iranama
සුබ නැකැත් උදා වෙයි කෝණ මාසය අවසන්
ජුනි 15 සිට ජූලි 15 දක්වා වූ විවාහ හා නිවාස නැකැත් නොමැති කෝණ මාසය නිමා කරමින්, විවාහ මංගල නැකැත් හා නිවාස නැකැත් උදාකරමින් මේ උදාව ඇත්තේ පින්බර නිකිණි මාසයයි. ජූලි මස 24 වන සඳුදා පාන්දර 06.03 ට ඇසළ අව තිථිය ගෙවී නිකිණි පුර පෑලවිය තිථීය උදාවත් සමඟ නිකිණි මාසය උදාවනු ඇත. ඒ අනුව තත්කාල කේන්දරයේ කටක ලග්නය උදාව පවතින අතර පවතින ග්‍රහ චාරය අතිශය බලවත් මෙන්ම සුබදායකද වනු ඇත. ඒ අනුව මෙම උදා වූ නිකිණි මහේ කෝණ මහෙන් පසු ක්‍රි.ව. 2017 ක් වූ ජූලි හා අගෝස්තු මාසයේ අතිශයින් සුබ මෙන්ම එසේම ප්රබලතම නැකැත් දෙකක් මෙම ජූලි මස 28 වැනි සිකුරාදා දින හා එළඹෙන අගෝස්තු මස 04 වැනි සිකුරාදා දින උදා වේ.
මෙම උදාවන්නා වූ නැකැත් දෙක විශේෂයෙන්ම විවාහ වීමට මෙන්ම නව නිවාස ඉදිකිරීමටද ඉතාමත් යෝග්‍ය වන අතර මෙම දින 02 ක තුළ ඉදිකිරීම් ආරම්භ කරන නව නිවාසවල වාසය කරන්නන් හා යුග දිවියට එළඹෙන නව යුවතිපතියන් හට අනාගතය ඉතාම වාසනාවන්ත වනු ඇත. එසේම ඔවුන්ගේ අනාගතය අතිශයින් යහපත් වනවා මෙන්ම හැම අතින්ම ලැබීම් හා ආර්ථික, සමාජ, රැකියා හා දූ දරු වාසනා මෙන්ම සමාජ ගෞරවයද නිතැතින්ම හිමි වනු නොඅනුමානය.
මේ අතරින් පළමු දිනය වන ජූලි මස 28 වැනි සිකුරාදා දින ඉර උදාව පෙ.ව. 6.04 ට වන අතර මුළු දිනය පුරාම ඉතාමත්ම සුබදායක වන අතරම තමන්ගේ උපන් නැකතට අනුව මෙම දිනය පුරාවට විවාහ මංගල කටයුතු හා නව නිවාස ඉදිකිරීමට නැකැත් යොදා ගත හැකිය. උදේ 04.41 ට උත්‍රපල් නැකත ගෙවී සඳුට අයත් හත නැකත ලබයි. උදේ 10.16 ට ගුරු ගේ පංචම හෝරාව පවතින කාලය තුළ සුබ කටයුතු සඳහා යොදා ගැනීම සුබදායක වනු ඇත. සුබ දිශාව වන්නේ නැගෙනහිරයි. ඒ අනුව මෙම දිනය තුළ ඉහත සඳහන් මංගල හා නිවාස කටයුතු යොදා ගන්නා ජන්මීන් ඉතාමත් වාසනාවන්ත වනු ඇත.
දෙවැනි දිනය වන එළැඹෙන අගෝස්තු 04 වැනි සිකුරාදා දින ඉර උදාව පෙ.ව. 6.04 ට වන අතර එදින රාත්‍රී 09.02 දක්වා මුල නැකත පවතියි. ඉන්පසු උදා වන්නේ පුවසල නැකතයි. උදේ 10.28 මෙම දිනයේ සුබම මුහුර්ථය උදාව පවතින අතර සුබ දිශාව වන්නේ නැගෙනහිර දිශාවයි. මෙදින උදේ 10.28 නැගෙනහිර දිශාව බලා විවාහ මංගල නැකැත් යොදා ගැනීමද, එසේම නව නිවාස ඉදිකිරීම, ඇරැඹීම, නව නිවාසවලට ගෙවැදීම හා සියලු කටයුතු සඳහා ඉතාමත් සුබදායක හා බලගතු වන්නේය. මෙම දිනයද අතිශය ප්‍රතිඵලදායක වාසනාවන්ත දිනකි. මෙදින සිකුරාදා දිනක් වීමත්, බුධට අයත් කන්‍යා ලග්නය උදාව පැවතීමත්, ගුරු බලවත්ව ලග්නයේ සිටීමත්, සඳු 4 වැන්නේ බලවත් වීමත්, එමෙන්ම රවි 11 වැන්නේත්, සිකුරු 10 වැන්නේත් යහපත් ලෙස යෙදීමත් බෙහෙවින් සුබදායක වේ. සුස්ථර නම් අටවිසි යෝගය උදා කරමින් ප්‍රබල පුර බලයකින් යුක්ත වීම මෙම දිනයේ ඇති සුවිශේෂි බවයි. එසේම ගුරු, සිකුරු, රවි තවත් බලවත් සුබ යෝග රාශියක් උදා කිරීමත්, මෙම දිනයේ පවතින තවත් විශේෂත්වයක් වනු ඇත.
ඉහත සඳහන් ජූලි මස 24 වැනි සඳුදායින් පසු කෘෂිකාර්මික කටයුතු, වගා කටයුතු හා ගොවිතැන් කටයුතු සඳහා ඉතාමත් සුබදායක මෙන්ම එම භෝග වගාවෙන් ඉමහත් ඵල ලබගත හැකි ගේදොර යෝගයද උදාවනු ඇත. ඒ අනුව 24 වැනිදායින් පසුව කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමත් බෙහෙවින් ප්‍රතිඵලදායක වනු ඇත.
ඒ අනුව ඔබත් ඉහත සඳහන් දින දෙක තුළ ඉහත අදාළ කටයුතු සඳහා නැකැත් යොදා ගැනීමට උත්සුක වීම තුළින් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකිය.
වැඩිදුර විස්තර සදහා 0382293771 / 0772753100
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks