iranama
ලග්නය කොතැනක හෝ බුධ,සදු සිටීනම්
මේ ගැනත් බලන්න
ඕනෑම ඡන්ම පත්‍රයක අත්‍යවශ්‍යම හා වැදගත් වූ කාර්යය තමයි පලාඵල කීම. එසේ වුණත් පලාඵල කීම සඳහා නිවැරදිව ඡන්ම පත්‍රය සකස් කිරීම හා මහදසා අන්තර් දසා නිවැරදිව ගණනය කර තිබීම ජ්‍යෙdතිර්වේදියාගේ දක්ෂතාවය මත ර¹ පවතී. පැරණි ක්‍රමයට එනම් ගණිත ක්‍රමයට සකස් කිරීමේදී ජ්‍යෙdතිර්වේදියා පුහුණු දක්ෂතාවය ගැන සැලකිය යුතු නමුත් බොහෝ දෙනා පහසුව තකා පරිගණකයෙන්- ලඝූ ක්‍රමයෙන් ඡන්ම පත්‍ර සකස් කරනවා. තත්කාල ක්‍රමයට වඩා වැඩි පත්‍රිකා ප්‍රමාණයකුත් මැෂිමෙන් එළිsයට එනවා. ඒත් අත්‍යවශ්‍ය කරුණු නැහැ. ඒ නිසා ජ්‍යෙdතිර්වේදියාට නිවැරදි පලාඵල කියාගන්න බැරි වෙනවා. පැරැන්නෝ වර්තමාන ජ්‍යෙdතිර්වේදීන්ට වඩා දක්ෂ ලෙස පලාඵල නැත්නම් ගුණාගුණ පැවසූ බවට තර්කයක් නැහැ. ඒ කළේ ගණිතමය- සායන- ග්‍රහස්ඵුට- උත්තර අංශක- දක්ෂිණ අංශක උපයෝගී කරගෙන මිස යන්ත්‍ර උපයෝගී කරගෙන නොවේ. ලග්නාංශකය දවසින් දවසට- දේශයෙන් දේශයට වෙනස් වීමක් සිදු වන අතර සූර්ය උදාවද දිනෙන් දිනට වෙනස් වේ. ඒ නිසා නියමිත අංශකය ගණිත ක්‍රමයෙන්ම සාදා ගැනීමෙන් නියම පලාඵල දැනගත හැක. උදාහරණයක් වශයෙන් චන්ද්‍රයාද දින 2 යි පැය 12 කින් වෙනස් වීමක් සිදු කෙරේ. පෘථීවිය සංක්‍රමණය වන වස්තුවක් හෙයින් ලොව පවතින සියලුම දේ සංක්‍රමණය සිදු වෙමින් පවතී. මනුෂ්‍යයාගේ වෙනස් වීම මීට කදිම නිදසුනකි.
දෙවනුව පලාඵල කීමේදී මහදශා- අන්තර් දශා- දෘශයි ගැන මනා දැනුමක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ග්‍රහ කිරණ අතුරින් බුධ හා සඳු ගැන අමතර යමක් ඉගෙන ගැනීමෙන් අමතර ගුණාගුණයක් නැතහොත් පලාඵලයක් ප්‍රකාශ කර කිව හැක. එවිට ජ්‍යෙdතිර්වේදියාගේ විශේෂ දක්ෂතද එළිදරව් වේ. සාමාන්‍යයෙන් ඕනෑම රාශියක් එක ස්ථානයක සිට තවත් ස්ථානයකට සංක්‍රමණය වී එම ස්ථානයේ සිටී නම් එම රාශිය අයිති ග්‍රහයාට අනුව සුබ හෝ අසුබ ඵල ලැබේ. උදාහරණයක් වශයෙන් අඟහරුවා සුබවාදීව පළමු වැන්නේ නැත්නම් ලග්නයේ සිටීමෙන් ද්විතීයවත් 7 වැන්නේ සිටිමෙන් ප්‍රථමවත් විවාහය සුබව කඩිනමින් කරයි. අසුබවාදීව සිටීමෙන් විවාහය අසුබව කඩිනමින් කරයි. 7 වැන්න නිසා විවාහයේ ස්වභාවය පළමු වැනිවත්a, සප්තම දෘෂ්ටිය නිසා ද්විතිකවත් එසේ සිදුවේ. සප්තම දෘෂ්ටිය පසුව විග්රහ කෙරේ.
සඳු ජන්ම පත්‍රයේ කොහේ හිටියත් ජන්මියාගේ උප්පත්තිය පුර තිථියට වී සුබවාදීව සිටීමෙන් ඉතා සුබ ඵල මෙන්ම අව තිථිය වී අසුබවාදීව සිටිම ඉතා අසුබ ඵල දීමට සමත් වේ. විශේaෂයෙන් සඳු ග්‍රහයා ජ්‍යෙdතිෂයේ මවු බවට පොතපතේ සඳහන් වුවත් අව තිථියට කෲරයා බව අමතක නොකළ යුතු වේ. පුර තිථියට උපන් ජන්මියාට පෙර භවයේ කුසල් ඇති බවත් මේ භවයේදී එම කුසල් නිසා විශේෂ දක්ෂතා හදිසි අනතුරු වැළැකීම් වැනිදැ සිදු වන බවත් අපි දනිමු. ඒ බව එසේ ගෝචරය ඇති අපට අදෘශ්‍යමානව දැනීමෙන් සිදුවේ- එපමණක්ද නොවේ. ජීවිතය සතුටින්- සමාදානයෙන්- සෘජුව- යහපත් ආකාරයට ගෙන යැමට උත්සාහ ගනී. අව තිථියට උපන් ජන්මියාට ඉහත සඳහන් කළ අයුරින් සිදු නොවේ. වෘෂභ ලග්න ලාභීන්ට මේ චන්ද්‍රයා ඉතා සුබ වන අතර වෘශ්චික ලග්න ලාභීaනට ඉතා නරක තත්ත්වයක් ගෙන දේ. තවද මෙම සුබ චන්ද්‍රයා ගැන මෙම ශ්ලෝකයෙන්ද දැනගත හැක.
" චිත්රං විභූති වර වාහන යාන කාන්ති- ශේමතිය බල වීරිය
සුඛාන තස්ස- සයනාසන විස්වාසාන්න බෝජනානි
චන්aදොa දසාම් සුජිනි කාංචන භුමි ලාභම්"
ඒ කිව්වේ නැත්නම් සඳහන් වන්නේ "සුබ චන්ද්‍රයා ලැබූ කෙනකුට යාන වාහන- බලය- රත්ත්රං- කැපී පෙනෙන බව විශ්වාසකම- සයනාසන- රන්රිදී- විවාහක තෘප්තිය ලැබෙන බවයි.
තවද පලාඵල කීමේදී නියත වශයෙන් ප්‍රතිඵල ගුණ හෝ අගුණ දෙන්නේ මහ දශා/අන්තර් දශා/ නැත්නම් දෘෂ්ටි යෑයි සඳහන් කළත් සප්තම දෘෂ්ටි හෙළන කාලයටයි. එනම් රාශිය ගෝචරය වන ස්ථානයේ සිට රාශි 7 කට දුරින් තිබෙන රාශියේ ගෝචරය පරීක්ෂා කිරීමෙනි. දෘෂ්ටිය ගැන ඉගෙන ගැනීමේදී 3,4,5-9 හා 10-08-09-12 වශයෙන් සැලකිය හැකි වුවද 7 ප්රබලව ප්‍රතිඵල ලැබේ. මීට අප සප්තම දෘෂ්ටිය යෑයි හඳුන්වනු ලැබේ. විශේෂයෙන් චන්ද්‍රයා නැත්නම් සඳු සහ බුධ ජන්මියකුගේ සතුටට හා බුද්ධියට අධිපති මෙන්ම සෙම් අමාරුකාරයාය. .
පියංගු කලි කාශ්යපෙයියං- රූපේන බුධ දං ප්රතිමං
සෞම්‍යං සෞම්‍ය ගුණෝපේතං- ශාං බුද්ධං ප්රනාමයං" ඔය කිව්වේ බුධ ගැන- බුධ සෞම්‍ය ග්‍රහයෙකි. ඥනයට අති දක්ෂයෙකි. ගිහිගෙය කල කිරවන්නෙකි. නමුත් සෙනසුරු සඳු- සිකුරු එකට හිටියොත් විවාහ වුණත් ගිහි සැප අතහැර යයි. විවාහයට බුධගෙන් උදව් නැත. බුධ නපුංසකය. සිද්ධාර්ථ ගෞතමයන් බුදු බවද ලබා ගත්තේ බුධ මහ දශාවේය. බුධ මහ දශාවේ කේතුගේ අන්තරය ඇත්නම් ශාස්ත්‍රීය කටයුතු දියුණු කරයි. රවි/ බුධ යෝගය බලවත් වන්නේ මේ බුධගේ වෙනස් වීම නිසාය. ඉගෙනීමේ කටයුතුවල යෙදෙන සමහර දක්ෂ දරුවෝ හිටි හැටියේම ඉගෙනීමට මැලි කරති- මැලි වෙති. විවාහ වීමට සුදුසු තරුණ තරුණියන් හදිසියේම විවාහයට අප්‍රසන්න තත්ත්වයක් දක්වති. ප්‍රිය නොකරයි. ඒ බුධ/ කේතු සංයෝග වීම නිසාය. සමහර ඡන්ම පත්‍රවල බුධගේ ගෝචරය සුබවාදීව තිබියදී ඉහත කී කාරණා සිදුවේ. ඒ නිසා බුධට සාපේක්ෂිතව චන්ද්‍රයා විසඳිය යුතුවේ. ඡන්ම පත්‍රයක බුධ හා චන්ද්‍රයා සෑහෙන වික්‍රමයක් කරන බව පැවසුවේ එහෙයිනි. දිවයිනේ හිටපු නායකයින් රැසක්ම බුධ ග්‍රහයාට අයත් කන්‍යා රාශියෙන් උපන් බව රහසක් නොවේ. කන්‍යා රාශියේ ඉපදී ලග්නයේ චන්ද්‍රයා සුබවාදීව ඇත්නම් කවදා හෝ දිනක රටට වැඩදායීs පුද්ගලයකු වීම නොවැළැක්විය හැකි කරුණකි. මේ ඔක්කොම හරි විශේෂ දෙයක්ද කියන්නම් කෝ. බුධ සීතල ග්‍රහයෙක් වුණාට සෞම්‍ය වුණාට නපුංසක වුණාට ඔය ලොකු ලොකු පුටුවල ඉන්න ලොකු ලොකු තනතුරු දරන නෝනාලා මහත්වරු මේ ටික හිතට ගන්න. බුධට අයත් කන්‍යා ලග්නයෙන් ඉපදුණු අයගේ හතුරා පිටින් හැදෙන්නේ නැහැ. ඔබ සමඟ එකට කකා එකට ඇසුරු කර අවශ්‍ය වේලාවට ඔබව බිමටම කඩා දමනවා. ධනු- මකර- මීන- කන්‍යා- කටක- මිථුන ලග්න 6 න් ඉපදුණු ජන්මියා ගැන එදා ජ්‍යෙdතිර්වේදියා කිව් එක මතකද? මේ රාශියේ ඉපදිලා පුර තිථිය නම් මුලදී සුබ කටයුතු කරලා විවාහ කාලවලදී විවාහය ප්‍රමාද කරනවා. අනික අව තිsථියට නම් විවාහය කරලා පසුවට කරදර කරනවා කියලා. ඒ බුධ සඳුගේ හැටිය. බ්‍රහස්පති ආචාර්යවරයානේ. සුරගුරුනේ එහෙම නම් බුධ මහාචාර්යවරයෙක්. හැබැයි බුධ බ්‍රහස්පති වගේ විවාහ කඩා දමන්නේ නැහැ. ප්‍රමාද කරනවා මිසක්. ඒ ඕන නැතිකම. ඕනම දෙයකට අවශ්‍යතාවක් තිබෙන්න ඕනනේ. විවාහය බුධ විසින් ප්‍රමාද කරන කොට "ස්ත්‍රී
පුරුෂ ආරක්ෂණ යන්ත්‍රය හොඳයි. එච්චර වියදමක් යන්නේ නැහැ. හැබැයි යන්ත්‍රය තහඩුවේ ලියලා සර්වවශී නොඉඳුල් තෙලින් යන්ත්‍රය මැදලා පැළඳුවාම හරි. ඒක මාතාංගේෂ්වරී දිෂ්ටියකින් දිෂ්ටි කරන්න ඕනෑ. මේ යන්ත්‍රය, යන්ත්‍ර රත්නය පොතේ සම්පාදක තුමා නිර්දේශ කළ එකක්. මහත් බලැති එකක්. හරියට කරගන්න ඕනෑ. යන්ත්‍රය පැළඳීමෙන් පසු කිළිකුණුවලින් බැහැරව පුංචි කාලයක් ඉන්න. අවිවාහක ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයටම වටිනා ආකර්ෂිත යන්ත්‍රයක්. පවුලේ ජ්‍යෙdතිර්වේදියා හමුවෙලා කතා කරලා බලන්න. හරියටම කරගන්න ඕනෑ. ජය ඒකාන්තමයි- තිථියවත් වරද්ද එපා- ජය ලැබෙනවාමයි.
ජ්‍යෙdතිෂ ශාස්ත්‍රඥ, ගුප්ත විද්‍යාධර
මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
නොමිලේ උපදෙස් ස`දහා
දු. ක 072- 2174553 අමතන්න
divaina.com