iranama
සැප්තැම්බර් 18 දක්වා ප්‍රවේසම්වන්න
2016 සැප්තැම්බර් 18 දක්වා වාහන අනතුරු සේම විවිධ ගනයේ අනතුරු වැඩිවන කාලසීමාවක් පවතින බව පෙනේ. විශේෂයෙන් අප රට සම්බන්ධයෙන්ද එහි විශේෂ බලපෑමක් පවතී. ලෝකය දෙස බැලුවොත් විශේෂයෙන් බටහිර රටවල්වලට මේ තත්ත්වය විශේෂ වශයෙන් බලපායි.
කුජ සහ ශනි සංයෝගයට රාහුගේ දෘෂ්ඨිය වැදීම මෙහිදී විශේෂවෙයි. විශ්ව කේන්ද්‍රයට අනුව ශනි කුජ සංයෝගය බටහිර දිසාවෙන් වෘශ්චික රාශි ගතව තිබීමත් රාහුගේ දෘෂ්ටියට ලක්වීමත් නිසා කාල විපත්ති තත්ත්වය සැප්. 18 දක්වා පවතින බව පෙනේ.
විශේෂයෙන් රථවාහන අනතුරු වස විසෙන් සිදු වන අනතුරු ගෑස් සහ රසායන කාන්දු තුලින් ඇතිවිය හැකි අපහසුතා ලොව තුළ වාර්තා විය හැක. අප රට කෙරෙහිද මෙම ග්‍රහ බලය විශේෂයෙන් දේශපාලන ක්ෂේත්රය උණුසුම් කළ හැකි පිහිටීමකි. විශේෂයෙන් රජයේ කටයුතුවල ගුප්ත ස්වභාවයක් ගන්නා අතර ඔවුහු තම අභිමතාර්ථයෙන්ම මුදුන්පත්කර ගැනීමට උත්සාහ කරති.
එසේම මහජන කැළඹිළි දිගටම පවත්වා ගැනීමට කුජ සමත් වෙයි. ශනි මහජනයා නියෝජනය කරන අතර ශනිට වඩා කුජ බලවත් බැවින් රජයට විරුද්ධ පාර්ශවයන් තම ශක්තිය වඩාත් ප්‍රබල කරයි. විරුද්ධ පාර්ශ්වයේ විවිධ කණ්ඩායම් රාහු විසින් නිවේදනය කරන අතර රාහු සිටින්නේ ගුරු සමඟය. නීතිය පිළිබඳ බලය උසුලන ගුරු ලබන අගෝස්තු 11 වැනි දිනට පෙර විරුද්ධ පාර්ශ්වයන් විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඉල්ලන නීතිමය පිහිට බොහෝවිට ඉටුකර දීමට සමත් වනු ඇත.
විශේෂයෙන් වාහන අනතුරු ඇතිවීමේ හැකියාව වැඩිවශයෙන් පවතී. ඒ තුළින් ජීවිත හානි සංඛ්‍යාවද ඉහළ යා හැක. වස විස අසුරෙන් මෙන්ම වෛරස් රෝග පවා මතුවීමේ ඉඩකඩ පවතී. විශේෂයෙන් කුජ ශනි රාහු යන මහ දශා අන්තර් දශා ගෙවන මේෂ ලග්න හිමියන් වඩාත් ප්‍රවේශම් විය යුතුය. තමාගේම නොසැලකිල්ල නිසා කුමන හෝ ආකාරයක අනතුරක් ඇතිවීමේ ඉඩ කඩ පවතී. මේෂ ලග්න හිමියන්ගේ උප්පත්ති කේන්ද්‍රයේද කුජ ශනි රාහු යම් අන්දමකින් ඔවුනොවුන් ඔවුනොවුන්ටම අසුබවාදී අයුරින් පිහිටා තිබුණේනම් කුජ 22 වන දෙර්කාණ අධිපති වීත් සිටියේ නම් ඔවුන්ගෙන් එකෙකුගේ මහදසාවත් ඒ එක් ග්‍රහයෙකුගේම අතුරු දශාවත් වී නම් මාරක අනතුරු පවා ඇතිවිය හැක.
මේ අයුරින්ම තුලා මිථුන යන ලග්න හිමියන්ටත් අසුබ බලපෑ හැකිය. සමස්ථ වශයෙන් ගතහොත් මහජනයා සහ ආරක්ෂක අංශ අතර ගැටුම්ද බලවත් වෙයි. මහජන උද්ඝෝෂණ වලදී ප්‍රචණ්ඩකාරී බව වැඩි වශයෙන් බලපැවැත්විය හැකිය. අප්‍රේල් 14 ත් මාර්තු 14 ත් අතර විපක්ෂයේ යම් වර්ධනීය බලයක් ආණ්ඩුවට වඩාත් අභියෝගයක් වීමේ ඉඩකඩද පවතී.
ලෝ පුරා බලගැන්වෙන මේ යෝගය විශේෂයෙන්ම රට රුටවල යුදගිනි ඇවිලී යාම ගුවන්යානා පවා බිම වැටෙන යුගයකි. දුම්රිය අනතුරු පවා ඇතිවන පිහිටීමකි. බෙහෙවින්ම අප රටේ පාලන ක්ෂේත්රය තුළ අවුල් වියවුල් මැද කෙරෙන කතාබහ විනා රටට වැඩක් වශයෙන් මැදහත් යමක් සිදුනොවනු ඇත. කෙසේ නමුත් ලබන සැප්. 18 දක්වා ජනතාව විමසිලිමත්ව ජීවත් විය යුතු අසුබදායි කාලයකි.
Wmqgd .ekSu