iranama
රාහු - කුජ එක්වී කරන විපත්
භූමි පුත්‍ර, මංගල, කුජ, අඟහරු යන කොයි නමකින් හැඳින්වුවත් ඒ එක් ග්‍රහයෙකි. අපට වඩාත්ම සමාන භූගෝලයකින් යුක්ත යැයි සැලැකෙන හෙයින් එම ග්‍රහ ලෝකය කෙරෙහි පෘථිවියේ වෙසෙන බොහෝදෙනකුගේ අවධානය යොමුවී තිබේ. එහි ජීවීන් ඇතැයි සැලැකෙන අතර විවිධ අවස්ථාවන්හිදී අභ්‍යවකාශ යානා මඟින් තොරතුරු සෙවීමේ කටයුත්තේ අභ්‍යවකාශ විශේෂඥයෝ උත්සාහ කරති. පසුගිය දශක කිහිපයේම අඟහරු ලොවින් මෙහි පැමිණ ජීවීන් පිළිබඳ සිංහල ඇතුළු භාෂා බොහෝ ගණනාවකින් ප්‍රබන්ධ කතාද ලියැවී තිබේ.
inShare
Mawbima, 2015-10-01 02:00:00
Read 130 Times
භූමි පුත්‍ර, මංගල, කුජ, අඟහරු යන කොයි නමකින් හැඳින්වුවත් ඒ එක් ග්‍රහයෙකි. අපට වඩාත්ම සමාන භූගෝලයකින් යුක්ත යැයි සැලැකෙන හෙයින් එම ග්‍රහ ලෝකය කෙරෙහි පෘථිවියේ වෙසෙන බොහෝදෙනකුගේ අවධානය යොමුවී තිබේ. එහි ජීවීන් ඇතැයි සැලැකෙන අතර විවිධ අවස්ථාවන්හිදී අභ්‍යවකාශ යානා මඟින් තොරතුරු සෙවීමේ කටයුත්තේ අභ්‍යවකාශ විශේෂඥයෝ උත්සාහ කරති. පසුගිය දශක කිහිපයේම අඟහරු ලොවින් මෙහි පැමිණ ජීවීන් පිළිබඳ සිංහල ඇතුළු භාෂා බොහෝ ගණනාවකින් ප්‍රබන්ධ කතාද ලියැවී තිබේ.
ජේයාතිෂයේදී කුජ සැලකෙන්නේ සෙල්ලක්කාර, කාමභෝගීව ඇවිදින, ශක්තිමත් තරුණයකු වශයෙනි. තරුණ ශක්තිය කාය බලය සහිත වේගවත් ග්‍රහයෙකි. සුබ මෙන්ම අසුබ පල දෙන විටත් වේගවත්ව ඒ වැඩේ කරයි. ශනි-මංගල යෝගය ශනි හා කුජගේ එක්වීමෙන් සෑදෙන්නෙකි. ගුරු-මංගල යෝගය කියන්නේ කුජ සමඟ ගුරු එක්වූ විටය. එහෙත් කුජ චණ්ඩාල යෝගය මෙතෙක් අසා නැතිවා විය හැකිය. එසේ කියන්නේ කුජ සමඟ රාහු එක්වූ විටය. අනෙක් ග්‍රහයන් සමඟ යෝග වූ විටද ගුරු චණ්ඩාල යෝගය, බුධ චණ්ඩාල යෝගය ආදී වශයෙන් කියැවෙයි. එයින් පැහැදිලි වන්නේ රාහු චණ්ඩාලයකු ලෙස සලකන නිසාදැයි නොදනිමි.
රාහු නිරූපණය වන්නේ නයි හිසක් සහිත දිගු කකුල්වලින් යුක්ත වූවකු ලෙසිනි. ඒත් එහෙම කියන්න ග්‍රහලෝකයක් නැති හෙයින් චින්තන මාත්‍ර ග්‍රහයකු සේ සැලැකේ.
හිසක් නැති නිසා සිහිකල්පනාව අඩුය. හොඳ නරක බලන්නේත් නැත. ඉබාගාතේ ඇවිදියි. කකුල් දිග මදියි සිතා වාහනය ලෙස අශ්වයකු දී තිබේ. ඇවිදින්න නම් හොඳටම හොඳය. කරන දෙයක් හරියට පැහැදිලිව පෙනෙන්න කරයි. අනෙක් ග්‍රහයන් දෙවිවරුන් ලෙස හැඳින්වුවත් රාහු හඳුන්වන්නේ අසුරයකු ලෙසය. "සුරයෝ හොඳ කරති. අසුරයෝ නරක කරති" මතයක් පවතියි. හඳහනක 3, 5, 11 වැනි තැනක සිට සුබ ග්‍රහයකුට පෙනේ නම් සුබපල දෙයි. 5, 9 හා 12 යන තැන්වලදී නම් හොඳක් කරන පාටක් පෙනෙන්නට නැත. ඒ 5 වැන්නෙන් බුද්ධියත්, 9 වැන්නෙන් ආගමික භක්තියත් පෙන්වන බැවිනි.
රාහු මෙන්ම වේගවත් කුජ එකට එක්වූ විට වේගය තවත් අධික වෙයි. එහිදී සුබ ග්‍රහයකු සම්බන්ධ නොවුණහොත් නපුරු දේ කිරීමට මැළි නොවේ. මොළේ නැති හිතුවක්කාරයකුත්, තරුණ මදයෙන් ඇවිස්සුණ ශක්තිමත් ශරීරයක් ඇති මදාවියකුත් එකතු වූ විට කරන්නේ මොනවාදැයි විස්තර කළ යුතු නැත. මේ දෙන්නාත් ඒවාගේය. අසුබ පල දෙන්නේ ඔවුන්ගේ යෝගය ඇති ස්ථානය අනුවය.
ලග්නයේ මෙම යෝගය පිහිටියේ නම් හිසට තුවාල ඇති කරයි. මොළය අවුල් කරයි. යුතු අයුතුකම් තකන්නේ නැත. කරන්නේම මෝඩකම්, දාමරිකකම් හා අකීකරුකම්ය. ඉගෙනීමට ඇති ආශාව නැතිකොට බාධා ඇතිකරන්නේ මේ දෙන්නාම ඉගෙනීමට අකැමැති හින්දාය.
ධනස්ථානය, කුටුම්භස්ථානය යනාදී නම්වලින් හැඳින්වෙන දෙවැන්නේ පිහිටා ඇත්නම් මුහුණට, දත්වලට හානි කරයි. එහෙම වෙන්න නම් හදිසි අනතුරු හෝ ගුටිබැට හුවමාරු වෙන්න ඕනෑය. නිතර අසභ්‍ය වචන භාවිත කිරීමට පුළුවන් තරමට ලැජ්ජාව අඩුය. ඒවා මහලොකු දේවල් යැයි සිතයි. විවාහයෙන් පසුව අඹුසැමියන් අතර රණ්ඩු සරුවල් ඇතිවෙයි. එකිනෙකා නොරුස්සයි. කටහෙ
Wmqgd .ekSu u