iranama
ශනි කේතු යෝගය නිසා මතකය අඩුයි
ඒරාෂ්ටක දෙකයි ඉමාෂි - අත්තිඩිය
ප්රශ්නය : ඉදිරි අනාගතය කෙසේද?
පිළිතුර : ජන්ම හා ලග්න ඒරාෂ්ටක ද්විත්වයම සහිතව උපත ලබා ඇති හෙයින් අධිෂ්ඨානය හා ඔරොත්තු දීමේ ශක්තිය සහිත දියණියකි. සාර්ථක කාල මෙන්ම අසාර්ථක කාල සීමාවන්ද පසුකිරීමට සිදුවෙයි. අපේක්ෂිත සිදුවීම්වලට වඩා මුහුණ දෙන්නේ අනපේක්ෂිත සිදුවීම්වලටය. තමන් සමඟ එකඟ නොවන අය කෙරෙහි පවතින අසතුට කෙළින්ම පෙන්වන්නීය. 2029.12.20 දක්වා පවතින්නේ උච්ච රාහුගේ මහ දශාව හෙයින් වැඩි අයහපත් තත්ත්වයක් ඇති නොකරයි.
අලසයි
රසාංජන - දික්වැල්ල
ප්රශ්නය : ඉදිරි අධ්‍යාපන කටයුතු කෙසේද?
පිළිතුර : 10 වැන්නේ පිහිටා ඇති ත්‍රිග්‍රහ යෝගය අධ්‍යාපනයට යහපත් වුවත් ශනි - කේතු යෝගය පැවැතීමෙන් මතකයේ අඩු බවක් දැකිය හැකියි. තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු සිදු නොවූ විට අලස බවින් ගුළි වෙයි. රළු හැසිරීම් හා විරෝධතාවන් ඉදිරියේ පසුබසියි. ස්වයං විශ්වාසය වර්ධනය කර ගතහොත් අනාගතය සාර්ථක කර ගත හැකියි. 2020.05.22 දක්වා පවතින රාහු මහ දශාවත් 2017.01.16 දින ඇරැඹෙන ජන්ම ඒරාෂ්ටකයත් අධ්‍යාපනයට අයහපත් හෙයින් නිසි පිළිවෙත් යොදන අතර දිනපතා උදේ හා රාත්‍රි සූරිය පිරිත සජ්ජායනා කරන අතර ඒරාෂ්ටකය ඇරැඹීමෙන් පසුව එයට නිසි පිළිවෙත් යොදමින් ජිනපඤ්ජරය සජ්ජායනා කරන්න.
ස්වාධීනයි
හිරුෂාන් - වලස්මුල්ල
ප්රශ්නය : ඉදිරි අධ්‍යාපනය හා අනාගතය කෙසේද?
පිළිතුර : සිතීමෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ස්වාධීන, අන් අයගේ අදහස් සමඟ නොගැළපෙන දරුවෙකි. සීමා කිරීම් හා විවේචන නොරුස්සයි. අවංකව අදහස් ප්‍රකාශ කරන හෙයින් සතුරන් ඇති වෙයි. අසතුටුදායක පරිසරයකදී අලස වෙයි. 2014.11.02 සිට වසර හතහමාරක් ලග්න ඒරාෂ්ටකය පවතින හෙයින් නිසි පිළිවෙත් යොදන අතර දිනපතා උදේ හා රාත්‍රි ජිනපඤ්ජරය සජ්ජායනා කරන්න.
ඒරාෂ්ටක දෙකයි
සෙනුර-පල්ලෙපොල
ප්රශ්නය : අධ්‍යාපනය සාර්ථක වේද? අනාගතය කෙබඳුද?
පිළිතුර : පරිසරයට හා පුද්ගලයන්ට සංවේදීය. පුද්ගලයන් ඇසුරු කිරීමේ අපහසුතාවක් පවතියි. අසතුටුදායක පරිසරයකදී කලකිරීමට පත්වෙයි. 2020 දක්වා ජන්ම හා ලග්න ඒරාෂ්ටක ද්විත්වයම පවතින හෙයින් නිවැරැදි පිළිවෙත් යොදන අතර දිනපතා උදේ සහ රාත්‍රි ජිනපඤ්ජරය සජ්ජායනා කරන්න. වෙනත් දශා අපල තිබේදැයි දැනගැනීමට හා ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමට දශා ශේෂය එවා නැත.
මතකය අඩුයි
නෙත්මිණි-හංවැල්ල
ප්රශ්නය : මෙවර උ/පෙළට පෙනී සිටියි. විභාගය සමත් වේද? අනාගතය හා විවාහය කෙසේද?
පිළිතුර : රණහංස යෝගය හා භද්‍රා යෝගය යන යෝග දෙකම සහිත දියණියක් හෙයින් යහපත් බුද්ධියක් සහිතය. විවිධ විෂයන් කෙරෙහි දැනුම පවතියි. එහෙත් ශනි-කේතු යෝගය පිහිටා ඇති හෙයින් අමතක වන තත්ත්වයක් පැවැතිය හැකිය. නිර්මාණශීලීය. අනුන්ට නීති පනවන නමුත් තමන් පිළිපදින්නේ නැත. අනාගතය සම්බන්ධයෙන් සිහින පවතියි. ඒකාකාරී බවට කැමැති නැත. පරිසරයට අතිශයින් සංවේදීය. අසතුටුදායක පරිසරයේදී ආමාශයේ හෝ සිරුර අභ්‍යන්තරයේ මස් පෙරළීම වැනි තත්ත්වයක් හටගනියි. 2014-09-04 සිට පවතින රාහු මහ දශාවේ බලපෑමෙන් සිත කලබල සහිත වෙයි. නිවැරැදි පිළිවෙත් යොදන අතර දිනපතා උදේ සහ රාත්‍රි ජිනපඤ්ජරය සජ්ජායනා කරන්න. සිත වෙනත් අරමුණු කරා නොයන තාක් අධ්‍යාපනය යහපත් අයුරින් ඉටු කරාවි. නිසි වියේදී යහපත් විවාහයක් සිදුවනු ඇත.
සංවේදියි
තමින්දි - වැලිපැන්න
ප්රශ්නය : අපල තිබේද? කළ යුතු පිළියම් මොනවාද?
පිළිතුර : පුද්ගලයන්ට හා පරිසරයට සංවේදී දැරියට කරුණාව ඇගයීම හා දිරිගැන්වීම් අවශ්‍ය කරයි. විස්තර ලියන්න දශා ශේෂය එවා නැත.
හඳහන නැත
සදෙව්-කළුතර උතුර
ප්රශ්නය : 2016 ශිෂ්‍යත්වය සමත් වේද?
පිළිතුර : ඔබ හඳහන එවා නැත.
පිළිවෙත් කරන්න
නදීෂා-අග්බෝපුර
ප්රශ්නය : මතකය දුර්වලය. අධ්‍යාපනය ගැන සිත නොයොදවයි
පිළිතුර : මෙම හඳහනෙහි බුධ, සිකුරු හා ශනිගේ යෝගය යහපත් නැත. ශනි-කේතු යෝගයද පවතින හෙයින් මෙම තත්ත්වය උද්ගත වී තිබේ. ඊට අමතරව ලග්න ඒරාෂ්ටකයද ගත කරමින් සිටින අතර එය 2020 දක්වාම ගතවෙයි. ඇගේ අදහස් අන් අයගේ අදහස් සමඟ ගැළපෙන්නේ නැත. විස්තර කළ නොහැකි ගුප්ත සිදුවීම්වලට මුහුණ දෙන දැරියකි. අන් අය විසින් වරදවා වටහා ගැනීම පිළිබඳ කලකිරීමට පත් වන්නීය. අකැමැති අය ඇසුරු කිරීමේදී අසනීප ගතියක් පෙන්වනු ඇත. ආමාශයේ හෝ අභ්‍යන්තර ඉන්ද්රියයන්ගේ නිශ්චය කළ නොහැකි වේදනාවක් ඇති වන නමුත් වැලඳෙන අනෙක් රෝග ඉක්මනින් සුව වෙයි. ශනි-කේතු යෝගය සඳහා විශේෂිත පිළිවෙත් අවශ්‍ය වන අතර ඒරාෂ්ටක තත්ත්වය සඳහා නිවැරැදි පිළිවෙත් යොදන අතර දිනපතා උදේ හා රාත්‍රි ජිනපඤ්ජරය සජ්ජායනා කරවන්න.
යහපත් හඳහනක්
සඳුනි-කොළොන්නාව
ප්රශ්නය : දුවගේ අනාගතය කෙබඳුද?
පිළිතුර : ප්‍රධාන කේන්ද්‍රස්ථාන හතරෙහි ග්‍රහයන් පිහිටා නැතත් 11 වැන්නේ පිහිටා ඇති පංච ග්‍රහ යෝගය ඉතා යහපත්ය. 2033-08-04 දක්වා පවතින ගුරුගේ මහ දශාව අධ්‍යාපනයට උපකාරී වෙයි. මිතුරන් අධික වන අතර ඔවුන් අතර ජනප්‍රිය දියණියකි. එහෙත් ලග්න ඒරාෂ්ටකය වසර හතහමාරක් පවතින හෙයින් නිවැරැදි පිළිවෙත් යොදන අතර දිනපතා උදේ හා රාත්‍රියේ ජිනපඤ්ජරය සජ්ජායනා කරවන්න. පෞද්ගලික හැකියාවන් මත තනතුරු හා ධනය ලැබෙනු ඇත. සිතේ බියක් ඇති කරගත යුතු නැත.
ආත්මාර්ථකාමියි
චතුරිකා-පනාදරගම
ප්රශ්නය : උසස් පෙළ කෙසේද? අනාගතය හා අධ්‍යාපනය පිළිබඳ දැනගැනීමට හැකිද?
පිළිතුර : ආත්මාර්ථකාමී දියණියක වන ඔබේ පවුලේ අනපේක්ෂිත සිදුවීමක් නිසා සැලසුම් වෙනසකට මුහුණ දෙයි. බලාපොරොත්තු සහගත බව අධිෂ්ඨානය හා ආත්ම ශක්තිය පවතියි. රණහංස යෝගය පිහිටි හෙයින් බුද්ධිමත් වන නමුත් අර්ධ කාල සර්ප යෝගය නිසා දියුණුව ප්‍රමාද වෙයි. එහෙත් ස්ථිරවම සාර්ථකත්වය ලැබෙනු ඇත. ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට දශා ශේෂය එවා නැත. 2017 ජනවාරි 26 දක්වා ජන්ම ඒරාෂ්ටකය පවතින හෙයින් නිවැරැදි පිළිවෙත් යොදන අතර දිනපතා උදේ හා රාත්‍රි ජිනපඤ්ජරය සජ්ජායනා කරන්න.
ධනලාභ
සයුරු-පානදුර
ප්රශ්නය : අධ්‍යාපනය හා අනාගතය කෙසේද?. අපල තිබේද?
පිළිතුර : ලග්නයේ පිහිටා ඇති ත්‍රිග්‍රහ යෝගය ඉතා යහපත්ය. රණහංස යෝගය හේතුවෙන් හොඳ බුද්ධියක් ඇති කරයි. එයින් උගත්කම මෙන්ම ධනයද ලබාදෙනු ඇත. මූලික කේන්ද්‍රස්ථාන හතරෙහිම ග්‍රහයන් පිහිටා නැති වුවත් අනෙක් ග්‍රහ පිහිටීම් බලවත් හෙයින් අපහසු තත්ත්වයක් ඇති නොකරයි. වරින්වර පලවා හරිය නොහැකි අලස බවක් හා මන්දෝත්සාහී තත්ත්වයකට මුහුණ දේ. අනපේක්ෂිත හදිසි රෝගාබාධයන්ට මෙන්ම හදිසි අනතුරුවලටද ලක් විය හැකි බැවින් සැලකිලිමත් වීම මැනවි. ලග්න හා ජන්ම ඒරාෂ්ටක ද්විත්වයම තවත් වසර හතක් පමණ පවතින හෙයින් නිවැරැදි පිළිවෙත් යොදන අතර දිනපතා උදේ හා රාත්‍රි ජිනපඤ්ජරය සජ්ජායනා කරන්න.
අධ්‍යාපනයට යහපත්
රාජා-ගාල්ල
ප්රශ්නය : කුමන අංශයක අධ්‍යාපනයකට යොමු කළ යුතුද?
පිළිතුර : රණහංස හා භද්‍රා යන මහා පුරුෂ යෝග දෙකක්ම පිහිටා ඇති හෙයින් බුද්ධිමත්ය. එහෙත් ගුරු බාධක ග්‍රහයා වන හෙයින් රණහංස යෝගයේ බලය දුර්වල වෙයි. ආමාශයේ ඉහළ කොටසේ ආබාධ මෙන්ම මතක ශක්තියේ දුර්වලතාවක්ද ඇතිවීමේ ඉඩ පවතියි. අධ්‍යාපනයට යහපත් පිහිටීම් ඇති හෙයින් දරුවා දක්ෂතාව දක්වන අංශයකට යොමු කළ හැකිය. තවමත් වයස අවුරුදු 4ක් නිසා කාලය තිබේ. 2017-01-26 දින ජන්ම ඒරාෂ්ටකය ඇරැඹෙන හෙයින්ද 2023-09-20 සිට නීච රාහුගේ මහ දශාව වර්ෂ 18ක් පවතින හෙයින්ද නිවැරැදි පිළිවෙත් යෙදීම අවශ්‍යයි.
ජන්ම ඒරාෂ්ටකයක්
රිද්ම-අංගොඩ
ප්රශ්නය : පාඩම් කිරීමට අකැමැතියි. මතකය අඩුයි
පිළිතුර : ශනි-කේතු යෝගය පිහිටීම මෙම ගැටලු දෙකටම මූලික හේතුව වන අතර වසර හයක සිට පවතින ජන්ම ඒරාෂ්ටකයත් 2014 නොවැම්බර් 02 සිට වසර දෙකහමාරක් ජන්ම හා ලග්න ඒරාෂ්ටක දෙකම පැවැතීමත් තවත් හේතුවක් වෙයි. 2017-01-26 සිට වසර පහක් ලග්න ඒරාෂ්ටකය පවතියි. ඔබ උපන් දිනය සඳහන් කර නැති හෙයින් පවත්නා දශා අතුරු දශා දැනගත නොහැකිය. ශක වර්ෂ අනුව නම් වයස අවුරුදු ෙදාළහක් විය යුතුය. පවත්නා අපල තත්ත්ව සඳහා නිවැරැදි පිළිවෙත් යොදන අතර දිනපතා උදේ හා රාත්‍රි ජිනපඤ්ජරය සජ්ජායනා කරවන්න.
දියුණුව ප්‍රමාදයි
ප්‍රණීත්-අනුරාධපුරය
ප්රශ්නය : ඉදිරි අධ්‍යාපන කටයුතු පිළිබඳ දැනගැනීමට පුළුවන්ද?
පිළිතුර : දක්ෂ ක්‍රියාශීලී මනසක් ඇති ඔබ තුළ දැඩි කැමැති අකැමැති තත්ත්වයන් පවතියි. ඉක්මනින් කෝපයට පත්වන නමුත් ඒ වේගයෙන්ම සන්සිඳේ. 7 වැන්නේ පිහිටා ඇති චතුර් ග්‍රහ යෝගය අනුව ඔබට ගණිත අංශය ඉතා සුදුසුය. කාල සර්ප යෝගය පවතින හෙයින් දියුණුව ලැබීම වයස 37 පමණ දක්වා ප්‍රමාද කරයි. දශා ශේෂය එවා නැති හෙයින් වැඩි විස්තර කීම අපහසුයි.
Wmqgd .ekSu u