iranama
ශිෂ්‍යත්ව විභාගයට පිටත්වීමට සුබ නැකත්
අගෝස්තු 20 ඉරිදා පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනවා. ශිෂ්‍ය ශිෂ්‍යාවන් වගේම මා පියනුත් ශිෂ්‍යත්ව විභාගය ගැන තියෙන්නේ ලොකු බලාපොරොත්තුවකින්. ජනප්‍රිය පාසලකට ඇතුලු වෙන්න තියෙන පහසුම ක්‍රමය තමයි ශිෂ්‍යත්වෙ පාස් වෙන එක. ඉතිං මේ විභාගෙට යන කොටත් පිටත් වෙන්න නැකත් චාරිත්‍ර තියෙනවා.
පළමුව උදෑසන අවදිවෙන්න. ඔබ බෞද්ධ නම් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් තියලා දෙවියන්ට පින් දෙන්න. අන් අය තමන් අදහන ආගම සිහිකරන්න.
තම දරුවාගේ විභාගය හොඳින් සමත්වීමට තුනුරුවන්ගේ අනන්ත වූ ගුණ බලය ආශිර්වාදයක් වේවා කියලා මා පියන් ප්‍රාර්ථනා කරන්න.
විභාග සමත් වෙන්න නම් පාඩම් කරන්න ඕන බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ වුණත් යම්කිසි කර්ම ශක්තියක් තියෙනවා නම් ඒක සමනය වෙන්න මේ ප්‍රාර්ථනාව ආශිර්වාදයක් වනවා ඇත. ඊට පස්සේ මේ නැකතට දකුණු පය පෙරට තියලා පිටත් වෙන්න. ශිෂ්‍යත්වය සමත් වෙන්න කියලා අපිත් ඔබට ආශිර්වාද කරනවා.
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
වැඩි විස්තර සදහා - 035 2232084/ 077 1234313
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks