iranama
යුග දිවිය මිහිරිදැයි කේන්ද්‍රයෙන් කියන හැටි
අටවැන්න කටක රාශිය වී සෙනසුරු එහි සිටීම විවාහ ජීවිතය කටුක කරයි
පොරොන්දම් විස්සෙන් පමණක් විවාහයේ අනාගතය තීරණය කිරීමට අපහසුයි
විවාහය යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ ස්ත්‍රී පුරුෂ දෙදෙනකු එක්ව ජීවත් වීම සඳහා ගිවිස ගැනීමකි. කාන්තාවක හෝ පුරුෂයකු යුග දිවියට බැඳෙන්නේ විශාල වගකීම් සමූහයක බර කරට ගැනීමෙනි. මේ තුළින් පෞද්ගලික අභිමතාර්ථ පමණක් නොව සමාජයේ ඉදිරි පැවැත්ම සඳහා ද ඵලදායී දායකත්වයක් ලබාදීමද අපේක්ෂා කෙරේ. විවාහ මංගල්‍යය සුන්දර අත්දැකීමක් ලෙස පෙනුණද ඉදිරියේ පවතින අරමුණු සාක්ෂාත් කරගැනීම සුළුපටු කාර්යයක් නොවේ.
ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගත්කළ යුග දිවියෙන් පසුව ලිංගික සැපත පමණක් බලාපොරොත්තු නොවේ. ඉන් ඔබ්බට ගිය තවත් සුවිශේෂී බලාපොරොත්තු ගණනාවක් පවතී. යම් හෙයකින් මේ දෙදෙනාගේ කායික මානසික ව්යqහයන් මනා ලෙස නොගැළපීමකට බඳුන් වුවහොත් එතුළින් තමන් ගොඩනඟාගත් ජීවිතයේ අභියෝගයන්වලට සාර්ථකව මුහුණදීමට නොහැකිවීම තුළින් අර්බුදකාරී පසුබිමක් නිර්මාණය විය හැකිය. මෙවැනි පසුබිමක් තුළ සමහරෙක් යුග දිවියෙන් සමුගැනීමටත්, තවත් සමහරෙක් විවාහ ජීවිතයෙන් ඇEත්වීම සඳහා විවිධ ක්රමෝපායන් පාවිච්චි කරන අතර කොටසක් කොතරම් කරදර බාධක මැද වුවද විවාහය අත් නොහරී.
වර්තමානයෙහි පවතින්නා වූ සංකීර්ණ සමාජ රටාව තුළ යුගදිවිය දෙදෙනාටම හිරිහැරයක්, ගැටලුවක් කරගත් අඹුසැමියන් විශාල සංඛ්‍යාවක් සිටී. ඉන් සමහරෙක් ඉතා සතුටින් යුගදිවිය ගතකරන බව ලෝකයට හුවා දැක්වීමට විවිධ දේ කරති. එහෙත් ඇතුළාන්තය දුක්බර බව සමහර අවස්ථාවලදී අනාවරණය වේ. වැඩි දෙනෙක් විවාහ දිවියට අවතීර්ණ වූවාට පසුව විවාහ නොවී සිටියා නම් මීට වඩා හොඳයයි පවසති. එවැනි තත්ත්වයන් ඇතිවීමට හේතු වන්නේ වරින් වර උද්ගත වන ගැටලුකාරී අවස්ථාවන් හා අභියෝගයන්ට මුහුණදීමේ ඇති නොහැකියාවය. මේ අතර තවත් සමහරෙක් තම සහකරුගේ හෝ සහකාරියගේ නොමනා ක්‍රියා කලාපය පිළිබඳ මැසිවිලි නඟයි. විවෘත සංවාදයක් නොමැතිවීම, පාර්ශ්වකරු වෙත අවධානය අඩුවීම සහ අෙන්‍යාන්‍ය අවශ්‍යතා ඉටු නොවීම, සමාජයීය හා ආර්ථික අතින් ඇතිවන ගැටලු විස
Wmqgd .ekSu