iranama
ස්වඋත්සාහයෙන්ම ජීවිතය ජය ගන්නා දෛව අංක 1 හිමියෝ
ග්‍රීසියේ විසූ පෛතගරස් නැමැති දාර්ශනිකයාගේ ඇවෑමෙන් දියුණු වූ අංක විද්‍යාව අද ලොව දියුණු වූ විද්‍යාවක් බවට පත් වී ඇත. ඊජිප්තු සහ බැබිලෝනියානු ජ්‍යෙdතිෂ විද්‍යාව මුලාශ්‍ර කොටගෙන බිහි වූ අංක විද්‍යාව මිනිස් ජීවිතයේ සැබෑ තොරතුරු කිවහැකි බවට සාක්ෂි ඇත. ආදී යුගයේ සිටම පැවත එන මෙම නක්ෂත්ර ක්‍රමය නිසා මේ වන විට බොහෝ රටවල බොහෝ දෙනා මෙම මූලික සංඛ්‍යා ඇසුරින් තම ජීවන තත්ත්වය දැන ගැනීමට උනන්දු වී සිටිති.
කෙනෙකුගේ ජීවිතයෙහි යම්යම් තොරතුරු හා එම සිදුවීම් සිදුවන කාලවකවානුද මේ මගින් හෙළිදරව් කරගත හැකිය. මෙහිදී පළමුව අවශ්‍ය වනුයේ තමන්ට හිමි ගුප්ත අංකය හෙවත් දෛවය අංකය සොයා ගැනීමයි. ඒ සඳහා අවශ්‍යවන්නේ ඔහු උපත ලැබු නිවැරදි වසර මාසය හා දිනය පමණකි. එය සොයා ගන්නේ මෙහෙමයි. ඔබ උපන් වසර මාසය හා දිනය ආදී සියලුම ඉලක්කම් පහත සඳහන් ආකාරයට එකතු කර තනි අංකයකට ගත්විට කෙනෙකුගේ දෛවය අංකය සොයාගත හැකිවනු ඇත. ඒ සඳහා නිදසුනක් මෙන්ම 1935 නොවැ. 20 දින උපත ලැබූ අයෙකුගේ උපන් වර්ෂය මාසය හා දිනය මෙසේ එකතු කරමු. 1+9+3+5+1+1+2+0 = 22 එකතුව 22 තනි අංකයට යළිත් එකතු කරන්න. 2+2=4 .. එවිට ලැබෙන අංකය 4 ය. හතර යනු එම උපන්දිනයට හිමි දෛව අංකයයි. සමහර උපන්දින තනි අංකයට ගත නොහැක. එවැනි අවස්ථාවක අංකය මෙසේ ලබාගන්න. 1935-12-16 දින උපත ලැබුවෙකුගේ (1+9+3+5+1+2+1+6=28 2+8=10) මෙහිදී තනි අංකයක් නොලැබුණ නිසා ගත යුත්තේ එක පමණි. එවිට ඔහුගේ දෛව අංකය 1 වශයෙනි. මේ අයුරින් ඔබේ දෛව අංකය පළමුව සොයාගෙන ඒ අයුරින් ජීවිත තොරතුරු දැනගන්න. දැන් අපි බලමු දෛව අංක 1 හිමියන්ගේ ජිවන තොරතුරු කෙසේද කියා.
දෛව අංක 1 රවි ග්‍රහයාට අයත්ය. මෙම අංකයෙන් උපත ලබන අය සමාජයේ කා අතරත් කැපී පෙනෙන උද්යෝගිමත් අයෙකි. අවංක එඩිතර හදවතක් හිමි මොවුන් විනෝදකාමීය. කාගේත් සිත්ගන්නා සුළු පෞරුෂයකින් යුක්තය. අන්‍යයන් පාලනය කිරීමේ ආත්ම ශක්තියක් ඇති මොවුන් යුක්ති ගරුකය. විනය ගරුකය. මේ අය මුදල් ඉපයිය හැකි කලාත්මක කාර්යයන්හි නියුතු වෙති. තම සමාජ දක්ෂතා අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට ආශා ඇත්තෝය. දෛව අංක 1 ද්‍රව්‍ය තලයට අයත් අංකයක් නිසා හැමවිටම ලෞකික දියුණුව ගැන සිතයි. තම ධනය, වස්තුව, යාන වාහන, ගේදොර, ඉඩකඩම් ගැන බෙහෙවින් කතා කරයි. විවේකය තදින් ප්‍රිය කරන මොවුන් වෙහෙසවී වැඩ කිරීමට කැමති නොවේ. තමන් අතට තම අතමය සෙවනැල්ල යන පැරණි කියමන මොවුන් අකුරටම පිළිපදිති. අන් අයගේ උදව් උපකාර බලාපොරොත්තු නොවන අංක 1 හිමියන් තම උත්සාහයෙන්ම දියුණුව ලඟාකර ගනී.
හැම කාර්යයකදීම ජයග්‍රහණය මිස පරාජයක් ගැන නොසිතයි. දෛව අංක 1 හිමියන්ට සමාජයේ ඉහළ ස්ථානයක් හිමිවන්නේ නිරායාශයෙනි. අංක 1 හිමියන්ට බොහෝ විට හිමිවන්නේ ප්‍රධානතම නැතහොත් මූලිකත්වයෙන් කටයුතු කළහැකි ජීවන මාර්ගයකි.
වැඩි වෙහෙස මහන්සියක් නොලබාම මොවුන්හට රජයේ හෝ සංස්ථාවක උසස් තනතුරු හිමිවිය හැකියි. නොදියුණු ගමක වුවද ඒ ඒ ස්ථානයේ හැටියට එහි ප්‍රධානියා බවට බොහෝ විට පත්විය හැක්කේ අංක 1 දෛව අංක හිමියන්ය. තවද විශේෂයෙන් පොලිස් සේවය හමුදා සේවයේ නියුතු ප්‍රධාන තනතුරුවලටද මෙම අංකයෙහි බලපෑම ඇති වෙයි. එම පුද්ගලයා කවර තැනකට වැටුනත් එම ආයතනයේ හෝ ස්ථානයේ කැපී පෙනෙන ප්‍රධානත්වයක් හිමිවනු ඇත.
දෛව අංක 1 හිමියාට ඉතාම සුභඵලදායක වන්නේ මාසයේ යම් දිනක පාලන දින අංකය අංක එකට යෙදෙන දිනයන්වේ. නිදර්ශනයක් ලෙස 1965-02-05 28-10-1 මෙවැනි දින 03 ක් මාසයකට ඇත. ඇතැම් මාසවල දින 4 ක් ද ඇත. මේ හැර මාසයේ 1 වැනිදා 10 වැනිදා 19 වැනිදා දෛව අංක 1 හිමියන්ට සුභ දිනවේ. දෛව අංක 1 හිමියාගේ පරමායුෂ අවුරුදු 100 ක් ලෙස සැලකුව හොත් එම අයට සුභඵල ගෙනදෙන අවුරුදු 66 ක් වන අතර ඉතිරි අවුරුදු 34 අසුභදායක ලෙස සලකනු ලැබේ.
දෛව අංක 1 හිමියාට නියමිත වයසේදීම අවුරුදු 26 ලැබීමත් සමඟම මංගලයෝග උදාකරයි. එසේම වයස 31 හා 45 ද සිකුරුගේ බලපෑම නිසා අනුරාගික බව උත්සන්න වීමට පුළුවන. ඒ හැර අවු. 50, 59, 64 හිද අනුරාගික හැඟêම් බලවත් වනු ඇත.
ඔවුන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් සිදුවන වයස් සීමාව වනුයේ වයස අවු 9.14,28, 33, 47, 52, 66, 71, 85,90 යන වකවානුය. එසේම උපන් වර්ෂයේ සිට අවුරුදු 10 න් 10 ටද වැදගත් සිදුවීම් ඇතිවීමට නියමිතය. දෛව අංක 1 හිමියාට දුක්මුසු අවස්ථාවන්වලට මුහුණ පෑමට සිදු වනුයේ වයස 7, 13, 19, 24, 27, 32, 38, 43, 46, 51, 57, 62, 65, 70, 76, 79, 81, 84 යන කාල වකවානුය. මෙම වයස් ප්‍රමාණවලදී බාල සහ මධ්‍යම යුගයේ නම් විශේෂයෙන් පෙම් සබඳතා බිඳ වැටීම දුක්මුසු මානසික තත්ත්වයන් නිසාද, වැඩිහිටි වයස් වලදී නම් අඹු සැමි භේද හෝ රෝග පීඩාද නැතහොත් සතුරු උවදුරු නිසාද ඇතිවන මානසික තත්ත්වයන්ද බලපෑමට අවකාශ ඇත.
දෛව අංක 1 හිමි සම්භාවනීය පුද්ගලයින් කීප දෙනෙකුගේ නම් හා උපන් දිනයන් ඔබේ දැන ගැනීමට ඉදිරිපත් කරමි.
අගමැති ඩඩ්ලි සේනානායක මහතා
1911.06.10 =37-10=1
මහා ගත්කරු මුනිදාස කුමාරතුංග
1887-07-24=37=1
දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ
1901-04-13=19-10=1
පී. ද ඇස්. කුලරත්න (දක්ෂ ගණිත විශේෂඥ)
1899.03.31 =28-10=1
රොබට් ගුණවර්ධන මහතා
1899-11-08=37-10=1
ඉහත දෛව අංක 1 හිමි සම්භාවනීය පුද්ගලයින්ගේ සාමාන්‍ය ගති පැවතුම් හා ස්වභාවයන් අනුව අංක 1 හිමි අය පිළිබඳව අවබෝධයක් ඔබට ලබාගත හැකිවනු ඇත.
(වෙනත් අංක පිළිබඳව පසු ලිපිවලින්)
අංක 158, හිඹුටාන
මුල්ලේරියාව නවනගරය
දු. අංක 0112419574-0716212020
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks