iranama
සදුගේ බලයෙන් සුබ ප්‍රාර්ථනා ඉටුකර ගන්න
සුබ ප්‍රාර්ථනා නැත්තේ කාට ද? ඒ හැම පැතුමක්ම ඉටුවෙනවා ද? බලාපොරොත්තු ඉටුකර ගැනීමට ප්‍රාර්ථනා කිරීම පමණක් ප්‍රමාණවත් ද? නැතිනම් ප්‍රාර්ථනාවක් කළ යුතු විශේෂ ක්‍රමයක් තිබේද ?
අප කරනු ලබන ප්‍රාර්ථනා සාර්ථක කර ගැනීමට හඳේ බලපෑම කොතරම් තිබේ දැයි මේ වන විට බටහිර ජ්‍යෙතිර්වේදීන් විසින් මනාව සොයා බලා අනාවරණය කරගෙන තිබේ. බොහෝ කාලයක් අප සමඟ සිටින දිවයින නැකත පාඨක ඔබට සිංහලෙන් මෙම වටිනා කරුණු එළිදැක්වෙන ප්‍රථම අවස්ථාව මෙය බව අපගේ හැඟීමයි. එහෙත් එංගලන්තය හා ජර්මනිය යන රටවල දැනටමත් උගත් ජ්යෙතිර්වේදීහු තම සේවාදායකයන්ගේ ප්‍රාර්ථනා සඵල කරගනු සඳහා හඳේ බලය ප්‍රයෝජනයට ගනිමින් සිටිති.
හඳ එතරම් බලවත් ද? ඇත්තටම බලවත්ය. නූතන විද්‍යාඥයන් පවා හඳ ගැන දන්නා කරුණු අල්ප බව පෙනේ. සූර්යයා ගැන සොයා බලා ඇති කරුණුවලට අනුව හඳ ගැන සොයා බලා නැත.
උදාහරණයක් වශයෙන් ශාක නැති නම් ගස්වැල් වල වර්ධනය උදෙසා ප්‍රභාසංස්ලේෂණය සිදු කෙරෙන්නේ හිරු එළිය ලබා ගෙන බව විද්‍යාව ඉගෙන ගන්නා ශිෂ්‍යයන් පවා දනී. එහෙත් මේ සඳහා සඳේ බලපෑම කුමක් ද යන්න සොයා බලා තිබේ ද? පුර හඳ හා අමාවක දිනවල ගස්වැල් වල විශේෂ වෙනස්කම් සිදුවේ. පසළොස්වකට ගස් කපන්නේ නැති බවත් ඊට හේතුව එම කඳන් වල ගුල්ලෝ ගසන බවත් ලී මුදලාලිලා දනී. කළුවර පක්ෂයට කපන ගස්වල ලී පැවැත්ම අතින් ඉහළය. හේතුව පෝයට ගස්වල දියර ගතිය ඉහළ යැමයි.
කෘෂිකාර්මික නැකත්වල පදනම වී ඇත්තේ සඳයි. සතියේ ඒ ඒ දිනවල ඒ ඒ නැකත් තරු හරහා සඳු ගමන් කරන විට උදාවන තිථි අනුව අව, මර, දග්ධ, රික්තා ආදී වශයෙන් හඳුන්වන දෝෂ උදාවේ. මේවා වගාව කෙරෙහි අහිතකර ලෙස බලපාන බවත් දෝෂ වලින් තොරව කරනු ලබන වැපිරීම, සීසෑම, ආදිය කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බවත් ඉගැන්වේ. එමෙන්ම වැට සැදීමට භාවිතා කරන 'කරණ' පදනම්ව ඇත්තේ ද සඳුගේ ගමන අනුවය. නැකතට බඳින වැටවල් කඩාගෙන ඌරන් හෝ අලි එන්නේ නැත. නැකත මගින් පළිබෝධ මෙන්ම සිවුපා සතුන්ගෙන් වන හානිද වළක්වන ලදී.
සඳේ බලය හඳුනාගත් ජර්මන් ජාතික විද්‍යාඥයන් ගොවිතැන් කටයුතු සඳහා සුබ අසුබ වේලාවන් දක්වන කැලැන්ඩර් මුද්‍රණය කර බෙදාහැර තිබේ. එහෙත් මේ දැනුම ඊට බොහෝ කලකට පෙර ලංකාවාසීන් දැන සිටි බව අප විසින් අමතක කළ යුතු නැත. ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් හඳුන්වන තරමට කෘෂිකර්මයෙන් සමෘද්ධිමත් වූයේ වස විස රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර භාවිතයෙන් නොවේ. ඒවායින් සිදුවූ එකම දෙය නම් ගොවිතැන විනාශ වීමයි.
දරු උපත සඳහා ද සඳේ බලපෑම අතිවිශාලය. දරුවෙක් පිළිසිඳ ගන්නේ මවගේ කේන්ද්‍රයේ සඳු ගමන් කරන භාව අනුව බව ජ්‍යෙතිෂයේ සඳහන් වේ. මේ අනුව නව යුවළකට දරුවන් ලබා ගැනීමටත්, ඒ දරුවා ගැහැනු දරුවෙක් හෝ නැතිනම් පිරිමි දරුවෙක් වීමටත් අවශ්‍ය නම් ඒ අනුව ක්‍රියා කළ හැකිය. එපමණක් නොවේ. දරු උපත් පාලනයට ද සඳේ ගමන සම්බන්ධ කර ගත හැකිය.
ප්රශ්නය වන්නේ අපේ සාම්ප්‍රදායික දැනුම අප විසින්ම අමතක කර දැමීමයි. එහෙත් මේ වන විට තම සියලු ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට හඳේ ගමන හා සම්බන්ධව ප්‍රාර්ථනා කරන ආකාරය ලොවට එළිවී තිබේ.
වගාවට සුදුසු කාලය එළඹෙයි. හරියටම ඒ කාලයට ගොවිතැන් කරන ගොවීහු යහපත් අස්වැන්නක් ලබති. එමෙන්ම නිසි කාලයක වැරදි වේලාවට කරන වගාවන්ගෙන් ප්‍රතිඵල නොලැබේ. නැත්නම් ප්‍රතිඵල ලැබීමට බොහෝ වෙහෙසිය යුතුවේ.
ප්‍රාර්ථනා ද එසේය. නිසි කලට නිසි ක්‍රමයට කරන ප්‍රාර්ථනා කිසි වේලාවට පැළ කරන ලද බීජයක් මෙන් වැඩේ. එය ගසක් බවට පත්වී පල දරයි. එමෙන්ම ප්රාර්ථනාවද නොවැරදීම ඵල දරනු ඇත. මේ පිළිබඳව ලියන ජර්මන් ජාතික ජ්යෙතීර්වේදිනියක වන (Jan Spiller) මෙසේ කියයි.
''I have been experimenting with using these basic power periods to make my own dreams come true for the
past twenty one years. As a result my life has become different from the way I used to live. I have watched myself “magically” overcome troubling inhibitions establish healthy and manifest success in area of my life that were important me''
ඇය කියන පරිදි මේ විශේෂ දිනවල කරන ලද පැතුම් සාර්ථක වීම හේතුවෙන් ඇයගේ ජීවිතයේ බොහෝ ගැටලු විසඳා ගැනීමට සෞඛ්‍ය සම්පන්න වීමට හේතු වී ඇත.
කෙසේ නමුත් මේ අලුත් ක්‍රමයක් නොවන බවත්, අතීත මුතුන් මිත්තන් පවා මේවා දැන සිටි බවත් ඇය පවසා ඇත.
අමාවක සඳ කළුවර දිනෙන් එන එළිය විහිදුවයි. එමෙන්ම ප්‍රාර්ථනා ද සඳ මෝරණ විටම වර්ධනය වීමට පටන් ගැනී. එය පසළොස්වක සඳ මෙන් බබළන දිනයක් උදාවේ.
කවීන්ගේ කවි සිතුවිලි සඳ ඇති දිනවල වඩාත් නිර්මාණාත්මක ලෙස ලිවිය හැකි බව සත්‍යයකි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ ද සඳ බබළන දිනවල වැදගත් සිදුවීම් රාශියක් සිදුවී තිබේ. වෙසක් උත්සවයට සමරන බෝසත් උපත, බුදුබව ලැබීම හා පරිනිර්වාණය වෙසක් පෝ දිනවල සිදුවී ඇත. ධම්මචක්ක සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍ර දේශනා කර ඇත්තේ ද පෝය දිනවලය. මිහිඳු මා හිමියන් ලංකාවට වඩින්නේ පොසොන් පෝය දිනයකය.
මේ අප විසින් සොයා බැලිය යුතු වැදගත් කරුණු වේ. ශාසන ඉතිහාසයේ වැදගත් බොහෝ සිදුවීම් පුර පසළොස්වක පෝය දිනවලම සිදු වූයේ මන්ද? මනසේ ක්‍රියාකාරිත්වයට හා ආධ්‍යාත්මික ශක්තියේ විකසනයට සඳ රැස්වල බලපෑමක් තිබේ ද යන්න විමසා බැලීම වටී. අදත් සිල් සමාදන් වන්නේ අමාවකට වඩා පසළොස්වක පෝය දිනවලය.
අප සාකච්ඡා කරමින් සිටින්නේ අපගේ අතීත මුතුන් මිත්තන් දැන සිටි රහසකි. එය අප අතරින් ගිලිහී ගොස් බටහිර රටවලින් මතුවී ඇත. අපි අපගේ මුතුන් මිත්තන් හඳට ගල් ගැසූ මෝඩයන් ලෙස හඳුන්වනවා නොවේ ද?
සූර්යයා සමඟ හඳ එකතු වන දිනයක අමාවක උදාවෙයි. එවිට රාත්‍රිය අන්ධකාරය. හිරු රැස් සඳ මතට හරියටම වැටෙන විට පසළොස්වකය. මේ දිනවල් උදාවන්නේ මාසයකට එකකි. එදිනට හිරු සහ සඳු සිටින්නේ විවිධ තැන්වලය. ඒවා රාශි නම් වේ. සඳු කටක රාශියේ නම් බලවත්ය. වෘශ්චිකයේ නම් නීචය. සඳු ගමන් කරන මේ රාශි අනුව කළයුතු ප්‍රාර්ථනාවන් ද වෙනස්ය. මේ දිග කතාවක ආරම්භයයි. ඉතිරි ටික තවත් දවසකට කතා කරමු.
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
වැඩි විස්තර සදහා - 035 2232084/ 077 1234313
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks