අප සමාජය තළ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට හිමිවන්නේ ප්‍රධාන තැනකි. විශේෂයෙන්ම අපල සමනය කිරීම ගේ දොර ආරක්ෂා, වශීකර්ම ඇතුළු අෂ්ඨ කර්මයට යන්ත්‍ර භාවිත කෙරෙනවා. මේ විශ්වයේ ඇත්තේ මහා බලගතු ශක්තියකි. එම ශක්තිය ප්‍රස්ථාර ගත කර ශබ්ද තරංග මාලාවක් තුළින් එය ප්‍රාණ ගැන්වේ. රන් රිදී තඹ පුස්කොලවල ප්‍රධාන වශයෙන් යන්ත්‍ර ප්රස්ථාරගතකරනු ලබන අතර වර්තමානය වන විට තඹ පත වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගැනේ.
යන්ත්‍රයක් සකස් කිරීමට පෙර යන්ත්‍ර කාරක තෙමේ අනුගමනය කළ යුතු වත් පිළිවෙත් රාශියක් ඇත. ඇදුරු තෙමේගේ වත් පිළිවෙත් ආහාරපාන සයනය හා බ්‍රහ්මචාරී බව ප්‍රධාන තැනක් ගනී. රාහු කාලය පංච පක්ෂි හෝරාව යෝගිනි දසා ආදී යන්ත්‍ර ඇඳීම පේ කිරීම ජීවම් කිරීම යන අවස්ථාවන්හි මෙන්ම ආතුර පාර්ශ්වයට පළඳන තුරු දෙපාර්ශ්වයේම හොඳම කාලය තොර්ාගත යුතුය. මල් අස්නය සැකසීමේදී අදාළ යන්ත්‍රයට
තෝරාගනු ලබන දිෂ්ඨියට අදාල පුද පූජා තැබීමද නොඅඩුව සිදු කළ යුතුය. නිසි වත් පිළිවෙත් හා ක්‍රමවේදයන් අකුරටම පිළිපදින ඇදුරු තෙමේ විසින් සකස් කරන ලද යන්ත්‍රයකින් උපරිම ප්‍රතිඵල ලැබිය හැක.
ඔබ අත තිබෙන ජංගම දුරකථනය විවෘත කර බලන්න. යම්කිසි රටාවකට තඹ හෝ ඊයම් උපයෝගී කරගෙන සකසා තිබෙන පරිපතයක ඒ තුළින් ඔබට පිටරටක සිටින ඥාතියකු වුවද ආමන්ත්‍රණය කළ හැක. ඔබ යම් මානසික පීඩනයකින් සහනයක් බලාපොරොත්තු වූවා නම් ඔබට ඔබගේ එතෙර සිටින ඥාතියා අස්වසනු ඇත. ඔබට යම් සහනයක් මනසට දැනී ඒ ඔස්සේ ඔබ කි‍්‍රයාත්මක වීම තුලින් ඔබේ අපේක්ෂාවන් මුදුන් පත්වනු ඇත.
සාගර පතුලේ හෝ පෘථිවි පෘෂ්ඨය අභ්‍යන්තරයේ පමණක් නොව ඕනෑම ග්‍රහ වස්තුවක යම් ජන්මියකු වෙසේ නම් ඔහුගේ හෝ ඇයගේ ආකල්පමය වශයෙන් වර්ධන සඳහා පංචභූත වැනි දිෂ්ඨිවලින් යම් බලපෑමක් කළ හැකිය. යම් ජන්මියකු වෙනුවෙන් යම් යන්ත්‍රයක් ඇඳ මල් යහන තුළ ඔහු හෝ ඇය වෙනුවෙන් ජීවම් කිරීමේදී ඔහු හෝ ඇය ලොව කොහේ සිටියත් මානසික වශයෙන් යම් බලපෑමක්ඇති කර කාර්ය සිද්ධියේ වර්ධනයක් ඇති කරනු ඇත.
මේ යන්ත්‍ර අත්හදා විමසීමේදී යන්ත්‍ර කාරක තෙමේගේ (ඇදුරුතුමාගේ* කාර්ය සාදනය වැදගත්වනු ඇත. රත්නමාලී යන්ත්‍රය වැනි බලගතු යන්ත්‍ර රන්පත්වල ප්‍රස්ථාරගත කරන අතර එහි විශාල බලයක් ඇත. දුරකතනයේ පරිපතය නිසි ලෙස සකසා දුර සිටින අයකු අමතනවා මෙන් යන්ත්‍රයකින් ද යමෙකු ආමන්ත්‍රණය කළ හැක. ග්‍රහ වස්තුවකට අපේ මනසට බලපෑම් කිරීමට හැකිවන ආකාරයෙන් ශාස්ත්‍රානුකූලව සකසන ලද යන්ත්‍රයකට අප වෙත පැමිණෙන සියලූ ග්‍රහ බලපෑම් සඳහා ප්රතිකි්රි්රියා දැක්විය හැකිය.
ගුප්ත විද්‍යාවේදී කේ. එස්. යෝදින්ගේ