Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
iranama
විවාහ චාරිත්‍රවලින් ඈත් නොවිය යුත්තේ ඇයි?
අතීතයේ සිටම යුග දිවියකට එළඹෙන යුවතිපතීන් විවාහ චාරිත්‍රවලට මුල්තැන දී කටයුතු කර ඇති බවට බොහෝ සාක්ෂි තිබේ. ස්ත්‍රියක් - පුරුෂයෙක් පළමු කොට මවු කුසෙන් උපදින අතර දෙවැනිවර උපදින්නේ තම සහකරු හෝ සහකාරියගේ හදවතිනි. බොහෝ දෙනකු "හරියන්න හෝ වරදින්න විවාහ වෙන්න ඕනෑ" යෑයි කියන්නේ ඒ නිසාය. මුලින්ම පොරොන්දම් පරීක්ෂාව කරන්නේ සංසාරගත ආත්මීය බැඳීමක් තුළ අෙන්‍යාන්‍ය ප්‍රියතාවයක් දෙදෙනා තුළ තිබේ දැයි විමසීමටය. සසරේ කුමන ආකාරයකින් හෝ මුණගැසී චිත්ත පීඩා ගෙන දී වෙන් වී තිබුණොත් ඒ සුන්බුන් නැවත මතු වන්නට ඉඩ තිබෙන බව පොරොන්දම් අපට මඟ පෙන්වයි. විවාහ චාරිත්‍ර ආරම්භ වන්නේ මනාල මහත්මියගේ පාර්ශ්වය විසින් සකස් කරන ලද නැකැත් පත්‍රය මංජුසාවක බහා බුලත් හෙප්පුව මත තබා අනෙක් පාර්ශ්වයට ශුභ මොහොතින් පිළිගැන්වීමෙනි. එදිනට එම නිවස උත්සව සිරියක් ගනී. පළමු ආරාධනාව, තෙල් වළං ළිප තැබීම, මඟුල් මඩු සිටුවීම ආදියද පසුව සිදුවේ. කිරි දැවයෙන් සාදා පෝරුවක් සකස් කරන්නේ සෞභාග්‍ය අරමුණු කරගෙනයි. මනාල මහත්මියව තම මාමා විසින් පෝරුවට නග්ගවන්නේ "අම්මා නැතිදාට කිරි එරෙන්නේ මාමාට" යන්න සිහි කැඳවීමටයි. මනාල මහත්මියගේ හිස පැළඳි හංස පූට්ටුවෙන් "හංසයෙක් සේ මා පවිත්‍රයි" යන්න ප්‍රකාශ වේ. කර පැළඳි මාල හතෙන් තමා වටිනා හත්මුතු පරම්පරාවකින් පැවත එනවා යන්න ප්‍රකාශ වේ. අතීතයේදී මාල 64 ගෙල පැළඳි බව අප අමතක නොකළ යුතුය. පෝරුව හතර කොනේ ඇති පුන්කලස් හතරෙන් විරූඪ විරූපාක්ෂක ආදී සතරවරම් දෙවියන් නැමදීම පිළිඹිබු වේ. හිස පැළඳි හිරු සඳුගෙන් දෙමාපියන් සිහිකැඳවීමක් සිදුවේ. පෝරුව මතදී යුවතිපතීන් දෙදෙනාම බුලත් අත් හතක් බිම දමන්නේ අත්තා, මුත්තා, කිත්තා, කිරිකිත්තා, නත්තා, පනත්තා, පරත්ත නොහොත් කිරි කෑ මුත්තා සිහිකිරීමටයි. රෙදි කච්චියක් මනාල මහත්මා විසින් මනාල මහත්මියගේ මවුතුමියට පිළිගන්වනු ලබන්නේ රෙදි කච්චියක් පොඟවන්න පුළුවන් තරම් කිරි ප්‍රමාණයක් පොවා මනාල මහත්මියව ඇති දැඩි කර මේ දක්වා ආරක්ෂා කර ගැනීම පිළිබඳ සතුට සිහි කැඳවීමටයි. එම රෙදි කච්චිය මනාල මහත්මියගේ මෑණියන්ගේ හිස මත තබාගෙන සභා ගැබින් ඉවත් වන්නේ "මට ලැබුණ බෑණනුවන් හිස් මුදුනින් පිළිගන්නවා" යන්න සංකේතවත් කිරීමටයි. පෝරුවෙන් බිමට බසින විට මනාලියගේ ඇවැස්ස මස්සිනා විසින් පොල් ගෙඩිය බිඳින්නේ "මට හිමි මනාලිය ඔබගේ වූවාට මගේ අමනාපයක් නැත" යන්න ප්‍රකාශ කිරීමටයි. මනමාලියගේ මවුතුමිය විසින් පසුදින තම නැදැ පිරිවර සමඟ මුළුතැන්ගෙයි බඩු මුට්ටු ආදියද දායාද ආදියද රැගෙන යන්නේ මාගේ දියණියගේ යුග දිවියේ පළමු දිනයේ මේ නිවසද මුළුතැන්ගෙයද අලුත් බඩුමුට්ටුවලින්ද ආහාර පනාදියෙන් පිරී යන්නේ යම් සේද එසේම මේ යුගදිවිය පවත්නා තාක්කල් මේ ද්‍රව්‍යවලින් අඩුවක්, හිඟයක් නොවේවා යි" ප්‍රාර්ථනා කිරීමටයි. පෝරුව මත යුවතිපතීන් නග්ගවා ආශිර්වාද ලබා දෙන්නේ ගුරුත්වාකර්ෂණයෙන් මුදා ආශිර්වාද කිරීමට යෑයි විශ්වාසයක් පවතී. මංගල සභාවේදී දෙදෙනාටම අවවාද උපදෙස් සමඟ දෙදෙනාගේම අතින් මතක සටහන් සිහිපත් කිරීම තුළින් නව යුවතිපතීන් දෙපළගේ මෙලොව දියුණුව අපේක්ෂා කෙරේ. වර්තමානයේ කිරි ඉතිරවීමේ ක්‍රමය වෙනුවට වියළි අයිස් (DRY ICE)) යොදා කෘත්‍රිම දුමක් දැමීමද රෙදි කච්චිය වෙනුවට සාරියක් පිළිගැන්වීමද ගුණ කථන උත්සව සභා වෙනුවට නැටුම් ගැයුම් එම තැන ආක්‍රමණය කිරීමද බහුලව දක්නට ලැබේ. පරිණත උගත් පවුලේ සමීප ඥතියෙකු මෙහෙය වූ විවාහ උත්සවය අද වන විට මෙහෙයවන්නේ ඡායාරූප ශිල්පියා විසින් බව දක්නට ඇත. මේ හේතුව නිසාම දැල්වූ පහන නිවා නැවත නැවත දැල්වීමද කැවූ කිරිබත නැවත නැවත කැවීමද බැස්ස වූ පෝරුවට නැවත නැවත නග්ගවා ඡායාරූප ගැනීමද අශුභ ලකුණුq බව සිහිපත් කළ යුතුය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks
Related
Iranama
මෙලොව ජීවත්වන මිනිසාට කොතරම් දැහැමිව හොඳින් ජීවත් වුවද සතුරුකම් කරමින් යහපත් දිවි ගමනට බාධා කරන්නන් අනන්තවත් හ
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු
ගාමිණී හේවාපතිරණ මහතා
Iranama
රවි මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාම
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
Iranama
අතේ පවතින විවිධ රේඛාවල පිහිටීම මගින් අපේ අනාගතය පිලිබඳ අනාවැකි පලකල හැකිබව ඔබ මින් පෙර අසා ඇති එහෙමත් නැත්තම්
Iranama
සිකුරු මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී හ
Iranama
කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මන්තරය. මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. අත්දුටුයි! සත්‍යයි! නොරවරදියි!
Iranama
ඔබේ ලග්නය කටකද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මිතුනද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද,
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ශ්‍රියා කාන්තාව ඔබගේ නිවසට වඩිනවාට කැමතිනම් ඔබ මේ වීඩියෝව අනිවාර්යයෙන්ම නැරබිය යුතුයි.
ඔබට වාසනාව මුදල් ලබාගන්
Iranama
ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද? බුධ මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජ
Iranama
ගණදෙවි පුජාවක් තබන්නට පළමුව ඔබ පළමුව කල යුත්තේ ගණදෙවියන් පළිබදව භක්තිය විශ්වාසය ඇතිකරගැනිමයි.
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ මුදලින් නිවස ඉතිරෙන්න ශ්‍රියා කාන්තාව වඩම්මවා ගන්නේ මෙහෙමයි...
♥ ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද?...
♥ ඔබගේ දියුණුව කාටවත් වලක්වන්න සිතින්නටවත් බැරි ගණදෙවි නමස්කාර පූජාව...
♥ ඔබ වැඩිපුරම බිය කුමකටද ? ඔබේ කේන්දරට අනුව බියවන දේ මෙන්න...
♥ මිතුරියන්ගේ අපූරු ප්‍රේමය නැති කරන්න බන්ධනයක්...
♥ ජුනි මස 04 වෙනිදා සිකුරු මාරුව ඔබට බලපාන්නේ කෙසේද කියා බලමු...
♥ පෙබරවාරි හෙවත් නවම් මාසයේ නැතැක් නැති කතාව බොරුවක්...
♥ නීච වෘත්තී යෝග හෙවත් පහත් රැකියාවක් කිරීමට පොළඹවන යෝග...
♥ මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි? හඳහනක් බලන්න ගියාම නිතර ඇහෙන වචනයක් තමයි මේ ග්‍රහ දෘෂ්ඨි කියන්නේ. ...
♥ දරුවාගේ හදහනෙන් කියැවෙන දෙමාපියන්ගේ විස්තරය දැගන්න කැමතිද?...
♥ ඔබේ ව්‍යාපාරයේ ආදායම අඩුවෙලාද? යළිත් ආදායම් ලබන්න මෙන්න ඉතා බලගතු මන්තරයක්....
♥ 2019 වසර ඔබට සහ ලංකාවට කොහොමද? ලග්න කිහිපයකටම සුභයි ඔබේ ලග්නට කොහොමද?...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි