iranama
විවාහය ප්‍රමාද වන්නේ ඇයි?
හොඳින් දැන ගන්න මෙය කියවන්න
ජ්යෙතිෂ්යවේදියකු වශයෙන් මා සතු අත්දැකීම් මත, විවාහය සම්බන්ධ ගැටලු අද සමාජයේ බහුලව පවතී. එනම් විවාහය ප්‍රමාදය, ප්‍රේම සබඳතා, දෙදරායැම, විවාහය අසාර්ථක වීම, ආදි ගැටලු වේ. විවාහය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදී මූලිකවම 7 වැන්න, 8 වැන්න පරීක්ෂා කළ යුතුය. මෙහිදී 7 වැන්න 8 වැන්න පාප පීඩිත වීම, අධිපතියන් දුර්වල වීම, 7 වැන්නට 8 වැන්නට අශුභ ග්‍රහ දෘෂ්ටීන් වැටීම, කාම ත්‍රිකෝණය සීමිත වීම, ආදි කරුණු විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කළ යුතු වේ.
විශේෂයෙන් මෙහිදී කුජ දොaෂයට, අද්විතීය ස්ථානයක් හිමි වේ. මෙය භෞම දොaෂය ලෙසද හඳුන්වයි. මෙය යෙදෙන්නේ කේන්ද්‍රයේ 1, 2, 4, 7, 8, 12 යන ස්ථානවල කුජ ග්‍රහයා යෙදීමෙනි. මෙහිදී මෙය දුටු පමණින් විවාහ සහකරුට හෝ සහකාරියට අහිතකර බලපෑමක් වන්නේ යෑයි සමහරු ප්‍රකාශ කරති. මෙහිදී මෙම දොaෂය, භංග වන අවස්ථා විශාල සංඛ්‍යාවක් ඇත. එවැනි අවස්ථාවක් 20 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති අතර, ඒවා නිවැරැදිව පරීක්ෂා කළ යුතු වේ. එසේම ශනි මංගල යෝගයද, මෙවැනි යෝගයක් වේ. එහිදී ශනි මංගල යෝගය නිවැරැදිව යෙදෙන්නේ ද යන්න තීරණය කිරීමට ග්‍රහයන් සහිත අංශකය නිවැරැදිව සෙවිය යුතු වේ. තවදුරටත් ශනි චණ්ඩාල යෝගය, විෂ කන්‍යා යෝග බහු විවාහ යෝග, අති ධාවනකාරී යෝග (කාම ආශාව වැඩි) පරීක්ෂාවට ලක්විය යුතුය. එහිදි ග්‍රහයන්ගේ සියලු තත්ත්වයන් පරීක්ෂාවට ලක්විය යුතු අතර, ඒ සඳහා භාව කේන්ද්‍ර සංකල්පය ඉතා යෝග්‍ය වේ. මෙය සිදු කිරීම සඳහා ජ්‍යෙතිෂ්‍යවේදියා තුළ හසළ දැනුමක් තිබිය යුතු වේ. නමුත් ඉහත සඳහන් කළ යෝගයක් දුටු පමණින් ඒවායේ අයහපත පමණක් අධ්‍යයනය කොට පලඳීම කෙසේ දැයි නොසොයා පලාපල කථනය තුළින් සමහර පුද්ගලයන්ට විවාහය සඳහා යෝග්‍ය සහකරුවෙක් සොයාගත නොහැකි තත්ත්වයට ඔවුන්ව බිය ගැන්වීම තුළ, ඔවුන්ගේ විවාහ ප්‍රමාද වීමට හේතුවක් වී ඇත. මෙහිදී පොරොන්දම් ගැලපීම තුළින් ද වැදගත් කාර්යයක් සිදුවන අතර කේන්ද්‍ර ගැලපීම තුළින් ඊට වඩා වැදගත් කාර්යයක් සිදු වේ. මෙහිදී පොරොන්දම් හොඳින් ගැලපුණ ද, මරණයකින්, දික්කසාදයකින්, විවාහය අවසන් වූ අවස්ථා මා කොතෙකුත් දැක ඇත. එහිදී වරද වන්නේ නිවැරැදි ලෙස කේන්ද්‍ර ගැලපීම සිදු නොවීමය.
ඉහත සඳහන් කළ භෞම දොaෂය සලකා බැලීමේදී වෘෂභ, කටක, සිංහ, මකර, කුම්භ යන රාශිවල උපන් අයට බලපෑම අවම වන අතර, රුචක යෝග්‍ය යෙදී ඇත්නම්, එනම් කුජ, මේෂ, වෘශ්චික, මකර රාශියක් වී 1, 4, 7 ස්ථානයක (භෞම දොaෂය සඳහා බලපාන ස්ථාන) සිටී නම් කුජ, ගුරුගේ ශුභ දෘෂ්ටියක් ලබා හෝ යෝග වී ඇත්නම්, එම දොaෂ භංග වේ. ඒ ආකාරයෙන් භෞම දොaෂය භංග වන අවස්ථාවන් විශාල සංඛ්‍යාවක් ඇත.
මෙහිදී පොරොන්දම් පරීක්ෂාවට පමණක් සීමා නොවී සූක්ෂම ලෙස දෙදෙනාගේa කේන්ද්‍ර පරීක්ෂා කිරීම කළ යුතු වේ. එසේම විවාහය සිදුවන කාලය, ගුරුගේ ගෝචර ගමන පදනම් කරගෙන නිශ්චිතවම ප්‍රකාශ කළ හැක. එසේම විවාහයට බලපාන්නා වූ අහිතකර යෝග ඇත්නම්, ඒ සඳහා පාදක වන්නා වූ ග්‍රහයාට අදාළව පිළිවෙත්, ප්‍රතිකර්ම කිරීම තුළින්ද විවාහ ජීවිතයට බලපාන්නා වූ අහිතකර බලපෑම් අවම කරගත හැක. කෙසේ නමුත් විවාහයේ ගැටලු පවතී නම් නිවැරැදි ආකාරයෙන් කේන්ද්‍රය පරීක්ෂා කර, අයහපත් ග්‍රහ පිහිටීම් වල බල දුබලතාවය නිවැරැදි ආකාරයට නිර්ණය කොට ඒ සඳහා බලපාන්නා වූ දොaෂ සඳහා නිවැරැදි ප්‍රතිකර්ම කිරීම තුළින් යහපත් ප්‍රතිඵල ලබාගත හැක.
වැඩිදුර විස්තර සදහා 0718602525රැ0115248187
විද්‍යාවේදී ජ්‍යෙතිර්වේදී ගෝඨාභය මුදලිගේ
8/3/54, සිසිල් සෙවණ උද්‍යානය, කුඩමාදූව පාර, මත්තේගොඩ.
Wmqgd .ekSu kj,sh mqj;a m; weiqfrks