iranama
රුචක යෝගය
පංච මහා පුරුෂ යෝග අතරින් රුචක යෝගය මහා බලසම්පන්න යෝගයකි. කුජ ග්‍රහයා බලවත් වීමෙන් මෙම යෝගය සෑදේ. කුජ, මකර රාශියේදී උච්ච බලයෙන්ද, මේෂ, වෘශ්චික රාශියේදී ස්වක්ෂේත්ර බලයෙන්ද, කේන්ද්‍රස්ථානයක තැන්පත් වීමෙන් මෙම යෝගය සෑදේ. මෙම යෝගයේ විශේෂ ලක්ෂණය වනුයේ කුජගේ බලය නිසාම නිර්භීත බවක් ඇති කරයි. ඕනෑම අවස්ථාවක සටනට සූදානම් ගතියක් ඇති කරයි. මෙසේ නිර්භීත බවක් පිටතින් පෙනුණත් ඒ අය පුණ්‍ය කටයුතු ආදියටද බෙහෙවින් ඇලුම් කරයි.
ගමක, නගරයක ප්‍රධානියා වීමේ වාසනාවද ඇති කරයි. මෙම යෝගය හමුදා සේනාවක ප්‍රධානියා වීමටද කදිම පිහිටීමකි. දැනට හමුදා සේවයේ යෙදී සිටින අයගේ ජන්ම පත්‍ර පරීක්ෂා කළොත්, කුජගේ බලය නොවරදවාම පිහිටා තිබේ. මෙම යෝගයේ තවත් විශේෂ ලක්ෂණයක් වනුයේ තේජාන්විත බවයි. රාජ්‍ය නායකයන්ට ප්‍රබල දේශපාලන නායකයන්ට, ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා නායකයන්ට රුචක යෝගය පිහිටා තිබේ.
මෙම යෝගය බලවත් ලෙස ක්‍රියා කරන්නේ චර ලග්න සහ තිර ලග්නවලින් උපන් අයටයි. චර ලග්න වනුයේ මේෂ, කටක, තුලා, මකර යන රාශි වේ. තිර ලග්න වනුයේ වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි වේ. අනෙක් ලග්නවලට මෙය බලපාන්නේ නැත. රුචක යෝගය උදාකළ කුජ 64 නවාංශක අධිපති හෝ 22 දෙර්කාණ අධිපති වූ කලදී මෙහි බලය අහිමි කරයි. එවැනි අයද ප්‍රබල නායකයන් වුවත්, නීති විරෝධී වැඩ කර සිරගත වීම්වලටද හසුවේ.
කුජ ග්‍රහයා යන්ත්‍ර සූත්‍ර සම්බන්ධ ඉන්ජිනේරු ආදී වෘත්තියකටද යොමු කරන බවක් පෙනෙන්නට ඇත. මෙම යෝගය කොතරම් බලගතුද කියනවා නම් ජීවිතයේ මුල් අවධියේදී දිළිඳු අසරණ අයකු වුවත්, යෝගය ක්‍රියාත්මක වන දශාව පැමිණිලි කල ජන්මියා ඉහළම තැනට ඔසවා තබයි. රුචක යෝගය බලවත් අයට යාන වාහන, ඉඩකඩම්, ලොකු නිවාස ආදිය හිමිවේ. 04 වැන්නට පැමිණ යෝග බලය අහිමිව සිටියොත් උපන් රට, මවු උරුමයත්, තමන් සොයාගත් දේපළ අහිමි වීමටත්, හදවත් රෝග, බලවත් චිත්ත පීඩාද ඇති කිරීමටත් කටයුතු සැලැසේ.
බලවත් රුචක යෝගයෙන් උපන් අය අයුක්තිය දුටු තැන එයට එරෙහිව කටයුතු කරයි. නීතියට ගරු කරයි. ආයු බලයද වැඩි කරයි. සැත්තෑ විය පසුවන තෙක් නිරෝගීව ජීවත් වෙති.
කේන්දරයේ සිවුවැන්න අධිපති කුජ ග්‍රහයා වී, එම කුජ 22 වැනි දෙර්කාණාධිපති වී රවි ග්‍රහයා දැකීමෙන් හෘදයාබාධ ඇති කරයි. එවැනි පිහිටීම් ඇති අය ශරීර සෞඛ්‍යය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. තවද, 64 හා 22 වැනි දෙර්කාණාධිපති වී කුජ ග්‍රහයා 8 වැන්නේ සිටීමෙන් රාහුගේ මතින් ගමන් කරන අවස්ථාවල හදිසි අනතුරකින් මිය යයි. ලෝක ප්‍රසිද්ධ හිට්ලර්ගේ ජන්ම පත්‍රයේද රුචක යෝගය පිහිටා තිබිණි.
එලිසබෙත් මහ රැජන මකර ලග්නයෙන් උපත ලබා ලග්නයේ කුජ උච්ච වීමෙන් රුචක යෝගය පිහිටා තිබිණි. ගුරු ග්‍රහයා සමඟ එම යෝගය යෙදී ඇති රුචක යෝගය නිසා සෞම්‍ය රූප සම්පත්තියක්ද හිමිවී තිබේ. රුචක යෝගය පිහිටා ඇති බොහෝ දෙනකුට විරුද්ධවාදීන්ද ඇතිවේ. එවැනි පිහිටීම් ඇති අය තමන්ගේ ආරක්ෂාව ගැන සැලිකිලිමත් විය යුතුයි.
Wmqgd .ekSu u