iranama
මාරු වූ රාහු කේතු රටට වින කරවයිද ?
අද වන විට මානසික ආතතිය මෙන්ම හදිසි අනතුරු හා සිය දිවි නසා ගැනීම් බහුල වී ඇත. මේ තත්ත්වය වලක්වා ගැනීම සඳහා ජ්‍යෙdතිෂවේදීන් හැටියට අපටද යම් කාර්ය භාරයක් කිරීමට කාලයයි සිතමු. ළඟදීම සිදුවූ රාහු කේතු මාරුව සමඟ මේ පිළිබඳ කතා කිරීම ඉතා වැදගත් වෙයි. මන්ද? ප්රබලවම රාහු කේතු ගේ බලපෑමට මුළු ලෝකයම යටවීගෙන යන හැඩක් පෙනෙන්නට තිබීමයි.
මනුෂ්‍ය සමාජය තුළ අධි වේගයෙන් සිදුකරමින් පවතින පරිසර දූෂණය නිසා ග්‍රහ කිරණ පෙරහනය වන ඕසෝන් ස්ථරයට වන හානිය ඉහළ ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පෘථවියට ආසන්නම ග්‍රහ වස්තුව වන චන්ද්‍රයාත්, එහි දෙපස ඡේදන කිරණ දෙක ලෙස සැලකෙන රාහු, කේතුත් එදාට වඩා අද වන විට මිනිසාට බලපෑම් ඇති කරමින් තිබේ.
ග්‍රහයන් අතුරින් සඳු චිත්තකාරක ලෙස සලකයි. එසේම මිනිස් ක්‍රියාකාරකම් වලදී සඳුගේ බලපෑම් අති මහත්ය. පුරාණයේ රාහු නාග හිසක් සහිත මිනිස් රූපයකින් දැක්වීම මගිනුත්, කේතු මිනිස් හිසකින් හා සර්ප ඇඟක් සහිතව දක්වා තිබීම මගිනුත් ඔවුනගේ ක්‍රියාකාරකම් වල ස්වභාවය ඔබට හොඳින් වටහා ගැනීමට හැකිවනු ඇත. මිනිස් සමාජය තුළ සීඝ්රයෙන් සිදුවේගෙන යන විකෘති ක්‍රියාකාරකම් වල ඉහළ යැමත් සමඟ මේ ලෝකයටම කුමක් සිදුවේගෙන යනවාදැයි ඔබට සිතෙනවා නොවේද?
අද මිනිසා තුළ අඩුම දේ ඉවසීමයි. වේගවත් විභාග රටාව නිසා දරුවා ශිෂ්‍යත්ව පංතියේ සිටම අධිවේගී ගමනකට අප රටේ හුරුකර තිබේ. ළමා කාලය, කෙළිසෙල්ලම් ඔහුගෙන් උදුරාගෙන නොවේද? විභාගය සමත්වන පිරිස අඩුය. බහුතරයක් අසමත් වෙයි. රාහු ලබා ඇත්තේ දරුවාටද? ඇදගෙන දුවන දෙමාපියන්ටද?
රාහු ගෝචරයෙන් (ගමනින්) ලග්නයේ ගමන් කරන කාලය තුළ දුර්වල නම් දැඩි මානසික පීඩනයකට ලක්වීම ස්වභාවයයි. ඇවිද්දිලි වැඩිකිරීම, නිවස, ගම රට එපා වීම, ඉක්මන් කේන්ති ගති, වේගවත් කම, වැටීම්, කැඩීම් ඇති කරයි. සුරාවට හුරු කරන්නාද රාහුයි. මෙවැනි ග්‍රහ තත්ත්වයක් යටතේ ඔබ පදවන වාහනයේ වේගය ගැන සැලකිලිමත් වන්න. දරුවන්ට වාහන ලබාදීමේදී සැලකිලිමත් වන්න. සිකුරු හා සංයෝගවන රාහුගේ තත්ත්වය අනුව ඔබගේ විවාහ ජීවිතයට, ප්‍රේම සම්බන්ධයටද යම් යම් අසුභ බලපෑම් ඇතිවිය හැකිය. දුරදිග නොබලා කටයුතු කිරීම මගින් තරුණ දූ වරුන් නොයෙක් ප්‍රශ්න මතුකරගනු ඇත. මෙහිදී රාහු සිටිනු ලබන භාවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතුය. එම ස්ථානයට අදාළ දෙයට හානි සිදුවිය හැකිය. ඔබගේ පවුලේ ජ්‍යෙdතිෂවේදියා හමුවී හොඳින් ඒ පිළිබඳ දැනුවත් වී වත් පිළිවෙත් මගින් චිත්ත ඒකාග්‍රතාවයෙන් කටයුතු කර අපල මඟහරවා ගන්න.
කේතු ලග්නයේ ගෝචර වෙමින් සිටින කාලය තුළ දුර්වල නම් ඔබව සමාජයෙන් මුළුගන්වනු ඇත. ලෙඩ දුක්, අමනුෂ්‍ය දොaෂ, සිහිනෙන් බියවීම, තිගැස්සීම, ඇඳටම ප්‍රියවීම, ශරීර අප්‍රාණික ස්වභාවය ඇතිවිය හැකිය. චන්ද්‍රයා සමඟ එක්වූ වීම මානසික පීඩාවන්ට ලක්වීමද සිත තුළ දැඩි සැකය නිසා නොයෙක් ප්‍රශ්න වලට මුහුණදීමට ඔබට සිදුවනු ඇත. ඒ ඒ භාව අනුව සිදුවන සිදුවීම් පිළිබඳව සැලකිලිමත් වන්න.
ඕනෑම ප්‍රශ්නයකට ඇත්තේ කාල පරාසයික වෙනසක් පමණි. ඔබට ලබාඇති මහදශා, අන්තර්දශා, විදශා පිළිබඳ දැනුවත් වීම් මගින් ප්රශ්නයන්ද මෙම ග්‍රහ තත්ත්ව වෙනස් වනවා සමඟ වෙනස් වන බව අවබෝධ කොට ගත හැකිය. එසේනම් ඔබ කළ යුත්තේ ප්රශ්නය ඇතිවූ කාලසීමාව ඉවසීමෙන් ගෙවීමයි. ඉවසන්න කී පමණින් ඉවසිය හැකිද? zවණේ ඇති මිනිහානේ, වණේ වේදනාව දන්නේ" යෑයි ඔබ හිතනු ඇත. ප්‍රශ්නයෙන් මිදීමට ඔබට ප්‍රායෝගික ක්‍රියාකාරකම් අනිවාර්යෙන්ම අවශ්‍යයි. භාවනා වඩන්න. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පිහිටා කටයුතු කරන්න. මෙම අරිඅටඟි මඟ ලෞකික, ලෝකෝත්තර වශයෙන් ජීවිතයට ප්‍රගුණ කිරීම මගින් ඉහත ප්‍රශ්න වලින් මිදීමට හැකිවනවාමය. ඔබට අහිමි වූ සියල්ල වෙනුවට ඊටත් වඩා හොඳ යහපත් දෙයක් ලැබෙනු ඇත.
වැරදීම මනුෂ්‍ය ස්වභාවයි. එය නිවැරදි කර ගැනීමට හැකි වන්නේද අපටමය. අංගුලිමාලයන්හට මහ රහතන් වහන්සේ නමක් වීමට හැකියාව ලැබුණේද එමගිනි. ග්‍රහ තත්ත්වයන් ඔබ පරාජය කරනු විනා, ග්‍රහ තත්ත්වයන්ට ඔබව පරාජය කිරීමට ඉඩ නොදෙන්න.
ජ්‍යෙතිෂවේදී
එච්. එම්. උපුල් ශාන්ත
වක්මුල්ලවත්ත, මඩවල
වැලිපැන්න.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks