iranama
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්ට
මෙම දෙසැම්බර් මස 08 වැනි කුජ දින සිට 17 වැනි ගුරු දින දක්වා පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන දූ - දරුවන්ගේ යහපත හා ජය පතා නිවෙසින් පිටත් වීමට සුබ මුහුර්ත පහත දැක්වේ.
මෙම සියලු වේලාවන් මධ්‍ය සූර්යෝදය අනුව සකස් කර ඇති බැවින් ප්‍රාදේශීය වශයෙන් සංශෝධනය කිරීම අවශ්‍ය නොවේ.
විභාගයට යෑමට පෙර සුදු මල් වට්ටියක් බුදුන් අබියස පූජා කර පහන් දල්වා තෙරුවන් නමැද පහත සඳහන් ගාථාව තෙවරක් කියන්න.
නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මංගලම්
දෙවනුව "බුද්ධෝ" වෙනුවට "ධම්මෝ" යනුවෙන්ද තෙවනුව "සංඝෝ" යනුවෙන්ද කියන්න.
නිවෙසින් පිටත් වන විට
ජය පිරිත
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ - අහෝසි මාරස්ස පරාජයෝහි.
උග්ඝෝසයුං දේව ගණා පසන්නා - ඒතේන සච්චේන ජයස්සු මයිහං.
යන ගාථාව සිහිපත් කරගෙන දකුණු පය පෙරට තබා පිටත්ව යන්න.
සුදු පාට මලක් දමන ලද පිරිසුදු වතුර වීදුරුවක් රැගෙන එන මව පෙර මඟට හමුවන ලෙස පිටත්ව යන්න.
සියලුම දූ - පුතුන්ට උපරිම ජය සාමාර්ථය ලැබේවා!
Wmqgd .ekSu u