iranama
ලග්න හතරකට ජයෙන් ජය...
සිකුරු මාරුවේ ප්‍රතිඵල මෙන්න
ක්‍රිස්තු වර්ෂ 2017 ජනවාරි 27 වැනි සිකුරාදා දින රාත්‍රී 08.19 ට පමණ ග්‍රහ මණ්ඩලයේ සුරූපිනිය ලෙස විරුදාවලි ලත් සුකුමාල ස්ත්‍රී ග්‍රහ තාරකාව වන සිකුරු හෙවත් ශූක්‍ර ග්‍රහයා කුම්භ රාශියේ සිට සිය උච්ච රාශිය වන මීන රාශියට රාශිගත විය. එම සිකුරු වක්‍ර වෙමින් හා නිවෘත වෙමින් එම මීන රාශියේම 2017 මැයි මස 31 වන දින දක්වා ගමන් කිරීම හේතු කොටගෙන මිථුන, කන්‍යා, ධනු හා මීන යන ලග්නවලට මාලවී යෝගය උදාවත් සමඟ ඉතාමත් ප්‍රබල සුබපල උදාකරන අතර මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, යන ලග්නවලට මහෞෂධ යෝගය සමඟින් මධ්‍යම සුබ ඵල උදාකරනු ඇත. අන් ලග්න හිමියන් අපල තත්ත්වයන් ගෙන් මිදීමට කතරගම, විෂ්ණු, පත්තිනි යන දෙවි දේවතාවුන් පින් අනුමෝදන් කර ග්‍රහ අපල දුරුවේවායි ප්‍රර්ථනා කරන්න.
බ්රහස්පතී හෙවත් ගුරුට පසු සුබ හා සෞම්‍ය ග්‍රහ ලොව මෙන්ම සඳුට පසු දීප්තිමත්ම ග්‍රහ තාරකාවද වන සිකුරු ග්‍රහයා අසුරගුරු ලෙස විරුදාවලි ලබා ඇත. මෙම ග්‍රහ මාරුවත් සමඟින් පංච මහා පුරුෂ යෝග අතරින් ඉතාමත් සුබ යෝගයක් වන මාලව්‍ය හෙවත් මාලවී යෝගය උදා වනු ඇත.
සිකුරු ග්‍රහයා උච්ඡව හෝ ස්වක්ෂේත්රව 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානයක පිහිටීම මාලවී යෝගයයි. ඒ අනුව මෙම කාලසීමාව තුළ උපදින (2017/01/28 ත් 05/31) උපදින මිථුන, කන්‍යා, ධනු හා මීන යන ලග්න හිමි දරුවන්ට මෙම සුබ යෝගය පිහිටන අතර එය ඔවුන්ගේ ජීවිත සියඵ අංශවලින් සාර්ථක වන අතිශය සුබ හා වාසනාවන්ත යෝගයක් වනු ඇත. යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් හා සැප සම්පත් මෙන්ම ජනප්‍රියත්වය සේම ඔවුන් ඉතා පැහැපත් රූපයකටද හිමිකම් කියනු ඇත. මෙම ග්‍රහ මාරුව හේතුකොට ගෙන මාස 5 කට ආසන්න ඉදිරි කාලසීමාව තුළ රට තුළ ධාන්‍ය සම්පත් බහුල වනු ඇත. ගස්වැල් මලින් පලින් බරවනු ඇත. නව කලා නිර්මාණ බිහිවන අතර එය ජාත්‍යන්තරවද ඇගයීමට ලක්වනු ඇත. එසේම වැසි තත්ත්වයේ යම් වර්ධනයක් ඇතිවන අතර, විශේෂයෙන් කලාකරුවන්, නඵ නිළියන් හා ස්ත්රීන්ට මෙම කාල සීමාව ඉතාම සුබදායකය. එසේම තරුණ තරුණියන් අතර පෙA්රම සම්බන්aධතා බහුලව ඇති වේ. විවාහ ආශ්රිත කටයුතු මෙන්ම රෙදිපිළි හා විසිතුරු භාණ්ඩ සම්බන්ධ කටයුතුවලට මෙම ග්‍රහ මාරුව ආශ්රිත කාලය ඉතාම සුබ දායක වනු ඇත.
මෙම සිකුරු ග්‍රහයා මීන රැසේ උච්ඡ වීමත් සමඟින් වයස 3/7 අතර කුඩා දරුවන්ට අකුරු කියවීම, ඉඳුල් කට ගෑම, කන් විදීම්, හිසකෙස් කැපීම මෙන්ම නිවාස, විවාහ හා වෙළදාම් සම්බන්ධයෙන් තම ජන්ම නැකතට අනුව සකසාගත හැකි ඉතා සුබ තත්ත්වයේ නැකැත් රාශියක් යෙදී ඇත. පහත දැක්වෙන්නේ ඉන් කිහිපයක් පමණි. ඒ අනුව ඔබත් පහත සඳහන් දින හා තමාගේ නැකතට ගැළපෙන මෙම කාලසීමාව තුළ ඇති දින එම කටයුතු සඳහා යොදා ගැනීම යහපත් වනු ඇත.
ජනවාරි 30 වන සඳුදා උදේ 06. 58 ට නැගෙනහිර දිශාව බලා සුබයි.
පෙබරවාරි 09 වැනි ගුරු දින උදේ 09. 32 ට උතුරු දිශාව බලා සුබයි.
කන් විදීමට පෙබරවාරි 15 වැනි බුධ දින උදේ 08.09 ට උතුරු දිශාව බලා සුබයි.
පෙබරවාරි 17 වැනි සිකුරාදා දින උදේ 07.06 ට උතුරු දිශාව බලා සුබයි.
හිස කෙස් කැපීමට පෙබරවාරි 27 වැනි සඳුදා උදේ 06.47 ට උතුරු දිශාව බලා සුබයි.
බත් කැවීමට පෙබරවාරි 23 වැනි ගුරු දින උදේ 11.55 ට උතුරු දිශාව බලා සුබයි.
විවාහයට මාර්තු 08 වැනි බුධ දින උදේ 09.25 ට නැගෙනහිර දිශාව බලා සුබයි.
විවාහයට මාර්තු 09 වැනි ගුරු දින උදේ 06.36 ට උතුරු දිශාව බලා සුබයි.
කන් විදිමට මාර්තු 13 වැනි සඳුදා දින උදේ 06.46 ට දකුණු දිශාව බලා සුබයි.
කන් විදීමට අප්‍රෙල් 06 වැනි ගුරු දින උදේ 11.36 ට නැගෙනහිර දිශාව බලා සුබයි.
විවාහයට, අකුරු කියවීමට අප්‍රේල් 24 සඳුදා දින උදේ 11.05 ට උතුරු දිශාව බලා සුබයි.
පහත දැක්වෙන්නේ මෙම සිකුරු මාරුව අනුව ලග්න 12 ට බලපාන පලාපලයන් ය.
මේෂ - සිකුරු ඔබේ ලග්නයෙන් 12 වැන්නේ ගමන් කරන මෙම කාලය ධන සම්පත් ඉහළ යන කාලයකි. මෙතෙක් කාලයක් අඩාලව පැවති යම් යම් කාරණා ඉටුවන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක් පෙනේ. ලැබීම් නොසිතූ ලෙස පහළ යන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබ දායක වනු ඇත.
වෘෂභ - මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්යබහුල කාලයකි. සහෝදරයන්ට අසුභ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකිය. ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත.
මිථුන - ඔබගේ ජන්ම පතේ 10 වැන්නට මිථුනයේ යෝග කාරක වූ උච්ඡ සිකුරු පිවිසීමත් සමඟින් ඔබට කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ රැකියා ලැබීමේ වාසනාව හිමිවනු ඇත. පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. විවාහ යෝජනා ඉදිරිපත් වනු ඇත. පසුගිය දින වල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අඵතින් අරඹන කටයුqතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය යහපත්ව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
කටක - ඔබගේ ජන්ම පතේ 9 වැන්නට සිකුරු පිවිසීමත් සමඟින් ඔබට ගේදොර ඉඩකඩම්, යාන වාහන මෙන්ම මැණික් සම්පත් හිමිවනු ඇත. පෙර පින පෑදෙන කාලයකි. මෙම කාලසීමාව පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමිවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුqතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරිර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ. උසස් අධ්‍යාපනයට සුබයි.
සිංහ - ලග්නයෙන් 8 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාලසීමාව ඔබගේ සමාජ පිළිගැනීම ප්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇත. විවාහ ජීවිතයේ පැවති කරදර හා බාධා මෙම කාලසීමාව තුළ පහව යනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප ලැ‚ම හා විවාහ වාසනා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක් පෙනේ.
කන්‍යා - ඔබට මෙම සිකුරු මාරුව සමඟ සිකුරු මාලවි යෝගය උදා කරමින් ඔබගේ ජන්ම පතේ 7 වැන්නට පිවිසෙනු ඇත. ඒ අනුව ඔබට විවාහ වාසනා උදාවනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. යාන වාහන මෙන්ම විසිතුරු දේවල් හිමිවන කාලයකි. එසේම බිරිඳගේ පාර්ශ්වයෙන් දායාද හිමිවනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල් ගත වීමේ අවදානමකුත් තියනවා. සෙම් රෝග බහුල වන අතර යුගදිවි සමගියට සුබදායක වනු ඇත.
තුලා - ඔබගේ තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ලග්නයෙන් 6 වැන්නේ ගමන් කිරීම මත සතුරු කරදරයකින් ජයගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැ‚මට ද හැකියාව ඇත. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්රඵල දායක වේ. අසනීපවලින් යම් සුවයක් අත්වේ. ගෘහ ජීවීතය තුළ අය පක්ෂය ඉහළ යනු ඇත. සෙම් රෝග ඇතිවිය හැකිය.
වෘශ්චික - හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප්රවනතාවක් ඇත. රෙදිපිළි හා වස්තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන නමුත් මෙම කාලයේදී ප්‍රනීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වන අතර විවාහ වාසනා උදා වනු ඇත.
ධනු - ඔබගේ 4 වැන්නේ තැන්පත් සිකුරු ඔබගේ ආදායම් තත්ත්වය ඉහළට ගෙන යනු ඇත. ගේදොර ඉඩකඩම් ලැබෙන කාලයකි. ඇස් රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරිර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුඵවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ඔබගේ මවට සුබයි. ආදායම් තත්ත්වය වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ.
මකර - සිකුරු 3 වැන්නේ ගමන් කරන මෙම කාල සීමාව තුළ රැකියාවේ උසස්වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයක ට සම්බන්ධව ගැටලු පැන නැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරත වන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය.
කුම්භ - 2 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාලය ධන ලාබ හිමිවන කාලයකි. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. තරග විභාගවලින් ජය හිමිවනු ඇත. සතුරු කරදර ඇති වන අතර රෝග පීඩා හා අස්ථාන බිය ඇති වනු ඇත.
මීන - සිකුරු ඔබගේ ලග්න භාවයේ ගමන් කරන මෙම කාලසීමාව ඔබට බෙහෙවින් සුබදායකය. විවාහ කටයුතු සාර්ථක වන හා දරුඵල හිමිවන කාලයකි. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලි තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ අනාගතයට සාර්ථක අවස්ථා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන් ගෙන් නම් පොඩි පොඩි බාධකද ඇතිවිය හැකිය. පෙර පින පෑදෙන විසිතුරු දේ හිමිවන කාලයකි.
සැ. යු.
ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගතවන මහ දශා, හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන්, හා විවිධ ග්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩිවීම් සිදුවිය හැකිය.
ජ්‍යෙතිෂවේදී, බණ්ඩාරගම,
සම්පත් එස් කල්පගේ "තසුනි" සෙත්කවි හා ජ්‍යෙතිෂ සේවය
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks