iranama
විවාහය අමිහිරි අත්දැකීමක් කරන ග්‍රහ පිහිටීම්
විවාහය යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ ස්ත්‍රී පුරුෂ දෙදෙනකු එක්ව ජීවත්වීම සඳහා ගිවිස ගැනීමකි. කාන්තාවක හෝ පුරුෂයකු යුගදිවියට බැඳෙන්නේ විශාල වගකීම් සමූහයක බර, කරට ගැනීමෙනි. මේ තුළින් පෞද්ගලික අභිමතාර්ථ පමණක් නොව සමාජයේ ඉදිරි පැවැත්ම සඳහා ද ඵලදායී දායකත්වයක් ලබාදීමද අපේක්ෂා කෙරේ. විවාහ මංගල්‍යය සුන්දර අත්දැකීමක් ලෙස පෙනුණද ඉදිරියේ පවතින අරමුණු සාක්ෂාත් කරගැනීම සුළු පටු කාර්යයක් නොවේ.
ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගත්කළ යුග දිවියෙන් පසුව ලිංගික සැපත පමණක් බලාපොරොත්තු නොවේ. ඉන් ඔබ්බට ගිය තවත් සුවිශේෂී බලාපොරොත්තු ගණනාවක් පවතී. යම් හෙයකින් මේ දෙදෙනාගේ කායික මානසික ව්යqහයන් මනා ලෙස නොගැළපීමකට බඳුන් වුවහොත් එතුළින් තමන් ගොඩනඟාගත් ජීවිතයේ අභියෝගයන්වලට සාර්ථකව මුහුණදීමට නොහැකිවීම තුළින් අර්බුදකාරී පසුබිමක් නිර්මාණය විය හැකිය. මෙවැනි පසුබිමක් තුළ සමහරෙක් යුග දිවියෙන් සමුගැනීමටත්, තවත් සමහරෙක් විවාහ ජීවිතයෙන් ඈත්වීම සඳහා විවිධ ක්රමෝපායන් පාවිච්චි කරන අතර කොටසක් කොතරම් කරදර බාධක මැද වුවද විවාහය අත් නොහරී.
වර්තමානයෙහි පවතින්නා වූ සංකීර්ණ සමාජ රටාව තුළ යුගදිවිය දෙදෙනාටම හිරිහැරයක්, ගැටලුවක් කරගත් අඹුසැමියන් විශාල සංඛ්‍යාවක් සිටී. ඉන් සමහරෙක් ඉතා සතුටින් යුගදිවිය ගතකරන බව ලෝකයට හුවා දැක්වීමට විවිධ දේ කරති. එහෙත් ඇතුළාන්තය දුක්බර බව සමහර අවස්ථාවලදී අනාවරණය වේ. වැඩි දෙනෙක් විවාහ දිවියට අවතීර්ණ වූවාට පසුව විවාහ නොවී සිටියා නම් මීට වඩා හොඳ යයි පවසති. එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු වන්නේ වරින් වර උද්ගත වන ගැටලුකාරී අවස්ථාවන් හා අභියෝගයන්ට මුහුණදීමේ ඇති නොහැකියාවය. මේ අතර තවත් සමහරෙක් තම සහකරුගේ හෝ සහකාරියගේ නොමනා ක්‍රියා කලාපය පිළිබඳ මැසිවිලි නඟයි. විවෘත සංවාදයක් නොමැතිවීම පාර්ශ්වකරු වෙත අවධානය අඩුවීම සහ අෙන්‍යාන්‍ය අවශ්‍යතා ඉටු නොවීම, සමාජයීය හා ආර්ථික අතින් ඇතිවන ගැටලු විස¹ ගැනීමට හැකි නොහැකියාව මෙවැනි ගැටලුකාරී තත්ත්වයන්ට හේතු විය හැක. සෙනෙහස, ආදරය, ලෙන්ගතු භාවය නොහඳුනන සහකරුවකු හෝ සහකාරියක හෝ තම විවාහය සඳහා තෝරා ගැනීමෙන් යුගදිවියේ තමා අපේක්ෂා කරන ප්‍රතිඵල නෙළාගත නොහැක. මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සඳහා පවතින්නා වූ මෙම විවාහය නමැති උත්තරීතර බැඳීමට මෙවන් ඉරණමක් අත්වන්නේ මන්ද? මෙම ඉරණම හෙවත් කර්ම ශක්තිය විවාහයට කලින් නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබියදීත් මෙවැනි සිදුවීම් දිනෙන් දින වැඩිවීම බරපතළ අවාසනාවකි.
ජ්‍යෙdතිෂය තුළින් පුද්ගලයකුගේ කර්ම ශක්තිය, වාසනාවන්ත බව, අවාසනාවන්ත බව හෝ විශ්මිත අයුරින් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබියදීත්, එම ශාස්ත්‍රීය ක්‍රමවේදය හරියාකාරව භාවිතා නොකිරීම කනගාටුවට කරුණකි. කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම් සැලසුම් වන්නේද අටලෝ දහමට අනුව යෙදෙන කර්ම ශක්තීන් අනුවය. එසේ නම් පුද්ගලයකුගේ විවාහය පිළිබඳව කර්මානුරූප උරුමයද මෙම කේන්ද්‍ර සටහන තුළ ගැබ්ව පවතී.
විවාහය පිළිබඳව කේන්ද්‍ර පරීක්ෂාවේදී ජ්‍යෙdතිෂ වේදියාගේ වගකීම විය යුත්තේ පුද්ගලයාගේ මෙම කර්මානුරූප උරුමය හඳුනා ගැනීමෙන් පසුව සංසාරගත කර්ම ශක්තියේ යහපත් සමගාමී බවක් ඇත්නම් පමණක් පොරොන්දම් පරීක්ෂාවට යොමුවීමයි. තම සහකරු හෝ සහකාරිය නිසා අමිහිරි කටුක ජීවිතයක් ගත කිරීමට සිදුවේදැයි නිශ්චිත වශයෙන් තීරණයකට එළැඹීමට පෙර ග්‍රහ පිහිටීම් ඉතා සියුම් ලෙස පරීක්ෂාවට භාජනය කළ යුතුය. එසේ නොමැතිව පොරොන්දම් විස්සෙන් පමණක් විවාහයේ අනාගතය තීරණය කිරීමට අපහසු බැව් බොහෝ දෙනෙක් අවබෝධ කොටගෙන නැති බැව් පොරොන්දම් බලා කර ඇති නිර්දේශයන් අනුව පැහැදිලි වේ. විවාහය සම්බන්ධයෙන් කේන්ද්‍රයක හත්වැනි භාවය සහ එහි කාරකත්වයට සෘජු ලෙස සම්බන්ධ වන දෙවැනි, අටවැනි හා එකොළොස් වැනි භාවයන් දැඩි ලෙස අශුභ බලපෑම්වලට ලක්වීම තුළින් විවාහයට සහ එහි පැවැත්මට අශුභදායී ලෙස බලපානු ලබයි.
මේ සඳහා නෛසර්ගික පාපී ග්‍රහයන් වන ශනි, කුජ, රාහු සහ කේතු යන ග්‍රහයන් ප්‍රබල දායකත්වයක් ලබාදේ. අටවැන්නේ බල රහිත වූ සෙනසුරු වේ නම් ඔහු හෝ ඇය සමඟ අතිනත ගන්නා අයහට යුග දිවියේ මිහිර විඳීම වෙනුවට දුක්කම්කටොලු සහ කටුක භාවය උරුමවනු ඇත. මේ අතර ලග්නාධිපතිද දුර්වලව යෙදී ඇත්නම් කටුක බව තවත් තීව්ර කෙරේ. අටවැන්නේ කේතුගේ පිහිටීමද විවාහයෙන් පසු ජීවිතය අමිහිරි අත්දැකීම්වලට ලක්වන පිහිටීමකි. අටවැන්න කටක රාශිය වී සෙනසුරු එහි සිටීම තුළින් විවාහ ජීවිතය අමිහිරි කටුක භාවයට පත් කෙරේ.
* හත්වැන්න තදබල ලෙස පාප පීඩාවට ලක්වීමද විවාහයෙන් පසු මානසික පීඩනයක් ඇති කිරීමට සමත් වේ.
* සඳුගෙන් 7 වැන්නේ කුජ, ශනි යෝගය (ශනි මංගල යෝගය) යෙදේ නම් විවාහ සතුට ලැබිය නොහැක.
* ලග්නාධිපති සහ 7 අධිපති අෙන්‍යාන්‍ය වශයෙන් සතුරු වී හත අධිපති අස්ථ නම් හෝ පිහිටීම අංශක
5 කට වඩා අඩු නම් ජන්මියාගේ විවාහ ජීවිතය මතභේද සහ ගැටලු ආදියෙන් පිරී පවතී.
* හත අධිපති අශුභ භාවයක තැන්පත් වී පාපී ග්‍රහයන් කිහිප දෙනකුගේ දෘෂ්ටියට ලක්වීම විවාහක අඹුසැමි දෙදෙනාටම මහත් හිසරදයකි.
* සඳු 3, 6, 9 සහ 12 යන භාවයක වී ශනිගෙන් පීඩා වුවහොත් අදෘශ්‍යමාන බලවේග නිසා විවාහය බිඳ වැටේ. (මෙය මේෂ, මිථුන, කන්‍යා සහ මකර රාශීන්ට අදාළ වේ)
යුග දිවියට පත්වන පුද්ගලයාගේ ආදායම් තත්ත්වය දුර්වලව පවතින කෙනෙක් වුවහොත් තම සිතුම් පැතුම් සියල්ල බොඳවී යනු ඇත. සැපත වෙනුවට සදාකල්හි දුක කඳුළ උරුම වනු ඇත. මේ අනුව ධනය විනාශ කරන ආර්ථික තත්ත්වය පහත හෙළන, නිර්ධන යෝග කේන්ද්‍රය තුළ යෙදී ඇත්නම් ඒ ගැන සැලකිලිsමත් වීමද වැදගත් වේ. ලග්නය, දෙවැන්න හා හත්වැන්න අධිපතීන් අටවැන්නේ සංයෝග වීම ධනය නොලැබීමට හේතුවක් වන අතර යුග දිවියේ පැවැත්මටද හානිදායක වේ.
පවුල් ඒකකයකදී පිරිමියාට වඩා කාන්තාව සිය ස්වාමිපුරුෂයාගේ ආදරය, කරුණාව, දයාව, අනුකම්පාව වැනි කරුණු ඉහළින් අපේක්ෂා කරයි. තමා බලාපොරොත්තු වන්නා වූ ආදරය, කරුණාව තමාට නොලැබෙන විට යුගදිවිය තුළ අමිහිරි බවක් ඇති කෙරේ¾ සෙනසුරුගේ දෘෂ්ටියෙන් අඟහරු හා බුධ පීඩාවට ලක්වුවහොත් එම පුද්ගලයා සංවේදීතාවයෙන් අඩු කෙනෙකි. අන්‍යයන් කෙරෙහි දයාව අනුකම්පාව අඩුය. ජීවිතයේ සෞම්‍ය භාවය නියෝජනය කරන සඳු, සිකුරු යන ග්‍රහයන් නීච තත්ත්වයට පත්වීම තුළින් අකාරුණික බව ඇතිවීමට හේතු වේ. මේ නිසා පුද්ගලයා තුළ ක්‍රෝධය, වෛරය, ද්වේශය හටගැනීමට පිළිවන.
මේ අතර අඹුසැමියන් දෙදෙනා විවාහ ජීවිතයේ ලබන කායික හා මානසික සතුට විවාහයේ සුරක්ෂිත භාවයට හේතු වේ. චන්ද්‍රයා නීච තත්ත්වයට පත්ව සිටියදී කේතු සමඟ සංයෝග වීම ලිංගික ශක්තිය හීනවීමට බලපානු ලබන අතර මෙම සංයෝගය මෙසේ තිබියදී සෙනසුරුගෙත් සිකුරු දුර්වලත්වයට පත්වූ විට විකෘති කාමාශාව ඇතිවීමට ඉවහල් වේ.
ඉහතින් දැක්වූයේ විවාහයේ අමිහිරි අත්දැකීම් ඇති කරන ග්‍රහ පිහිටීම් කිහිපයක් පමණි. මෙම කරුණු සියල්ලම මෙවැනි කෙටි ලිපියකට ගොනු කිරීම අසීරු කරුණකි. කෙසේ වෙතත් විවාහයේ පැවැත්ම හා ආරක්ෂාව පිළිබඳ අහිතකර අන්දමින් බලපාන මෙවැනි ග්‍රහ පිහිටීම් පිළිබඳ අඹු සැමියන් දැනුම්වත් කිරීම ඉතා වැදගත් වේ. විවාහයේ අමිහිරි භාවය හෙවත් කටුක භාවය පූර්ව ආත්මගත කුසල අකුසල කර්ම බලවේගයන් පලදෙන ආකාරය කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් තුළින් විග්රහ කළ හැකි බැවින් විවාහයට ප්‍රථම දක්ෂ ජ්‍යෙdතිෂවේදියකු මගින් කේන්ද්‍ර ගැලපීම කරවා ගැනීම තුළින් විවාහ ජීවිතයන් තුළ අප නිතර දකින්නා වූ කළකිරීම, අපේක්ෂා භංගත්වය, දොම්නස, ප්‍රතික්ෂේප වීම වැනි අමිහිරි සිදුවීම් වළක්වා මෙම උත්තරීතර බැඳීම ඉතා වාසනාවන්ත මිහිරිදායක සංසිද්ධියක් බවට පත්කර ගත හැක. 077-1268646 අංකයෙන් වැඩිදුර විස්තර නොමිලේ ලබාගත හැක.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks