iranama
රාහු කේතු මාරුවෙයි
වසර දහ අටක් පුරා රාශි චක්‍රය වටා ගමන් කළ රාහු හා කේතු නැවතත් සිංහයට හා කුම්භයට පිවිසෙයි. 2016 ජනවාරි 30 වැනි දිනට පහන් වන්නට සිදුවන මෙම ග්‍රහ චලිතය අප රටට මෙන්ම ලොවටද වැදගත් වන ග්‍රහ ගෝචරයකි.
වසර එකහමාරක පමණ කාලයක් එක් රාශියක් තුළ ගමන් කරන රාහු හා කේතු මෙවර ඇතුළු වන්නේ ග්‍රහ ලොව රජුවන රවි ග්‍රහයාට අයත් සිංහ රාශියට හා ග්‍රහලොව මෙහෙකරුවා ලෙසින් හඳුන්වන සෙනසුරුට අයත් කුම්භයටයි. සිංහයට කුම්භයට පිවිසෙන්නට පෙර මොවුන් දෙදෙනා ගමන් කළේ කන්‍යා හා මීන රාශි යුගලයේය . එහිදී මොවුන් දෙදෙනා අප රට තුළ සිදු කළ වෙනස්කම් අපමණය.
රාහු හා කේතුගේ ගමන සිදුවන්නේ අන් ග්‍රහයන්ගේ මෙන් ඉදිරියට නොවේ. එය විශේෂත්වයකි. මෙම ග්‍රහ යුගලය නිරන්තරව ගමන් කරනුයේ රාශි චක්‍රයෙහි පසු පසටය. එනම් ඔවුන් දෙදෙනා නිරන්තර වක්‍ර ගමනක යෙදෙන්නෝ වෙති.
රාහු හා කේතු නෛසර්ගික පාපීන් ලෙස ජේයාතිෂයේ වැඩි පිළිගැනීමක් ඇත. නමුත් සමහර භාරතීය ජේයාතිෂ විද්වතුන්ගේ මතය වී ඇත්තේ මොවුන් දෙදෙනා නිසඟ පාපීන් හෝ සුබයන් නොවන බවය. අන් ග්‍රහයන් හා සංයෝග වීමෙන් මොවුන් දෙදෙනා සුබ හෝ අසුබ තත්ත්වයට පත්විය හැකි බව ඔවුන්ගේ අදහසය.
රාහු මීනයේදී ගුරු ග්‍රහයා වන රාශි අධිපතියා සමඟ යෝගව සිටීම ඉතා යහපත් බව පෙන්වා දී ඇත. නමුත් රාශියේ අධිපතියා වන ගුරු ග්‍රහයා දුබලව පිහිටා ඇත්නම් මීනයේ තැන්පත්ව සිටින රාහුගෙන් ජන්මියාට සුබ ඵල උදාවන්නේ නැත. කේතු සම්බන්ධයෙන්ද මෙම රීතිය එලෙසින්ම ක්‍රියාත්මක වේ. මෙය උදාහරණයකි.
රාහු හා කේතු ග්‍රහ තරු නොවෙතැයි සමහර විද්වතුන් පවසා ඇත. ඔවුන් එසේ පවසන්නට ඇත්තේ රාහු හා කේතු පෘථිවියත්, පෘථිවියේ සෙවණැල්ලත් යැයි සිතාගෙන විය හැකිය. නමුත් එය පිළිගත නොහැකි බව සෘෂිවරු පවසා ඇත. චන්ද්‍රයා පෘථිවිය වටා යන ගමනේදී පෘථිවිය සූර්යයා වටා යන ගමන් මාර්ගය, චන්ද්‍රයාගේ දිග් වූ නිරක්ෂයෙන් කැපෙන සන්ධිස්ථානය රාහු හා කේතු වන බව ඔවුන් පිළිගෙන තිබේ.
රාහු ග්‍රහයා රාශියේ රැඳී සිටින වසර එකහමාරක කාලය පුරාම සුබ හෝ අසුබ උදාකරන අතර කේතු රාශියේ අග කොටසේ ගමන් කරන කාලයේදී සුබ අසුබ ගෙනෙන බව සෘෂිවරු වැඩිදුරටත් පවසා ඇත. භාරතීය ජේයාතිෂ විශේෂඥයන් වැඩි දෙනකුගේ මතය වන්නේ කිසිම ග්‍රහයකු සම්පූර්ණයෙන්ම සුබයකු හෝ අසුබයකු නොවන බවය. යම් ග්‍රහයකු තුළ පවතින නිසඟ හෝ ආවේණික ගති ලක්ෂණ මෙන්ම ග්‍රහ දෘෂ්ටි මඟින් ලබන ප්‍රබල ශක්තීන් මත ඔවුන්ගේ බල දුබලකම් අඩු වැඩි විය හැකි බව කියා තිබේ. ඊට උදාහරණයක් ලෙස පෙන්වා දී ඇත්තේ ගුරු ග්‍රහයාගේ පිහිටීමය. අති විශිෂ්ට සුබ ග්‍රහයකු වූ ගුරු ග්‍රහයා පවා දුබල හෝ පාපී ලෙස පිහිටීමෙන් හෝ අයහපත් දෘෂ්ටි මඟින් පීඩාවට ලක් විණි නම් අසුබ ඵල උදාකිරීම නොවැළැක්විය හැකි බවය.
බටහිර ජේයාතිෂවේදීන් රාහු හා කේතු පිළිබඳ කියා ඇත්තේ වෙනත් අදහසකි. රාහු ලෞකිකත්වයට බර ග්‍රහයකු ලෙසත්, කේතු අනිත්‍ය වටහා දෙන මෝක්ෂකාරක ග්‍රහයකු ලෙසත්ය. රාහු ග්‍රහයා බලවත්ව කිසියම් ජන්ම පත්‍රයක මනා ලෙස තැන්පත්් වූ විට ජන්මියාට බලය හා ධනය ලබාදෙන සුබයකු ලෙස ක්‍රියා කරන බව ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.
රාහු, වෘෂභයේදී උච්ච නම් එමෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ රාශියේදී (වෘශ්චිකයේදී) නීච නම් චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයාද වෘෂභයේදී උච්ච වී වෘශ්චිකයේදී නීචත්වයට පත්වන බව කියා තිබේ. මෙම ක්රියාදාමයේ අනෙක් පැත්ත කේතු වෙනුවෙන් ක්‍රියාත්මක වේ. මෙලෙස බලන කල චන්ද්‍රයා ප්‍රබල වන විට රාහුද ප්‍රබල වෙතැයි කීම අසත්‍යයක් නොවනු ඇත.
මේෂ, වෘෂභ, කුම්භ, වෘශ්චික, කන්‍යා හා කටක යන රාශිවලදී හා දසවැන්නේදී ද රාහු ප්‍රබල වේ යැයි ජාතක පරිජාත ග්රන්ථයෙහි සඳහන් වේ. කන්‍යා, මීන, වෘෂභ හා ධනු යන රාශිවලදීත් රාත්‍රි කාලයේදීත් ධූම කේතුවක් දර්ශනය වන විටදීත් කේතු ප්‍රබල වන බව කියා තිබේ.
කිසියම් ජන්ම පත්‍රයක රාහු හා කේතු අතරින් වෙනත් ග්‍රහයකු ගමන් ගන්නා කාලය තුළ බලවත් සේ විපාක දෙන බැවින් ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව සෘෂීන් පවසා ඇත. රාශියක් මතින් ගමන් කරද්දී රාහු හෝ කේතු එම භාවයේ ස්වභාවයට සමීප වන බැවින් ඒ අනුව පලාපල කතනයට සුවිශේෂී වූ යමක් එකතු කරගත හැකි බව තවදුරටත් දක්වා තිබේ.
'රාහු' යනු අවිචාරයෙන් කටයුතු කරන ග්‍රහයෙකි. හිතුවක්කාර, කඩාකප්පල්කාරී මෝඩ ග්‍රහයකු වන රාහු රජුට හා රජයන්ට විරුද්ධව කටයුතු කරන්නෙකි. නිදහස් මතධාරියෙකි. කිසිවකුට යටත් වීමට කැමැති නැති අතර බොහෝ විට තම මතය අනුවම නිදහස් ලෙස කටයුතු කරයි. නැතිනම් හිස හැරුණු අතේ ඉබාගාතේ ඇවිදියි. කලබල ගතිය වැඩිය. එනිසා කරන මෝඩකම් නම් අපමණය. කේන්දරයක රාහු බලවත්ව, උච්චව, ස්වක්ෂේත්රව හෝ මිත්‍රව සිටීම ඉතාම යහපත්ය. විදේශ සංචාර, ලොතරැයි දිනුම්, උසස් අධ්‍යාපනය වැනි දේවලින් ජයග්‍රහණ හිමි කැර දෙයි. ඉහත කී බලවත් අයුරින් යෙදී රාහුගේ මහ දශාවක් ලැබූ විටදී ජන්මියා ඉහළට ඔසවා තැබීමටද රාහුට හැකියාවක් ඇත.
කේතුගේ පිළිවෙත වෙනුයේ රාහුගේ ක්‍රියාකලාපයට ප්රතිවිරුද්ධව ප්‍රතිඵල උදාකිරීමය. කේතු යනු ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොර නපුංසක ග්‍රහයකු ලෙස ජේයාතිෂයෙහි හඳුන්වා දී තිබීමෙන්ම කේතුගේ ගතිගුණ කෙසේ වේදැයි සිතා ගැන්මට හැකි නොවේද?
Wmqgd .ekSu u