iranama
විවාහයට පෙර මේ ගැනත් සිතන්න
අද සමාජයේ බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත්තේ විවාහ දිවියට ඇතුළත් වීමට සැරසෙන ස්ත්‍රී- පුරුෂ දෙපාර්ශ්වයේ කේන්ද්‍ර පරීක්ෂා කර පොරොන්දම් ගැලපීම මත ඔවුනොවුන්ගේ විවාහ දිවිය සාර්ථක වන බවයි. එහෙත් එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. පොරොන්දම් කොතරම් ගැලපුනද ඒ මත විවාහ දිවියක් සාර්ථක නොවන අතර විවාහයක් සඳහා අදාළ දෙදෙනාගේ කේන්ද්‍ර තුළින් පරීක්ෂා කළ යුතු ග්‍රහ පිහිටීම් බොහෝ වන අතර විවාහයට පෙර අදාළ ක්ෂේත්රය පිළිබඳ මනා දැනුවත් බවක් ඇති අයකුගෙන් උපදෙස් ලබා ගැනීමෙන් යහපත් පවුල් දිවියක හිමිකරුවකු වීමට ඔබටද වාසනාව හිමිවනු ඇත.
* කුජ - ශුක්‍ර සහ හත අධිපතියාගේ බලය ශනිගේ බලයට යටත් වෙයි නම් විවාහ වන්නේ නැත.
* ගුරු සිකුරු යෝගව 7 වැනි භාවයේ සිටිම විවාහයට ඉතා සුබය.
* කුජ - ශුක්‍ර හත අධිපතියා යන ග්‍රහයන්ගේ බලය අඩු වී රවි- ගුරු- ශනි ආදීන්ගේ බලය වැඩි වුවහොත් විවාහ වන්නේ නැත.
* ගුරු උච්චව 7 වැනි භාවයේ සිටීමෙන් ධනවත් අයකු සමඟ විවාහය සිදුවේ.
* 7 අධිපතියා 2-5-11 යන ස්ථානයක කේන්දරයේ ඇති විට ප්‍රේම සබඳතා මත විවාහයක් සිදුවෙයි.
* බ්‍රහස්පති 2 වැනි භාවයේ සිටීම සාර්ථක විවාහ දිවියක් සමඟ යහපත් දූ දරුවන් ලැබීමට හේතුවකි.
* 7 අධිපතියා 3-9-12 යන ස්ථානයක කේන්දරයේ ඇතිවිට ඈත ප්‍රදේශයක හෝ පිටරටක අයෙක් සමඟ විවාහ වෙයි.
* 11 වැනි භාවයේ සිකුරු උච්ච වූ විට තම සහකරු හෝ සහකාරිය නිසා ධනවත්වේ.
* හත අධිපතියා 1-8-10 යන ස්aථානයක කේන්දරයේ ඇතිවිට කමුක වූ විවාහයක් හිමිය
* කේන්දරයක 1-5-8 කුජ සිකුරු යෝගය පිහිටි කල කාටුක බව නිසා යුග දිවිය දෙදරයි.
* ලග්නයේ සිකුරු සිටින කාන්තාව විවාහයට ඉතා සුදුසු වන අතර ගෙදරට සිරිකත කැඳවිමකි.
* 12 පාපියකු සමඟ කුජ සිටින විට ස්ත්රීන්ගේ විවාහය අසාර්ථකයි.
* කුජ 8 පිහිටීම විවාහ දිවියට මාරකයකි.
* රවි- ශනි- රාහු 7 ට සම්බන්ධ පිරිමි අය වැඩිහිටි කාන්තාවන් සමඟ විවාහ වෙයි.
* සිකුරු දුර්වලව හෝ පාපීන් දැකීම සිකුරු සතුරුව පස්වැන්නේ සිටීම සහකරුට බලවත් අපල ගෙනදේ. හදිසි අනතුරකින් හෝ විශාල ලේ වැගිරීමකින් මියයයි.
* රවි ශනි 8 වැනි භාවයේ පිහිටීම වැන්දඹු යෝග උදා කරන පිහිටීමකි.
* කුජ නීචවීම - කුජ ශනි සමඟ 7 සිටීම යහපත් නැත. සිකුරු රාහු 7 සිටින ස්ත්‍රීන් විවාහයට යහපත් නැත.
* කුජ කේතු 8 වැනි භාවයේ නම් අනාචාර ක්‍රියා හේතුවෙන් විවාහ දිවිය අවුල්වේ.
* අට අධිපති ග්‍රහයා දෙවැන්නේ නම් විවාහය දෙදරයි.
* රාහු බලවත්වීම - බලවත් වී 7 සිටීම දෙවන විවාහයට අතවැනීමකි.
* කේන්දරයේ දෙවැන්න යහපත් වීම විවාහයට ඉතා හොඳය.
වැඩිදුර විස්තර සඳහා 072-3559768 අංකය අමතන්න.
divaina.com