iranama
විවාහයට රාහු කේතුගේ බලපෑම...
රාහු කේතු ජ්‍යෙdතිෂයේ දී පමණක් භාවිතා වන කල්පිත ග්‍රහයන් ලෙස සැළකේ. සඳු දින 29 ක් පෘථිවිය වටා යන ගමන තුළ දෙවරක් උතුරින් හා දකුණින් හිරුගේ මාර්ගය කැපෙයි. එසේ කැපෙන උතුරු ලක්ෂය රාහු වශයෙන් සලකයි. දකුණු ලක්ෂය කේතු වශයෙන් සළකයි. රාහු කේතු ඡායා ග්‍රහයන් ලෙස සැළකෙන අතර භෞතික ස්වරූපයක් ආරෝපණය කර ඇත. රාහු නාග හිසක් ඇති, මිනිස් ශරීරයක් ඇති ක්‍රියාකාරී ග්‍රහයෙක් ලෙස හඳුන්වන අතර කේතු මිනිස් හිසක් සහ නාග කඳක් සහිත සිහින් සිරුරක් ඇති උදාසීන ග්රහයෙකු ලෙස හඳුන්වයි.
රාහු කේතු අතීත කර්මානුගත ප්‍රතිවිපාක ජන්මියා වෙත පවරා එම කර්මගත විපාක මෙම ආත්මයේදී විඳින්නට සලස්වයි. සිටින රාශිය, දෘෂ්ටීන්, සංයෝග අනුව රාහුගේ ගති ස්වභාවය වෙනස් වේ. රාහු අනෙකුත් ග්‍රහයන් හා සංයෝග වීමෙන් ජන්මියාට පීඩාකාරී තත්ත්ව ඇති කරයි.
දෘෂ්ටි පිළිබඳ සැලකීමේදී රාහුට තමා සිටි තැනින් 5, 7, 9 සම්පූර්ණයෙන් දැකීමට පුළුවන. කේතුගේ දෘෂ්ටියද මෙලෙසම වේ.
රාහුගේ මානසික ස්වභාවය ශුභව සිටි කළ කාටත් ගැළපෙන සේ හැසිරෙයි. ඥති සබඳතා ඇති කර ගැනීමට උත්සාහ දරයි. සමාජශීලී වන අතර සුහදශීලී පෞරුෂත්වයක් දරයි.
රාහු අශුභව සිටීමෙන් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත. එවිට අනුන් සමඟ යහපත් ආකාරයෙන් හැසිරීමට ගනුදෙනු කිරීමට නොහැකි වේ. සමාජයෙහි අප්‍රසන්න ආකාරයට හැසිරේ.
විවාහය සම්බන්ධයෙන් ජන්ම පත්‍රයක ඉතා වැදගත් වන්නේ හත්වැන්නයි. රාහු කේතු වැනි ඡායා ග්‍රහයන් තැන්පත් වීමෙන්, දෘෂ්ටිගත වීමෙන්, සංයෝග වීමෙන් හෝ හත්වැන්නට මෙම කුමන හෝ බලපෑමක් ඇති වුවහොත් එමගින් විවාහ ජීවිතයේ ගැටලු ඇති කිරීමට හැකියාව පවතී. විවාහයකදී 7 වැන්නට කුජ බලපෑම් කරන්නේ යම් සේද ඒ හා සමාන පීඩනයක් අශුභ රාහු ඇති කරනු ලබයි. මෙම පීඩනය තුළින් අඹුසැමි අසමගිය, වෙන්කිරීම, දෙදෙනාගෙන් එක් අයකු මරු කැඳවීම වැනි බරපතළ විපාකයන්ද ඇති කිරීමට පුළුවන. බොහෝ දුරට පුරුෂ කේන්ද්‍රයක රාහු
7 වැන්නේ වූ විට නිතර භාර්යාව සමඟ අමනාපකම් ඇති කර ගනී. ස්ත්‍රියකගේ නම් බොහෝ විට විවාහයේ දිගුකල් පැවැත්මට බාධා පමුණුවයි. රාහු 7 අධිපතියාද සමඟ සිටී නම් ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම විවාහය තුළින් තමන් බලාපොරොත්තු වු අරමුණු කරා ළඟාවීමේ කාර්යයන්ට නිරන්තරව බාධා අවහිරකම් ඇති කරයි.
බොහෝ දුරට රාහු විවාහ ජීවිතයේ සතුට, ප්‍රීතිය, සාමය, සොම්නස යන අරමුණු බිඳ දමන ග්‍රහයෙකි. මෙම නිසා රාහු 7 වැන්නේ සිටීම තුළින් තමාට, ආගමට, ජාතියට, කුලයට වයසට නොගැළපෙන සහකරුවෙක් හෝ සහකාරියක් ලැබීමටද හේතු විය හැකිය. රාහු සමඟ අශුභ ග්‍රහයන් සම්බන්ධ වූ විට එම ග්‍රහයාගේ ක්‍රියාත්මක වේගය වැඩිදියුණු වී විවාහයේ විවිධ බාධා ඇති කරයි. විශේෂයෙන් විවාහ ජීවිතයේ සතුට පහව යනු ඇත. කුජ රාහු සමඟ 7 වැන්නේ සම්බන්ධ වූ කාන්තාවන් කුඩා අවධියේ සිටම ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි. රාහු 7 වැන්නේ වීම අනියම් සම්බන්ධතා ගොඩනඟා ගැනීමටද හේතුවිය හැකිය. විශේෂයෙන් ලිංගික ජීවිතය ප්‍රිය කරන ග්රහයෙකු රාහු සමඟ සංයෝග වූ විට එම සැපය ලබා ගැනීමට හඹායනු ඇත. මේ අනුව රාහු සිකුරු සම්බන්ධය, විවාහ ජීවිතය කෙරේ අහිතකර ලෙස බලපවත්වයි. මෙය අති ධාවන කාම යෝගයක් ලෙසද හඳුන්වාදී තිබේ. මෙම දෙදෙනා අශුභ ආකාරයෙන් සම්බන්ධ වූ විට අපචාරී හැසිරීම්වලටද පෙළඹිය හැක.
රාහුගේ හැසිරීම දූ කෙළිය, සුරාපානය, වෙන් කිරීම ආදියට සම්බන්ධ වේ. මේ නිසා බලාපොරොත්තු නොවූ සිදුවීම් ආදියට මුහුණදීමට සිදුවිය හැක. රාහු විසින් ඇති කරන අවිනිශ්චිත මානසිකත්වය තුළ යුග දිවියේ සබඳතා බිඳී ගොස් අඹුසැමි දෙදෙනා අතර දැඩි කලකිරීමත්, එපා වීමත් ඇති වීමට ඉඩකඩ පවතී.
ජන්ම පතක ශුභ ස්ථානයක හැර වෙනත් ස්ථානයක රාහු සිටීමෙන් එම ස්ථානයේ කටයුතු අවුල් කිරීමට බලයි. සාමාන්‍යයෙන් රාහුගේ ගති ස්වභාවය එයයි. රාහු ලග්නගත වූ විට 7 වැන්න දකී. 8 වැන්නේ වූ විට දෙවැන්න දකී. 7 වැන්න දෙවැන්න විවාහය සම්බන්ධයෙන් වැදගත් වන ස්ථාන වේ. මෙම ස්ථානයක රාහු සිටි විට විවාහයේ අවුල් වියවුල් ඇති කෙරේ.
රාහු මෙන්ම කේතුද හත්වැන්නට සම්බන්ධ වීම විවාහයට හිතකර පිහිටීමක් නොවේ. කේතුද සෙනසුරු මෙන්ම විවාහය කෙරේ ඇලුම් කරන ග්රහයෙකු නොවේ. ලිංගික ජීවිතය, අවුල් කරන ප්‍රධාන ග්‍රහයෙක් වන්නේ කේතුයි. කේතු හත්වැන්නේ නියෝජනය වූ විට ලිංගික බෙලහීනතාවය, උදාසීනත්වය, විකෘති කාමාශාවන් වැනි තත්ත්ව ඇති වීමෙන් විවාහයේ පැවැත්මට බාධා ඇති විය හැක.
කේතු 6 වැන්නේ සිටීමෙන් අඹුසැමියන් සතුරුකම් ඇති කරගනී. 7 වැන්නේ සිටීමෙන් ලිංගික ජීවිතයට හානි පැමිණෙයි. අටවැන්නේ සිටීමෙන් සහකරුට හෝ සහකාරියට බලවත් රෝග පීඩා ආදිය සෑදීමට ඉඩ තිබේ. 9 වැන්නේ සිටීමෙන් ආර්ථික අපහසුතා සහ ලිංගික ජීවිතයට බාධා ඇති විය හැක. මේ අනුව කේතු 6, 7, 8, 9 යන රාශියක හෝ දුර්වල අයුරින් බලපාන සෑමවිටකම විවාහය සම්බන්ධයෙන් කළකිරීම් තත්ත්වයක් ඇති විය හැක.
රාහු සහ කේතු දෙදෙනා එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලක්ෂ දෙකක සම සප්තමව සිටින බැවින් ඔවුන් මිනිස් චර්යාවන් කෙරෙහි දක්වන බලපෑම් එකිනෙකට වෙනස් ස්වරූපයක් ගනී. හත්වැන්නට රාහු සහ කේතු ඇති කරන විපාක අන්‍ය ග්‍රහයන්ගේ බලපෑම් තුළින් ඇතිවන ප්‍රතිශෝධනයන් සමඟ අධ්‍යයනය කොට නිගමනයන්ට එළඹිය යුතුයි. වැඩිදුර විස්තර 0771268646 අංකයෙන් නොමිලේ ලබාගත හැක.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks