iranama
ලොවට වැඩදායි පුද්ගලයින් බිහිකරන පංචමහා පුරුෂ යෝග
පංච මහා පුරුෂයෝග යනු ලෝකයට වැඩදායී පුද්ගලයන් බිහි කරන යෝග වන අතර, එම යෝග බිහිවන්නේ කුජ, බුධ, ගුරු සිකුරු හා ශනි මුල් කරගෙනය. එනම් ඉහත සඳහන් ග්‍රහයන් උච්චව, ස්වක්ෂේත්රව, මූලත්රිකෝණගතව, රාශිගත වී කේන්ද්‍රස්ථානයක එනම්, 1. 4, 7, 10 යන භාවයක තැන්පත්වීම තුළින් මෙම යෝග උදා වෙයි. ප්‍රථමයෙන් අපි මෙම යෝග මොනවාදැයි හඳුනා ගනිමු. එනම් මෙම පංචමහා පුරුෂ යෝග ලෙස රුචක යෝගය, භද්‍ර යෝගය, ගුරු හංස යෝගය, මාලවී යෝගය හා ශෂ යෝගය හැඳින්විය හැකිය.
රුචක යෝගය යනු මේෂ, වෘශ්චික, මකර, යන රාශිවලින් එකක කුජ ග්‍රහයා තැන්පත්ව, එම තැන්පත් වූ රාශිය කේන්ද්‍රස්ථානයක් වූ විට (1,4, 7, 10) මෙම යෝගය යෙදේ. මෙම යෝගයෙන් උපන් අයකු තේජස් ගති ඇති. නම්‍යශීලි නොවන, උඩඟු පැවතුම් ඇති, දෙවියන්ට ගෞරව කරන, වස්තුව රැස් කරන, ලෞකික ඉතා විශාල දියුණුවක් ලබන, කඩිසර ක්‍රියාශීලී කෙනකු වේ. මෙම යෝගය හිමි පුද්ගලයෙක් රාජ්‍ය පාලකයෙක්, කළමනාකරුවෙක්, පරිපාලකයෙක්, දක්ෂ වෘත්තිකයෙක් හෝ විශාල පිරිසක් පාලනය කරන්නෙකු බවට පත් වන අතර කෝටිපති ව්‍යාපාරිකයකුගේ, ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලතල දරන්නෙකු, රාජ්‍ය අංශයේ උසස් රැකියාවක් කරන අයකු හෝ විශාල ධනවතෙකු මෙම යෝගයෙන් බිහිකරනු ලබයි. තවද මෙම යෝගය හිමි පුද්ගලයකු දීර්ඝායුෂ විඳී.
භද්‍ර යෝගය යනු මිථුන, කන්‍යා යන රාශීන් දෙකෙන් එකක බුධ ග්‍රහයා තැන්පත් වී, එම බුධ ග්‍රහයා තැන්පත් වූයේ කේන්ද්‍රස්ථානයක නම් මෙම යෝගය උදා වෙයි. මෙම යෝගය හිමි තැනැත්තා ධනයෙන් පරිපූර්ණ වූ, ක්‍රියාවට අති දක්ෂයකු වූ, ඉහළ අධ්‍යාපනයකින් යුක්ත වූ ඉවසිලිවන්ත, හික්මුණු, තම ඉන්ද්රියයන් ධමනය කරන්නා වූ අර්ථවත් දේ පවසන, තීක්ෂණ නුවණ ඇති, මනා පෞරුෂයකින් යුතු අයෙකි.
මීළඟට ගුරු හංස යෝගය යනු කුමක්දැයි බලමු. එනම් බ්‍රහස්පති (ගුරු ග්‍රහයා) ධනු, මීන, කටක යන රාශිවලින් එකක තැන්පත්වී, එම තැන්පත් වූ රාශිය 1,4,7, 10 ස්ථානයක් වූ විට, මෙම යෝගය යෙදේ. මෙම යෝගය හිමි පුද්ගලයන්ට ඉතා ප්‍රියමනාප රූසපුවක් හිමිවන අතර අධ්‍යාපනයට, ධනයට, ඉතාම යහපත් වූ, සියුම් කල්පනාවේ යුක්ත වූ, ඉන්ද්රියයන් ධමනය කර යහපත් වූ, ඉතාමත් බුද්ධිමත් පුද්ගලයකු වන අතර එම පුද්ගලයා ආගම දහමට ඇළුණු කෙනකු වේ. මෙම ගුරුහංස යෝගය පිහිටන පුද්ගලයන් පව් කිරීමට භය වේ.
මාලවී යෝගය යනු සිකුරු ග්‍රහයා, තුලා, වෘෂභ, මීන යන රාශි අතුරින් එකක සිටීද, එම රාශිය උපන් ලග්නය 1, 4, 7, 10 යන සතර ස්ථානයෙන් එකක් වූයේද, මෙම යෝගය උදා වෙයි. මෙම යෝගයෙන් උපන් පුද්ගලයා රජ කුලයක උපන්නේ නම් රජ වේ. නොමැතිනම් අධිපතියෙක්a වෙනු ඇත. හිසකෙස් දිග වේ. අලංකාර රූපයක් හිමිය. සංවේදී සිතක් ඇත. කලාවට ප්‍රිය වේ. තවද මෙම යෝගය හිමි පුද්ගලයන් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ලබන්නා වූ, ඉතා කාමභෝගී, පංච ඉන්ද්රියයන් පිනවන්නා වූ , ගේදොර, ඉඩකඩම්, යාන වාහන හිමි වන්නා වූ අයෙකු වේ.
ශෂ යෝගය යනු සෙනසුරු, මකර, කුම්භ, තුලා යන රාශියක පිහිටා. එම රාශිය කේන්ද්‍රස්ථානයක් වූ විට (එනම් 1, 4, 7, 10) මෙම යෝගය උදා වෙයි. නොයෙකුත් ප්‍රයෝග දන්නා වූ, කීර්තිය ඇති. බය සහිත හිතක් ඇති. මනා සංවිධාන ශක්තියක් ඇති, ඕනෑම දුක් කරදරයක් ඉවසාගෙන සිටිය හැකි, බොහෝ දුර දිග කල්පනා කරන්නා වූ, අධ්‍යාත්මය දියුණු කරන්නා වූ, නිතරම හිත උණුවන, දරා ගැනීමේ ශක්තිය ඉතා අධික වන, පෞරාණික දේවල්වලට ප්‍රිය වූ, යහපත් ශරීර සෞඛ්‍යයක් හිමි අයට මෙම යෝගය නියත වශයෙන් ම පිහිටා ඇත.
ඉතා සඳහන් කළ එකක් හෝ වැඩි ප්‍රමාණයක් පිහිටා ඇති අයෙක් පෙර පිං බහුල කෙනකු වන අතර, ඔවුන් ඉතා ප්‍රතිපත්තිගරුක පුද්ගලයන් වනු ඇත. තවද ඔවුන්ගේ ජීවිතය තුළ අගනාකම් සහජයයෙන් ම උරුම වන දෙයකි. මෙම පංච මහා පුරුෂ යෝග නිවැරැදිව යෙදී ඇත්ද යන්න පරීක්ෂා කිරීම සඳහා භාව කේන්ද්‍ර සංකල්පය ඉතා වැදගත් වේ. එකවර ඇසින් දුටු පමණින් ඉහත යෝගයන් පවතීද යන්න තීරණය කළ නොහැක. එය භාවගතව පිහිටියේද යන්න, ලග්න ස්පුටකය පදනම් කරගෙන පළමුවැනි, හතරවැනි, හත්වැනි හා දහවන භාව නිර්ණය කොට එම යෝග වල ඵලදීම තීරණය කළ යුතු වේ. ඊට අමතරව මෙම ග්‍රහයන්ගේ වර්ග පරීක්ෂාව ද සිදු කළ යුතු අතර, රාශියට අමතරව නවාංශකය, නැකත, අවස්ථාව ඉතා සූක්ෂමව පරීක්ෂා කළ යුතු වේ.
ඉහත සඳහන් කළ සියලු පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ග්‍රහ යෝගවීම්, ග්‍රහ දෘෂ්ටි, පදනම් කරගෙන පලාපල කථනය සිදු කළ යුතුය. මාගේ අත්දැකීම්වලට අනුව මෙම පංච මහා පුරුෂ යෝග නාම මාත්‍ර වූ අවස්ථා බොහෝ ඇත. නමුත් ඒවායේ කිසිදු පලදීමක් සිදු නොවන අවස්ථාවන් ඇත. එයට හේතුව මෙම පංච මහා පුරුෂ යෝග භාවානුරූපීව "පංච මහා පුරුෂයෝග" නොවීමත්, නවාංශකයෙන්, නැකතෙන්. අවස්ථාවෙන් යන සියල්ලෙන් දුර්වල වීමයි. එමනිසා පලාපල කථනයේදී ඉහත යෝගයන් දුටු සැනින් පලාපල කථනය සිදු නොකළ යුතු අතර, එය ඉහත සඳහන් කළ ආකාරයට පරීක්ෂණයකට භාජනය කර අනාවැකි ප්‍රකාශ කළ යුතු වේ.
ඉහත සඳහන් කළ ආකාරයට ඉතා නිවැරැදිව, බලවත්ව. පංචමහා පුරුෂයෝග යෙදුණේ නම්, අනෙකුත් ග්‍රහයෝග සංසන්දනය කර ඔහුගේ හෝ ඇයගේ අනාගතය කුමන අංශයකින් විකාශනය වන්නේද යන්න තීරණය කර ගත හැකිය. එනම් රාජ්‍ය නායකයෙක්, ආගමික නායකයෙක්. මහා ධනවතෙක්, ප්‍රසිද්ධ වෘත්තිකයෙක් (වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, නීතිඥවරයෙක්, ගණකාධිකාරිවරයෙක්, රාජ්‍ය සේවකයෙක්, ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් හෝ ව්‍යාපාරිකයෙක්) විය හැකිය.
මේ අනුව, පංච මහා පුරුෂයෝගයන් පවතින විට, ඔබගේ කේන්ද්‍රයේ වෙනත් අශුභ ග්‍රහ පිහිටීමක් පවතින්නේද, එම දොaෂභංග වන අවස්ථාද පවතින අතර, මෙම පංචමහා පුරුෂයෝග පිහිටීම කිසි විටෙක අයහපතක් නොවන අතර, යහපතක් ම වනු ඇත.
වැඩිදුර විස්තර සදහා 0718602525/ 0115248187
විද්‍යාවේදී ජ්‍යෙතිෂවේදී
ගෝඨාභය මුදලිගේ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks