iranama
විවාහයට ග්‍රහයන්ගේ බලපෑම
රාශි චක්‍රයේ දෙවැන්න වන්නේ වෘෂභ රාශියයි. එහි 07 වැන්න තුලා රාශිය වෙයි. දෙවැන්න හා හත්වැන්න. (වෘෂභ - තුලා) අයිති සිකුරු ග්‍රහයාටය. විශේෂයෙන් විවාහ ජීවිතය ගැන කරුණු පරීක්ෂා කිරීමේදී සිකුරුගේ තත්aත්වය ගැන සොයා බැලෙයි. ලෞකික සැප හා දියුණුව සැලසීමේදි සිකුරු සිටින තත්ත්වය ගැන පරීක්ෂා කළ යුතු වේ. සමාජ ආශ්‍රය, මිත්‍ර ධර්මය, සතුටින් කල්ගෙවීම, පෙම් සුවය, අඹු-සැමි දෙදෙනා අතර සම්බන්ධය ආදී කරුණු ගැන සිකුරුගෙන් දැනගත හැකිය. සිකුරු බලවත්ව සිටින කේන්ද්‍ර හිමිකරුවන්, හිමිකාරියන් යහපත් සහකාරියන් හා සහකරුවන් ලැබීම අනිවාර්යය වෙයි. ඔවුහු ප්‍රසන්න ගති ඉරියව්වලින් හෙබි, රූපශෝභා සම්පන්න, නොකැලැල් නිරෝගී සම්පන්න අය වෙති.
සිකුරු උච්ච හෝ මිත්‍රව පාප සංයෝගවලින් තොරව කේන්ද්‍ර සටහනේ 01-02-04-05-07-09-10-11 යන ස්ථානයක සිටීම ඉතා වැදගත්ය. එවන් අයගේ විවාහ ජීවිත සාර්ථක වනු ඇත. ඉහත ස්ථානයක බලවත්ව නොසිටියත් ග්‍රහයකුගේ ශුභ දෘෂ්ටියක් ලැබුණේ නම් එයද යහපත් වෙයි. සිකුරු ග්‍රහයා බලවත්ව සිටින කේන්ද්‍ර හිමියන් ඉතා වාසනාවන්තයෝ වෙති තරුණ පෙනුම, රස ආහාර පාන ලැබීම්, කාමභෝගීවීම, සහකරු/සහකාරිය අතර හිත මිත්‍රකම් ඇති කර ගැනීම ඒ අතර වෙයි.
සිකුරු ලග්නගතව සිටීමෙන් නිරෝගී වන්නේය. ලෙඩ රෝගවලින් වැළැකේ. තරුණ පෙනුම ගෙනදෙයි. උච්ච බලයෙන් හෝ ස්වක්ෂේත්ර බලයෙන් සිටීම නිසා වඩාත් ශුභ ඵල උදාකරයි.
රාශි චක්‍රයේ කුටුම්බ ස්ථානය ලෙස සැලකෙන වෘෂභයේ සිකුරු සිටීමෙන් එය ධනයෝගයක්. වාසනාවන්ත දරු පවුලකින් සමන්විත වන්නේය. විවාහයේදි යහපත් සහකරුවකු/සහකාරියක ලැබේ. එහෙත් කේන්ද්‍ර සටහනේ 02 වැන්න ධනු රාශිය නම් විවාහ ජීවිතය එතරම් සැපවත් නොවේ.
සිකුරු 03 වැන්නේ මකර රාශිගත වීමෙන් ආශ්‍රය මත විවාහය සිදුකර ගනී. එහෙත් සහකරු/සහකාරිය නොගැළපෙයි. රෝග පීඩාවලට ගොදුරු විය හැකිය.
සිව්වැන්නට සිකුරු ඉතා යහපත්ය. රුවැති සහකාරියක/සහකරුවකු විවාහයට ලැබෙයි. ඉඩකඩම්, නිවාස දේපළ වාහන ලාභ ලැබේ. භාග්‍ය උදාවේ.
සිකුරු 05 සිටීමෙන් ලස්සන දරුවන් ලබයි. දරුවන් වැඩියි, පවුල් ජිවිතය සතුටින් ගත කළ හැකිය. 06 වැන්න සිකුරුට යහපත් නැත. ආමාශගත ආබාධ ඇතිකරයි. රහස් රෝග (ලිංගාබාධ) වැළඳිය හැකිය.
07 වැන්න කේන්ද්‍රයට ඉතා යහපත් තැනකි. සිකුරු 07 සිටීමෙන් ස්වාමියාගේ, භාර්යාවගේ ආදරය දිනාගත හැකිය. 07 වැන්න වෘෂභය වී නම් හෝ තුලා වී නම් ඉතා ශුභයි. විවාහය ඉක්මන් වෙයි. කාමාශා තදින් බලපායි. ව්‍යාපාරවලට ශුභයි.
08 වැන්නේ සිකුරු සිටීමෙන් රුපය ලස්සන වෙයි. 08 වැන්න වෘශ්චික රාශිය වීමෙන් ස්වාමියා/භාර්යාව දෙදෙනා ඉතා සතුටින් ජීවත් වේ. එහෙත් පසු කාලීනව හෘද රෝග ඇති වේ.
09 වැන්නේ සිකුරු සිටීමෙන් ධාර්මික ජීවිතයක් ගත කරයි. වාසනාවන්ත පවුල් ජීවිතයක් ගත කළ හැකිය. ත්‍යාගවන්තයි. නීතිගරුකයි. උසස් අයගෙන් උදව් උපකාර ලබා ගැනීමට හැකි වේ.
සිකුරුට 10 වැන්නද ඉතා ශුභයි. රැකියා ලාභ ලබයි. කාගේත් සිත් දිනාගනී. ආලය ප්‍රේමය සම්බන්ධ කටයුතු වැඩිවේ. විවාහ ජිවිතයේ සැප අඩු වේ.
11 වැන්නේදි සිකුරු කම්සැප ලබයි. ජනාදරයට පත්වේ. දායාද උරුම හිමිකම් ලබයි. 12 වැන්නේ සිකුරු සිටීමෙන් පහත් අයුරින් ස්ත්‍රී/පුරුෂ ආශ්‍රය ඇති කරගනී. පොත්පත් සාහිත්‍ය කටයුතුවලට දක්ෂතා දක්වයි.
යම් පුද්ගලයකු විවාහ විමට සුදුසු වයසක පසුවන විට, විවාහ කාරක ග්රහයෙකුගේ මහදශා අතුරු දශා විදශාවක් ලබා තිබෙන විට, අශුභ ඵල යෙදී නැත්නම් ලග්න - චන්ද්‍ර - සිකුරු ගමන් කරන තැනකින් ත්‍රිකෝණ බලයෙන් හෝ සප්තවම ගුරු (බ්රහස්පතී) ගමන් කරනවිට විවාහ මංගල යෝජනා සාර්ථක වන්නේය. විවාහය බොහෝ දුරට ප්‍රමාදවන්නේ රාශිය අධිපති ග්‍රහයාත්, සඳු - සහ සිකුරු පාප සංයෝග වීම හෝ 02-07-08 යන රාශිවල පාපයන් සිටීමෙනි. 07 වැන්න අධිපති ග්‍රහයා 06-08-12 යන රාශියක සිටීමෙන් හෝ බාධක ස්ථානයක සිට සඳු - සිකුරුද පාප සංයෝගවීමෙන් විවාහ ප්‍රමාද විය හැකිය.
ස්වාමියා හෝ භාර්යාව තරහ මරහ වී භේදවී දික්කසාදයකින් වෙන්වීම සිදුවන්නේ ස්ත්‍රී හඳහනේ ලග්න (01) චන්ද්‍ර - සිකුරු යන තුනෙන් 07, 08 ස්ථාන සහ සිකුරු සිටින රාශියක්, පුරුෂ කේන්ද්‍රයේ ලග්න, චන්ද්‍ර සිකුරු යන තුනෙන් 02-07 යන තැනක සිකුරු සිටින රාශියක්, රවි - කුජ - ශනි - රාහු - කේතු යන පාපයන්ගෙන් සිටීමත් නිසාය.
විවාහය කල් යාමට හේතුවක් වන්නේ සිකුරු සමග ශනි එකට සිටීමෙන්ය. ශනිට අයත් මකර, කුම්භ රාශියක සිකුරු සිටීමෙන් විවාහය කල් ගතවෙන්නේය. වයස අවුරුදු 30 දක්වා පමණ කාලයක් විවාහය ප්‍රමාද විය හැකිය. සිකුරු - රවි සමග එකට සිටීමෙන්ද විවාහය සිදුවීමට කල් ගතවෙයි. එහෙත් සඳු සිකුරු එකට සිටිමෙන් ඉක්මන් වාසනාවන්ත විවාහයක් සිදුවෙයි. නිසි වයස එළඹීමට පෙර වුව දෙදෙනා අතර එකතුවීම ඇතිවන්නේ සිකුරු කුජ එකට සිටීමෙනි. ඇතැම්විට කුජ සිකුරු සංයෝගය නිසා විවාහය ප්‍රමාද වීමටද පුළුවනි. කුජ සිකුරු සංයෝගය 05-07-09-10-11 යන ස්ථානයක පිහිටීමෙන් ඉගනීම් කටයුතුවලට දක්ෂතා දක්වයි. උසස් අධ්‍යාපනයට යොමුවීම නිසා විවාහය ප්‍රමාද විය හැකිය.
හත්වැන්න අධිපති ග්‍රහයා ලග්නාධිපති සමග එකට සිටීමෙන් තමාගේ අදහස්වලට ගැලෙපන සහකරුවකු/සහකාරියක විවාහයට ලැබෙයි. එසේම හත්වැන්න අධිපතියා සිව්වැන්න අධිපතියා සමග සිටීමෙන් ආලය මතම විවාහය කරගනී. හත අධිපති ග්‍රහයා ලග්නගතව සිටීමෙන් විවාහ කටයුතු ප්‍රමාද විය හැකිය.
රවි - 07 වීමෙන්ද විවාහය ප්‍රමාද වෙයි. සඳු 07 සිටිම විවාහයට ශුභයි. සැපවත් විවාහ ජීවිතයක් ගතකරයි. කුජ 07 සිටීමෙන් ප්‍රසූත දොaෂ ඇතිකරයි. බුධ 07 වීමෙන් බුද්ධිමත් අයකු විවාහයට ලැබෙයි. ගුරුටද 07 විවාහයට යහපත්ය. එහෙත් දෙදෙනා අතර අමනාපකම් ඇති කරගනී. සිකුරු 07 සිටිමෙන් බිරිඳට ගර්භාෂගත ආබාධ ඇතිකරයි. ශනි 07 වීමෙන් වයස්ගත අයකු විවාහයට ලැබෙයි.
Wmqgd .ekSu