iranama
විවාහ ප්‍රමාදය දුරු කළ හැකි ක්‍රම මෙන්න
ජීවිතයේ නෙක විසිතුරු දකින්නට මවන පාට පාටම සිහිනය වන්නේ විවාහයි.
එහෙත් ඔබ සිතන පතන ආකාරයෙන්ම ජීවිතය අත්විඳගන්නට ඔබේ දෛවය ඔබට ඉඩකඩ සලසා
දෙන්නේ නම් මේ ලෝකය සැමටම සුන්දර නවාතැන් පොළක් වේවි. අප මොනතරම්
අපේක්ෂාවෙන් සිහින මවාගෙන සිටියත් දෛවයේ උරුම කරුමකම්, දුක, සැප ලෙස
දොaලනය වෙමින් ජීවිතයට විවිධ හැඩතල එක්කරන ආකාරය පුදුම සහගතයි නේද?
ජ්‍යෙdතිෂය
නම් වු මහා බලසම්පන්න වු බලවේගය මේ සියල්ල පසුපස හදිසි හස්තයක් ලෙසින්
සිටිමින් ඔබේ ජිවිතය උඩුයටිකුරු පෙරළන්නට සමත්ය. විවාහය ද සිදුවන්නේ මේ
දහම් න්‍යායන්ට එකඟවය.
ඔබේ විවාහය පමාවන්නේ නම්, අඹු සැමි දෙපොළ අතර
නොගැළපීම්, අසමගිකම්, නොරිස්සුම් ඇති වී ගිහි ගෙය ගිනි ගොඩක් වන්නේ නම්
එහි වරද, බලපෑම් ඒ සඳහා ඔබට නොගැළපෙන හේතු කාරණාව ග්‍රහ බලපෑමයි. එසේ නම්
මේ දොස් නසන්නට කළයුතු පිළියම් හා ප්‍රතිකර්ම මොනවාද?
විවාහය පමාවීම නිසාම හෝ යුග ජීවිතයේ සතුට සැනසුම අහිමිකරගත් ඔබගේ සැනසිල්ල සුqවය සඳහාම මඟ පෙන්වන මේ විශේෂාංගයකි.
පෙර
පින නැතිනම් පෙර භවය ගැන ලියවුණු කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව අපේ
ජීවිතයේ පිළිබඳ විවිධ අනාවැකි පළකිරීමේ ශක්තිය ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාවට
තිබෙනවා. ජීවන ගමනේ දී අප මුහුණ දෙන විවිධ අභියෝග, පසුකරන විවිධ අවධීන් හා
සුබ අසුබ තත්ත්වයන් දුරුකර ගන්නේ කෙසේද යන්න.
විවාහය ගැන සිතන්නේ
සුන්දර සිහිනයක්. ඒත් නිසි කල වයසට, විවාහය කර ගැනීමට නොහැකිව සිතින්
තැවෙන අය කොතෙකුත් නම් සිටිනවාද? ඒ වගේම විවාහයකට හිමිකම් කියාපෑමට වාසනාව
තිබුණත් එය පවත්වාගෙන යැමට නොහැකිව එකම නිවසේ සිට දෙපසට වී සිටින අඹු
සැමියන් ගැනත් අපි ඕනෑ තරම් අසා තිබෙනවා. මේ ගැටලුවට ජ්‍යෙdතිෂයෙන් විසඳුම්
සෙවීමටයි මේ අපේ සූදානම.
පෙර පින හෙවත් පෙර භවය ගැන සටහන් වී ඇති
කේන්ද්‍රයේ ලග්නයෙහි සුබ ග්‍රහයන් මෙන්ම අසුබ ග්‍රහයන්ද පිහිටනවා. සුබ
ග්‍රහයෝ ලෙස නම් කරන්නේ චන්ද, බුධ, ගුරු, සහ සිකුරු ග්‍රහයන්, අසුබ
ග්‍රහයන් හෙවත් පාප ග්‍රහයන් ලෙස හැඳින්වෙන්නේ. රවි, කුජ, ශනි, රාහු සහ
කේතු යන ග්‍රහයන් යම් කේන්ද්‍රයක ලග්නයේ 1, 2, 4, 12, 07, 08 යන රාශිවල
පාපග්‍රහයන් පිහිටීමෙන් ද මෙම ස්ථානවල සුබ ග්‍රහයන් පිහිටියත් පාප
ග්‍රහයන්ගේ බලපෑම (දෘෂ්ටිය) එම ග්‍රහයන්ට වැටීමෙන් ද සියලු සැප
පහසුකම්වලින් සම්පූර්ණ වී සිටියද විවාහය ප්‍රමාද වීම නොවැළැක්විය හැකියි.
මෙම
ග්‍රහයන් ලග්නයේ 1, 2, 4, 12, 07, 08 යන ස්ථානවල පිහිටීමෙන් විවාහය
ප්‍රමාද කරන්නේ කුමන ආකාරයට දැයි කියලා. කේන්ද්‍රයේ ලග්නයේ චන්ද්‍රයා 07
වැන්නේ පිහිටා ඇත්නම් විවාහය ප්‍රමාද වීම වැළැක්විය නොහැකිය. මෙවැනි
පුද්ගලයන්ගේ විවාහය ප්‍රමාද වුවත් ඔවුන් කනගාටු විය යුතු නැහැ.
මොකද
මෙවැන්නන්ගේ විවාහය ප්‍රමාද වී හෝ අනිවාර්යෙන්ම සිදුවන අතර ඇයට යහපත්
ගතිගුණ ඇති සහකරුවෙක් ද ලැබෙනවා සේම ඔහුට යහපත් ගතිගුණ ඇති බිරිඳක් ද
ලැබේ. ඒ වගේම ගුරු 07 ට පැමිණීමද විවාහය ප්‍රමාද කරනවා.
සෙනසුරු හත
සෙනසුරු පාප ග්‍රහයකු ලෙස නම් දැරුවද සෙනසුරු, ලග්නයේ 07 හි රාශිගත වූ විට විවාහය ඉක්මන් කරයි.
හැබැයි
සෙනසුරු නීච වීමෙන් විවාහය දෙදරා යැමට පුළුවන්. ඒ නිසා සෙනසුරු 07 ඇති විට
තමා අත ගන්නා සහකරු හෝ සහකාරියගේ කේන්ද්‍රයද ජ්‍යෙdතිෂ්යානුකූලව බලා
විවාහ විය යුතුයි.
රාහු, කේතු, ශනි, කුජ වැනි ග්‍රහයෝ ලග්නයේ දෙවැන්නේ සිටීමද විවාහය ප්‍රමාද කිරීමට හේතුවක්.
විශේෂයෙන්ම
ස්ත්‍රියකගේ කේන්ද්‍රයේ ලග්නයේ චන්ද්‍ර, සිකුරු 07 සහ 08 රාශිවල
පිහිටීමෙන් පුරුෂ කේන්ද්‍රවල 02 සහ 07 යන ස්ථානවල චන්ද්‍ර සහ සිකුරු
පිහිටීමත් විවාහය ප්‍රමාද කිරීමට බලපානවා.
මෙවැනි කේන්ද්‍රයක් හිමි
අය එවැනිම කේන්ද්‍රයක් හිමි අයකු සමඟ විවාහ විය යුතුයි. එවිට එම ග්‍රහ
දොaෂ දුරු වී යම්තාක් දුරකට සාර්ථක විවාහ දිවියකට හිමිකන් කියන්න පුළුවන්.
(සෘණ සෘණ එකතු වූ විට ධන වන්නා සේ)
මේ ආකාරයට 01, 02, 07, 08, 04,
12 යන රාශිවල පාප ග්‍රහයන් වැටීමෙන් විවාහය ප්‍රමාද වන නිසා එම ග්‍රහ අපල
දුරුකර ගැනීම සඳහා සිදුකළ යුත් වත්පිළිවෙත් කිහිපයක්ම ජ්‍යෙdතිෂයේ සඳහන්
වෙනවා.
පුර දිනවල දී බෝධි පූජා පැවැත්වීම මින් එක් පිළිවෙතක් රතු,
සුදු, මල් තමා අතින්ම නෙළා මල් මාලා ගොතා බෝධියට පැළැන්දවීම, කොඩි පූජා
කිරීම මෙහිදී කළ යුතුයි.
ජ්‍යෙdතිෂ්‍යට අනුව විවාහය ප්‍රමාද කරන
ග්‍රහයා හඳුනාගෙන එම ග්‍රහයාට අනුව වෙන වෙනම පූජාවන් පැවැත්වීම ද සුබඵල
උදාකර දෙයි. උදාහරණයක් ලෙස විවාහය ප්‍රමාද කරන්නේ කේතු ග්‍රහයාගේ බලපෑම
නිසා නම්, කෙසෙල් පැළයක් සිටුවා සාත්තු කරන්න.
ඒ අසල එළඟිතෙල් පහනක් දල්වා එම අපල දුරුවීමට ඇති ස්ත්‍රොaත්‍රය හත් වරක් කියන්න.
හිම තුන්ද මෘණලාභං දෛත්‍යානං පරමං ගුරුම් සර්ව සාස්ත්ර ප්රවකතාරං භාගවං පුණමාම්ය හම්"
ඒ වගේම එනසාල්, මානෝසීල, ගෙඩිමල් සහිත කුම්කුම තැම්බූ වතුර ස්නානය කිරීමෙන් ද විවාහ දොaෂ මඟහරවා ගත හැක.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි