iranama
රියැදුරු කුජ විවාහ වාහනය පෙරළයිද?
නව ග්‍රහයන් අතරෙන් විවාහයට තදින්ම බලපාන ග්‍රහයා වන්නේ කුජය. සිකුරු මංගල කාරකයා වුවද, ලේ ධාතුවට අධිපතීත්වය දරන බැවින් විවාහයේදී සිකුරුට වඩා කුජ හෙවත් අඟහරු බලවත් බව ජේයාතිෂ සිද්ධාන්ත මඟින් ඔප්පු වේ.දැරියක මල්වර වීමේදීත් මූලිකව ක්‍රියා කරනුයේද කුජ ග්‍රහයාය. පළමු ඔසප් අවස්ථාව ආරම්භ වන මංගල අවස්ථාව කුජට අයත් වීමෙන්ම අපට එක් දෙයක් පහසුවෙන් වටහාගත හැකිය. එනම් විවාහය සඳහා දැරියක් සුදුසුකම් ලබනුයේද කුජගේ බලපෑම හේතුකොට ගෙන බවය. එම නිසා සිකුරුට වඩා කුජට විවාහය පිළිබඳව නෛතික අයිතියක් ඇත.
විවාහයක් සඳහා කේන්දර පරීක්ෂා කිරීමේදී අප මූලිකත්වය දෙනුයේ කුජ ග්‍රහයා පිළිබඳව සොයා බැලීමටය. මන්ද, කුජගෙන් යෙදෙන 'භෞම දෝෂ' හේතුවෙන් විවාහ ජිවිත කඩාකප්පල් වී යෑමට ඇති ඉඩකඩ වැඩි බව අත්දැකීම් තුළින්ද අප දන්නා බැවිනි. එමෙන්ම අතීතයේ පටන්ම 'කුජ දෝෂය' පිළිබඳ පැරැන්නන් වැඩි අවධානයක් යොමුකර ඇති බව නොරහසකි.
පොරොන්දම් පරීක්ෂණයේදීද කුජට හිමිවන්නේ ඉතා උසස් ස්ථානයකි. ඒ බව තහවුරු කරමින් 'රජ්ජු' පොරොන්දමේ 'ශීීරෝ' රජ්ජුවට වෙන්කර තිබෙන මුවසිරස, සිත හා දෙනට යන නැකැත් තුනම අයත් වන්නේ කුජ ග්‍රහයාටය. එමඟින්ම විවාහයේදී කුජගේ බලය කොතරම්දැයි සිතාගත හැකි නොවේද? එමෙන්ම දරුපල සඳහාද කුජගේ බලපෑමක් ඇති බව ජේයාතිෂයේදී තහවුරු වී තිබේ.
දැරියකගේ මල්වරය, විවාහය හා දරුපල සම්බන්ධයෙන් විශාල වගකීමක් දරන කුජ ග්‍රහයා, කේන්දරයක 1, 2, 4, 7, 8 සහ 12 වැන්නේ පිහිටීමෙන් 'කුජ දෝෂය' හෙවත් 'කුජ භෞම' දෝෂය ඇති කරවයි. විශේෂයෙන් කුජ හත්වැන්නේ උපතින් තැන්පත්ව සිටීම පිළිබඳව අපගේ පැරැන්නන් තුළ ඇත්තේ පුදුමාකාර බියකි. එය අසුබ පිහිටීමක් ලෙස සැලකීමට ඔවුන් පුරුදුව ඇත. එම දෝෂය හේතුකොට ගෙන විවාහ ජීවිත අවුල්වන බවට මතයන් ඔවුන් තුළ ගොඩනැඟී තිබීමෙන් එය කොතෙක් දුරට සත්‍ය දැයි විමසා බැලීම වටී.
කුජ හතේ බලවත් ලෙසින් පිහිටා ඇති ස්ත්‍රීන් බාහිර වශයෙන්ද හඳුනාගත හැකිය. ඇය බොහෝ රූප සම්පත්තියකටද හිමිකම් කියයි.
හතේ කුජ නරකය කියා පැරැණි ජන සමාජයෙන් මුල් බැස ගත් කතාවේ ඇත්තක් නැත්තේද නැත. කුජ හත්වැන්නේදී තම සමීපතම ඥාතියා විනාශ කරන බව ප්‍රකට කරුණකි. එලෙස ප්‍රකාශ කරන්නට අපගේ පැරැන්නන් පෙලඹුණ හේතුව මෙහිදී විමසා බැලීම වටී.
හත විවාහය පිළිබඳව කියැවෙන හා ඒ සම්බන්ධ කතා කරන ප්‍රධාන ස්ථානය ලෙස අවිවාදයෙන් පිළිගැනේ. එහිදී සමීපතම ඥාතියා වන්නේ සැමියා හෝ බිරියය. එහෙත් කුජට ඕනෑ ආකාරයට නෑයා මැරීමට හැකියාවක් නැත. ඊට හේතුව වන්නේ නෑයා කවරකු වුවද, පිරිහුණු ආයුෂ ඇත්තකු නොවේ නම්, කුජට කිසිම ආකාරයකින් නෑයා මැරීමට නුපුළුවන් වීමය. එමෙන්ම මන්දායුෂ ඇත්තන්ගේ කේන්දරයේ කුජ හතේ සිටියත්, නැතත් ඔහු මැරෙනවාමය. එය වළක්වන්නට කිසිම ජගතෙකුටවත් පුළුවන්කමක් නැත.
කුජ ග්‍රහයා හත්වැන්නේ සිටි පමණින්ම සැමියා හෝ බිරියට විපත් සිදුවන්නේ නැත. එසේ අභාග්‍යමත් දෙයක් සිදුවීමට නම් තවත් සිද්ධාන්ත කිහිපයක් එයට එකතු විය යුතුය. එය විවාහයට මරු කපොල්ලක් වනුයේ එවිටය. එසේ නැතිව කුජට පමණක් හතේ සිටිමින් බිරිය හෝ සැමියා මරණයට පත්කළ නොහැක.
කුජ ග්‍රහයා හතේ සිටියදී හෝ කුජට හත යෙදුණ විටදී නියම වයසට කලින් හෝ නියම වයසේදී විවාහ දිවියට ඇතුළත් වන ජන්මීන් ප්‍රමාණය වැඩි අගයක් ගන්නා බව පර්යේෂණයන් මඟින් තහවුරු වී ඇත. එවැනි අවස්ථාවලදී සිදුවන්නේ, ළාබාල විවාහයන් වීම විශේෂත්වයකි. අධ්‍යාපනය ලබමින් සිටින, තුරුණු වියේ දූ දරුවන්ගේ කුජ හතේ පිහිටුවමින් රාහු මහ දාශාව ලැබීම දුරදිග නොබලාම හිතුවක්කාර විවාහයකට යොමුවීම නොවැළැක්විය හැකිය.
කුජ හතේ සිටින ජන්මීන්ගේ විවාහය ප්‍රමාද වීම යහපත් නැත. එසේ වීමෙන් විවාහ නොවී සිටිමේ ප්‍රවණතාව වැඩි අගයක් ගනියි. කුජ හතේ සිටින කාන්තාවන් තම සැමියාට දක්වනුයේ සිතා ගැන්මටත් අපහසු තරමේ ආදරයකි. තම සැමියාට විරුද්ධව වචනයක් හෝ කීමට කිසිවකුටත් ඉඩ දෙන්නේ නැති අතර ඒ වෙනුවෙන් අරගල කිරීමටද ඔවුන් මැළි වන්නේ නැත.
රුධිර ධාතුවට අධිපති කුජගෙන් සිරුරේ ශක්තිමත් බව හා කාමභෝගික බවද නියෝජනය කෙරෙයි. හත්වැන්න කලත්‍ර නොහොත් විවාහ ස්ථානය වන බැවින් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ලිංගිකත්වය පිළිබඳවද හත්වැන්නෙන් දැනගත හැකිය. එනිසාම අඹු-සැමි දෙපළකගේ විවාහ දිවියේ සාර්ථක, අසාර්ථකභාවය සම්බන්ධයෙන්ද කුජ හා හත්වැන්න පරීක්ෂා කිරීමෙන් පැහැදිලිව දැනගත හැකිය.
පාරම්පරික ජේයාතිෂවේදී
කොටදෙණියාවේ ඩී.ඩග්ලස් නිමලවංශ ගුණවර්ධන
Wmqgd .ekSu u