iranama
සාමාන්‍ය පෙළ ලියන දූ දරුවන්ට බෝධි පූජාවක් සහ ලග්නයට ග්‍රහ පූජා
සාමාන්‍ය පෙළ විභාගයට තව තිබෙන්නේ දින කිහිපයක් පමණයි. විභාගය ළං වන විට ආගමික වත්පිළිවෙත් කරමින් ආශීර්වාද ලබා ගැනීමට කවුරුත් පුරුදුවී සිටිති. එහිදී බෝධි පූජාවට විශේෂ ස්ථානයක් හිමිවෙයි. මේ ලිපියෙන් දැක්වෙන්නෙ මෙවර සාමාන්‍ය පෙළ ලියන දූදරුවන්ට විශේෂ බෝධි පූජාවක් සහ ඔවුන්ගේ ලග්නයට අනුව කළ හැකි ග්‍රහ පූජා ෙදාළොසකි.
විභාගයක් ජය ගැනීමට මවුපියන්ගේ උනන්දුව වගේම ළමයින්ගේත් දැඩි කැපකිරීම හා වෙහෙස වීමක් අවශ්‍ය වෙනවා. ඉගෙන ගන්නා ළමයින් පළමුව තම මවුපියන්ට ගරු කිරීම හා කීකරු වීම අවශ්‍ය වන අතර අම්මාට, තාත්තාට නිතරම වැඳීමට පුරුදු වන්න. උගන්වන ගුරුවරාදීන්ට කීකරු වන්න. උගන්වන දේ හොඳට මතකයේ තබා ගැනීමට මවුපියන්ගේත් ආශීර්වාදය ඔබට අවශ්‍යය. බෝධි පූජාවක් කිරීම සඳහා විහාරස්ථානයට යෑමේදී ඔබේ පිරිසුදුකම පිළිබඳ ඉතා උනන්දු වන්න.
පළමුව බෝධි මළුව අතුගෑමෙන් පසුව මල් ආසනය පිරිසුදු කරන්න. ඉන් පසුව තල තෙල් පහන් 3ක් දල්වා බුදුන්ට පූජා කරන්න. කහ මල් වට්ටි 3ක් හෝ 7ක් තමාට හැකි පමණ බෝධියට පූජා කරන්න. බෝධිය නෑවීමට ගන්නා පැන් කළය ගෙන ඉතිපිසෝ ගාථාව කියමින් 7 වර බෝධි වන්දනාව කරන්න. කුඩා ප්‍රමාණයේ මල් වට්ටි සකසා පූජා කරන්න.
මේෂ ලග්නයට
ඔබගේ ලග්නාධිපති පාප ග්‍රහයා අඟහරු වෙයි. ඊළඟට පස්වැන්න අයිති ග්‍රහයා රවි ග්‍රහයා වෙයි. බෝධිය ළඟ තල තෙල් පහන් 7ක් දල්වා කහ මල්, රතු මල් එකට තබා පූජා කර වට්ටි 7ක් හෝ වට්ටි 3ක් කතරගම දෙවියන්ට පින් දෙන්න.
සුදු නෙලුම් මල් 3ක් බෝධියට පූජා කර ඊශ්වර දෙවිඳුට පින් දෙන්න. තල තෙල් පහන් 3ක් දල්වා ගන්න. ඔබට මෙය කතරගම හා ඊශ්වර දේවාලයකදීත් කළ හැකියි.
වෘෂභ ලග්නයට
ලග්නාධිපති ග්‍රහයා සිකුරු වෙයි. පස්වැන්නට හිමි ග්‍රහයා බුධ ග්‍රහයා වෙයි. මේ අනුව තල තෙල් පහන් 3ක් පත්තිනි මෑණියන්ට දල්වා කහ මල් වට්ටි 3ක් පූජා කර පින් දෙන්න. තල තෙල් පහන් 3ක් දල්වා විෂ්ණු දෙවිඳුට පින් දෙන්න. නිල් මල් වට්ටි 3ක් පූජා කරන්න. කහ මලක් උඩින් තබා ගන්න. එළඟි තෙල් පහන් තුනක් වුවද දැල්වීමට සුබයි.
මිථුන ලග්නයට
ලග්නාධිපති ග්‍රහයා බුධ ග්‍රහයා වෙයි. පස්වැන්න හිමි වන්නේ සිකුරු ග්රහයාටයි. මේ අනුව තල තෙල් හා එළඟි තෙල් පහන් 3 බැගින් දල්වා කහ මල් වට්ටි 3ක් පත්තිනි මෑණියන්ට පූජා කරන්න. නිල් මල් වට්ටි 7ක් ගෙන කහ මලක් උඩින් තබා විෂ්ණු දෙවියන්ට පූජා කරන්න.
කටක ලග්නයට
ලග්නාධිපති සඳු ග්‍රහයා වෙයි. පස්වැන්නට හිමි ග්‍රහයා අඟහරු වෙයි. එළඟි තෙල් පහන් 3ක් දල්වා සුමන සමන් දෙවිඳුට සුදු නෙලුම් මල් 3ක් පූජා කරන්න. නෙලුම් මල් නැති නම් සුදු මල් වට්ටි 3ක් පූජා කරන්න. නෙලුම් මල් හොයන්න ඔබ ජලාශවලට යෑමෙන් වළකින්න. රතු මල් වට්ටි 3ක් කතරගම දෙවිඳුට පූජා කර තල තෙල් පහන් 3ක් දල්වා පින් දෙන්න.
සිංහ ලග්නයට
සිංහ ලග්න හිමි ඔබට ලග්නාධිපති ග්‍රහයා රවි වෙයි. පස්වැන්නාධිපති වන්නේ බ්‍රහස්පති ග්‍රහයාය.
සුදු නෙලුම් මල් 7ක් එක පොකුරට ගෙන බෝධිය වටේ 7වර වන්දනා කර මේ මල් හත ඊශ්වර දෙවිඳුට පූජා කරන අතර මට ජය අත්වේවා කියා ප්‍රාර්ථනා කරන්න. අපල උපද්‍රව සමනය වේවා කියා සිතන්න. කහ මල් වට්ටි 7ක් බෝධියට පූජා කර කතරගම දෙවියන්ට පින් දෙන්න. හැකිනම් රතු මලක් කහ මල් වට්ටිය උඩින් තබාගන්න. තල තෙල් පහන් 3ක් හා එළඟි තෙල් පහන් 3ක් දල්වා ඊශ්වර හා කතරගම දෙවිඳුන්ට පින් දෙන්න.
කන්‍යා ලග්නයට
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති ග්‍රහයා බුධ ග්‍රහයා වන අතර පස්වැන්න හිමිවන්නේ සෙනසුරු ග්‍රහයාට වෙයි. ගණ දෙවිඳුන්ට කහ පාට සුදු පාට මල් එකට තබා වට්ටි 7ක් පූජා කරන්න. නිල් මල් වට්ටි 7ක් විෂ්ණු දෙවිඳුට පූජා කරන්න. නිල් මල් වට්ටිය උඩින් කහ මලක් තබන්න. විෂ්ණු දෙවියන්ට, ගණ දෙවියන්ට පූජා කරන්න.
තුලා ලග්නයට
තුලා ලග්න හිමි ඔබට ලග්නාධිපති ග්‍රහයා සිකුරු වෙයි. පස්වැන්න හිමි වන්නේ සෙනසුරු ග්‍රහයාට වෙයි. පත්තිනි මෑණියන්ට කහමල් වට්ටි 7ක් පූජා කරන්න. විෂ්ණු දෙවිඳුට නිල් මල් වට්ටි 3ක් හා සුදු නෙලුම් මල් 3ක් පූජා කර තල තෙල් පහන් 3ක් හා එළඟි තෙල් පහන් 3 දල්වා පින් දෙන්න. සරස්වතී දේවියට කහ මල් හා සුදු මල් පූජා කරන්න. පිරිසුදු පොල්තෙල් පහනකට සුදුහඳුන් තෙල් බින්දු 7ක් දමාගන්න.
වෘශ්චික ලග්නයට
වෘශ්චික ලග්න හිමි අයට ලග්නාධිපති ග්‍රහයා අඟහරු වෙයි. පස්වැන්න හිමි ග්‍රහයා බ්‍රහස්පති වෙයි. මේ අනුව කතරගම දෙවිඳුට රතු නෙලුම් මල් 3ක් හෝ 7ක් පූජා කර තල තෙල් පහනක් දල්වා පින් දෙන්න. විෂ්ණු හා ගණ දෙවියන්ට නිල් හා කහ මල් පූජා කර එළඟි තෙල් පහන් 3 බැගින් දල්වා පින් දෙන්න.
ධනු ලග්නයට
ධනු ලග්න හිමි අයට ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහයා වෙයි. පස්වැන්න අඟහරු ග්‍රහයාට හිමියි. කතරගම හා ගණ දෙවියන්ට රතු හා කහ මල් පූජා කරන්න. තල තෙල් පහන් 3ක් දල්වා ගන්න. විෂ්ණු දෙවිඳුට නිල් මල් වට්ටි 7ක් පූජා කර කහ මලක් උඩින් තබන්න. එළඟි තෙල් පහන් 3ක්ද දල්වා පින් දෙන්න.
මකර ලග්නයට
මකර ලග්න හිමි අයට ලග්නාධිපති සෙනසුරු වෙයි. පස්වැන්න සිකුරු ග්‍රහයාට හිමි වෙයි. විෂ්ණු දෙවිඳුට නිල් මල් වට්ටි 7ක් කහ මල් උඩින් තබා පූජා කර එළඟි තෙල් පහන් 3ක් දල්වා ගන්න. පත්තිනි මෑණියන්ට පාට පාට මල් වට්ටි 7ක් පූජා කර තල තෙල් පහන් තුනක් දල්වා පින් දෙන්න.
කුම්භ ලග්නයට
කුම්භ ලග්න හිමි අයට ලග්නාධිපති සෙනසුරු වෙයි. පස්වැන්න බුධ ග්‍රහයාට හිමි වෙයි. විෂ්ණු දෙවියන්ට නිල් මල් වට්ටි 7ක් උඩින් කහ මලක් තබා පූජා කරන්න. එළඟි තෙල් පහන් 3ක් දල්වා ගන්න. ගණ දෙවියන්ට සුදු කහ මල් එකට තබා පූජා කර තල තෙල් පහන් 3ක් දල්වා පින් දෙන්න.
මීන ලග්නයට
මීන ලග්න හිමි අයට බ්‍රහස්පති ග්‍රහයා ලග්නාධිපති ග්‍රහයා වෙයි. පස්වැන්න හිමි වන්නේ සඳු ග්‍රහයාට වෙයි. විෂ්ණු දෙවිඳුට සුදු නෙලුම් මල් 3ක් පූජා කරන්න. කතරගම දෙවියන්ට රතු, කහ මල් එකට තබා පූජා කරන්න. තල තෙල් පහන් 3ක් හා එළඟි තෙල් පහන් 3ක්ද දල්වා පින් දෙන්න. සුමන සමන් දෙවිඳුට සුදු මල් වට්ටි 7ක් හෝ සුදු නෙලුම් මල් 7ක් පූජා කරන්න. තල තෙල් පහන් 3ක් දල්වා පින් දෙන්න.
විශේෂ කරුණ නම් තල තෙල් හා එළඟි තෙල් ඕනෑම දෙවි කෙනකුට පූජා කිරීමට හැකියි. ඔබගේ ලග්නාධිපති ග්‍රහයා තමා ඔබට කේන්ද්‍රයේ ඇති ප්‍රධානම බලය. ඊළඟට නුවණ බුද්ධියට හිමි තැන කේන්ද්‍රයේ පස්වැනි කොටුවයි. එම පස්වැනි භාවය හිමි වන රාශිය අධිපති ග්‍රහයාට හිමි දෙවියන්ට පහනක් දල්වා සතුටු කර ආශීර්වාදය ලබාගන්න.
Wmqgd .ekSu u