iranama
සත් කීර්තිමත් ලක්ෂ්මී යෝගය ඔබටත් තිබෙනවාද?
උත්සාහයෙන් හම්බ කරලා ඉතුරු කරලා තව තව ආදායම් මාර්ග හදා ගත්තොත් සියලු සැප සම්පත් භුක්ති විඳින්න පුළුවන් කියලනේ අපි හිතාගෙන ඉන්නේ. ඒත් ඉතින් හැමෝටම එහෙම බැහැනේ. සමහරු නම් වැඩි ගාණක් නැතිව ඔහේ හිටියට ඒගොල්ලන්ට සියලු සැප සම්පත් පහළ වෙලා. ඉන්නේ හරිම සතුටින්. මෙහෙම වෙන්නේ කොහොමද?
සත් කීර්තිමත් ලක්ෂ්මී යෝගය ඔබටත් තිබෙනවාද?
උත්සාහයෙන් හම්බ කරලා ඉතුරු කරලා තව තව ආදායම් මාර්ග හදා ගත්තොත් සියලු සැප සම්පත් භුක්ති විඳින්න පුළුවන් කියලනේ අපි හිතාගෙන ඉන්නේ. ඒත් ඉතින් හැමෝටම එහෙම බැහැනේ. සමහරු නම් වැඩි ගාණක් නැතිව ඔහේ හිටියට ඒගොල්ලන්ට සියලු සැප සම්පත් පහළ වෙලා. ඉන්නේ හරිම සතුටින්. මෙහෙම වෙන්නේ කොහොමද?
කේන්දරයක් අරගෙන ග්‍රහ පිහිටීම් දිහා බැලුවොත් සමහර කේන්දරවල ප්‍රබල යෝග පිහිටා තිබෙනවා. ඒ වගේ යෝග පිහිටි අයට සියලු සැප සම්පත් ලැබෙනවා. අන්න එහෙම යෝගයක් වන ලක්ෂ්මී යෝගය ගැන අද තරුපති තුළින් සොයා බලමු.
ලග්නාධිපතියා බලවත්ව සිටියදී නවවැන්න අධිපතියා කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණ ස්ථානයක උච්ච හෝ ස්වකෙෂ්ත්ර බලයෙන් ඉන්නවා නම් ඒ තමයි ලක්ෂ්මී යෝගය. මේ යෝගය පිහිටි අයගේ පෙනුම ඉතාමත් සිත් ඇදගන්නාසුලුයි. හරිම අවංකයි. පාලන බලය ඇතිව, රාජ්‍ය ගෞරව ලබමින් ධන ධාන්‍ය සම්පත් අනූනව, උගත්කම, තේජස් සහිතව නිතරම සතුටින් සහ සුව පහසුවෙන් කාලය ගත කිරීමට වාසනාවන්ත වෙනවා. කොටින්ම කියනවානම් මේගොල්ලන්ට කිසිම දෙයකින් අඩුවක් නැහැ. සශ්‍රීකයි.
අපි දැන් බලමු මේ ලක්ෂ්මි යෝගය තමන්ගේ හඳහනේ සැඟවිලා තියෙනවද කියලා හොයා ගන්නා හැටි ඉතාමත් සරලව. පළමුවෙන්ම පහත වගුවෙන් බලාගන්න තමන්ගේ ලග්නාධිපති කවුද කියලා සහ එයා බලවත් වන්නේ මොන රාශි තුළදීද කියලා.
ලග්නය ලග්නාධිපති උච්ච රාශිය ස්වක්ෂේත්ර රාශි
1. මේෂ කුජ මකර මේෂ, වෘශ්චික
2. වෘෂභ ශුක්‍ර මීන වෘෂභ, තුලා
3. මිථුන බුධ කන්‍යා මිථුන, කන්‍යා
4. කටක චන්ද්‍ර වෘෂභ කටක
5. සිංහ රවි මේෂ සිංහ
6. කන්‍යා බුධ කන්‍යා මිථුන, කන්‍යා
7. තුලා ශුක්‍ර මීන වෘෂභ, තුලා
8. වෘශ්චික කුජ මකර මේෂ, වෘශ්චික
9. ධනු ගුරු කටක ධනු, මීන
10. මකර ශනි තුලා මකර, කුම්භ
11. කුම්භ ශනි තුලා මකර, කුම්භ
12. මීන ගුරු කටක ධනු, මීන
ලක්ෂ්මී යෝගය පිහිටන්න නම් එක පැත්තකින් ලග්නාධිපතියා බලවත් වෙන්න ඕනෙ. ග්‍රහයෙක් උච්ච වීම ස්වක්ෂේත්ර වීම වැනි තත්ත්වයක් තමන් තැන්පත් වෙලා ඉන්න රාශිය තුළදී ලබා ගන්නවානම් එයා බලවත්. තමන්ගේ කේන්දරයේ කොටු ෙදාළහ අයිති වන්නේ මොන මොන රාශියටද කියලා හොයා ගන්න එක අමාරු නැහැනේ. ලග්න අනුපිළිවෙළ වන්නේ ඉහත වගුවේ 1, 2, 3, 4, .... පිළිවෙළටයි. ඉතින් ඔබේ ලග්නයට අනුව ලග්න කොටුවේ (කේන්දරයේ ඉහළින්ම තියන ලොකු කොටුවේ) ඉඳන් පිළිවෙළට වම් පැත්තට රාශි ලකුණු කරගෙන ගියාම කොටුවල රාශි අයිතිය හොයා ගන්න පුළුවන්. දැන් බලන්න තමන්ගේ ලග්නාධිපති බලවත්ද කියලා. ලක්ෂ්මී යෝගය පිහිටන්න නම් නවවැන්න අධිපතියාත් බලවත් වෙන්න ඕනනේ. පහත වගුවෙන් තමන්ගේ නවවැන්න අධිපතියා හඳුනාගෙන ඉහත වගුවේ දෙවැනි පේළියට අනුව එයා බලවත් වන රාශි හඳුනා ගන්න.
ලග්නය නවවැන්න අධිපති
මේෂ ගුරු
වෘෂභ ශනි
මිථුන ශනි
කටක ගුරු
සිංහ කුජ
කන්‍යා ශුක්‍ර
තුලා බුධ
වෘශ්චික චන්ද්‍ර
ධනු රවි
මකර බුධ
කුම්භ ශුක්‍ර
මීන කුජ
දැන් ඔබ ඔබගේ ලග්නාධිපතියා හඳුනනවා. ඒ වගේම එයා බලවත්ව ඉන්නවාද කියලත් දන්නවා. ඊළඟට ඔබ ඔබගේ නවවැන්න අධිපතියාත් හඳුනනවා. එයා බලවත්ව ඉන්නවාද කියලත් හොයා ගත්තා. නවවැන්න අධිපතියා ඕනෙම ස්ථානයක බලවත්ව ඉඳලා හරියන්නේ නැහැ. එයා බලවත්ව ඉන්න ඕනෙ එක්කෝ කේන්ද්‍රස්ථානයක නැතිනම් ත්‍රිකෝණ ස්ථානයක. කේන්ද්‍රස්ථාන කියන්නේ ජන්ම පත්‍රයේ 1, 4, 7, 10 යන ස්ථානයි. (ලොකු කොටු) ත්‍රිකෝණ ස්ථාන කියන්නේ 1, 5, 9 යන ස්ථානයි.
මේ අනුව ලග්නාධිපතියා උච්ච හෝ ස්වක්ෂේත්ර බලය අත්පත් කරගන්නා ගමන්ම එයා 1, 4, 5, 7, 9, 10 යන ස්ථානයක ඉන්නවා නම් ලග්නාධිපතියාත් ජන්ම පත්‍රයේ බලවත්ව ඉන්නවා නම් ඔබට ලක්ෂ්මී යෝගය පිහිටා තිබෙන අතර කලින් සඳහන් කරපු වාසි ඔබට අත්වෙනවා. මෙහෙම වන්නේ බොහෝ පෙර පින් තියෙන අයටයි. පුද්ගලයා සමාජය තුළ ඉහළ තලයකට ඔසවා තබමින් සියලු සැප සම්පත් ලබා දෙන ග්‍රහ පිහිටීම් ගණනාවක් ගැන ජේයාතිෂයේදී හඳුන්වා දී තිබෙනවා.
ප්‍රායෝගිකව පෙනෙන කරුණක් තමයි මෙවැනි සුබ ග්‍රහ පිහිටීම් ඇති අය සමාජයේ හොඳින් ජීවත් වන බව. බොහෝ ජන්ම පත්‍ර හිමියන් තමන්ගේ ජන්ම පත්‍රය තුළ තිබෙන වටිනාකම් හඳුනාගෙන ඒවාට අනුව නිසි මඟ යමින් ලස්සන ජීවිත ගත කරන බව වර්තමානයේ පෙනෙන්නට තිබීම සතුටට කරුණක්
Wmqgd .ekSu u