iranama
ලබා ඇති දශා අනුව පලාපල බලන හැටි
හඳහන් බලා පලාපල විස්තර සොයා බැලීමේදී යම් ග්‍රහයකු ඔහුගේ දශාවේදී හෝ අන්තර් දශාවේදී සුබ අසුබ පල දෙන්නේ එම ග්‍රහයාට අයත් රාශි සහ භාව ආදියට අයත් කරුණු සම්බන්ධයෙනි. ජන්මියකුට ග්‍රහයකු සුබ බලවත් හෝ දුර්වල අසුබ පල දෙන්නේ දැයි යන්න දැනගත යුත්තේ එම ග්‍රහයා ජන්මියාට සුබ හෝ අසුබව පිහිටි ආකාරයටය. දශාපල එක් එක් කේන්දර හිමියාට නොයෙක් ආකාරයෙන් පලදෙනු ලබයි. එම පලාපල එක් එක් කේන්දරවලට පලදෙන ආකාරයට සකස් කර ගන්නා ක්‍රමය පිළිබඳ විස්තර මෙහි පහත දක්වමි.
රවිගේ දශාව
රවි බලවත්ව සුබයකු වී කේන්දරයේ හොඳ ස්ථානයක සිටියහොත් ඔහුගේ මහ දශාවේදී හෝ අන්තර් දශාවේදී හෝ ඔහු ජන්මියාට දරුවකු ලබාදීම, බලය හා තත්ත්වය ලබාදීම, කීර්තිය, වැඩිහිටියන්ගෙන්, රජයේ උසස් නිලධාරීන්ගෙන් හා බලයේ සිටින අයගෙන් උදවු ලබාදීම පියාගේ කටයුතු සඵල වීම, පියා සමෘද්ධිමත් වීම, සෞඛ්‍ය යහපත් වීම, සමාජ පරිසරය ඔහුට යහපත්ව පිහිටීම ආදී දේ සිදුවෙයි.
රවි දුර්වලව
අසුබයකු වී කේන්දරයේ අසුබ ස්ථානයක සිටියහොත් එම දශා කාලය තුළදී ඔහු රෝග සාදයි. පිත් කෝප වීම, ශරීරයේ දැවිල්ල, හෘද රෝග, ඇස් රෝග, හමේ රෝග, ස්ත්රීන්ගේ ඇඟ උණුකරවා යෑම, වස්තු විනාශය, අප කීර්තිය, අපරාධ, නඩු කීම, හිරේ වැටීම, පියාට අගුණ වීම, පවුලේ දබර, බලවත් සිත් වේදනා ඇතිවීම් ආදී දේ සිදුවෙයි.
චන්ද්‍රයාගේ දශාව
චන්ද්‍රයා බලවත් සුබයකු වී යහපත් තැනක සිටියහොත් ඇගේ දශාවේදී සිතේ ශාන්ත බව ඇතිවීම, ව්‍යාපාර දියුණුව, සැප සම්පත් හිමි වීම, දරුවකු ලැබීම, විවාහය, ගෙවල් හා ඉඩකඩම් ආදියෙන් ලාභ ලැබීම ආදී දේ සිදුවෙයි.
චන්ද්‍රයා දුබලව
අසුබ ස්ථානයක කේන්දරයේ සිටී නම් සඳු - නින්ද පිළිබඳ රෝග ඇති කිරීම, නිතර නිදිමත ගතිය, පෙණහැල්ලේ රෝග, මුත්‍රා ගල් සෑදීම, ලේ දුර්වලකම පිළිබඳ රෝග, දරුවන්ට, භාර්යාවට හෝ මවට රෝග ඇතිවීම, මෙහෙකාරයන්ගෙන් කරදර වීම, කාන්තාවන් නිසා වස්තු විනාශ වීම ආදිය සිදුවේ.
කුජගේ දශාව
කුජ බලවත් වී සුබවී යහපත් ස්ථානයක සිටී නම් - කුජගේ දශාවේදී නඩු හබවලින් දිනීම, සතුරන් පරාජය කිරීම, සහෝදරයන් ඉපදීම හෝ ඔවුන්ගේ දියුණුව, පොළොවෙන් වස්තු ලැබීම හා ඉඩකඩම්වලින් ලාභ ආදිය ලැබීම, කීර්තිය වැඩිවීම, උසස් තත්ත්වයක් හා බලය ලැබීම ආදිය සිදුවේ.
කුජ දුර්වලව
අසුබ වී නරක ස්ථානයක සිටියහොත් නඩු හබවලින් පැරදීම - පවුලේ දබර, සහෝදරයන්ට රෝග, ඔවුන්ගේ මරණ වීම, දේපළ විනාශය, අනතුරු හා තුවාල වීම, උසස් නිලධාරීන්ගේ අප්‍රසාදය, අපරාධවලට හා කුමන්ත්රණවලට සම්බන්ධ වීම නිසා කරදර ඇතිවීම, ලේ නරක් වීම, පිත් රෝග සෑදීම, ඇස් රෝග, උගුරේ රෝග, සෙම් රෝග ආදී දේ ඇතිවන කාලයකි.
බුධ දශාව
බුධ බලවත්ව සුබයකු වී සිටියහොත් ඔහුගේ දශාවේදී හොඳ මිතුරන් ඇතිවීම, කීර්තිය වැඩිවීම, උගත් අය ගරු කිරීම, උසස් තත්ත්වය, ව්‍යාපාර ලාභ කතිකත්වය, උසස් අධ්‍යාපනය, භාර්යාව හා දරුවන්ට යහපත් තත්ත්වය ඇතිවීම ආදී දේ සිදුවෙයි.
බුධ දුර්වලව
අසුබ ස්ථානයක සිටියහොත් ඇස් රෝග සෑදීම, උගුරේ අමාරු, සෙම් ගෙඩි, චර්ම රෝග, ලේ දුර්වලකම පිළිබඳ රෝග, හිසේ රෝග, උසස් නිලධාරීන්ගේ අප්‍රසාදය, හිතවතුන්ගේ අමනාප, ව්‍යාපාර හා වස්තු විනාශය, දුර පළාත්වල ගමන් යෑම, උදාසීන බව, ගොවිතැන් විනාශය, මාමාවරුන්ගේ වියෝව ආදිය සිදුවෙයි.
ගුරු දශාව
ගුරු බලවත්ව සුබ වී යහපත් ස්ථානයක සිටියහොත් එම දශා කාලයේදී වස්තුව හා කීර්තිය ලැබීම, වැඩිහිටියන් හා උතුමන් ගරු කිරීම, දරු සම්පත් ලැබීම, උසස් තත්ත්වයක් ලැබීම, යාන වාහන ලැබීම, ගෙවල් ඉඩකඩම් සැප ලැබීම, කරන කටයුතු සඵල වීම, ආගමික දිවි පෙවත, අන් අයට උදවු කිරීම ආදිය සිදුවීම.
ගුරු දුර්වලව
අසුබ ස්ථානයක සිටියහොත් දරුවන්ට රෝග හෝ මරණ සිදුවීම, තත්ත්වය හා වස්තු විනාශ වීම, නපුරු අයගේ කුමන්ත්‍රණ, බඩ වැලේ රෝග, හිසේ රෝග, ආහාර නොදිරවීමේ රෝග ආදිය සිදුවෙයි.
සිකුරු දශාව (කිවි දශාව)
සුබව බලවත්ව යහපත් ස්ථානයක සිටියහොත් විවාහ වීම, ලස්සන දූවරුන් ඉපදීම, යාන වාහන ගෙවල් ලැබීම, බලයේ සිටින අයගෙන් ගරු නම්බු ලැබීම, තත්ත්වය උසස් වීම, යහපත් සෞඛ්‍ය ඇතිවීම ආදිය සිදුවෙයි.
සිකුරු දුර්වලව
අසුබ වී ස්ථානයක සිටියහොත් රෝග සෑදීම, භාර්යාවට හානි, පහත් ස්ත්‍රීන් නිසා කරදර, වස්තු හානි, ලිංගික රෝග සෑදීම, ලේ විස වීම, මුත්‍රා ආබාධ ආදිය සෑදීම, ඇස් රෝග, හන්දි රෝග ආදී දේ සිදුවෙයි.
ශනිගේ දශාව
ශනි බලවත්ව සුබවී යහපත් ස්ථානයක සිටී නම් උසස් තත්ත්වය හා බලය ලැබීම, නායකත්වය ලැබීම, සෞභාග්‍ය හා පී‍්‍රතිය ලැබීම ආදිය සිදුවීම.
ශනි දුර්වලව
අසුබ වී නරක ස්ථානයක සිටියහොත් වස්තු විනාශය, දුප්පත් වීම, රෝග සෑදීම, පවුලේ වැඩිහිටි අයගේ අභාවය, පහත් මිනිසුන්ගෙන් කරදර, ඉඩකඩම් ආදායම් හානි වීම,
දබර හා නඩුහබ ඇතිවීම, වේදනා හා වාත රෝග සෑදීම, බඩේ රෝග, උෂ්ණය අධික වීම, ශරීරයට තුවාල වීම, භාර්යාවට හා දරුවන්ට රෝග හෝ ඔවුන්ගේ මරණ වීම, සමහර විට ජන්මියාගේ වියෝ වීම පවා සිදුවිය හැකි වීම.
රාහුගේ දශාව
රාහු බලවත්ව සුබවී යහපත් ස්ථානයක සිටියහොත්
එම දශා කාලයේදී වස්තුව ලැබීම, ව්‍යාපාර ලාභ, සෞභාග්‍ය තත්ත්වය උසස් වීම, රැකියා දියුණුව, ගෞරවය හා පී‍්‍රතිය ලැබීම ආදී දේ සිදුවෙයි.
රාහු දුර්වලව
නරක ස්ථානයක සිටියහොත් වස්තු විනාශ වීම, වාද හා දබර, අපරාධ ක්‍රියා කිරීම, ඉබාගාතේ යෑම, දුප්පත් වීම, භාර්යාවට හා දරුවන්ට රෝග හෝ මරණ, බෝවන රෝග සෑදීම ආදී දේ සිදුවෙයි.
කේතුගේ දශාව
කේතු බලවත්ව සුබවී යහපත් ස්ථානයක
සිටියහොත් ඔහුගේ දශා කාලයේදී වස්තුව ලැබීම, වැරැදි ක්‍රියා මඟින් ලාභ ලැබීම, යහපත් ජීවිතය හා සෞභාග්‍ය ලැබීම, ඉගෙනීම, උගතුන්ගේ ගරු කිරීම, වන්දනා ගමන් යෑම ආදිය සිදුවෙයි.
කේතු දුර්වලව
අසුබ වී නරක තැනක සිටියහොත් වස්තු විනාශ වීම, රෝග සෑදීම, හිරේ වැටීම, පහත් අයගේ ඇසුර, සොර බිය ඇති වීම, අසාධ්‍ය රෝග වැලඳීම ආදී දේ සිදුවෙයි.
එක් එක් දශාවලදී එම ග්‍රහයන්ගේ තත්ත්වය සලකා බලා පලාපල සකසා ගැනීමට ඉහත සඳහන් විස්තර උපයෝගි කරගත හැකිය.
ජේයාතිෂවේදී ඒ. ඩී. යූ. රත්න ශ්‍රී මාස්පොත -072 3520090
Wmqgd .ekSu u