනගාටුවෙන් දුකින් කල් ගෙවයි. ශනි බලවත්ව සිටියේ නම් පැරණි දේපළ ඉඩකඩම් නිවාස ලබයි.
සෙනසුරු 05 වැන්නේ සිටි විට - දරුවන්ට අපලයි. එහෙත් ව්‍යාපාර කොන්ත්‍රාත් කටයුතුවලින් ලාභ ලබයි. 05 වැන්න ශනිට යහපත් නිසා කොහොම හරි ධනය ලබයි. ආලය ප්‍රේමය කටයුතුවලින් ජය නොලැබේ.
සෙනසුරු 06 වැන්නේ සිටීමෙන් - සතුරන්ගෙන් වන හානි වැළකේ. පෝසත් වෙයි. එහෙත් කල් පවතින රෝග ඇති වේ. ආමාශගත ආබාධ ඇති කරයි. කටක - මීන රාශියක් නම් දුක්විඳීමට සිදු වේ. මාරකයි.
සෙනසුරු 07 වැන්නේ වීමෙන් - විවාහය ප්‍රමාද වෙයි. පවුල් ජීවිතයේ ගැටුම් ඇති නොවේ. ඇතැම් විට නිසි කල විවාහයට පත් විය හැකිය. (ග්‍රහ දෘෂ්ටි අනුවයි) ශනි කුජගේ දෘෂ්aටියට ලක්වීම අශුභයි.
සෙනසුරු 8 වැන්නේ වීමෙන් - ලිංග රෝග සෑදේ. මාරක අපල ගෙන දෙයි. සතුරු කරදර අධිකයි. ශනි බලවත්ව සිටී නම් ආයුෂ බල වැඩී ධනය ලබයි.
සෙනසුරු 09 සිටීමෙන් - ආගම, දහමට ලැදිවේ. කාමාශා වැඩි විය හැකිය. විද්‍යා ශාස්ත්‍ර ඉගෙන ගනී.
සෙනසුරු 10 වැන්නේදී - රැකියා කටයුතුවලින් කරදර ඇති කරයි. මවුට අපලයි. ශනි බලවත් නම් ධනවත් වේ.
සෙනසුරු 11 වැන්නේදී - සහෝදරාදීන්ට අපලයි. ධය ලබයි. ඉගෙනීම් කටයුතුවලට දක්ෂ වෙයි. ලෙඩ දුක් කරදර අඩුයි.
සෙනසුරු 12 වැන්නේදී - ඒරාෂ්ටක කාලය උදා වෙයි. රෝග ඇති කරයි. නඩු හබවලට පැටලේ. දරුවන්ට ද අපලයි.
2017.01.27 දක්වා සෙනසුරු, වෘශ්චික රාශියේ ගමන් කරන අතර - 27 දා සිට 2017 ජුනි 17 දක්වා ධනු රාශියේ ගමන් කරයි. යළි 2017 ජුනි 18 සිට වෘශ්චික රාශියේ ගමන් කර 2017 - 10 -26 ධනු රාශි ගත වෙය.s 2020-01-24 දක්වා ශනි ධනුවේ ගමන් කරයි.
Wmqgd .ekSu