iranama
මේ වසරේ ප්‍රබලම ප්‍රබල මංගල නැකැත් 3
2016 වසරේ විවාහ මංගල නැකැත් උදාකරමින් මැයි මාසයේ විවාහ නැකැත් යොදො ගත හැකි ප්‍රබල දින 03කි. එනම් 2016 මැයි 09, 16 හා 18 යන දින ත්‍රිත්වයයි. මේ අනුව මෙහි පළමු දිනය වන මැයි මස 09 වන සඳුදා දිනයේ තත්කාල කේන්දරයේ මංගල නැකැත් යොදා ගත හැකි ලග්න වන වෘෂභ, මිථුන හා කටක යන ලග්නයන් උදාව පවතින අතර පවතින ග්‍රහචාරය අතිශය බලවත් මෙන්ම සුබ දායකද වනු ඇත.
මෙම 09 වැනි සඳුදා දිනය පුරා මංගල කටයුතු සඳහා සුබ නැකැතක් වන අඟහරුට අයත් මුවසිරස නැකැත උදාව පවතී. ඉර උදාව පෙ.ව. 05.54 වන අතර මෙදින පුරතියවක තිථිය උදාව පවතින පුර පක්ෂයේ දිනයකි.
මෙදින සඳු, ගුරු, සිකුරු හා රවි යන සුබ ග්‍රහයන් තක්කාල කේන්දරයේ ඉතා බලවත් වූ දවසකි. මෙදින තම උපන් නැකතට අනුව ඉතාමත් සුබදායක නැකැත් සාදාගත හැකිය. සඳු ලග්නයේ බලවත් වන අතර ගුරු 4 වැන්නේ බලවත්ව හා සුබව පිහිටා ඇත. අද, සා, සියාවස, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ, හත, සුවණ, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැතකින් යුවතිපතියන් දෙදෙනාම උත්පත්තිය ලබා ඇත්නම් මෙම දිනය ඔවුන්ට තම විවාහ මංගල කටයුතු සඳහා යොදා ගත හැකිය.
දෙවැනි දිනය වන මැයි 16 වැනි සඳුදා තත්කාල කේන්දරයේ මංගල නැකැත් යොදා ගත හැකි ලග්නයක් වන සඳුට අයත් කටක ලග්නය උදාව පවතින අතර පවතින ග්‍රහචාරය අතිශය බලවත් මෙන්ම සුබදායක ද වනු ඇත.
මෙම 16 වැනි සඳුදා දිනය පුරා විවාහ මංගල කටයුතු සඳහා සුබ නැකැතක් වන රවිට අයත් උත්‍රපල් නැකැත උදාව පවතී. ඉර උදාව පෙ.ව. 05.53 වන අතර මෙදින පුරදසවක තිථිය පවතී. පුර පක්ෂයේ දිනයකි. මෙදින සඳු, ගුරු, සිකුරු, රවි යන සුබ ග්‍රහයින් තක්කාල කේන්දරයේ ඉතා බලවත් වූ දවසකි. ඒ අනුව මෙදින තම උපන් නැකැතට අනුව ඉතාමත් සුබ නැකැත් සාදා ගත හැකිය. ඛෙරණ, පුවපල්, පුවසල, කැති, අස්විද, මුල, මා, රෙහෙණ, හත, සුවණ, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැතකින් යුවතිපතියන් දෙදෙනාම උත්පත්තිය ලබා ඇත්නම් මෙම දිනය ඔවුන්ට තම විවාහ මංගල කටයුතු සඳහා යොදා ගත හැකිය.
තෙවැනි දිනය වන මැයි 18 වැනි බදාදා දිනයද ඉතාමත් සුබ දායක තත්ත්වයක පවතී. මෙදින තත්කාල කේන්දරයේ මංගල නැකැත් යොදා ගත හැකි ලග්නයක් වන සඳුට අයත් කටක ලග්නය උදාව පවතින අතර පවතින ග්‍රහ චාරය අතිශය බලවත් මෙන්ම සුබ දායකද වනු ඇත.
මෙම 18 වන බදාදා දිනය පුරා වැඩි කාලයක් විවාහ මංගල කටයුතු සඳහා සුබ නැකැතක් වන සඳුට අයත් හත නැකැත උදාව පවතී. ඉර උදාව පෙ.ව. 05.53 වන අතර මෙදින පුරදොළොස්වක තිථිය පවතී. සඳු, ගුරු, සිකුරු හා කුජ යන ග්‍රහයන් තක්කාල කේන්දරයේ බලවත් වූ දවසකි.
මෙදින තම උපන් නැකතට අනුව ඉතාමත් සුබදායක නැකැත් සාදා ගත හැකිය. පුනාවස, විසා, පුවපුටුප, ඛෙරණ, පුවපල්, පුවසල, කැති, උත්‍රපල්, උත්‍රසල, අස්විද, මුල, මා, මුවසිරස, සිත, දෙනට, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැතකින් යුවතිපතියන් දෙදෙනාම උත්පත්තිය ලබා ඇත්නම් මෙම දිනය ඔවුන්ට තම විවාහ මංගල කටයුතු සඳහා යොදා ගත හැකිය.
curtesy :
wishmaya.com