iranama
සතුරු කරදරවලින් මිදෙන්නට සරල පිළියමක්
කෙනෙකුට හේතු ඇතිව හෝ නැතිව අන්‍යයන්ගේ සතුරු කරදරවලට ලක්වන්නට සිදුවීම අද සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත. එහෙත් හේතුවක් නැතිව නිකරුණේ කෙනෙකුට සතුරු කරදරවලට පීඩාවන්ට ලක්වීමට සිදු වන්නේ නම් එය අදාළ පුද්ගලයාට සිදු වන්නා වූ බලවත් අසාධාරණයකි.
එවැනි අවස්ථාවන්ට මුහුණදීමට සිදු වන ඕනෑම කෙනෙකුට ඒවායෙන් වැළකී තමන්ගේ පාඩුවේ ජීවත්වීම සඳහා භාවිත කළ හැකි ආරක්ෂක ශාන්තිකර්ම බොහොමයක් පැරණි සෘෂිවරුන් අපට දායාද කර ඇති අතර පහත දැක්වෙන එම ආරක්ෂාව තුළින් සතුරු පීඩාවන්ගෙන් මිදීමට හැකි වනු ඇත.
මල් බුලත් තටුවක් තනා එහි එක නැට්ටේ දෙහි ගෙඩි තුන සහිත ජෝඩු දෙකක් සහ කුඩු කරන ලද සාම්බ්‍රානි භාජනයක් තබා අදාළ මන්ත්‍රයෙන් 1008 වරක් ජීවම් කරගන්න. පසුව දෙහි ජෝඩු දෙක සුදු රෙදි කඩ දෙකක ඔතා එකක් නිවසේ ඉදිරිපස උළුවස්සේද අනෙක පිටුපස උළුවස්සේද එල්ලන්න. දිනපතා ආගමික වතාවත්වලින් පසු ජීවම් කරගත් සාම්බ්රනිවලින් නිවසට දුම් අල්ලා නිවසේ සැමට බලපාන්නා වූ සතුරු කරදර දුරුවේවා· යනුවෙන් ප්‍රාර්ථනා කරන්න. මෙම ශාන්තිකර්මය නොකඩවා සිදු කිරීමෙන් ඔබගේ බලාපොරොත්තු ඉටු වී සතුරු කරදර නිමාවට පත්වනු ඇත.
මන්ත්‍රය
ඕම් කන්දස්වාමි නමෝ වරං සර්ව බන්ධන තෙරිංචි
මුරිංචි අල්ලම් හර හර දිෂ්ටි පෙරලුම්
ඕම් ත්‍රිශූල වේලායුධ හස්තධාරි දේව ගෝවින්දනේ
සූනියම් බන්ධන කන්දස්වාමි පෙරලුම්
මහාදේවකුමාර බන්ධන සලිත සලිත වාවා පෙරලුම්
ඕං නමෝ ශිවාසුම් ඕඩි වා වා බන්ධන එලෙන්දි
පෝග පෝග ආපසු පෙරලුම්
විනාශාය මයුර වාහන ප්රල උණුව ගිනි ගිනි ආරූඪ
හිරු වැළකුම් තෙරිංචි මුරිංචි පෙරලුම්
ඕං සර්ව විසාධි බිල්ලම් සුනියම් අරු අරු
කන්දකුමාරයානේ පෙරළුම් දිරි දං
වැඩිදුර විස්තර සඳහා 072-3559768 අංකය අමතන්න.
ජ්‍යෙතිෂවේදී - රංජන් සිසිර කුමාර
සටහන - ධම්මික හේවාවසම්
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks